අපේ කාලයේ විශ්මයජනක රාජ්‍යතාන්ත්‍රිකයා

0

ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් ලෙස විදේශ රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යෑම වෙනුවෙන් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් තිබේ. කුඩා දූපත් රාජ්‍යයක් වුව විදේශ සම්බන්ධතා ක්ෂේත්‍රයෙදි ශ්‍රී ලංකාව යනු විශාල රාජ්‍යයකි. මේ දූපතින් එහා ලෝකය හා වන සම්බන්ධතාවන් පවත්වා ගැනීම විසින් රටට අත්පත් කරගත් ජයග්රහණයන් බොහෝය. නමුත් එක් එක් කාලවකවානුවල පැවැති දේශපාලන වටපිටාවන් පාදක කොටගෙන ලෝකය හා ගනුදෙනු සීමා කරගැනීම සහ ප්‍රතිපත්තිමය වශයෙන් පාර්ශ්විකභාවයන් වෙතට තල්ලූවීම වැනි දුර්වලතා නිසා තත්වයන් වෙනස් වූ අතර පරම්පරා ගණනාවක් දූපත් මානසිකත්වයකට කොටුවීම ද සිදු විය. මේ හේතුවෙන් ලෝකය දියුණුව කරා ගමන් කරද්දී මෙරට හුදකළා දූපතක් වශයෙන් එක තැන පල්වීමත් සිදුවිය. කොහොම නමුත් අද රට මුහුණ දී තිබෙන අර්බුද හමුවේ වඩාත් නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් වෙත යොමුවීම විය යුතුව ඇත. මෙම තත්වයෙන් හමුවේ රාජ්‍යතාන්ත්‍රික සහ පෞද්ගලික මට්ටමේ මැදිහත් වීමක් හරහා ශ්‍රී ලංකාවට තිබිය යුතු වූ ජාත්‍යන්තර වටිනාකම යළි සලකුණු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙලත් අද ලෝකය පුරා කතා බහට ලක්ව ඇති තරමට දැවැන්තය. එහි සුවිශේෂීත්වයන් ඉතිහාසමය සහ වර්තමානමය මෙන්ම සැලසුම් කළ අනාගතය අපේක්ෂාවනුත් සම්බන්ධයෙන් කෙටි හැදින්වීමකි මේ.


වැටෙමින් නැගිටමින් ආ විදෙස් ප්‍රතිපත්තිය

පූර්ව නිදහස් යුගය එනම් 1948ට පෙර එවකට ලංකාව බි්රතාන්ය යටත් විජිතයක් වශයෙන් පැවැති අතර මෙම කාල පරිච්ෙඡ්දය තුළ එහි විදේශ ප්‍රතිපත්තිය බි්රතාන්ය යටත්විජිත පාලනය විසින් නියම කරන ලද අතර, එහි ජාත්‍යන්තර සම්බන්ධතා බොහොමයක්ම බි්රතාන්ය කිරීටයට යටත්ව තිබු රාජ්‍යයන්ට සීමා විය. දෙවන ලෝක යුධ සමයෙන් පසුව ගෝලිය භූ-දේශපාලනය බල කඳවුරු දෙකකට ධ්රැවීකරණයවීම තුළ යටත් විජිතභාවයෙන් මිදුනු සහ කුඩා ආර්ථිකයන් ඇති ශී්ර ලංකාව වැනි රාජ්‍යයන් පීඩාවට පත් විය. මේ තත්වයන් මත නොබැඳි ප්‍රතිපත්තියක් වෙත සාමුහික ඒකරාශීවීමකට ශී්ර ලංකාව ඇතුළු රාජ්‍ය කිහිපයක් මුල් පියවර තැබීම නිසා නොබැඳි ජාතින්ගේ සංවිධානය බිහි විය. එතෙක් පටන් මෙරට විදේශ ප්‍රතිපත්තිය මෙම නොබැඳි පදනම මත විය. එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංසදවලදී සාමය, යටත්විජිතවාදයට එරෙහිවීම සහ කුඩා ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

කෙසේ නමුත් 1970 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව, සමාජවාදී සෝවියට් චීන කඳවුරු හිතවාදී ප්‍රතිපත්තියකට මාරු විය. කෙසේ නමුත් ශී්ර ලංකාව ඉන්දියාව සමඟ වන සම්බන්ධතා පළුදු කරනොගැනීමට නිරන්තරයෙන්ම පරිස්සම් විය.
කෙසේ නමුත් මෙරට සිවිල් අරගල අර්බුද ආදිය සමඟ ජාත්‍යතර මැදිහත්වීම් මෑත දශක දෙක තුන තුළදී වර්ධනය විය. යුධ සමය තුළ සාම ක්‍රියාවලිය සඳහා ලංකාවේ ආණ්ඩු කිහිප ආකාරයකින් ජාත්‍යන්තරයේ සහාය පැතීම අරඹා තිබුණි. මෙහි මෙතෙක් ඔඩු දුවා තිබූ යුද්ධය සාම ක්‍රියාවලියක් සඳහා මඟ පාදනු ලබන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. ඉන්දියාව, නෝර්වේ, ජපානය සහ තවත් ජාත්‍යන්තර මැදිහත්වීම මඟින් මේ සඳහා දායකත්වය ලබා ගත් අතර එමඟින්
එතෙක් පැවැති යුද්ධමය වපසරිය තුළින් වූ හානිය අවම කර ගැනීමට හැකි විය. ක්‍රියාවලියේ දිගු දර්ශනයක් පැවැතියත් ආණ්ඩු මාරුවීම මඟින් නැවත ජාත්‍යන්තර සම්බන්ධතා බිඳ වැටී සාම ක්‍රියාවලියද අඩපනව යුද්ධය විසින් දැඩි හානි පමුණුවා ගැනීමක් ලංකාව සිදු කර ගත්තේය. එමෙන්ම යුද්ධය ජයගැනීම වෙනුවෙන්ද ඇමරිකාව ප්‍රමුඛව බටහිර රාජ්‍යයන් මෙන්ම ඉන්දියාව චීනය වැනි රාජ්‍යයන්වල සහයද මෙරටට හිමි විය.

2009 යුද්ධය අවසන්වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පශ්චාත් යුද සංහිඳියාව, මානව හිමිකම් සහ යුධ අපරාධ චෝදනා සම්බන්ධ අභියෝගවලට මුහුණ පෑමට සිදුවිය. මේ අතරතුර ආර්ථික ආධාර සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය චීනය සමඟ සමීප සබඳතා අපේක්ෂා කළ අතර ශ්‍රී ලංකාව චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන බලවතුන් සමඟ සිය සබඳතා සවිමත් කිරීම සඳහා කටයුතු කළ අතර මෙහිදීද අගමැති රනිල් වික්‍රමසිංහ යහපාලන අණ්ඩුව තුළ වැඩි වැඩ කොටසක් ඉටු කරනු ලැබීය. බලකඳවුරු මත රඳා නොසිටීමට ප්‍රවේශම් වෙමින් නොබැදි ප්‍රතිපත්තිය මත විදේශ සම්බන්ධතා ගොඩනගනු ලැබීය.

විදෙස් ප්‍රතිපත්තියේ නව පරිච්ඡේදයක්

කොහොම නමුත් අද ලෝකයේ කිසිඳුු රටකට තනි රටක් ලෙස හුදකළා පැවැත්මත් නැත. ලෝක සම්මුතීන්ට යටත්ව ලෝකයම තනි යායක් බවට පත්වෙමින් තිබේ. එහි ප්‍රතිලාභ ලෝකයේ සෑම රටකටම විවෘතය. නමුත් එය අත්පත් කරගැනීමේ හැකියාව සහ වුවමනාව රටක කැමැත්තය. ජනාධිපති රනිල්ගේ මගපෙන්වීම මත ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය යළි සැකසීම වන්නේ ලෝකය අත්පත් කරගැනීම ඉලක්ක කරගෙන සහ දකුණු ඉන්දීය සාගර කලාප බලවතකු ලෙස නැගී සිටීම ඉලක්ක කරගෙනය. ඒ අරමුණු වෙත ගමන් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බව රට මුහුණ දුන් අර්බුද හමුවේ ජාත්‍යන්තර ආධාර උපකාර ලබා ගනිමින් ඉතාම කෙටි කාලයක් තුළ රට ගොඩනැගීමට ගත් මෙහෙවර තුළ පෙන්නුම් කර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ හා පුද්ලික දැනහැඳුුනුම්කම් පවා රට වෙනුවෙන් යොදා ගනිමින් ඔහු විදේශ සම්බන්ධතාවල නව පරිච්ෙඡ්දයක් ගොඩ නැගීමට සමත්විය.

ඒ අනුව එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ජපානය, චීනය, ඉන්දියාව වැනි බලගතු රාජ්‍යයන් සමඟ කලාපයේ රාජ්‍යයන් ගණනාවක් සමඟ ගිවිසුම්ගත ආර්ථික සම්බන්ධතා ඇරඹූ අතර මෙරට විදෙස් ප්‍රතිපත්තිය රාජ්‍යයක් ලෙස නූතනත්වය අත්පත් කරගත් සුවිශේෂීතා හා නවීකරණයන් ගණනාවක් සමග ගැට ගැසීමත් සිදු විය. ගෝලීය බල අරගලය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් – චීනය හා රුසියාව අතර වන වටපිටාවක මේ වන විට ගැටුම් උග්ර අතට පත් වෙමින් පවතී. මෙවැනි තත්වයක් තුළ ලංකාව මේ දහරාවන් විරසක නොවන සේ පවත්වා ගැනීම අතිශය බැ?රුම් ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අවුඅස්සේ රටේ විදෙස් ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ආර්ථිකයේ ගොඩ නැගීම් අළලා ගිවිසුම්ගතවීම් හා ඔවුනොවුන් අතර වන විරසකයන් බාධාවක් නොවන පරිදි පවත්වා ගැනීමට තරම් දක්ෂ වී ඇත. එමෙන්ම වැදගත්ම දේ ඉන්දියාව ප්‍රමුඛ කරගත් කලාපීය සහයෝගිතාව ගොඩනැංවීමට සක්‍රීය මැදිහත්වීමක යෙදීමය. ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි ශී්ර ලංකාව යනු තමන්ගේ වැදගත්ම අසල්වැසියා යයි කියන්නේ ඒ නිසාය.

එසේම ආර්ථික අර්බුදය හමුවේ ලෝක බලවතුන්ගේ ආධාර හා ණය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාම සඳහා අවශ්‍ය ඉඩ සලසා ගන්නේද මේ සුහදතාවය හා නොබැදි රාජ්‍යතාන්ත්‍රික භාවයන් මුල් කරගෙනය. ඒ අනුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල සඳහා ණය හිමි රාජ්‍යයන්ගේ එකඟත්වය ලබා ගැනීමට ද කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රටවල් අතර පසමිතුරුතා නොසලකා ආර්ථික සබඳතා පුළුල් කිරීමට කටයුතු යොදනු ලැබීය. අග්නිදිග ආසියානු කලාපීය සහයෝගය හා ඉන්දීය සහයෝගය ලබාගැනීමට කටයුතු කිරීමේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල බොහෝ රාජ්‍යයන්වල පැසසුමට ලක්විය. චීනය හා ඉන්දියාව අතර ඇති තරඟකාරීත්වය රටට අවශ්‍ය පරිදි මෙහෙයවා ගැනීමට තරම් සූක්ෂම බුද්ධියක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික භාවයේ කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස ගත හැකිය. විදේශ රාජ්‍යතාන්ත්‍රික භාවය සම්බන්ධයෙන් හසල දැනුමැත්තෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෑම රාජ්‍යයකම සහයෝගය නිරන්තරයෙන් අපේක්ෂා කරමින් සහ ඒ ඒ රාජ්‍යයන් වෙත සහයෝගය පළ කරමින් කටයුතු කිරීම සුවිශේෂී තත්වයකි.
මේ අතර ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට පසුගිය කාලයේ කටයුතු කළ අතර එය මූලිකව ක්ෂේත්‍ර 05ක් යටතේ ක්‍රියාත්මක වන පුළුල් වැඩපිළිවෙලක් බවට සැලසුම් සකස් කරන ලදී. සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම මේ අනුව එකඟතාවයන්ට එළඹිනි.

මෙම ගිවිසුම් අනුව ශ්‍රී ලංකාව සහ BBIN රටවල් (බංගලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) අතර සහසම්බන්ධිත ආර්ථික ක්‍රමෝපායක් වෙත එළඹීමද සිදුවෙනු ඇත. මේ අනුව විදේශ රාජ්‍යතාන්ත්‍රික භාවයේ නවමු කියවීමක් සපුරා ලූ නායකයෙකු ලෙස ජනාධිපතිවරයා ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත. මෑත කාලයේ දිගින් දිගටම ජාත්‍යන්තර සමුළු ඇමතීම් සඳහා ඔහුට ආරාධනා ලැබෙනුයේද මෙකී රාජ්‍යතාන්ත්‍රික අවබෝධතා ඇත්තෙකු ලෙසය.

එසේම ලෝක දේශගුණික විපර්යාස පිළිබද ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ එළැඹුම ගැන ලෝකයේ රාජ්‍ය ගණනාවක ප්‍රශංසාව හිමිව ඇත. දේශගුණික විපර්යාස සමුළුවට සහභාගීව ලෝක බලවතුන්ගේ අසාධාරණ ක්‍රියාකලාපය විවේචනය කළ අතර දියුණුවෙමින් පවතින රාජ්‍යයන්ට වන්දි පිරිනැමීම විය යුතු බවත් මෙයට විසඳුුම් සෙවීමට ලොව බලවත් රාජ්‍යයන් කටයුතු කළ යුතු බවද නොබියව ප්‍රකාශ කරනු ලැබීය. එමෙන්ම ඒ කවරක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කලාපීය මැදිහත්වීම මෙන්ම ඒ වෙනුවෙන් සක්‍රීය දායකත්වය සපයන්නෙකු ලෙස පෙන්වා දෙමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉදිවන දේශගුණික විශ්වවිද්යාලය ගොඩනැගීමටද මැදිහත්වෙමින් මෙම ජාත්‍යන්තර ගැටළුව විසඳීමට ඇති වුවමණාව ප්‍රකට කිරීමටද සමත් විය.

එසේම ලොව බලපවත්වන ආගමික හා සාමාජීය සහයෝගීතාවයන් සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් සිදුකරන ජනාධිපතිවරයා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටින බව පවසමින් පසුගියදා සල්වාන් මොමිකා නමැත්තෙකු ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී කුරාණය පුළුස්සා සිදුකළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ලොව බලවත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම කවරාකාර වුවද මේ සම්බන්ධයෙන් වන ලෝක ධාර්මීය තත්වයන් රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස ස්ථාවරව සිටගනිමිනි.
කියුබාවේ පැවැති ”G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළ වැදගත් කරුණක් වූයේ ගෝලීය දකුණේ සිට උතුරට සිදුවන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්රම බලකාය අහිමි වීම දකුණේ විද්යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්හි සංවර්ධනයට තවත් තර්ජනයක් බවට පත්ව තිබෙන බවත් ගෝලීය දකුණ වශයෙන් අපගේ උගත් ශ්රම බලකාය අහිමිවීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතු බවත්‍ ය
එසේම ගෝලීය දකුණේ රටවල් වඩා සමීප සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කැපවිය යුතුයි. සහයෝගීතාව වැඩි දියුණු කිරීම, හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සහ විද්යාව, තාක්ෂණය හා නවෝත්පාදනයන්ගේ පරිවර්තනීය හැකියාවන් උපයෝගී කර ගන්නා ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම වෙනුවෙන් කොළඹ සැලැස්මට සමාන යෝජනා ක්‍රමයක් ඇති කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය. නව හවානා ප්‍රකාශනයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අවධාරණය කළේය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල ප්‍රතිඵල රටේ අනාගතය ගොඩනැගීමට හා නව දිශාවකට රට ගෙනයාමට උපකාර කරනු ඇත. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතාවල ඇති සංකීර්ණ හා දිගුකාලීන අභියෝග මනාව දත් මෙම නායකයා එළඹෙන තත්වයන් හමුවේ ශී්ර ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඉහළින්ම ඔසවා තැබීමට සමත්වීම අනිවාර්ය බව බොහෝ රාජ්‍යයන්හි නායකයින් පැසසුමින් ප්‍රකාශ කර සිටින්නකි.


කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *