ට්විටර් සීමාවෙයි

ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දිනකට පරිශීලනය කළ හැකි පොස්ට් සංඛ්‍යාව සීමාකර ඇත.

ට්විටර් ගිණුම් හිමියන්ට පනවා ඇති මෙම සීමාවන් තාවකාලික බව ඉලෝන් මස්ක් නිවේදනය කරයි. 

ඒ අනුව තහවුරු කළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පෝස්ට් දසදහසක සංඛ්‍යාවක් පරිශීලනය කළ හැකි වේ.

එමෙන්ම තහවුරු නොකළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පරිශීලනය කළ හැකි වන්නේ පෝස්ට් දහසක සංඛ්‍යාවක් පමණි.

නව සීමාවන් පැනවීම සම්බන්ධයෙන් නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙය ක්‍රියාත්මකවීම විශේෂත්වයකි.

පෞද්ගලික දත්තයන් අනිසිභාවිතය හා පද්ධති බිඳවැටීම මගහරවා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඉලෝන් මස්ක් පවසයි.