චීනයේ බිහිසුණු පිහි ඇනුමක්

චීනයේ ළදරුවන් සඳහා වූ පාසලක සිදුකළ පිහි ඇනුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. 

චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී එම සිද්ධිය වාර්තා වී ඇති අතර පොලීසිය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අද (10) උදෑසන මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර එය සැලසුම් සහගතව කර ඇති බව පොලීසිය පැවසීය.