පජාතයි, සජිත් අනුරටත් පරාදයි

”හරිදේ කරල පරදින්න බය වෙන්න එපා”
මේ ප්‍රකාශය රනිල්ගෙ….. ජනාධිපති රනිල්ගෙ නෙමේ.. අගමැති රනිල්ගෙ පාස්කුප්‍රහාරයට පසු ආසන්න දිනයක අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු නැගිට යන අගමැති රනිල් වෙත එක්තරා නිලධාරියෙක් ”සර් රටේ විශාල ජාතිවාදී සහ ආගම්වාදී රැල්ලක් හැදිල තියනවා, අපිත් ඒක එක්ක නොගියොත් අමාරුවේ වැටෙනවා” යනුවෙන් ප්‍රකාශ කළා.

මඳක් නැවතී ඔහු දෙස බැලූ අගමැතිවරයා ”1956 සර් ජෝන් මොකද කළේ….” යනුවෙන් විමසා සිනාහවක් පා පැවසූවේ.

”හරි දේ විතරක් කරන්න”

”හරි දේ කරල පරදින්න බයවෙන්න එපා” යනුවෙනි.

ඉතිහාසයේ විවිධ මොහොතවල් වල විවිධ රැලි එනවා, ඒ රැලි කුණාටු වෙලා හමාගෙන යනවා. කලාතුරකින් පිහිටන පොළොව ඇතුළට මුල් ඇදපු මහා ගස් විතරක් තමන් හිටපු තැන හරියට අල්ලන් ඉන්නවා. හරියට මුල් ඇදපු නැති මහා ගස් පවා පරඬලා පත් වගේ ඒ රැල්ලේ ගහගෙන යනවා.

උතුරේ යුද්දය නිසා දකුණේ රැල්ල ”රාජපක්ෂ වාදය ” කොතරම් ඉහළට එසෙව්වද කිව්වොත් රාජපක්ෂ කඳවුරේ හිටපු විමල්ලා , චම්පිකලට විතරක් නෙවෙයි, එළියේ හිටපු ජවිපෙටත් රාජපක්ෂ කඳවුර ඇතුළට අඩිය තියන්න බලකෙරුනා. මේ සේරම රාජපක්ෂ කඳවුරේ නැවට නැඟලා රාජපක්ෂ වාදයේ රැල්ලේ පාවෙලා යනකොට ඒ රැල්ලේ නැවෙන් එළියේ හිටපු එජාප කඳවුරටත් දැනුණා. ඒ නිසා තමයි එජාපය ඇතුළේ හිටපු බොහෝ දෙනෙක් ”අපිත් ඒ රැල්ලේ යමු ” කියලා යෝජනා කරන්න ගත්තේ. රාජපක්ෂ වාදයට වසඟ වුණා. එජාපයේ සමහරුත් තමන්ගේ කඳවුරටත් රෙද්ද බැනියම අඳින, මහින්ද වගේ අත වනන , දුවන පනින, සෙල්ලම් කරන, නායකයෙක් ඕන කියලා අරගල කරන්න ගත්තේ මේ වසඟවීම නිසා. ඔවුන් ඒ සඳහා තෝරාගත්තේ සජිත් ප්‍රේමදාස.

හැබැයි රනිල් තමන්ගේ අදහස වෙනස් කළේ නෑ. ඒ නිසා 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න සමත් වුණා. ඒත් රාජපක්ෂ වාදය, එජාපය ඇතුළේ හොල්මන් කළා. සජිත්ලා අමාත්‍ය ධුර අරගෙන සෙල්ලම් දැම්මේ රනිල්, රාජපක්ෂ වාදය කියන රැල්ලෙන් පක්ෂය පරිස්සම් කරගත්ත නිසා. කොහොමටත් වසඟය කියන්නේ එහෙම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි. අන්න ඒ නිසා අන්තිමට සජිත්ලා පක්ෂය කඩාගෙන අලුත් පක්ෂයක් අටවා ගත්තා.

ඊට පස්සේ තමයි සජිත්ට වසඟයේ තරම තේරෙන්න ගන්නේ.. සජිත් දැනගෙන හිටියේ නෑ, තාත්තා ඉන්නකොට දරුවෝ බාප්පා එක්ක යන්න එන්නේ නෑ කියලා. ඒ වගේ තමයි රාජපක්ෂ වාදය ආගමක් නම්, ආගමේ ශාස්තෘ මහින්ද නම්, ඒ ආගම වසඟයක් කරගත්ත අනුගාමිකයන් කවදාවත් ශාස්තෘ පැත්තකට දාලා ඩුප්ලිකේට් එක පස්සේ වැටෙන්නේ නෑ. මේ ඇත්ත සජිත්ට වගේම සජිත්ගේ උපදේශක බානටත් තේරුණේ නෑ. අන්න ඒ නිසා අන්තිමට සජිත්ට මහින්දට විතරක් නෙවෙයි, මහින්ද ගේ මල්ලි ඉස්සරහත් අන්ත පරාජයක් ලබන්න සිද්ධ වුණා. රාජපක්ෂ ග්‍රවුන්ඩ් එකේ ඩුප්ලිකේට් මහින්ද වෙන්න ගිහින් හතර අතේ ඇන ගත්තා.

රනිල් දිගටම තමන්ගේ ස්ථාවරයේ හිටියා. ආර්ථිකය , ජාතික ගැටලුව වගේම රාජ්‍ය පාලනයට අදාළ කිසිම ප්‍රතිපත්තියක් රනිල් රැල්ලට බයේ වෙනස් කරගන්න ගියේ නෑ., හරිදේ කරල පරදින්න බය වෙන්න ඕන නැති බව රනිල් ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා. කොයි රැල්ලටත් ගහගෙන යන මැරිච්ච මාළුවෙක් වගේ සජිත්, ලයින් වෙනස් කර කර හිටියා.

ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය අවස්ථාවේ ගොඩ එන්න හරි පාර කිව්වේ රනිල්. ඒ පාර හරිම පාර බව මේ වෙනකොට රාජපක්ෂ කඳවුරේ පිරිසත් පිළිගෙන තියෙනවා. ඔවුන් ජනාධිපති රනිල් ගෙනයන වැඩපිළිවෙලට සම්පුර්ණ සහය දෙනවා. ඒ විතරක් නෙවෙයි, සජිත්ගේ පස්සේ වැටුණු එරාන්ලා, හර්ෂලා , කබීර්ලා වගේ ඒ කඳවුරේ ආර්ථික ඔස්තාද්ලා පවා ප්‍රසිද්ධියේ පිළිගන්නවා, රනිල්ගේ මේ වැඩපිළිවෙල තමයි, අර්බුදයෙන් ගොඩ එන්න තියෙන එකම මාර්ගය කියලා. හැබැයි සජිත් මොකද කළේ ?

සජිත්ගේ තෝරාගැනීම වුණේ ජවිපෙ මාවත. ඒ තමයි කොයි එකටත් විරුද්ධ වෙන එක. කොච්චර හොඳ වැඩක වුණත් නරක විතරක් දකින එක. වතුර බෝතල් අස්සේ තඩි කිඹුල්ලු පෙන්නන එක. ඒ විතරක් නෙවෙයි, විකල්පයක් ඉදිරිපත් නොකර කොයි වැඩෙත් කඩාකප්පල් කරන එක. අවාසනාවට සජිත් ජවිපෙ මාලිමාවට වසඟ වෙලා මේ වෙනකොට ජවිපෙටත් වඩා ඒ ග්‍රවුන්ඩ් එකට බැහැලා ඉන්නේ.

කොච්චර දුරදිග ගිහින්ද කියනවා නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා සද්දේ දානවා, මේ ආණ්ඩුව එක්ක ගහන ගිවිසුම් සජබ ආණ්ඩුවකට අදාළ නෑ කියලා. සජිත්ට අමතක වෙනවා, ෂඵත්‍ ගනුදෙනුව යන්නේ ශ්‍රී ලංකා රජය සමඟ මිස රනිල්ගේ හරි වෙන කාගේ හරි ආණ්ඩුවක් එක්ක නෙවෙයි කියලා. සජිත් ඒ තරමට ගෝත්‍රික තැනකට වැටුණට, මාලිමා වේදිකාවේ කොතැනවත් ජවිපෙ අනුර ෂඵත්‍ වලට වචනයක් කියන්නේ නෑ.

ඒ අතින් සජිත් ගේ ඉරණම සෝචනීයයි. නමුත් කරන්න දෙයක් නෑ, සජිත් ඒ රැල්ලටත් වසඟ වෙලා ඉවරයි. ඒ නිසා මොන වැඩේද ආණ්ඩුව කරන්නේ ඒ හැම එකටම විරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අදහස් , විසඳුම්, මතවාද යෝජනා සමඟ හැපෙනවා වෙනුවට අතින් පයින් වැඩ බේරගන්න, හැප්පෙන තරමට සජිත් මේ වෙනකොට ජේවීපී වෙලා ඉවරයි. සජිත් මෙතනත් වැරැද්ද ගත්තේ තමන් ඩුප්ලිකේට් වෙලා බැහැලා ඉන්නේ අනුන්ගේ ග්‍රවුන්ඩ් එකක බව නොදැන සිටීම නිසයි. දොස්තර හොඳ හිත රනිල් වෙද්දී, ඒ ග්‍රවුන්ඩ් එකේ දිය රකුස් අනුර තමයි. අනුර හැර වෙන කාටවත් ඒ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් දාන්න ඉඩක් නෑ. ඉඩ දෙන්නෙත් නෑ. දැන් සජිත්ට ඉතුරු වෙලා තියෙන්නේ දිය රකුස්ගේ ගෝලයා වෙච්ච, චව්චව් ගේ චරිතය විතරයි. ඒ නිසා දකින්න තියෙන්නේ, අනුරටත් වඩා අනුර වෙන්න යන ගමන් , චව්චව් වගේ , ”එනවා නානවා යනවා ” වගේ වෙන්න.

ඒත් තාමත් වැඩේ තේරිලද මන්දා ? තවමත් සජිත් ජවිපෙට වඩා ලොකුවට ස්ටේජ් ගහන්න ට්‍රයි කරනවා. ජවිපෙට වඩා බස් පුරවලා ඒ රැස්වීම් වලට සෙනග අදිනවා. ජවිපෙ කියන බොරු ඊටත් වැඩිය හයියෙන් කියන්න ගිහින් නාගන්නවා. මේ අපි දකින්නේ එහෙම තත්වයක්. රනිල්ට වැඩේ දෙන්න කියලා ලයින් මාරු කරපු සජිත්, ඔන්න දැන් අනුරටත් පරාද වෙලා. දිය රකුස් වෙන්න ගිය සජිත්, චව් චව් වෙලා.