ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි

0

ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි.

නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.

කතානායක ලෙස කෙවින් මැකාති ගත් තීන්දු තීරණ, ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, රිපබ්ලිකන්වරුන් බොහෝ දෙනකුගේ ද අප්‍රසාදයට හේතුවක් වී තිබුණි. මැකාතිට විරෝධයක් මතුවූයේ එහෙයිනි.

මැකාති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළේ රිපබ්ලිකන් පාක්ෂික ෆ්ලොරීඩා කොංග්‍රස්සභික මැට් ගේට්ස්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *