ජනපති රනිල්ගේ ඉල්ලීම කියුබානු ජනපති පිළිගනී

0

ජනපති රනිල් වික්‍රමසිංහ කියුබානු සංචාරයක් සඳහා පිටත්ව ගියේ ඉකුත් බදාදා අළුයමය. ”G-77 කණ්ඩායම සහ චීනය” යන රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපතිවරයා කියුබාව බලා පිටත්ව ගියේය.

මෙම ගමනට අධ්‍යාපන ඇමති සුසිල් පේ්රමජයන්ත ද එක්වූවේ ”වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්යාව, තාක්ෂණය සහ නවෝත්පාදන කාර්ය භාරය” මැයෙන් කතිකාවක් ද මේ සමුළුවට එක්ව තිබීම නිසාය. ජනපති ඇතුළු දූත පිරිස කියුබාවේ හවානා නුවරට ළඟා වූවේ මෙරට වේලාවෙන් බ්රහස්පතින්දා පෙරවරුවේය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාපැවැත්වුනේ 14 දා ය.

කියුබාවේ ”විප්ලවයේ මාළිගාව” වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබානු ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පිරිනැමිණි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකම පිළිබඳව ද සිහිපත් කළේය.

අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත් කියුබාව මානව හිමිකම් ගැටලූ සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් සිහිපත් කළේය.

ඉදිරියේ දී සෞඛ්ය, කෘෂිකර්ම සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡාකළහ. එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් විසින් පිළිගන්නා ලදි.

G – 77 සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 134කින් සමන්විත විශාලතම අන්තර් රාජ්‍ය කණ්ඩායම වේ. එම සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල්ගේ ආරාධනයකට අනුව ජනපති රනිල් ඇතුළු පිරිස එහි ගිය අතර 15දා හා 16දා පැවැත්වෙන සමුළුව අවසන් කොට ජනපති රනිල් ඇතුළු දූත කණ්ඩායම 17දා ඇමරිකාවේ නිව්‍යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතය.

නව ජාතික ප්‍රතිපත්ති රැසක්

ජනපති රනිල් මෙරටින් පිටත්වීමට ප්‍රථම සිය රාජකාරීන් විෂයභාර රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු වෙත පවරා පිටත්ව යාමට ද අමතක නොකළේය. ජනපති රනිල් ඉකුත් සති අන්තය කොළඹ ගත කළ අතර තෝරාගත් රැස්වීම් කිහිපයක් එදිනට යෙදී තිබුණි.

ඉරිදා ඔහු සිය කාර්යාලය වෙත පැමිණියේ තවත් රැස්වීම් කිහිපයකට සහභාගීවීම පිණිසය. කෘෂි කර්මාන්තයේ දියුණුවට අදාළව සකස් කෙරෙන ජාතික ප්‍රතිපත්තිය ගැන සාකච්ඡාව පළමුව පැවැත්විණි. ඊට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සමඟ කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ. මෙයට පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂි පීඨයේ ආචාර්යවරුන්ගේ දායකත්වය ද එක් කර තිබුණි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද සාකච්ඡාවට එක්ව සිටි අතර පෞද්ගලික අංශයේ හා ජාත්‍යන්තරයේ සහාය ලබාගනිමින් කෘෂි ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම ගැන මෙහිදී සාකච්ඡාකෙරිණි. පළාත් හා ජාතික ලෙස කෘෂි කර්මය බෙදී ඇති බැවින් රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගත වෙමින් නව නීති හා ප්‍රතිපත්ති සකස් කරන ලෙස ජනපති රනිල් එහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

ඊට අමතරව ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් ද මුණ ගැසුණු ජනපති රනිල් ඉඩම් වෙනුවෙන් සකසන නව ජාතික ප්‍රතිපත්තිය ගැන ද කතා බහ කළේය. ඊට අදාළ නීති අණ පනත් ගැන ද ජනපති මෙහිදී විමසීමක් කරනු ලැබූවේ ඉඩම් ගැන පවතින ගැටළු ද සිහිපත් කරමිනි. සංචාරක කර්මාන්තය ගැන කතාබහ කිරීමට එහි ඉහළ නිලධාරීන් ද ජනපති කැඳවා තිබුණි. එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ගැන ජනපති නිලධාරීන්ගෙන් කරුණු විමසුවේය.

බය වෙන්න දෙයක් නෑ

ජනපති එදින රාත්‍රියේ කෝට්ටේ රාජමහා විහාරය වෙත ගියේ කෝට්ටේ දළදා පෙරහැරේ මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කිරීමටය. එහෙත් කර`ඩුව තැන්පත් කිරීම වෙනුවෙන් ස්ථිරව සකස් කර තිබූ ගොඩනැගිල්ල අලූත්වැඩියා කටයුතු වෙනුවෙන් ඉකුත් ජනපතිගේ පාලන සමයේ කඩා ඉවත් කළ ද මෙතක් එය පිළිසකර කර නොතිබුණි.

එම නිසා කර`ඩුව තැන්පත් කිරීම වෙනුවෙන් තාවකාලික අට්ටාලයක් සකස් කර තිබූ අතර ජනපති රනිල් වික්‍රමසිංහ එහි නැංවීමට ආරක්ෂක අංශ අදිමදි කළේය. ඒ අනුව ජනපති රනිල් කර`ඩුව රැගෙන අට්ටාලය තෙක් රැගෙන ඒමටත් එහි සිට අට්ටාලයට නැග කර`ඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම සාගල රත්නායක විසින් කිරීමටත් තීන්දු කෙරිණි.

කර`ඩුව රැගෙන ජනපති අට්ටාලය අසලට එද්දී එය ශක්තිමත් අට්ටාලයක් බව දුටු ජනපති සැලසුම වෙනස් කළේ කාර්ය මණ්ඩල ප්‍රධානි කියූ දේ ඔහුට ද අවබෝධ වී තිබීම නිසාය. ”සර් මේ අට්ටාලය ස්ථිර ගොඩනැගිල්ලක් වගේ හදලා තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. උඩට යමු” සාගල කියූ දේ අනුමත කළ ජනපති කරඩුව රැගෙන අට්ටාලය මතට ගොඩවැදුනේ ආරක්ෂකයන්ගේ බිය දුරුකරමිනි.

අලියා කළ හදියක්

ජනපති කරඩුව තැන්පත් කිරීමෙන් පසු ඒ අසලට සමන් පිච්ච මල් පූජා කිරීමට ඇමති විජයදාස රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන්ටත් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකටත් ආරාධනා කර තිබුණි. පළමුව මල් පූජා කළ ඇමති විජයදාස දෙවැනියට මල් පූජා කරන්නට ගිය සාගලගේ අතින් අදින්නට වූවේ අට්ටාලයේ කෙරවලටම පැමිණ ඔහු කර`ඩුවට මල් පූජා කරද්දීය.

කිහිප විටක්ම ඇමති සාගලගේ අතින් ඇද ඔහුව පසුපසට ගත්ත ද සාගල කර`ඩුවට මල් පූජා කොට අවසන් කළේය. ඇමතිවරයා කළ දේ සාගලට හිතා ගැනීමට නොහැකිවූ අතර ඔහු කිහිපදෙනෙකු සමඟ ද මේ ගැන කියා තිබුණි.

සඳුුදා උදෙන්ම සාගලගේ දුරකතනට ඇමතුමක් දුන්නේ ඇමති විජයදාසය. දුරකතනයට සම්බන්ධ වෙමින් සාගල ඇමතිගෙන් විමසා සිටියේ ”ආ ඇමතිතුමා මොකද ඊයේ මට කර`ඩුවට මල් පුජා කරන්න නොදී පස්සට ඇද්දේ” කියාය.

”ඔයා දන්නවද මට වෙච්ච දේ…” ඇමති විමසද්දී සාගල විමතියට පත්වූවේ තමන්ගෙන් යම් අතපසුවීමක් වුනාදැයි සිතමිනි.

”ඇයි මොකක්ද වුනේ ඇමතිතුමා?” සාගල පෙරළා ප්‍රශ්න කළේය.

”නෑ මම අට්ටාලයේ වැටට අත තියලා මල් පූජා කරද්දී ඇතා මගේ අතට හේත්තු වුනා.” ඇමති විජයදාස කියද්දී සිදුවූ දේ තේරුම් ගත් සාගල ඇමතිගේ සුවදුක් විමසන්නට වූවේය. ඇමතිට වූ අකරතැබ්බය ගැන කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ජනපති රනිල්ව ද දැනුම්වත් කළේය.

සඳුුදා සවස ඇමති මණ්ඩල

රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් වන අගමැති දිනේෂ් ගුණවර්ධන, සභානායක සුසිල් සහ ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග මුණ ගැසී තමන් රටේ නොමැති කාලය තුළ පාර්ලිමේන්තුවේ මෙන්ම ආණ්ඩුවේ කටයුතු ගැන ජනපති සැලසුම් සකස් කළහ.

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩල හමුවට සහභාගී වූ අතර ඊට අගමැති දිනේෂ්, ජාතික ආරක්ෂක උපදේශක සාගල ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ. ඉදිරි ආරක්ෂක කටයුතු පිළිබඳ සමාලෝචනයෙන් පසු චැනල් ෆෝ වැඩසටහන ගැන ද කතා බහ කෙරිණි. මෙහිදී ජනපති රනිල් ප්‍රකාශ කළේ ආරක්ෂක ප්‍රධානියෙකු හෝ නිලධාරියෙකු වෙත යම් චෝදනාවක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරියා තනිව කටයුතු නොකළ යුතු බවය.

අධ්‍යාපනයට සිසුන්ගෙන් යෝජනා

එදින සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති රනිල් උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨතා දැක්වූ සිසු සිසුවියන් මුණ ගැසී ඔවුන් ඇගයීමට ලක් කළේය. අගමැති දිනේෂ්, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල හා ලේකම් සමන් ඒකනායක ද මේ අවස්ථාවට එක්ව සිටිය ද ජනපති ඇතුළු ප්‍රධානීන් අවස්ථාව ලබාදී තිබුණේ සිසුන්ට අදහස් ඉදිරිපත් කිරීමටය.

සිසු දරුවන් තමන්ට තිබෙන ගැටළු සියල්ල ජනපති ඉදිරියේ තැබුවේය. එක් සිසුවියක් කියූ කතාව සමාජ මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාරයක් අත්පත් කර ගැනීමට හේතු වූවේය. ඒ නිදහස් අධ්‍යාපනය ලබා විදෙස්ගත වන පිරිස ගැනය. ”මගේ

යාලූවොත් එක්ක කතා කරද්දී මට හිතෙනවා මං විතරක් මේ රටේ ඉතිරි වෙයිද දන්නේ නෑ කියලා. යාලූවෝ ඔක්කොම කතා කරන්නේ විශ්වවිද්යාල අධ්‍යපනයෙන් පසු විදේශගත වෙන්න.” දැරිය කියද්දි ජනපති කීවේ ඔවුන් ඉගෙන ගන්නේ මහජනතාවගේ බදු මුදලින් කියාය.

සිසුන් බහුතරයකට තිබූ පැනය වූවේ උසස් පෙළ විභාගය ලියා ලැබෙන ප්‍රතිඵල අනුව තමන් විශ්වවිද්යාලයට තේරී පත් වන්නේ විශ්වවිද්යාලයෙන් තෝරා දෙන යම් විෂය ධාරවකට අනුයුක්තව බවයි. තමන් කැමති විෂය ධාරාව තෝරාගන්න සිසුන්ට අවස්ථාවක් නොලැබෙන බව බහුතරයක් කියා සිටියහ.

විශ්වවිද්යාලයට තේරුණු පසු තමන්ට කැමති විෂය තෝරා ගන්නට නොහැකිවීමේ පැනයට පිළිතුරු දෙමින් ජනපති රනිල් කීවේ ඇමරිකානු විශ්වවිද්යාල සේ දරුවන්ට කැමති විෂයක් තෝරා ගන්න හැකියාව ලැබෙන ක්‍රමයක් ගැන සාකච්ඡාකරන බවයි.

සිසු දරු දැරියන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය යෝජනා

රැසක් ඉදිරිපත් කළ අතර ජනපති ඇතුළු කණ්ඩායම දරුවන්ට අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දුන්නා විනා ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ නැත.

රනිල් කලාපය එකතු කරයි

එදින සවස ජනපති තානාපතිවරුන් ඇතුළු පිරිසක් මුණ ගැසුණේ කලාපයේ දේශපාලන කටයුතු ගැන සාකච්ඡාකිරීමටය. ඊට තෝරාගෙන තිබුණේ ජනපති ඉකුත් වසර තුළ සංචාරය කළ රටවල්වීම ද විශේෂත්වයකි. ඊට අමතරව මෙරටට රාජ්‍ය ප්‍රධානීන් පැමිණි රටවල තානාපතිවරු ද එම අවස්ථාවට එක් කර ගැනීම ද විශේෂත්වයකි.

ඒ අනුව ජපානය, ඉන්දියාව, චීනය හා ප්‍රංශය යන රටවල තානාපතිවරු හා මහකොමසාරිස්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ. හිටපු කතානායක කරු ජයසූරිය හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද ඊට සහභාගී වූ අතර ජනපති පැමිණියේ සාකච්ඡාව යන අතරතුරදීය.

ජනපති විදේශගතවීමට පැය කිහිපයක් තිබියදී ඔහු ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ද එක්වූවේය. එම අවස්ථාවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එක්ව සිටියද ඔවුනට කතා බහ කිරීමට අවස්ථාවක් උදාවූවේ නැත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යාපනය නල්ලූර් කෝවිල වෙත ගියේ එහි තේරු උත්සවයේ අවසන් දින පූජාවට එක්වීම උදෙසාය. පූජාව උදේ 6.00ට ආරම්භ වුවද සාගල අළුයම 3.30ට කෝවිල වෙත ගියේ සාමාන්ය පුරවැසියෙකු සේ පූජාවට සහභාගීවීමට තැනක් අල්ලා ගැනීමටය. ඔහු සාමාන්ය පුරවැසියෙකු සේ රැදෙමින් ජනතාව හා සුහද පිළිසදරේ යෙදෙමින් පූජාව ආරම්භ වන තෙක් එහි රැදී සිටිනු සැමට මවිතය දනවන්නක් විය.

ඔහු පූජාව අවසන් කොට කීරමලේ පොකුණ ආසන්නයේ ඇති මාවිට්ටපුරම් කෝවිල වෙත පැමිණියේ එහි අවසන් දින තේරු උත්සවයට එක්වීමටය. එහිදි ඔහුට තවත් එක් ඉන්දියානු පූසාරිවරයෙකු මුණ ගැසුණු අතර කතා බහේදි දැන ගන්නට ලැබුණේ ඔහු ඉන්දීය අගමැති මෝදී වන්දනා මාන කරන කෝවිලක පූසාරිවරයෙකු බවය. තමිල්නාඩුවේ ඥානසම්බන්තා පරමාචාර්ය ස්වාමි වන ඔහු සාගලට ආරාධනා කළේ තමිල්නාඩුවට පැමිණියහොත් ඔහුගේ කෝවිලට ද පැමිණෙන ලෙසටය. බ්රහස්පතින්දා සාගල IMF නියෝජිතයන් මුණ ගැසුණේ ජනපති නියෝජිතයා ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *