ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්න පියවර ගන්න – මොහොමඩ් අබ්බාස්

හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමි වුණු අසරණ සිවිල් වැසියන්ට කඩිනමින් අවශ්‍ය ආධාර ලඉබා දීමට පියවර ගන්නැයි ද පලස්තීන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය දේශපාලනික විසඳුමක් පමණක් බවත්, ජෙරුසලම අගනුවර වන අයුරින් පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම කළ යුතු බවත් පලස්තීන ජනාධිපති අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යළිත් පැහැදිලි කර තිබේ.