ජවිපෙ කොයිදේටත් විරුද්ධ මොකද?

0

ඇල්ල – වැල්ලවාය මහා මාර්ගය තාර දමා කාපට් කරන සමයේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විෙජ්වීර ඊට විරුද්ධ විය. වි‌ජේවීර එය හඳුන්වා දෙනු ලැබුවේ, ඇමරිකානු ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා මාර්ගයක් ආකාරයට ඉදිකරන ගුවන් පථ කියාය. නමුත් ඇල්ල – වැල්ලවාය මහා මාර්ගය සංවර්ධනය කිරීමේ වැදගත්කම, ඒ හරහා සිදුවන ප්‍රාදේශීය ප්‍රවාහන පහසුව සහ සංවර්ධනය ගැන විෙජ්වීර කිව්වේ නැත. අවම වශයෙන් රටේ මාර්ග පද්ධතියේ දියුණුව එම ප්‍රදේශ වල ජනතාවගේ ජීවන තත්වයට හේතුවන බවට වන සරල කියවීමවත් එතැන තිබුණේ නැත. එසේම 80 දශකයේ මෙරට නිදහස් වෙළඳ කළාප පිහිටුවා ඒවායේ ඇඟලුම් කර්මාන්ත ශාලා ඉදිකිරීමටද ජවිපෙ විරුද්ධ විය. ඒ ගැන විරෝධය දක්වමින් ජවිපෙ කිව්වේ, සුද්දන්ට ජංගි මහන්න අපේ කෙල්ලන්ව ගාමන්ට්වලට ගාල්කරන බවය. ඒ හැර, ග්‍රාමීය – අර්ධ නාගරික ප්‍රදේශවල

විරැකියාව ඉහළ යාම, රටේ කර්මාන්ත ඇතිවීමේ අවශ්‍යතාව, විදෙස් වෙළඳපොළ වෙතින් විනිමය ඉපයීම, ආර්ථීක සංවර්ධනය ගැන වෙනත් කිසිඳු ප්‍රකාශයක් ජවිපෙට අදාළ නොවීය. ඔවුන් කියා සිටියේ නිර්ධන පාංතික විප්ලවයක් ගැනය. ඊට පස්සේ ලංකාවත් සමාජවාදී සෝවියට් සමුහාණ්ඩුව වගේ වෙනවා කියාය. මේ කතා කියද්දී සෝවියට් සමුහාණ්ඩුවේ සහ ලංකාවේ භුමි ප්‍රමාණය, සම්පත් වෙනුවෙන් අවස්ථා සහ සීමාවන්, ජනගහණය, කලාපීය දේශපාලනය, වැනි කිසිවක් අදාළ වුණේ නැත.

ජවිපෙ සංවර්ධන න්‍යාය කවදත් පැවතියේ එහෙමය. රජයේ පෙහෙකම්හල් පාඩු ලබන නමුත් ජවිපෙ න්‍යාය අනුව ඒවා කෙසේ හෝ පවත්වාගෙන යායුතු විය. එහිදී නිෂ්පාදන පිරිවැය අධිකවීම, වෙළඳපොළ අවස්ථාව සීමාවීම වැනි කිසිවක් අදාළ වූයේ නැත. ඔවුන් සංවේදී වූයේ සෝවියට්

ත්‍යාගයක් වූ පෙහෙකම්හල් රාජ්‍ය ව්‍යවසායක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන නොයාමය. අවම වශයෙන් ආයතනය ලබන පාඩුව පියවන්න සිදුවන්නේ ජනතා මුදලින් බව ගැනවත් සංවේදීත්වයක් කවදාවත් ජවිපෙට තිබුණේ නැත. තුල්හිරිය තුනී ලෑලි සංස්ථාවේ සිට පසුගිය කාල වකවානුවල අධික පාඩු ලැබීම හේතුවෙන් අත්හැර දැමුණු බොහෝ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධව ජවිපෙ දැරූ එකම ස්ථාවරය එය විය.

එසේම අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමට ජවිපෙ විරුද්ධ විය. එහිදී ඔවුන් ප්‍රවාහනය සහ පරිවහන අවස්ථා කඩිනම් වීමේ ආර්ථීක වැදගත්කම සැළකිල්ලට ගත්තේම නැත. ඔවුන්ට ප්‍රශ්න තිබුණේ, අධිවේගී මාර්ග ඉදිකළ විට පාරේ මේ පැත්තේ ගෙදර සිටින බල්ලාට, පාරෙන් එහා පැත්තේ සිටින බැල්ලිය හමුවීමටවත් අවස්ථාව අහිමිවෙන බවය. පාරෙන් මේ පැත්තේ කුඹුර කොටන ගොවියාට, එහා පැත්තේ කුඹුරු කොටස කොටන්න කිලෝමීටර් ගණනාවක් පසුකර යන්න සිදුවෙන බවය. පොර්ට් සිටිය තනන විට කිව්වේ, එය පිරවීම සඳහා ලංකාවේ සියලු කළුගල් සංචිත ප්‍රමාණවත් නොවනු ඇති බවය. ඇතැම් විට විදෙස් රටවලින් පවා කළුගල් ආනයනය කරන්න සිදුවනු ඇති බවය.

වරාය නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වෙනුවෙන් ආයෝජන කැඳවීමට ද ජවිපෙ විරුද්ධ විය. එය ඔවුන්ට අනුව ජාතික සම්පතක් විකිණීමක් ය. එය සංවර්ධනය කිරීමට එක්කෝ රජය ණයක් ගත යුතුය. නැතිනම් කවදා හෝ ඒ වෙනුවෙන් ප්‍රාග්ධනය වැය කිරීමට රජයට හැකිවෙන තෙක් ඒවා නිකරුණේ තබා ගත යුතුය. ඒ වන විට මෙරටට සමීපව පිහිටි වෙනත් රාජ්‍යයන්හි වරාය සංවර්ධනය වීම, එවිට මෙරටට පැමිණෙන නෞකා පවා එම වරායන් වෙත ඇදීයාමට ඉඩතිබීම, අදාළ පර්යන්ත නිකරුණේ තබා ගැනීමට වඩා පෞද්ගලික ආයෝජකයකු කැඳවීමෙන් ලාභ උපයන තැනට පත්කර ගැනීම, නෞකා පරිවහනයේ නුතන හැසිරීම සහ ප්‍රවණතා, නැගී එන නව ලෝක වෙළඳපොළ, ආදී කිසිවක් ජවිපෙ දර්ශනයට අදාළ නැත. ඛනිජතෙල් සහ විදුලි බලය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය වෙත පෞද්ගලික ආයෝජන කැඳවීම සම්බන්ධවද ජවිපෙ ප්‍රතිපත්තියද එයමය. බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය පෞද්ගලික, විශේෂයෙන් විදෙස් ආයෝජකයන්ට පැවරීම ජවිපෙ න්‍යායට අනුව ජාතික ආරක්ෂාවේ සිට රටේ ස්වාධිපත්‍යට හානිකරය. එසේම බලශක්ති ඒකාධිකාරයක් ඇතිවීම හරහා රටේ සිය¨‍ දේ පාලනය ඒ සමාගම සතුවනු ඇති අතර ඒ හරහා ආණ්ඩුවට පවා බලපෑම් කිරීමට ඉඩ ඇතැයි ජවිපෙ කිව්වේය.

එහෙත් ලංකාවේ භූ පිහිටීමේ වාසිය රටට ගන්නේ කෙසේද? ඒ සඳහා රජයට ප්‍රාග්ධන හැකියාවක් නොමැති නම් තවත් කොපමණ කාලයක් නිකරුණේ ඒ ආදායම් උත්පාදන අවස්ථා රටේ ආර්ථීකයට අහිමි කරගත යුතුද? එසේම දෛනිකව වැඩිවන බලශක්ති අවශ්‍යතාව සපුරන්නේ කෙසේද? බලශක්ති නිෂ්පාදන පිරිවැය පහත හෙළා ගන්නේ කොහොමද? බලශක්ති නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මෙරට නිෂ්පාදන මිල ඉහළ යාම, ආයෝජක ආකර්ෂණය අහිමිවීම වැනි කිසිවක් ජවිපෙට අදාළ නැත.

පසුගිය දිනක ජපන් ආධාර මත යළි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති සැහැල්¨‍ දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ එකිනෙකට පරස්පර ස්ථාවර ඉදිරිපත් කරනු දකින්න අහන්න ලැබිණ. එදා ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ මේ ව්‍යාපෘතිය නවතා දැමීමට තීන්දු කරන විට වසන්ත ඊට විරෝධය දැක්වූයේ ඉතාම අඩු පොළියකට ජයිකා ආධාර ඇතිව සිදුවන මේ ව්‍යාපෘතිය රාජපක්ෂවරුන් නවතන්නේ එය චීනයට ලබාදීමට බව පවසමින්ය. නමුත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් එය යළි ජපානය සමඟ ආරම්භ කරන විට, තනි පීල්ලක එක වරක් එක පැත්තට පමණක් යාමට හැකි ලෙස ඉදිකරන මේ සැහැල්ලුලුදුම්රිය ව්‍යාපෘතිය ජාතික අපරාධයක් බව වසන්ත කියයි.

මේ අනුව පෙන්නුම් කරන්නේ එදා ඇල්ල – වැල්ලවාය මාර්ගය හදන විට ඊට විරුද්ධ වූ ජවිපෙ ස්ථාවරය සහ දශක කිහිපයකට පසුව සැහැල්¨‍ දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධව දක්වන ප්‍රතිචාරයේ ද වෙනසක් නැත. වෙනස ඇත්තේ එදා ජවිපෙ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව දක්වන විරෝධයට අදාළව ජනතා ප්‍රතිචාරය ලබා ගැනීමට කාලයක් ගතවීමය. නැතිනම් මැතිවරණයක් එනතුරුම සිටීමට සිදුවීමය. නමුත් මෙදා වෙනස ඇත්තේ ජනතා ප්‍රතිචාරය සමාජ මාධ්‍ය හරහා ක්ෂ‚කව ලැබීමය. ඒ අනුව වසන්ත සැහැල්ලුදුම්රිය සම්බන්ධව දක්වන ප්‍රතිචාරය තුළ කිසිඳු හරයක් පදනමක් නැති බව පමණක් නොව, සීරියස් හැදෑරීමක් හෝ නැති බව සාමාන්‍ය ජනතාව විසින්ම තහවුරු කළේය.

කොහොමටත් ජවිපෙ එහෙමය. වරක් එහි එක් දේශපාලන මණ්ඩල සභිකයකු සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලයේ උක් වගාකර ආසියාවටම සීනි සැපයිය හැකි බවය. මේ කිසිවක් තුළ සාර්ව ආර්ථීකය ගැන පමණක් නොව, ආසියාවේ සීනි පරිභෝජනය හෝ, ත්‍රිකුණාමලයේ භුමි ප්‍රමාණය, එහි උක් වගා කිරීමට අවස්ථාව ඇති භුමි ප්‍රමාණය වැනි සරල දත්ත ගැනවත් සංවේදීත්වයක් නැත.

සැබවින්ම ජවිපෙට ඇත්තේ ආර්ථීකය ගැන ජාතිකවාදී අදහසක්ය. ජාතිකවාදය මත ගොඩනැගුණ ජාතික ආර්ථීකය˜‍ වැනි මඤ්ඤමක්ය. මේ තුළ ගහ කොළ, සතා සිව්පාවා, රට තුළ ඇති වැව්, අමුණු, ගංගා, රට වටා ඇති මුහුද, රටට අයිති සුවිසල් මහද්වීප තටකය, රට අභ්‍යන්තරයේ ඇති මහා සම්පත් සමුදාය ආදී ලෙස ලස්සන කතා පැවැත්වීමට හැකිය. ඊට සමාජ ආකර්ශනයක්ද ගැනීම දුෂ්කර නැත. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඒ හරහා කිසිවිටෙකත්, සැබෑ සමාජ ආර්ථීක ගැට¨‍වට විසඳුමක් නොලැබීමය.

නමුත් ඒ ගැනත් ජවිපෙට සීරියස් නැත. ඒ නිතරම ඔවුන් සමාජ ආර්ථීක අර්බුදය සඳහා වගකිව යුතු පාර්ශවයක් ඉදිරිපත්කර , ඔහුට ගල් ගැසීමට කැඳවීමය. සිරිමාවෝ මරමු, —‍ෙජ්.ආර්.මරමු කියා පටන් ගැන්මේ සිට ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨා , රනිල් දක්වා ඒ ලැයිස්තුව දීර්ඝ කළ හැකිය. ඉන්දීය විරෝධයේ සිට වමේ නායකයන් සහ විජය කුමාරතුංග දක්වාත් අවශ්‍ය නම් ප්‍රභාකරන් දක්වාත් ඒ ලැයිස්තුව දීර්ඝ කළ හැකිය. මේ ආකාරයට කාගේ පිට හෝ සමාජ ආර්ථීක අර්බුදයේ වගකීම පැටවීම තුළ ලබන ගැළවීම හැර වෙනත් පැවැත්මක් ජවිපෙට නැත.

මෙහිදී ජවිපෙට කවදත් වරදින තැන වූයේ, වැදගත් ආර්ථීක සංවර්ධන ව්‍යාපෘති වලට අදාළව ජාතිකවාදී ආර්ථීක එළඹුමක සිට ජවිපෙ දක්වන විරෝධයට පළමුව එක්වන ජනතාව පසුව එම ව්‍යාපෘති පිළිගෙන ජවිපෙ අත්හරින බවය. එකම වටරවුමේ යන වාහනයක් හැමදාම එකම දේ කිසිම වෙනසක් නැතිව නිතර දකිනවා මෙන් ජවිපෙද ඉතිහාසය පුරාවට මේ ප්‍රතිඵලය භුක්ති විඳ ඇත. නමුත් ප්‍රශ්නය ඇත්තේ මේ වැරදුණු තැන හදාගත්තොත් ජවිපෙට මෙතෙක් හදාගත් පැවැත්ම අහිමිව යාමය.

වරක් දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී ජවිපෙ නායක අනුර දිසානායක කියා සිටියේ තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස වෛද්‍යවරයෙකු බවත් සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු ලබන වැටුප, වරප්‍රසාද භුක්ති විඳින බවය. එසේම තවත් දේශපාලන මණ්ඩල සභිකයකු වන වසන්ත සමරසිංහගේ ආර්ථීක හැකියාව ගැනද අනුර එහිදී කියා සිටියේය. ඒ තඹුත්තේගම ඉන්ධන පිරවුම්හල අසල ඇති ගොඩනැගිලි කිහිපයක් සහ ඉඩම් ගැන විස්තරයක් ය. එසේම ඔහු තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල් කාන්ත ගැනද කිව්වේ, ඔහු ඉඩම් හිමියකු බව පවසමින්ය. ඒ කරුණු පැහැදිලි කිරීම අවසානයේ අනුර කිව්වේ තම පක්ෂය දුප්පතුන්ගේ පක්ෂයක් නොවන බවය.

මෙහිදී පෙරළා විමසිය යුත්තේ අනුර තකහනියක් තම සාමාජිකයන්ගේ ඉඩම් හිමිකාරීත්වය, ප්‍රාග්ධන හැකියාව ගැන මෙසේ ප්‍රකාශ කරන්නේ ඇයි කියාය. සුනිල් හඳුන්නෙත්තිලා නම් කියන්නේ තමන් යැපෙන්නේ හිතමිතුරු ආධාරවලින් කියාය. පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියන්නේ තමන් 1979ට පසුව කිසිම වස්ත්‍රයක් මිලට ගෙන නැති බවය. එසේම තමන් පළඳින බ්‍රෑන්ඩඩ් ඔරලෝසුව, බ්‍රෑන්ඩඩ් බඳ පටිය පක්ෂයේ හිතවතුන් දුන් බවය. එසේම ඔය ඉඩම් හිමි වසන්ත කියන්නේ තමන් රත්නපුර ගිය විට එහි ආධාරකරුවන් මුදල් ආධාරයක් දෙන බවය. එසේම කෙසෙල් කැනක් වාහනයට දමන බවය. එතකොට ඔය ආකාරයට රටේ තැන තැන ගිය විට ලැඛෙන මුදලින් සහ ද්‍රව්‍යමය ආධාරවලින් යැපෙන බවට වසන්තලා, සුනිල්ලා, ටිල්වින්ලා කියන්නේ බොරුද කියා අනුරගෙන් අසන්නට සිදුවේ. නමුත් ඇත්ත කාරණය වන්නේ අනුර කියන කතාව මෙන්ම වසන්තලා කියන කාරණයද ඇත්ත බවය. ඔවුන් කිසිවෙක් දුප්පත් නැති අතර රට වටේ යන ගමනේදී ලැඛෙන කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේද නැත. බ්‍රෑන්ඩඩ් දේ පවා ඔවුන්ට වලංගුය. ඔවුන් වචනවලින් ක්‍රමයට විරුද්ධ නමුත් සාමාන්‍ය ජීවිතය තුළ ඒ විරෝධය නැත. ඇත්තටම ඒ ඔවුන් භුක්ති විඳියි. ජවිපෙට සිදුව ඇත්තේ ජවිපෙ විසින් නඩත්තු කළ, ජවිපෙ විසින් පෝෂණය කළ අගතීන්ගෙන් පරිස්සම් වෙන්නය. ඒ හැර ක්‍රමය සමඟ කියන තරම් අවුලක් ජවිපෙට නැත. (එළිපිට කන බොන ලාල්ලා, විජිතලා කියන්නේ මේ දෙබිඩි රහසිගත ජීවිතය නොදැනීම තිත්ත වූවන් ය.)

අන්න ඒ නිසාම ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට මාරාන්තිකව විරුද්ධය. මන්ද එය මේ තිඛෙන යල්පිනු ජරාජීර්ණ ක්‍රමය කණපිට ගසන නිසාය. ක්‍රමය කණපිට ගසනවා කියන්නේ ජවිපෙට පැවැත්ම අහිමිවීමය. හොඳට ඇති ජීවන තත්වයක් අහිමිකරගන්න කැමති කවුද? ඒ නිසා ජවිපෙ කියන්නේ ‍ක්‍රමයම නොව මතුපිට තියෙන කැත කුණු පමණක් පිරියම් කිරීම ප්‍රමාණවත් බවය. රනිල් රාජ්‍ය අංශයේ සමාජ ආර්ථීක අර්බුදයට අදාළ පද්ධතියම ව්‍යුහාත්මකව වෙනස් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙන විට ජවිපෙ ඊට විරුද්ධ ඒ නිසාය. වෙනස ප්‍රතික්ෂේප කරන ජවිපෙ හයියෙන් අහන්නේ, කෝ රනිල් හොරු ඇල්වලුද? අල්ලයි හොරු˜ කියාය. මේ තුළ අවාසනාවන්තයන් වන්නේ ‍ජවිපෙ පැමිණ හොරු අල්ලා රට හදන තුරු බලා සිටින සහෝදර සහෝදරියන්ය.

මලින්ත ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *