ජීවිතේට ඉතිරි වෙන්නෙ මචංලා විතරයි

0

දැවැන්ත මිනිසුන් මාධ්‍යවේදීන්වීමත් මාධ්‍යවේදීන් දැවැන්ත මිනිසුන්වීමත් වන දෙකම එකම ලෙස පිහිටන මිනිසෙක් නිර්මාණය වන්නේ ඉතා කලාතුරකිනි. එවන් මාධ්‍යවේදී අතලොස්ස අතරේ අපූරුතම මාධ්‍යවේදියෙකු හමුවන්නේ ලංකාවේ ගුවන් විදුලි කලාවේ මහ ගෙදර වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙනි. ඒ හැත්තෑව දශකයේය. මිහිරිතම හඬක ප්‍රතහස්ත භාවයන් පිහිටන්නේ නම් එහෙව් නිවේදකයෙකුට පම‚. චන්දන තිලකරත්න˜‍ එවැන්නෙකි.

ප්‍රේමකීර්තිලාගේ පරම්පරාවේ උණුහුම වැදුනු මාධ්‍යවේදී මහතෙකු වන චන්දන තිලකරත්න, ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස, වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස, ළමා වැඩසටහන්හි ජනප්‍රිය නිවේදකයෙකු ලෙස, කාලීන මාතෘකා අරඹයා වැඩසටහන්හි අති දක්ෂ බස හසුරුවන්නෙකු ලෙස ගුවන් විදුලියෙන් ඇරඹූ ගමන, ප්‍රතාපවත්ය. වැඩසටහන් අධ්‍යක්ෂ, ගුවන් විදුලි සේවාවන්හි අධ්‍යක්ෂ ධූර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර, ස්වාධීන රූපවාහිනී සේවයේ පළමු විධායක නිලධාරී තනතුරු වැනි තනතුරු රාශියක් මේ දක්වා උසුලා ඇති මේ වියත් මාධ්‍යවේදියාණෝ මෙවර ශානුක කරුණාරත්න මෙහෙය වන, හෙට හදන කයිය – මචං˜‍ සම`ග එක් විය.

 චන්දන තිලකරත්න මහතා මචං කයියේදී සදහන් කර සිටියේ අද දවසේ මාධ්‍යවේදී වෘත්තිය බොහෝ විට හතු පිපෙන්නා මෙන් ගොඩ නැගී නැතිවී යන ස්වභාවයක ඇති බවයි. නාලිකා විසින් ඉල්ලා සිටින්නේද එදාවේල ටූවර්ස් සංකල්පයක සිට ඉදිරිපත් කරන වැඩසටහන් හා එයට ඔබින නිවේදක නිවේදිකාවන් බවයි.

කවරෙකු වුවද මාධ්‍යවේදියෙකු නම් ඒ සදහා වූ ශික්ෂණය, දැනුම, සතතාභ්‍යාසය, මෙන්ම භාෂා භාවිතාව ද ප්‍රධානත්වයෙහිලා හැදෑරිය යුතු වේ. එවැනි මාධ්‍යවේදියෙකු සතු භාවිතාව අහන, දකින කියවන ශ්‍රාවකයා මෙන්ම පාඨකයාද සුගතියට පත් කරන බව ඔහු කියා සිටි.

මේ දැනුමැති මාධ්‍යවේදියාණන් අවසන් ලෙස කියා සිටියේ ජීවිතයේ කවර තනතුරක් දැරූවද ඒ සියල්ල අවසන් මොහොතේ ළ`ග සිටින්නේ මිතුරන් හෙවත් මචංලා බවයි. එබැවින් මචංලා සතු ගුණයන් ජීවිත කාලේම තමා වටා පිහිටන බව මචං කයියට එක්වෙමින් වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *