ආහාර අනාරක්ෂිතතාවයේ හෙළුව

සත්‍යය ඝාතනය කිරීම යනු ලෝකයේ ඇති ආරක්ෂිතම අපරාධයයි. මෙම අර්ථ දැක්වීම අදට වලංගු වන්නේ මිනිසුන්ගේ ජීවිතය සම්බන්ධ අතිශය මානුෂීය තත්වයන් ඝාතනය කිරීමේ ම්ලේච්ඡුත්වයක් සම්බන්ධව තොරතුරු ඇතුලත්වය. සත්වයාගේ අවශ්‍යතා අතර මූලික අවශ්‍යතාවය වන්නේ ආහාරය. ආහාර ගනිමින් සිටින සතෙකුට එම වෙලාවේදී පහර නොදෙන ලෙස කියන්නේ ආහාර ගැනීම යනු සත්වයාගේ ජීවිතය සම්බන්ධව වන සංවේදීතම ක‍්‍රියාවලිය වන බැවිනි. එහෙත් මේ කරුණ මුල්කොට සිදුවන සත්‍ය ඝාතනය කිරීමක් මේ දිනවල ලංකාවට අදාළව සිදුවෙමින් පැවැතීම අතිශය ඛේදජනකය.

ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධව මේ දිනවල අභූත ප‍්‍රලාප නිර්මාණය කරමින් ලෝකයා හමුවේ ලංකාවේ තත්වය විකෘති කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටී. මොවුන් සම`ග එකට සිටගත් මාධ්‍ය කණ්ඩායම් ඒවා ප‍්‍රචාරය කරමින් සිදු කරන්නේ කුමක්ද යන්න මෙහි සත්‍ය තත්වයන් විමසා බැලීමේදී මනාව වටහා ගත හැකිවේ.

සාගින්න ගෝලීය වශයෙන් මිනිසාට බලපෑම් කරමින් තිබෙන දින, සති, මාස, වර්ෂ ගත වෙමින් පවතී. පසුගිය වසර තුනට සාපේක්ෂව ගෙවෙමින් පවතින 2023 වර්ෂයද රතු රේඛාමය සටහන් තබමින් දරුණු ලෙස ලෝක ආහාර අර්බුදයන් නිර්මාණය වෙමින් පවතී. දියුණු හා නොදියුණු ලෙස ගත්තත් මේ සෑම රටකටම ආහාර අර්බුදයන්ට ලක්වීමට මේ වසර තුළ ද සිදුවනු ඇති බව ආහාර අර්බුදය පිළිබද ගෝලීය වාර්තාව (GRFC) මත දක්වමින් සිටී.

2021 වර්ෂයේදී මිලියන 193කට ආසන්න පිරිසක් ආහාර අර්බුදයට මුහුණ පෑ අතර 2022 වර්ෂයේදී එයට තවත් මිලියන 40ක එකතු වීමක් සිදුවිය. සෘජු ලෙස රටවල් 53ක් නියෝජනය කළ දරුණු ආහාර හිඟය හේතුවෙන් මිනිසුන් මිය යාම දහස් ගණනින් වාර්තාවීම මානව සංහතියේ ඛේදවාචකයක් බවට පත්ව ඇත.
ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ අගය වෙනස් වේ.

මේ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයන් සම්බන්ධ වැඩි අවධානයක් සෑම රටකටම අදාළව සිදු වන අතර ලංකාව සම්බන්ධයෙන්ද මේ තත්වය එසේමය. ඒ අනුව ලංකාව පෙර වර්ෂයන්හිදී ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනතුරකට ලක් වූ රටක් බවට සංඛ්‍යාත්මකව හෙළිදරව් වූ අතර මේ නිසාම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වැඩි අවධානයක් ලංකාව වෙත යොමු කළේය. ඒ කෙසේ නමුත් අදාළ තොරතුරු අනුව ආසන්නතම මාස කිහිපයෙහි එනම් 2023 වර්ෂයට අදාළව සිදුකළ සමීක්ෂණ අනුව මෙරට ආහාර සුරක්ෂිතතාවය යම් ඉහළ අගයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇති බව වාර්තා වේ. 

ලෝක ආහාර වැඩසටහන (WFP) සමග ඒකාබද්ධව 2022 වසරේ මැද භාගයේ සහ 2023, වසරේ මැද භාගයේ සිදුකරන ලද Crop and Food Security Assesment Mission (CFSAM) සමීක්ෂණ මගින් අධික වර්ධන වේගයක් පෙන්වූ ආහාර උද්ධමනය, 2022 වසරේ ඔක්තෝබර් සිට කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව 2021 වසරේ ඔක්තෝබර මාසයේ ආහාර උද්ධමනය 69.8% ලෙස පැවති අතර 2022 සැප්තැම්බර් වන විට එය 94.9%ක් වැනි ඉහළ අගයක් වෙත ගොස් 2023 මාර්තු වන විට එය 40%කටත් වඩා අඩු අගයක් ගෙන තිබිණි.
කෙසේ වෙතත් උද්ධමන අනුපාතය පහළ යාම හා ආහාර සුරක්ෂිතතාවයේ ඉහළ යාම සම්බන්ධ ප‍්‍රවාද මතු වන්නේ ආසන්න මාස කිහිපය තුළය. මෙහි හාස්‍යයට කරුණ නම් ක‍්‍රමයෙන් වැඩිවන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සත්‍යය සඟවා ජනතාව නොමග යවමින් එක්සත් ජාතින්ගේ සංවිධානය ඈ`දා ගනිමින් මේවා ගෙන හැර පෑමය.

සත්‍ය ඝාතනය කරන්නන්ගේ ආහාර සුරක්ෂිතතාවයේ හෙළුව

ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75ක් පමණ උග‍්‍ර ආහාර අනාරක්ෂිත බවකින් (Acute Food Insecurity) පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවත් එය ලංකාවේ පවුල් ලක්ෂ 57න් 33%ක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි. ආහාර අනාරක්ෂිත භාවයේ වැඩිම පිරිස බස්නාහිර පළාතේ ජීවත්වන බවත් ඊට පසුව මධ්‍යම හා ඌව, නැගෙනහිර, වයඹ, උතුරු මැද පළාත්වල වන බවත් අදාළ වාර්තා හෙළිදරව් කර ඇත. පවුල් ලක්ෂ 37ක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇති බව අදාළ වාර්තාවේ සදහන් වේ ඉන් 65% තරම් පවුල් සංඛ්‍යාවක් ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අතර මේ සංඛ්‍යාවෙන් බොහෝ පිරිසක් ආහාර රටාවේ වෙනසක් ඇති කරගෙන ඇති අතර අඩු වටිනාකම් සහිත පෝෂදායි නොවන ආහාර ගැනීමට පෙළඹී ඇතැයිද ස`දහන් කරයි.

එසේම ලෝක ආහාර සුරක්ෂිත දර්ශකය අනුව ආහාර සුරක්ෂිතතාව පැත්තෙන් ශ්‍රී’ලංකාව 2019 වර්ෂයේ සිටියේ 69 වැනි ස්ථානයේ බවත් 2022 වර්ෂයේදී’එය 79 වැනි ස්ථානයට පහළ ගිය බවත් මහාචාර්යවරයා සඳහන් කොට සිටී.
මහාචාර්යවරයාගේ මුවින් මේ එළියට පැමිණෙන්නේ කුමක්ද?’වගකිව යුතු විශ්වවිද්‍යාල ආචාර්යවරුයෙකු ලෙස මොහුගේ මෙම ප්‍රකාශය කොතරම් සත්‍යද යන්න සෙවීමට මත්තෙන් මෙය තනි මතකයක් නොවන බව ජනතාවගේ දැනුවත්වීම සඳහා හෙළිදරව් කළ යුතුමය. මේ හා බැඳුනු මාධ්‍ය ජාලයක්ද?’විපක්ෂයේ කල්ලි කණ්ඩායම්ද ඇති බව දේශපාලනයේ අහුකොන් දන්නා පිරිස්වලට රහසක් නොවේ. මෙය රටක් පෙරට යද්දී’බොරු වළවල් කපා ජනතාව ඒවාට හෙළිමට තැත දරන්නන්ගේ මතවාදයයි. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ මෙවැනි ප්‍රචාරණයන් මතය. නොඑසේ නම් මේ ඔවුන්ට විපක්ෂයේ කණ්ඩායම් සතුටු කිරීමට නොහැකිය.

බල්ලෝ බිරුවට කඳු පාත්වන්නේ නැත

බොරු දත්ත මත පදනම් වන ප්‍රචාරයන් සිදු කරන්නේ ආණ්ඩුව කවර මොහොතක හෝ බිඳ වැටෙනු ඇතැයි සිතා සිටින සහ කවර ක්‍රමයකින් හෝ ආණ්ඩුව බිඳ දැමීම සඳහා කැස කවන පිරිස විසිනි. ඒ අනුව මුලින්ම මේ කරුණු සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමසිය යුතු වේ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවැනි සමීක්ෂණයක් සිදු කළේ ද යන්න පළමුව සොයා බැලිය යුතුය. ඒ අනුව ආහාර අනාරක්ෂිතබව සම්බන්ධයෙන් පසුගිය වසරක පමණ
කාලයේදී ඔවුන් සිදු කර ඇත්තේ සමීක්ෂණ දෙකකි. ඒ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ ඒකාබද්ධව 2022 වසරේ මැද භාගයේ සිදු කරන ලද සමීක්ෂණය සහ 2023, එනම් මෙම වසරේ මැද භාගයේ සිදු කරන ලද සමීක්ෂණ දෙකය. මෙම සමීක්ෂණ දෙකම හැඳින්වෙන්නේ Crop and Food Security Assesment Mission (CFSAM) නමිනි. මේ සම්බන්ධයෙන් වාර්තා දෙකක් වෙන වෙනම ඉදිරිපත් කොට ඇති අතර ඒ වාර්තා 2022 වර්ෂයේ මැයි මාසයේ හා 2023 මැයි මාසයේ සිදු කොට ඇති අතර ඒවා සිදු කොට ඇත්තේ ලංකාවෙන් සිදු කරනු ලැබූ’ඉල්ලීමකට අනුවය.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ විදෙස් නියෝජිතයන්ගෙන්,
ලෝක ආහාර සංවිධානයේ විදෙස් නියෝජිතයන්ගෙන්, දේශීය සම්බන්ධිකාරක පිරිස්, USAID සංවිධානයේ නියෝජිතයන් හා කෘෂිකර්ම අමාත්‍යංශයේ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් මඟින් 2023 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල රජයේ ආහාර සුරක්ෂිතතාවය හා සම්බන්ධ රාජ්‍ය, පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ආදිය සමඟ පුළුල් සංවාදයක් ඇති කොට ගත්තේය. එහිදී අවධානය යොමුව තිබුණේ ආහාර සුරක්ෂිතතාවය සහ භෝග සුරක්ෂිතතාවය යන කරුණු කෙරෙහි වන අතර එම සාකච්ඡාවන්ට සමගාමිව දිවයිනේ පළාත් 9ම සහ දිස්ත්‍රික්ක 25 තුළ’පවුල් ඒකක 15,035ක් ආවරණය වන පරිදි ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ සමීක්ෂණයක් පැවැත් වූ’අතර එහි වාර්තාව මැයි මස 29 වනදා කෘෂිකර්ම ඇමතිවරයා වෙතද භාර දීමට කටයුතු කොට තිබිණි. එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ සියලු‍ම පළාත් තුළ ආහාර අනාරක්ෂිතතාවය අඩුවෙමින් පවතින බව වාර්තා වී’ඇත.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් විසින් මාධ්‍ය’නිවේදනයක්ද නිකුත් කළ අතර එමඟින් පෙන්වා දී’ඇත්තේ ආහාර අනාරක්ෂිතභාවය අඩුවීමට හේතු ලෙස යහපත් ආහාර පරිභෝජනය, ආහාර මිල යම්තාක් අඩුවීම (2022 මැයිවලට සාපේක්ෂව) යන්නය.

2023 වසරේ මැයි නිකුත් කළ වාර්තාවට අනුව මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් (Moderate Acute Food Insecurity) පීඩා විඳින ජනතාව මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 17%කි. එනම් මිලියන 3.9ක් හෙවත් ලක්ෂ 39 කි. එය 2022, එනම් 2022 වසරේ මැයි මාසයේ තිබුණු 28%ක් සහ ජනගහනයේ ප්‍රමාණයක් ලෙස මිලියන 6.2ක්, එනම් ලක්ෂ 62ක් ජනතාව මෙම මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත බවින් පෙළුණු කාලයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස 11%ක සහ ප්‍රාමාණික ලෙස මිලියන 2.9ක් හෙවත් ලක්ෂ 29ක අඩු වීමකි.

එමෙන්ම 2023 වසරේ මැයි නිකුත් කළ වාර්තාවට අනුව දැඩි ආහාර හිඟයෙන් (Severe Acute Food Insecurity) පෙළෙන සංඛ්‍යාව 10,000 කි. කෙසේ වෙතත් 2022 මැයි නිකුත් කළ වාර්තාවට අනුව එහි අගය දැක්වුණේ 66,000ක් ලෙසයි. එනම් Severe Acute Food Insecurity තත්ත්වයෙන් පීඩා විඳින පිරිස පසුගිය වසරට වඩා 56,000කින් පමණ මේ වන විට අඩු වී’ඇත.

වර්තමාන ආහාර සුරක්ෂිතතාවයේ මට්ටම, 2022 මැයි මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කළද, බොහෝ ගෘහ ඒකක තුළ ජීවනෝපාය ක්‍රම තුළින් ආහාර අර්බුදයට මුහුණ දීමේ උපාය මාර්ග (livelihood coping strategies) අනුගමනය කරන බැවින් නිවෙස් ඒකක තුළ ආහාර අනාරක්ෂිතතාවයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනීය තත්වයක ඇති බවට සඳහන් වේ.

අදාළ’වාර්තාවන් මඟින් පෙන්නුම් කරන සත්‍යයන් හමුවේ ආණ්ඩුවට එරෙහි පිරිස් ගෙන යන සංඛ්‍යාත්මක විහිළු සහ ඇත්ත යට ගැසීමට දරණ’ප්‍රයත්නය අනාවරණය වේ. කෙසේ නමුත් වර්ධනීය තත්වයක ඇති මෙම ආහාර සුරක්ෂිතතාවය ඉබේ ඇති වූවක් නොවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ක්‍රියාත්මක කළ ආහාර සුරක්ෂිතතා වැඩ සටහනෙහි ප්‍රතිඵලයක් ලෙස රටක් ලෙස අත්පත් කරගත් ප්‍රතිඵලයකි. ඒ සඳහා ක්‍රියාත්මක කළ’ව්‍යාපෘතීන් ගණනාවක් විය. ගතවූ පාලන කාලයේ අසාර්ථක වූ’කාබනික පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් වී හා අනෙකුත් බෝග අස්වැන්න අඩු වූ අතර පසුව ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව රසායනික පොහොර බෙදාදීමට යළි පියවර ගත්තේය. මේ හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටි ගොවි ජනතාවට අස්වැසිල්ලක් උදාකරමින් 2022 යල කන්නයේ දී හෙක්ටෙයාර එකකින් වී කිලෝග්‍රෑම් 3207ක තරම් අවස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. එසේම වගා ව්‍යාපෘති දිවයිනේ සියලු‍ දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස දියත් කිරීමත් සමඟ වී වගාවට අමතරව වෙනත් බෝග වගාවද වර්ධනීය තත්වයක පැවැතියේය.

මේ හේතුවෙන් ආහාර සම්බන්ධයෙන් වන සුරක්ෂිතතාවය වර්ධනය වීමට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බලපෑ’බව ඕනෑම ළදරුවෙකුට වුව තේරුම් ගත හැකි කරුණකි.

කෙසේ වුවද පෙර වර්ෂයේ ආර්ථිකය කඩා වැටීමට ලක් කර උද්ධමනය වර්ධනය වී කෘෂි කර්මාන්තය වළපල්ලටම ඇද දමා තිබූ’රටක අරගල ක්‍රියාත්මක වී පෝලිම් පිට පෝලිම් නිර්මාණය වී පැවැති කාලය දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත. තනා දුන් මල් යහනාවේ පිස්සු කෙළින නරුමයන් පිරිසක් ඕනෑම පවුලක සේම ඕනෑම රටකද සිටිය හැකිය යන සාමාන්‍යකරණය මත සිටිය හැකි වෙතත් ආහාර සුරක්ෂිතතාවය වැනි ජනතාවට සංවේදී මාතෘකාවන් සඳහා විපක්ෂයේ හා ආණ්ඩුවට එරෙහි බලවේග විසින් දියත් කරනු ලබන මේ නරුම ව්‍යාපෘති මතවාදීමය ලෙස පරාජය කිරීම රටේ ඉදිරිය පිළිබද සිතා කළ යුතුමය. ඒ අනුව සත්‍යය ඝාතනය කිරීමට ඉඩ නොදිය යුතුවා මෙන්ම ඒ වෙනුවෙන් කැප වෙන ජනතාව ආරක්ෂා කිරීමද කළ යුතුමය.

මේ මොහොතේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඉලක්කම් සෙල්ලම් දමා වෙනස් කොට රූපවාහිනී’සංදර්ශන පෙන්වන කොන්දක් නැති විපක්ෂ හේවායින් සිතිය යුත්තක් ඇත. එනම් මාස කිහිපයක් ඇතුළත රට තිබූ’තැනින් ගොඩගෙන තිබෙන තැනින යළි එය නැවත වළට ඇද දමනවාද නැද්ද යන්නය.

  • කේ.පී.අයි. ප්‍රියංගනී