දැන් සමූපෙ මීයෝ රතුයි

0

සමුපකාර ක්‍රමය වනාහි ජීවන ක්‍රමයකි. එනම් සමූහයට උදව් කිරීම හා සමූහයේ උදව් ලබා ගැනීමෙන් වඩා යහපත් ජීවන තත්වයක් උදා කරගැනීම සඳහා වන පොදු භාවිතාවකි. සමුපකාර ව්‍යාපාරය ආරම්භ වන්නේද එවැනි ප්‍රතිපත්තියක් අනුවය. සාමාන්‍යයෙන් සමුපකාර ව්‍යාපාරය පවත්වාගෙන යෑමේදී විවෘත සාමාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, සහභාගිත්වය අනුව ප්‍රතිලාභ, අරමුදල් අනුව සීමිත ලාභ, ජාති ආගමික හා දේශපාලනික නිදහස් බව හා අධ්‍යාපනය නංවාලීම ආදිය ගැන සැලකිලිමත් විය. ඒ අනුව සමුපකාර ව්‍යාපාරය යනු ලාභ ලැබීම පමණක් අරමුණු කරගත් ව්‍යාපාරයක් නොවේ. එය මුලිකව මිනිසාගේ සහ සමාජයේ ගුණාත්මක දියුණුවක් අපේක්ෂා කරන්නකි. මේ පහත සටහනද මේ කියන සමුපකාර සම්බන්ධ කතාවකි.

“අපි තීරණය කළා කැළේ විසිරෙන්න. මේ වෙන කොට අපේ පැවැත්මට සමුපකාර 12 විතර කඩලා තිබුනා. අපි සමුපකාර කැඩුවට ගත්තේ හාල් මිටි 2-3, සීනි, ධාන්‍ය වර්ගයක් වගේ දේවල් විතරයි. සමුපකාර කැඩුවේ අපිට කෑමට යමක් නොතිබුණු වෙලාවලට. සමුපකාරය කඩන්නට පෙර අපි රියසල් දානවා. විනාඩි 20න් බඩු සියල්ලම ඇදලා ඉවර කරන්න ´නෑ. කෙනෙක් ඔත්තු බලනවා. මම ශිෂ්‍ය කාලේ ඔයැ ඨරු්එ ඔර්සබ ඍදඉඉැරහ චිත්‍රපටය බලලා තිබ්බා. ඒ චිත්‍රපටයේ අනුව සමුපකාර කඩන්නට පෙර ඒ අවට කෙනෙක් ගැවසී තත්වය බලා ගැනීම හමුදාව ගැන විමසිලිමත් වීම කරනවා. ?ට තමයි සමුපකාරය කඩන්නෙ.˜ – (71 අප්‍රේල් ජවිපෙ සන්නද්ධ නායකයෙකුගේ මතක ආවර්ජනය)

මේ ජවිපෙ 71 කරැල්ලේ සන්නද්ධ අංශයේ නායකයෙකු සිය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි. මෙහි ස`දහන් වන්නේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පිහිටුවා ගත් ආයතනයක් වූ සමුපකාරයට කළ හදියය. මේ එක් හුදකලා සිදුවීමක් නොවේ. නවසිය හැත්තෑ එකේදී මෙන්ම අසු නවයේදීත් පොදුවේ රට පුරා වු කොල්ලකෑම්වලින් එකක් පම‚. රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා එදා ජවිපෙට අවශ්‍ය වූයේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් කොල්ලකෑම පමණය.

මෙවැනි ක්‍රියාදාමයක නිරත වූ දේශපාලන ව්‍යාපාරයක වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබද අසන්නට ලැඛෙන දේ තුළද මීට වඩා වැඩි වෙනසක් නැත. යම් වෙනසකට ඇත්තේ එකම ආයතනය දෙවරක්ම කොල්ලකෑමට ලක් වීමය. එක් ආකාරයක් නීත්‍යානුූලවත් අනෙක නීතිවිරෝධිවත් සිදුවෙමින් තිබේ.

දේශපාලන ව්‍යාපාරයක් රාජ්‍ය ආයතනයන් සම්බන්ධයෙන් අනුගමනය කළ තත්කඩිකම් පිළිබද ඉතිහාසය කවරාකාරද යන්න විමසන්නෙකුට ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාදාමය උදාහරණ ලෙස දැක්විය හැකිය. සමුපකාරය සම්බන්ධයෙන්ද එය එසේම ය. සමුපකාර ව්‍යාපාරය රාජ්‍ය මැදිහත් වීම මත ක්‍රියාත්මක වුවද මෙය සෘජුවම මහජනතාවගේ නියෝජිතයන්ගේ පාලනය සහිත ජනතාවගේ සුබසිද්ධිය සදහා පවත්වා ගෙන යන ව්‍යාපාරය ක්‍රමවේදයකි.

අද මෙම ආයතනය සිය පක්ෂයේ බලය ව්‍යවස්ථාපිත ගොඩනැංවීමක් වෙනුවෙන් සහ ඊට ගිජු වෙමින් සමුපකාර ව්‍යාපාර සංගම් පාලනය සදහා පක්ෂ නියෝජිතයින් පත් කරගැනීම සිදු කරමින් තිබේ. සමුපකාරයට දේශපාලනය රිංගීම ජවිපෙ විසින් ආරම්භ කරනු ලැබුවක් නොවන නුමුදු ඒ දේශපාලනිකව වැදගත් බව පෙන්වා දුන්නේ ජවිපෙ විසිනි. තමන්ගේ නියෝජිතයන් හරහා බලය අල්ලා එය ඉහළ දේශපාලන ජයග්‍රහණයක් බවට උත්කර්ෂයට නැංවීම සිදු කළේ ජවිපෙය. අද මෙය දේශපාලනීකරණය වෙමින් විනාශ වන තැනට පත්වන්නේ ඒ අනුවය.

 සමුපකාරයේ නිළවරණයේදී දූෂණයට එරෙහි බලවේගය, නිසි කළමණාකරණය කළ හැකි කණ්ඩායම, ලාභ පෙන්විය හැකි උගත් වියත් කණ්ඩායම වැනි පාඨයන්

ජන ගත කරනු ලැබීය. එසේම මෑත කාලයේ ගමේ සිවිල් බලය ගොඩනගා ගැනීමේ සිහිනයේ සිටින සමාජයේ පහළ මධ්‍යම පාන්තික පිරිස සමුපකාර නිලවරණය දිනා ගැනීම වෙනුවෙන් ජවිපෙ වටා එක් වූයේ සමුපකාරය ගොඩ නගන්නවත් ජවිපෙ දේශපාලනයට ඇති කැමැත්තක් නිසාවත් නොවේය. නමුත් එම පිරිස මාලිමාව නම් අ¨‍ත් කෙමන වටා ආකර්ෂණය කර ගනිමින් ජවිපෙ සිය දේශපාලන වුවමණාව වෙනුවෙන් පාචිච්චි කළේය. ජවිපෙ විසින් සමුපකාරය නිත්‍යානුක+ලව කොල්ල කෑවේ එලෙසය.

විනාශයට පත් කළේ කවර ව්‍යාපාරයක්ද?

කෙසේ නමුත් 19වන සියවසේ යුරෝපයේ ආරම්භ වූ සමුපකාර ව්‍යාපාර සංකල්පය අනුව ලංකාවේ එවැනි ආයතනයක් පිහිටුවන්නේ 1904 වසරේ දීය. ක්‍රමයෙන් 60 දශකය තුළ සමුපකාර ව්‍යාපාරය ඉතාමත් සීඝ්‍ර දියුණුවක් ලැබූ අතර ඉන් අනතුරුව 1970 වසරේ දී බලයට පත්වුණු සමගි පෙරමුණු රජය සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කළේ එම අවධියේ තිබුණු ආර්ථීක සහ ව්‍යාපාරික රටාවට ගැළපෙන ආකාරයටය. ඒ යටතේ සමිති බලප්‍රදේශය ව්‍යාප්ත කිරීමත්, ශක්තිමත් ආර්ථීක ඒකකයක් ලෙසින් ස්ථාපනය කිරීමත් සිදු විය. විශේෂයෙන්ම එම අවධියේ තිබුණු භාණ්ඩ හිඟය නිසා බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ඛෙදාහැරීම සිදුකරනු ලැබුවේ සමුපකාර හරහාය. එසේම සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු මිළට භාණ්ඩ මිළදී ගැනීමේ හැකියාව විය. එනිසාම 70 දශකයේ මැද භාගයේ සිට සමුපකාර සමිති ජනතාවට වඩාත් සමීපව පැවැතුණි.

ආරම්භයේදී සදහන් කළා සේ ජවිපෙ විසින් විනාශකාරී මැදිහත්වීමක් සමුපකාරය හමුවේ ව්‍යාප්ත කරන්නේ මෙවැනි වටපිටාවක තිබූ ආයතනයකටය. පසුකාලීනව පරිහානිය කරා ළ`ගා වන සමුපකාරය වර්තමානයේ පවතින තත්වයන්ට ඇද දැමීමේ කාර්යය සිදුවන්නේ ද ජවිපෙ දේශපාලන අරමුණු ක්‍රියාත්මක වීම හේතුවෙනි. විවිධ සේවා සමුපකාර සමිති ආරම්භ වුණු මුල් යුගයේ අදාළ ප්‍රදේශයේම ජීවත් වුණු පුද්ගලයන් ඒවායේ නිළතල දරනු ලැබීය. එහි දී ඔවුන්ට ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු නොවුනු අතර එලෙස පත් කළ නිලධාරීන් ගරු තනතුරක් සේ සලකා එහි රාජකාරි සිදුකරනු ලැබීය.

බැටළු හම් පොරවාගත් නරි මෙවැනි ආයතනයන්ට ජවිපෙ මැදිහත්වීම පහසුවන්නේ ඔවුන් නිරන්තරයෙන් වපුරන දූෂණයට එරෙහි සමාජ සුබසාධනවාදී ප්‍රචාරණ ආකෘතිය හේතුවෙනි. වර්තමානයේ සිදුවන්නේ ඒ දූෂිත වූ බිමටම ඔවුන්ද තවත් දූෂිතයන් එක් කිරීම පමණක් බව වර්තමාන ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලිවේ. එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ සඳලංකා සමුපකාර සමිතියෙනි. පසුගිය

පෙබරවාරි මාසයේ පැවැති සඳලංකා සමුපකාර සමිතියේ බලය හිමි කරගැනීමට ජවිපෙ විසින් ඇටවූ ජාතික ජන බලවේගය නැතිනම් මාලිමාව නැමැති රූකඩ සන්ධානය කටයුතු කළේය. ඒ් අනුව ජවිපෙ මැදිහත්වීමෙන් එහි නායක අනුර කුමාර දිසානායකගේ විශ්වවිද්‍යාල‌යේ සඟයෙකුට එහි සභාපති ධූරය පිරිනැමු‚.

උපාලි කළුතන්ත්‍රීගේ සභාපතිත්වයෙන් යුතු මෙම සන්ධානයේ පිරිස මාස 05ක් ඇවෑමෙන් සමුපකාර සමිතිය වංචාවෙන් දූෂණයෙන් තොරව අධික ලාබ ඉපයීමේ තැනකට ගෙන ආ බවට වහසි බස් දෙඩූවද පසුගියදා වාර්තා වූයේ එම සමුපකාරයේ පාරිභෝගික අංශය විසින් පමණක් ලැබූ අලාභය ලක්ෂ 05කට ආසන්න වන බවයි. එක් අංශයක පමණක් එවැනි අලාභයක් පෙන්නුම් කළ අතර සමුපකාර සමිතියේ අනෙකුත් අංශ පිළිබද තත්ව වාර්තාවක් පිරික්සීමේදී වාර්තා වී ඇත්තේ ලක්ෂ 22ක පමණ අලාභයක් පසුගිය මාස 05ක කාලයක් තුළ වාර්තා වන බවයි.

සමුපකාරය ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම අධික ලාභ පරමාර්ථ කරගැනීමක් විය නොහැකි නමුත් එසේ වනවා නම් එය එක අතකින් පාරිභෝගික ජනතාව සූරා කෑමක් විය යුතුය. නමුත් එම ව්‍යාපාරය අලාභ ලැබිය යුතු නොවේ. විය යුත්තේ නිසි කළමණාකාරිත්වයකට යටත්ව පාඩු නොලබමින් ජනතාවගේ සුබ සිද්ධියට කටයුතු කිරීමය. මේ අනුව අධික ලාභ ලැබුවාය කියන කාරණයත්, සත්‍ය ලෙසම පාඩු ලැබීමත් දෙකම නොවිය යුතු වැරදිය. එසේම එය ජවිපෙ නොහැකියාවය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදු කළ හෙළිදරව්වක් අතර තුර සභාපතිවරයා සිය ඉල්ලා අස්වීම සිදුකර තිබි‚. ජවිපෙ විසින් මෙහෙය වූ පිරිසක වෙතින් සිදුවන දුර්වලතාවයන් කිසිදු ලෙස තම පක්ෂයේ දුර්වලතාවයක් ලෙස පෙන්නුම් කිරීමට හෝ භාර ගැනීමට ජවිපෙ අකමැතිය. ඒ් වෙනුවට ඔවුන් කිසිවෙකුගේ ඇෙඟ් එම චෝදනාව ගසා පක්ෂය පිරිසිදු කර ගැනීමට ප්‍රයත්න දැරීම සාමාන්‍ය සිදුවීමය. මෙහිදීද සිදුවී ඇත්තේ අදාළ අලාභයන් සම්බන්ධයෙන් වගකීම සභාපති කළුතන්ත්‍රිගේ ගිණුමට බැර කොට ඔහුව ඉල්ලා අස්වීමේ තැනට වැඩ සැලැස්වීමය. අනෙක් අතට ප්‍රශ්න කිරීමේදී සභාපතිවරයා මාධ්‍ය හමුවේ ස`දහන් කරන්නේ තමා සභාපති ධූරයෙන් ඉවත් වූයේ තම පුද්ගලික හේතුවක් මත වන බවය. මෙම ප්‍රකාශය වුව ජවිපෙ විසින් සිය වැරැද්ද වසා ගැනීම ස`දහා ගන්නා සුපුරුදු බලහත්කාරී ක්‍රියාමාර්ගයම විනා වෙන යමක් නොවන බව ජවිපෙ ගැන දන්නා අයට රහසක් නොවේ.

කිසිදු වරදක් නැති ජවිපෙ පින්වතුන්

කෙසේ වෙතත් සිදුවූ අලාභයන් සම්බන්ධයෙන් ජවිපෙ වගකිව යුතු වේ. සමුපකාර ගණනාවක බලය හිමිකර ගත් මේ පිරිස් විසින් සිදුකර ඇති තවත් අලාභයන් සම්බන්ධයෙන් වාර්තා වන අතර පසුගිය දා ජවිපෙ පාලනය කරන හුංගම සමුපකාර සමිතියේ ද මතු වූ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර සිටියත් අදාළ තොරතුරු වැඩිදුරටත් වාර්තාවීම වැලැක්වීමට ජවිපෙ ඉතා සුක්ෂමව කටයුතු යොදා තිබුණි. මේ ජවිපෙ හැටිය.

කෙසේ වුවත් මෙම අලාභයන් සෘජුව බැර වන්නේ ජනතාවගේ කර මතය. ඒ මෙම පාඩු පියවන්න රාජ්‍ය බදු ආදායම් යොදවන නිසාය. එබැවින් ජවිපෙ සුපිරිසිදු පාලන තන්ත්‍රයක් ගෙන යන බවට ලොවට ර`ගපෑම් සිදු කළ ද සිදුවන්නේ වෙනකකි. එම නිසා ජනතාව දැන් දැන් පෙර පරිදි මුන්ටත් එකපාරක් දීල බලමු යන අදහස ඉවත් කරගනිමින් මුන්ට දුන්නද එකම සෙතේ යන අදහසට පැමිණ ඇත. තිස්සමහරාම ප්‍රාදේශිය සභාව වරක් ජය ගත් ජවිපෙට යළි එම බලය නොලැබුනේද ඒ නිසාය.

කටකයිවාරුකම්වලට වඩා දෙයක් නොවන බව යළි යළිත් සිදුවන එකම දේ තුළින් ජවිපෙ වැනි ව්‍යාපාර ගැන ජනතාව යම් තහවුරුවක් ගොඩනගා ගැනීමට දැන් කාලය පැමිණ ඇත. රැල්ලට, පෙනුමට, හැඩයට, හ~ට බලය දී කෙලවා ගන්නේ තමන්ම බව තේරුම් ගත යුතුය. කුමන වේෂයෙන් ආවත් ජවිපෙ මෙහෙයවීම් මත සිදුවන කවර ක්‍රියාකාරීත්වයක් වුව බැටළු හම් පොරවාගත් මුග්ධ නරියකුගේ ක්‍රියාකලාපයට සමවනු විනා අන් යමක් නොවන බව දැන් පැහැදිලිය. මේ අනුව සමුපකාර ක්‍රමය යළි නිවැරදි කර ගන්නට නම් එහි මුඛ්‍ය අරමුණු වෙනුවෙන් වන සමුහයකට එහි පාලනය හිමිවිය යුතුය. එහි දේශපාලන අරමුණු හෝ වෙනයම් පාර්ශ්විකභාවයන් නොතිබිය යුතුය.

ඇසල මනුප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *