උද්ධමනය අඩුවීමෙන් යුරෝ කලාපයේ ආර්ථිකය සුළු වර්ධනයක

0

යුරෝපා සංගමයෙ රටවල ආර්ථිකය පසුගිය මාස තුන තුළ සුළු වර්ධන වේගයක් පෙන්නුම් කරමින් තිබේ. පසුගියදා නිකුත් වූ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව අපේ‍්‍රල් සහ ජූනි අතර, යුරෝ මුදල් භාවිතා කරන රටවල් 19යේ ආර්ථිකය 0.3%කින් වර්ධනය වී ඇත. නමුත් එය වර්ධනයක් නොතිබූ වසරේ මුල් මාස තුනට තත්තවයට සාපෙක්ෂව තවමත් මන්දගාමී වර්ධනයකි. විශේෂඥයන් අපේක්ෂා කළේ වසන්තයේ දී මෙම තත්ත්වයට වඩා වර්ධනයකි.මෙම වර්ධන සංඛ්‍යා යුරෝපීය මහ බැංකුව (ECB) කලින් ඇස්තමේන්තු කළ ආකාරයට සමාන විය.

විශාලතම යුරෝ කලාපීය ආර්ථිකයන් හතර වන ප‍්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ ඉතාලියේ දත්ත වෙනස් ප‍්‍රතිඵල පෙන්වයි. ස්පාඤ්ඤය 0.4%, ප‍්‍රංශය 0.5%, ජර්මනියේ වර්ධනයක් නැත (0%* සහ ඉතාලියේ ආර්ථිකය -0.3% කින් සුළු වශයෙන් හැකිලී ගියේය.

ප‍්‍රංශය සහ ස්පාඤ්ඤය සමස්ත වර්ධනයට වැඩි දායකත්වයක් ලබාදුන්නේය. කෙසේ වෙතත්, අයර්ලන්තයේ විශාල වර්ධන සංඛ්‍යා පෙන්වා තිබේ. Facebook සහ Google වැනි විශාල සමාගම් එහි පදනම්වීම නිසා අයර්ලන්තයේ ආර්ථිකය බොහෝ විට විශාල වෙනස්කම් පෙන්නුම් කරයි. අයර්ලන්තය නොමැතිව යුරෝ කලාපීය වර්ධනය 0.1%ක් පමණක් වනු ඇත.

උද්ධමනය තවමත් ඉහළ මට්ටමක

යුරෝ කලාපයේ උද්ධමන අනුපාතය ජුනි මාසයේ 5.5% සිට ජූලි මාසයේදී 5.3% දක්වා පහත වැටුණි. නමුත් මෙය ECB හි 2% ඉලක්කයට වඩා බෙහෙවින් වැඩි ය.

සැප්තැම්බර් මාසයේදී පොලී අනුපාත තවදුරටත් ඉහළ නංවන්නේදැයි ECB තවමත් තීරණය කර නොමැත. ඉහළ පොළි අනුපාතය, උද්ධමනය පාලනය කිරීමට උපකාරී වන නමුත් මිනිසුන් සහ ව්‍යාපාර සඳහා ණය ගැනීම අධෛර්මත් කරන අතර වියදම් අධික බවට පත් කරයි.

මේ අනුව යුක්රේනයේ යුද තත්වය මත ඉන්ධන සහ ආහාර මිල ඉහළ යෑමෙන් පසු යුරෝපය තවමත් යථා තත්ත්වයට පත්ව නැත. බලශක්ති මිළ පහත වැටී ඇති නමුත් අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යමින් පවතී. ආහාර මිල ජූලි මාසයේදී 10.8% කින් ඉහළ ගියේය. ආහාර සහ බලශක්තිය හැර මූලික උද්ධමනය 5.5% හි ස්ථාවරව පැවතුනි.

නව අනාවැකි අනුව වසරේ දෙවන භාගය ජර්මනියේ සහ යුරෝපයේ මන්දගාමී වර්ධනයක් දැකිය හැකිය. බොහෝ ව්‍යාපාරික සමීක්ෂණ පෙන්වා දෙන්නේ ආර්ථික ක‍්‍රියාකාරකම් දුර්වල වන බවයි.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *