නිදහසෙන් පසු වසර 75ක ගමන් මග වෙනස් කළ දිනය

අප දන්නා ඉතිහාසය තුළ ජුලි මාසයේ 21 ලෙසින් හැඳින්වෙන දිනයක් කැලැන්ඩරයේ තිබිණි. එය ඉදිරියටත් පැවැතිය හැකිය. නමුත් වැදගත්ම දේ මෙම දිනය කැලැන්ඩරයේ දිනයකට වඩා රටක විප්ලවීය පරිවර්තනයකට මුල පිරූ දිනයක් බවට දැන් පත්ව තිබීමය. 2022 අවුරුද්දේ ජුලි 21 වන දා නම්, ඉතිහාසයට එහෙම දිනයක් එකතු වෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළේ නැත. එහෙම කල්පනා කරන්නට තරම් පැහැදිලි හේතු සාධක තිබුණෙත් නැත. විශේෂයකට තිබුණේ ඊට පෙරදින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු බහුතර ඡන්දයෙන් පත් කරගැනීමෙන් පසුව ඔහු 21 වනදා දිවුරුම් දීමය. නමුත් එය තුළද විශේෂයකට තිබුණේ පාර්ලිමේන්තුවේ එකම එක අසුනක් තිබු රනිල් වික්‍රමසිංහව මන්ත්‍රීවරු 134 දෙනෙකුගේ බහුතරයෙන් ජනාධිපතිධුරයට පත් කර ගැනීම ගැන අසාමාන්‍ය තත්වයය. තවත් අපේක්ෂකයන් දෙදෙනකු පරාජයට පත්කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කරන විට එය රටේ විප්ලවීය පරිවර්තනයක් උදෙසා වන තීරණයක් විය හැකි බව යම් කෙනෙකුට සිතුනා නම් ඒ රනිල් වික්‍රමසිංහටම පමණක් විය යුතුය. මන්ද රනිල්ගේ දේශපාලන ඉලක්කය සම්පූර්ණ වීමට එම අවස්ථාව ලැබීම විය යුතුව තිබුණු නිසාය.

රනිල් රටේ වගකීම භාරගන්නා විට රට තිබුණේ අවිනිශ්චිත තැනකය. ජනතාව සිටියේ අපේක්ෂාභංගත්වයක් තුළය. රාජ්‍ය බලයට අභියෝග කරමින් පැවැති දේශපාලන හා ආර්ථීක ක්‍රමයට එරෙහිව නව මැදිහත්වීමක් ඉල්ලා අරගලකාරීව, ප්‍රචණ්ඩකාරීව නැ`ග ගෙන ආ ජනබලය හමුවේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයකට තවදුරටත් ඉඩක් පවතී යැයි විශ්වාස කළ නොහැකි විය. ´නෑම මොහොතක ජනතා නැගිටීමක් හෝ ඊට මුවා වූ අරාජිකවාදී කුමන්ත්‍රණ සිදුවීම හරහා කුමක් හෝ විනාශයක් වුව සිදුවීමේ අවදානම තිබිණි. මේ අතර රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කර තිබිණි. ඒ එසේ නොකළත් රට සත්‍ය ලෙසම පැවැතියේ යළි නැ`ගිටීමක්

ගැන සිතන්නවත් නොහැකි තරම් අඳුරු ආගාධයකට ඇද වැටෙමිනි. හෙට දවසේදී පුරවැසියාට කන්න බොන්නවත් විදිහක් නොලැඛෙන ලකුණු මිස එතැනින් එහාට දෙයක් ගැන සිතන්න කිසිවක් ඉතිරිව තිබුණේ නැත. හසරක් නොදැන රට අයාලේ යන තැනක තිබියදී රනිල්ගේ පත්වීම රට වෙනස් කරන තැනකට පත්වෙනු ඇතැයි කිසිවකුට විශ්වාස කිරීමට හේතු තිබුණේ නැත. රනිල්ට පුළුවන් වෙයිද? ප්‍රශ්නය හැම සිතකම තිබිණි.

එහෙත් ඉන් හරියටම අවුරුද්දකට පසුව අද ඒ ගැන කතා කරන්න සිදුව ඇත්තේ මේ කාලය තුළ සිදුවූ දේවල් ජුලි 21 වන දා ඓතිහාසික දිනයක් බවට පත් කරන්න තරම් දැවැන්ත පෙරළියක් වීම තුළය. නිදහසෙන් පසු ගෙවුණු 75 වසරක ගමන් ම`ග හැරවුමකට ලක් කිරීම පමණක් නොව අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ බංකොළොත් රට යළි ගොඩදැමීමට හැකිවීමත් ආශ්චර්යමත් සිදුවීමත් බව මෙවැනි අනෙක් ලෝක අත්දැකීම් අනුවත් පැහැදිලිය. ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්ට පවා එය පිළිගැනීමට සිදු විය. නිකම්ම කැලැන්ඩර් දිනයක් ඉතිහාසයෙන් අකා මකා දැමිය නොහැකි දිනයක් වූයේ මේ කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දියත් කළ දුෂ්කර මෙහෙයුමක සාර්ථකත්වය ඇස් පනා පිට පෙන්නෙන තිඛෙන වටපිටාවකය.

ශ්‍රී ලාංකිකයන් මේ මොහොත අනිවාර්යෙන්ම සැමරිය යුතු මොහොතකි. එහෙත් ජනාධිපති පදවි ප්‍රාප්තිය වාර්ෂිකව උත්සවශ්‍රීයෙන් සමරමින් ඒ වෙනුවෙන් රාජ්‍ය මුදල් මිලියන් ගණනින් වැය කළ ඉතිහාසයක් ඇති රටක, පළමු වතාවට පදවි ප්‍රාප්ති සැමරුම් උත්සව පැවැත්වීම නවතා ඇත. ඒ තබා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පදවි ප්‍රාප්තියේ පළමු වසර සැමරීමට රටේවත් නැත. ඒ දිනය පවා ඔහු වෙන් කරගත්තේ රට වෙනුවෙන් වන තවත් බරපතල කාරණයකටය. ඒ ඉන්දියානු රජය සම`ග සම්බන්ධ වෙමින් මෙරට සංවර්ධන උපාය මාර්ග ජයග්‍රහණය කරවීමේ තීරණාත්මක වැඩ කටයුත්තකටය. එසේම කලාපීය ජයග්‍රහණයන් වෙනුවෙන් හවුල් වීමටය. ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම සලකුණු කරන්නටය. රටකට ඇවැසි නායකත්වයක් කියන්නෙ එහෙම නායකත්වයකට මිස මේ දූපත් රාජ්‍යය ඇතුලේ සිට ර`ගන හිස් මිනිසුන්ගේ විගඩම්වලට නොවේ.

රනිල් කියන්නේ මොනවාද, කරන්නේ මොනවාද, ඒවායේ ප්‍රතිපල මොනවාද? ගැන අප චැතම් ස්ටී්‍රට් ජර්නල් පුවත්පත ඔස්සෙ දිගින් දිගටම පෙන්වා දී ඇත. නැවත නැවත ඒ ගැන සාකච්ඡා කරන්න තරම් දෙයක් නැත්තේ හරි දේ හරි විදිහට සිදුවෙමින් පවතින නිසාය.

කොහොම නමුත් ව්‍යවස්ථානුකුලව ජනාධිපතිධුරයට පත්වු නමුත් ජනවරමක් නැති ජනාධිපතිවරයකු බවට ජවිපෙ, සජබය ඇතු¨ විපක්ෂ කොටස් රනිල්ව හන්වඩු ගැසීමට දිගින් දිගටම කටයුතු කළත්, රනිල් ජනතා අභිලාශයන් මුදුන්පත් කරවන ජනාධිපතිවරයා බවට කෙටි කලකින්ම පත් විය. ජනතාවගේ විශ්වසනීය නායකයා බවට පත් විය. වචනයේ අරුතින්ම ජන අධිපති විය. එහෙම කියන්නේ වෙනදා ජනප්‍රිය නොවන තීන්දු ලෙස සැලක+ බොහෝ දේශපාලනික සහ ආර්ථීකමය තීන්දු තීරණ රැසක් ගන්නා විට විපක්ෂ කණ්ඩායම්වලට ජනතාව පාරට බස්සවා එය වැලැක්වීමේ හැකියාව පහසුවෙන් කළ හැකි වුවත් මෙවර එය සිදු කිරීමට නොහැකි වීම නිසාය. ඒ තබා විපක්ෂයට තිබුණා කියු රැළි සද්ද නොකරම බැස ගිය අතර ඔවුන්ගේ කියුම් කෙරුම් ජනතාවගේ පිළිකුළට සහ විහිළුවට බඳුන් විය. මෙහිදී ජනාධිපතිට නැතැයි කියන, විපක්ෂයට ඇතැයි කියන ජනවරම, විපක්ෂය පාවිච්චි කරන්න හැදුවේ ජනතා අභිලාශයන් ක්‍රියාවට නැවීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයන් කඩාකප්පල් කර යළි රට ආගාධයකට ඇද දමා ජනතාව දැවැන්ත පීඩාවකට ගොදුරු කරවීම වෙනුවෙනි. බලයට තිඛෙන කෑදරකම වෙනුවෙන් විපක්ෂය තමන්ට ලැබී තිබුණු ජනවරම පාවිච්චි කළ හැටි සහ තවදුරටත් ඒ මජර කටයුත්ත සිදු කරමින් තිඛෙන බවත් පැහැදිලිය. ඉතිහාසයේ ඒ වෙනස පැහැදිලිව සළකුණු වනු ඇත. මේ අනුව මේ ගෙවුණු අවුරුද්ද තුළ සිදුවු අනෙක් වැදගත්ම දෙය ජනතාව දේශපාලන ආර්ථීකමය වශයෙන් දැනුමෙන් මුහුකුරා යෑමය. පට්ටපල් බොරු කරපින්නාගෙන දැන් ජනතාව සම`ග සෙල්ලම් කළ නොහැකිය. රට ආර්ථීකවත් දේශපාලනිකවත් ගොඩන`ගන අතරේ රනිල් කළ අනෙක් හපන්කම පැවැති වැරදි පසුගාමී  සමාජ ආකල්ප වෙනස් කිරීමය. නිවැරදි මාර්ගය තිබියදී එය ම`ගහැර 75 වසරක් තිස්සේ කළ මුග්ධකම් නිසා රට ආගධයට වැටීමට හේතුවූ බව රනිල් පෙන්වාදී ඇත. ඒ ඇත්ත පිළිගනිමින් වැරදි නිවැරදි කර ගනිමින් දැන්වත් නිවැරදි මාර්ගයෙහි ගමන් කිරීම විය යුතු බව පෙන්වා ඇත. මේ ගෙවුණු අවුරුද්ද තුළ රනිල් කළේ ඒ මාර්ගයට රට ඇදගෙන ඒමය.

තවදුරටත් අද තමන්ගේ දේශපාලන පැවැත්ම සුරක්ෂිත කරගැනීමට කවර හෝ දේශපාලකයකුට වැදගත් නම්, තම දේශපාලනයේ අරමුණ සැබෑ ලෙසම ජනතා සේවය බවත් ඒ වෙනුවෙන් වන කැපකිරීම, අවංකබව, සත්‍යවාදීබව, විශ්වාසනීයත්වය, පරිණත බව යනාදී විශිෂ්ට නායකත්ව ගුණය නිර්ලෝභීව ජනතාව හමුවේ පෙන්වීමටත් හැකි විය යුතුය. නමුත් එය ප්‍රමාණවත් නැත. මන්ද රනිල් අභිබවා යන සමත්කම තිබිය යුතු නිසාය. ඒ ඉහළ ආදර්ශය රනිල් පෙන්වා තිබියදී එය ම`ග හැර යා නොහැකි බැවිනි.

මේ අතර පසුගිය සතියේ ජනාධිපති රනිල් තවත් වැදගත්ම තීරණයක් ගෙන තිබිණි. හි`ගන්නාගේ තුවාලය මෙන් පැවැති මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා වන තමන්ගේ විසඳුම ඔහු සෘජුව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට තමන්ගේ ඇති අභිලාශය නැවත පෙන්වා දුන් අතර ව්‍යවස්ථාමය ගැටළුවක්ව පවතින පොලිස් බලතල පළාත් සභා වෙත පැවැරීම පිළිබඳ ගැටළුවත් පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමෙන් පසුව විසෙ`දන බවත් ප්‍රකාශ කර තිබිණි. රනිල් වික්‍රමසිංහ හැමදාමත් පිළිගත් කාරණයක් වූයේ මේ ජාතික ප්‍රශ්නය මුළුමනින්ම විසඳා ගැනීමෙන් තොරව රටට සංවර්ධනාත්මක ගමනක් නැති බවය. 2002 වසරේදී —යළි පුබුදමු ශ්‍රී ලංකා˜ වැඩසටහන ගෙන එමින් ද ඔහු පළමුව උත්සහ කළේ උතුරු නැගෙනහිර ගැටුම් අවසන්කර දේශපාලන විසඳුමක් ලබා දී සමස්ත රටම සමාන්තර සංවර්ධනයක් වෙත ගෙන ඒමටය. 2015 යහපාලන යුගයේදී මුල් වසරම වෙන් කෙරුණෙත් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය පිහිටුවා ඒ මත ජාතික ප්‍රශ්නය විසඳන දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පුළුල් සාකච්ඡාවක් ඇරැඹු අතර එය කෙටුම්පත් කිරීමේ මුලික පියවර ද ගනු ලැබීය. නමුත් මේ කිසිවක් සාර්ථක කරගැනීමට එදා ක්‍රියාත්මක වූ පටු අවස්ථාවාදී විපක්ෂ කණ්ඩායම් ඉඩ දුන්නේ නැත. වර්ගවාදී ජාතිකවාදි ආගම්වාදී සහ පක්ෂ දේශපාලන කුණු කන්දල් තොගයකින් රටට අවශ්‍ය ඇත්ත විසඳුම යටපත් කරනු ලැබීය.

රටේ පුරවැසි ජන කොටස් අතර සාමය, සම`ගිය, සහජීවනය නොමැති නම් මොන ජගතා ආවත් රටක් සාමකාමීව නිදහස්ව පවත්වාගෙන සංවර්ධනාත්මක ගමනක් යෑම සිදු කළ නොහැකි බව ඉතිහාසයේ ඔප්පු කර ඇති විට එය වෙනස් කිරීමට රටේ නායකත්වය කොන්ද පණ ඇතිව තීන්දුවක් ගන්නවා නම් ඊට සහයවීම පුරවැසි ජනතාවගේ වගකීමකි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් කළ යුත්තේ එයය. රටක ජාතික ආරක්ෂාව වුව තහවුරු වන්නේත් ඒ අනුවය. එසේම දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන කාර්යය වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙපළාතෙන් මෙන්ම තවත් දිස්ත්‍රික ගණනාවකින් ලබා ගත හැකි දායකත්වය මෙතුවක් කල් නියමාකාරයෙන් ලැබුණේ නැත. ඒ මානව සම්පතෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රශ්නය විසදීම රටේ සංවර්ධනය දෙගුණ තෙගුණ කරන්න දායක වෙනු ඇත.

 රනිල් වැඩ කරන්නේ සුවිශාල දැක්මක් අනුව බව කියන්නේ මේ එකිනෙක හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති සියළු ක්ෂේත්‍ර සමස්තයක් ලෙස ගෙන ගැටළු විසඳමින් එක් දිශානතියකට යොමු කරමින් මේ ගමන යන නිසාය. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් වැදගත් තීරණයක් යුරෝපා සංගමය ගෙන තිබිණි. ඒ යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඨීඡ ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කිරීමය.

මෙහි ඇති වැදගත්කම වන්නේ මෙරට නිෂ්පාදන තීරු බදු සහන යටතේ යුරෝපයට අපනයනය කිරීමට ඉඩ ලැබීමට වඩා දෙයකි. මන්ද මෙම සහනය සංවර්ධනය වෙමින් පවතින රටකට ලැඛෙන්නේ මානව හිමිකම් සම්බන්ධ කොන්දේසි ගණනාවකට යටත්වය. ඒවා රටක් ලෙස සම්පුර්ණයෙන් පිළිපදින බවට තහවුරුවක් නොමැතිව මෙම සහනය හිමි වන්නේ නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධියකු බවත් මානව හිමිකම් නොසලකා හරින ත්‍රාඪ පාලකයකු බවටත් විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම කරන චෝදනා කරමින් තිබිණි. කොටින්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහනය හෝ මෙරටට නොලැඛෙන බව විපක්ෂය කැට තබා කිව්වේ විරෝධතා මර්දනයට ගත් ක්‍රියා මාර්ග පෙන්වමිනි. ඇතැමුන් මේ චෝදනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දක්වාද රැගෙන ගියේය. ඒ අතර නව ත්‍රස්ත විරෝධි පනතද මානව හිමිකම්වලට එරෙහි යනුවෙන් චෝදනා කරමින් තිබිණි. අයි.සී.සී.පි.ආර්. පනත යටතේ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදුවන විට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට රනිල් බාධා කරනවාය යනුවෙන් මතයක්ද විපක්ෂය හැදුවේය. නමුත් ඒ සියළු චෝදනා පදනමක් නැති හිස් ප්‍රලාප බව යුරෝපා සංගමය විසින් ඨීඡ ප්ලස් තීරු බදු සහනය දීර්ඝ කිරීම ම`ගින් තහවුරු වන දෙයයි.

රනිල් වික්‍රමසිංහ යනු පුද්ගලයාගේ නිදහස ඉහළින්ම අගයන, නීතියේ ආධිපත්‍යය පිළිගන්නා, ප්‍රජාතන්ත්‍රවාද සමාජ ක්‍රමය

සු‍රැකීම වෙනුවෙන් හැමදාමත් පෙනී සිටි අයෙක් මෙන්ම ඒ වෙනුවෙන් සෘජුවත් දැඩිවත් ක්‍රියාත්මක වූ නායකයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයට පිටින් ගොස් හිතුවක්කාරිව ඒකාධිපති වියරුවෙන් වැඩ කළ ඉතිහාසයක් ඔහුට නැත. එසේම තවදුරටත් මානව හිමිකම් සුරකිමින්, අදහස් ප්‍රකාශනයේ භාෂණයේ අයිතිය, මාධ්‍ය නිදහසේ වටිනාකම් පිළිගන්නා, ආගමික නිදහසේ අයිතිය, සංස්කෘතික භාවිතාවන්ගේ අයිතිය, තරුණ තරුණියන්ගේ, කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අයිතිය, ආබාධිත සහ වෙනත් අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ගේ අයිතිය සහ ඔවුන්ගේ සුරක්ෂාව පිළිගනිමින් ශිෂ්ට සම්පන්න සමාජයක්, යහපාලනය තහවුරු කරන රාජ්‍ය පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් නව ක්‍රියා මාර්ග රැසක්ද මේ වන විට ගෙන තිබේ.

රටක සංවර්ධනය කියන්නේ ආර්ථීක සංවර්ධනය පමණක් නොවේ. රටේ සෑම තරාතිරමකම, සෑම ජන කොටසකම පුරවැසියාට අභිමානයෙන් යුක්තව දෙපයින් සිට ගැනීමට හැකි තත්වයට පත් කිරීම විය යුතුය. ඒ වෙනුවෙන් දේශපාලනික, සමාජීය, සංස්කෘතික ආරවුල් විසඳීම විය යුතුය. මේ ගෙවුණු අවුරුද්දක කාලය තුළ රනිල් කළේ මොනවාද කියා විමසන විට මේ සියළු ක්ෂේත්‍ර ආවරණය කළ අතිශයින් පුළුල් ක්‍රියා මාර්ගයක ඔහු සිටින බව පැහැදිලි වෙයි. මේ තනි මිනිසෙකුට දරන්න බැරි තරම් විශාල වපසරියක විහිදුනු මෙහෙයුමක් බවත් පෙනෙනු ඇත.

අනෙක් වැදගත්ම දේ ශ්‍රී ලංකාවේ අභිමානය යළි ලොව පතල කළ සැබෑ ශ්‍රී ලාංකික නායකත්වයක් ඔහු පෙන්වා තිබීමය. ගෝලීය භූ-දේශපාලනික ගැටුම්වලට මැදි නොවී නොබැඳිව, රටේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීභාවය, ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද? රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රශ්න විසඳා ගන්නේ කොහොමද? ජාත්‍යන්තරයේ සහය අඛණ්ඩව රටට ලබා ගන්නේ කොහොමද? යන්න මෙම කාලය තුළ ඔහු පෙන්වා ඇත. එදා මෙදා තුර මෙතරම් ක්‍රියාකාරී ජවයක් පෙන් වූ සහ වඩාත්ම නිවැරදි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පසුබට නොවු රාජ්‍ය නායකත්වයක් මේ රටට හිමිව තිබුණේ නැත. ඒ අනුව රටට අවශ්‍යම නායකත්වය අවශ්‍යම මොහොතේ ලැබී තිබීම සිදු වූ ජුලි 21 වනදා යනු නිකම්ම නිකම් ‌‌ඓතිහාසික දිනයකටත් වඩා සුවිශේෂිත දිනයක් බව දෙගිඩියාවකින් තොරව සටහන් කළ හැකිය.

ඝෝෂක