බොහෝ ජීවිත අස්සේ නොස්ටැල්ජියානු හිතීම් කියන්නේ මාරම දෙයක්. ඒවා මතු කර අවදි කිරීමත් තවත් අයෙකුගේ ජීවිතයට සතුටක් ගෙනෙන අමුතුම තෘප්තිමය අවකාශයක් නිර්මාණය කිරීමක්. “මතක පද” කියන මේ නොස්ටැල්ජියානු රූපමය හා භාෂිතය කරළිගත කරන වර්තමාන මාධ්‍යවේදීන් අතර කතා කරන්න වෙන එක චරිතයක් තමයි ගැමුණු. ඔව් ගුවන්විදුලි නාලිකාවන් අතර ජනප්‍රිය තලයේ එවක තිබූ නාලිකාවක් වන්නේ සිරස එෆ්.එම්. නාලිකාවයි. ගැමුණු සිරසට ගොඩ වෙන්නේ ඒ වන වන විට සිරස අත්කර ගෙන තිබූ ජනප්‍රියත්වය මතම පමණක් නොව මිනිසුන්ගේ ජීවිතේට යම් පණිවුඩයක් අලු‍ත් යමක් ගෙන යාම තමන්ගේ එකම අරමුණු නිසා බවයි මචං වෙත කියා සිටියේ.

ගැමුණු කියන්නේ අති දුෂ්කර මාර්ගයක ඇවිත් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණියෙක්. නිකවැරටියේ සිට කොළඹට පැමිණ ගුවන්විදුලි සංස්ථාවේ මාධ්‍ය පාඨමාලාවක් හදාරා, ටෙලිවීව් ආයතනයේ සංස්කරණ පාඨමාලාවක් හදාරා අමාරුවෙන් මාධ්‍යයට ප්‍රවිශ්ට වන තරුණයෙක්. කාලයක් යනකම්ම ලංකාවේ බොහෝ ශ්‍රාවකයන්ට මතක හිටින හඬක් අතරට එන ගැමුණු මේ දක්වා මාධ්‍ය ආයතන කිහිපයක විවිධ තනතුරු දරමින් ශ්‍රාවකයන්ට මතක ඉතිරි කළ සහෘදයෙක්. වෙලාවකදී ඔහු මාධ්‍ය ජීවිතේ ගැන මෙහෙම කියනවා.

“ලොකු අපබ‍්‍රංස නෑ. හැබැයි නිවේදකයෙක් කියනවාට වඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් කියන එක මම විශ්වාස කරනවා. නිවේදකයෙක් කීවාම ඒකෙ අර්ථය කොළයක් බලාගෙන කියවනවා වගේ එකක්. ඊට වඩා ශක්‍යතාවක් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ට තිබිය යුතුයි. මොනවා හරි කියලා ගුවන් කාලය පහු කරන එක මම විශ්වාස කරන්නේ නෑ. මගේ භාෂාවෙන් කීවොත් මිනිස්සුන්ගේ ඔළුවට සැපක් දෙන එක තමයි කරන්න උත්සාහ කරන්නේ. මම මැදිරියෙන් එළියට එනකොට මිනිස්සුන්ගේ ඔළුවෙ මොනවාහරි ඉතිරි වෙන්න ඕනෑ” යන්නයි.

ගැමුණු තවදුරටත් සඳහන් කර සිටියේ, මීඩියාවල පෙර තිබූ ගුණයන් වෙනස් කොට වර්තමාන ඩිජිටල් උපකරණ තොගයක ආධාරයෙන් මිලට විකිණෙන භාණ්ඩයක් බවට මේ වෘත්තීය පත් කොට ඇති බවයි. ඕනෑම කෙනෙකුට මෙහි පිනු‍ම් ගැසිය හැකි බවත් එය කා වෙනුවෙන්ද යන්නට වඩා අතට ලැබෙන මුදල මත තීරණය වූ දෙයක් බවත් ශානුක කරුණාරත්න මෙහෙය වන “හෙට හදන කයිය -‍ මචං” වැඩසටහනට එක් වෙමින් ගැමුණු ජයන්ත වන්නිනායක සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *