අසීරු ඉලක්කවලින් වඩා හොඳම ඉලක්කය තමයි තෝරගත්තේ – විදේශ ඇමති අලි සබ්රි

0

ඉන්දියාව භාරත් වෙමින් නව ගමනක් යනවා, අසල්වැසි ලංකාවේ තත්වය මොකක් වෙයිද?

ලංකාවේ තත්වය ගිය අවුරුද්දට සාපේක්ෂව විශාල ප්‍රගතියක් ලබලා තියෙනවා. මම හිතනවා අපි ලෝකෙට වහගෙන ඉඳලා ඉදිරියට යන්න බැහැ කියලා. අපිට තියන විශාලතම සම්පත තමයි අපේ ලොකේෂන් එක. ඒ ලොකේෂන් එකෙන් ප්‍රයෝජන ගන්න නම් අපි ඉන්දියාව ඇතුළු අනෙක් විදේශ රටවල් සමඟ සම්බන්ධ වෙන්න ඕන. ඒ සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී අලූත් ආයෝජන ලබාගැනීම, නාවික සහ ගුවන් කේන්ද්රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.

කියුබාවට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟට යන්නේ ඇමරිකාවට, මේ සංචාර ගැන අපි කැමතියි දැනගන්න?

එතුමා කියුබාවට යන්නේ ඨරදමච දෙ 77 සහ ක්යසබ් කියන සංවිධානයේ, ඒ කියන්නේ දියුණුවෙමින් පවතින, සංවර්ධනය වෙමින් පවතින රටවල්වල සංවිධානයක වාර්ෂික සමුළුව සඳහා, එතැනදී එතුමා සම්බන්ධ වෙලා පොදුවේ අපිට තියෙන අභියෝග ගැන සාකච්ඡාකරයි, දියුණු වෙමින් පවතින රටවල්වලට සහ මැදි ආදායම් ලබන රටවල් සම්බන්ධයෙන්.
ඇමරිකානු සංචාරය ඉතා වැදගත්. ඒ සංචාරය තුළ දී එතුමා එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව ඇමැතීම සඳහා කටයුතු කරනවා. ප්‍රථම වතාවට ජනාධිපතිවරයා හැටියට එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නේ, ඒ ඇරුණහම විදේශ රටවල නායකයෝ රාශියක් සමඟ ජනාධිපතිතුමා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එම සංචාරය තුළ ඉහළ පෙළේ ඇමරිකානු ආයෝජකයෝ සහ ලංකාවෙන් යන ආයෝජකයෝ සම්බන්ධ කිරීම සඳහා සාකච්ඡාවක දී නායකත්වය ලබා දෙනවා. ඊට අමතරව ෂඵත් හි ඵ්බ්ටසබට ෘසරුජඑදරව හමුවෙන්න එතුමා බලාපොරොත්තු වෙනවා. මම හිතනවා රටක් වශයෙන් මේ ඉදිරි සතිය ජාත්‍යන්තර වශයෙන් ඉතාම වැදගත් තීන්දු තීරණ රාශියක් සඳහා ජනාධිපතිතුමාට විවිධ පුද්ගලයෝ ඇමතීමට සහ හමුවීමට අවස්ථාව ලැබෙනවා.

විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ඔක්තෝබර් අද දක්වා කල් ගිහිල්ලා තියෙනවා යම් යම් බාධාවන් හින්දද මෙහෙම කල් ගිහිල්ලා තියෙන්නෙ?

යම් ප්‍රමාණයකට බාධාවන් අපිට දේශීය වශයෙන් සිද්ධ වුණා කියලා මම විශ්වාස කරනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සම්පූර්ණ දේශපාලන අරමුණු ගත්තු විවේචන රාශියක් තිබුණා. අඩුපාඩු නැතිව කියන එක නෙවෙයි. ඕනෑම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් එතරම් ජනප්‍රිය දෙයක් නෙවෙයි. ඒක අසීරුයි. ඉතින් අසීරු ඉලක්කවලින් වඩා හොඳම ඉලක්කය තමයි අපිට තෝරගන්න තියෙන්නේ. ලංකාව ගිය අවුරුද්දේ හිටපු තත්වය තේරුම් ගන්නේ නැතුව. නිර්දය ලෙස විවේචනය කරලා දේශපාලන වාසි ලබාගන්න උත්සහ කරනවා නම් එකේ අවසාන ඵලය විඳ දරාගන්න සිද්ධවෙන්නෙත් ශ්‍රී ලංකාවාසීන්ට තමයි.
විශේෂයෙන්ම අපේ ආර්ථිකය ආපසු කඩා වැටුණොත් මොකද වෙන්නේ, ගිය අවුරුද්දේ අපි ඒක දැක්කා. මම හිතනවා ඒකෙන් අපිට විශාල හානියක් සිද්ධ වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා චීනය, ඉන්දියාව, ඡු්රසි ක්කමඉ එක, ෂඵත් එක සම්බන්ධ කරගෙන ඉතා ඉක්මනින් මේ ටික ඉවර කරගන්න.


ලංකාවට නොඑන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන මාධ්‍යවල පුවත් පළ වෙනවා. අපි දැක්කා මෑතකදී ජපන් අගමැති එනවා කියලා නිව්ස් ගියා, පස්සේ යනවා එන්නේ නෑ කියලා. කොහොමද මෙහෙම පුවත් පළවෙන්නේ?

මම දන්නෙ නැහැ. මාධ්‍ය පාලනය කරන අයගෙන් තමයි ඒ ප්‍රශ්නය අහන්න ඕන. නමුත් අපිත් විශ්වාස කරනවා සත්‍ය කරුණු පැත්තක තියලා, විකෘති කරලා ශ්‍රී ලංකාව රජයක් හැටියට අපහසුතාවයට පත් කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවයි කියන එක. මට කියන්න තියෙන්නේ ඒක නැවතත් උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්. ඒකෙන් අපහසුතාවයට පත්වෙන්නේ කවුරු හරි වේවා දේශපාලනඥයෝ නෙවෙයි, පොදුවේ මේ රාජ්‍යය. රාජ්‍යය කියලා කියන්නේ මේ රටේ මිනිස්සු, ආණ්ඩුවයි රාජ්‍යයයි කියන්නේ දෙකක්. ආණ්ඩුව කියන්නේ ඒකේ ඉන්න දේශපාලනඥයෝ ටික, නමුත් රාජ්‍යය කියන්නේ මේ රටේ ව්‍යුහය, ව්‍යුහය අයිති වෙන්නේ මේ රටේ ජනතාවට. එය අකාර්යක්ෂම කරන එක, හෑල්ලූවට ලක් කරන එක රටට හොඳ දෙයක් වෙන්නේ නැහැ.

ජනාධිපතිවරයාගේ නව වැඩපිළිවෙලක් එක්ක මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් සිදු කිරීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට විදේශ විශ්වවිද්යාල මේ සඳහා සම්බන්ධ කර ගැනීම සම්බන්ධව මොන වගේ අදහසක් ද තියෙන්නෙ?

මම හිතනවා ඒ වෙනස්කම් විපර්යාස සහ පරිවර්තන වහාම සිදු විය යුතුයි. විදේශ රටවල්වල ආයෝජනය තුළ අලූත් තාක්ෂණය, අලූත් ආයෝජන, අළුත් අවස්තා හිමිවෙනවා. ඇත්තටම අපිට අහිමි වී ගිය අවස්ථා වෙනත් රටවල් ඉතා ඉක්මනින් තමන්ගෙ වාසියට අරගත්තා. ඩුබායි අද අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉන්දියාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මැලේසියාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. අපි පමා වෙලා හරි අවස්ථාව අරගත්තොත් අපිට පුළුවන් වෙනවා. අලූත් තාක්ෂණයත් එක්ක රටින් එළියට ගලා යන ඩොලර් බේරගන්නත්, අධ්‍යාපන කේන්ද්රස්ථානයක් බවට පත් කළොත් පිටරට සිසුන්ට ලංකාවට ඇවිල්ලා අධ්‍යාපනය ලැබීමේ හැකියාවකුත් තියනවා.
ඒ හින්ද අපි උත්සාහ කරන්නෙ ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කරලා අපේ විදේශ තානාපති කාර්යාලයන් හරහා ආයෝජකයන්ට ඒ අවශ්‍ය පරිසරය ලබා දීලා ඔවුන් එකිනෙකා සම්බන්ධ කරලා දෙන්න.

පසුගිය දවස්වල චැනල් ෆෝ නාලිකාවේ යම් වීඩියෝවක් පළ වුනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතයි. අපිට එයින් යම් බලපෑමක් තියෙනවද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පසුගිය එකොළොස් වැනිදා සාකච්ඡාවට ලක් කළා. ඒකෙදි මේ පිළිබඳවත් සාකච්ඡාකරල තිබුණා. ඉතින් ඕක සාමාන්ය දෙයක්. මානව හිමිකම් කොමිසම රැස්වීමට සතියකට පෙර ඔවුන් ඒක පුරුද්දක් හැටියට ඉදිරිපත් කළේ. ඉතින් ඒකේ යම් කිසි බලපෑමක් තියෙනවා ලංකාවේ හොඳ නමට. ඒක පිටුපස බෙදුම්වාදී කොටස්වල අවතාර අනිවාර්යෙන්ම තියෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ මේ රටේ ආරක්ෂක අංශවල ප්‍රතිරූපයන්ට හානි කරන්න. අපි සමහර වෙලාවට ඒක නොදැන එකිනෙකාට චෝදනා කර ගෙන නැවතත් උඩ බලාගෙන කෙළ ගහනවා. රටක් වශයෙන් රටේ අභිමානය සහ රණවිරුවන්ගේ අභිමානය තමයි ඒකෙන් කෙළෙසෙන්නේ.

නිහජ ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *