විපක්ෂය රට ගිනිතබා රට භාරගන්නේ කුමකට ද?

0

කුරින්දි පුරාවිද්‍යා භූමිය සම්බන්ධ කරගෙන යළි ජාතිවාදී ආගම්වාදී ආරවුලක් ඇති කිරීමට යම් පිරිසක් කැසකවන බව අප පසුගිය සතියේ ප‍්‍රධාන පුවත මඟින් අනාවරණය කළේ යළිත් එවැනි මර උගුල්වලට හසුනොවී සිටීම විය යුතු බව අවධාරණය කරමිනි. මේ වර්ගවාදී ගැටුම් වෙනුවෙන් රටට ගෙවීමට ඇති වන්දිය තවම අවසන් නැත. තව බොහෝ කාලයක් යන තුරු ඉන් ගැලවීමක් නැත. එතරම් විනාශයක් අප සිදු කරගෙන තිබේ. රට බංකොළාත් වීම පිටුපසද ප‍්‍රධානම බලපෑම, මෙම වර්ගවාදී දේශපාලන කුමන්ත‍්‍රණ විය. කෙසේ නමුත් මේ වන විටත් රටට වින කරන කල්ලි එම ත‍්‍රාඩ උත්සාහයන් අත්හැර නැත. ඊයේ පෙරේදා ප‍්‍රධාන මාධ්‍යවල, සමාජ මාධ්‍යවල මේ රට තුළ වර්ගවාදී ගැ‍ටුමක් සිදුවීමට නියමිත බවට තොරතුරක් විදේශ බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශවලට දැනුම් දී ඇති බව ප‍්‍රචාරයක් ගෙන යමින් තිබිණි. කිසි`දු මුලාශ‍්‍රයක් නැති මෙම පුවත නිර්මාණය කිරීමේ වුවමණාවද වර්ගවාදී ගැ‍ටුමකට අවශ්‍ය වටපිටාව සහ ජන මනස සැකසීම වෙනුවෙන් බව පැහැදිලිය. එම කාරණයටම උල්පන්දම් දෙමින් මේ ව්‍යාජ පුවත පදනම් කරගෙන විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මේ ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කර තිබුණේ මේ ව්‍යාජ පුවතේ අඩංගුව සත්‍යයක් ලෙස හැෙ`ගන අයුරිනි.

ජාති, ආගම් ඝට්ටනයක් හරහා සිදුවන තවත් පිපිරීමක් ගැන සඳහන් විදේශ බුද්ධි අංශ වාර්තාවක් සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර ඇති හෙයින් ඒ ගැන වහා තොරතුරු සොයා බලා මේ සභාව දැනුවත් කරන්නැයි සජිත් පේ‍්‍රමදාස පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

”මේක ඉතා භයානක කාරණයක්. ඒ වගේම ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක්. වහාම දේශපාලන පක්ෂ කැඳවලා මෙය ඇත්තක්ද බොරුවක්ද කියලා හොයන්න  ඕන. පාස්කු ප‍්‍රහාරය සම`ග ඇති වූ ආරක්ෂක ව්‍යාකූලත්වය අපි දැක්කා. මේ සංවේදී කාරණය ගැන රජය අවධානය යොමු කරන්න  ඕන. ඊට පස්සේ මේ සභාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතුයි.”

සජිත් මෙහිදී මෙම වාර්තාව සත්‍යයක් ලෙස ගෙන ප‍්‍රශ්න මතු කිරීම ම`ගින් සිදුවන්නේ ජන සමාජයට එවැනි සිදුවීමක් ගැන භීතිය මෙන්ම අනෙක් ජන වර්ගයක් හෝ ආගමිකයන් ගැන වෛරයක් ද්වේශයක් ජනිත කිරීමය. මෙයින් සිදුවන හානිය ගැන ඔහු වගවීමක් ගන්නේ නැත. ඔහුට ජනතාව ගැන වගවීමක් තිබුණා නම් පැවසිය යුතුව තිබුණේ මෙවැනි මාධ්‍ය වාර්තා මත ජනතාව කලබල වන බවත්, එය වැලැක්විය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් රජය පියවර ගත යුතු බවත්ය. එමෙන්ම මෙවැනි පදනම් විරහිත පුවත් මත ජාතිවාදී ආගමික ගැ‍ටුම්වලට යෑමෙන් ජනතාව වැලකීම විය යුතු බවට ජනතාවගෙන් ඉල්ලා සිටීමත්ය. නමුත් සිදු වූයේ ජනතාවත්, රජයත් අපහසුතාවයට පත් කරන සාහසික භාවිතාවකි.

ඒ කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ජාතික ආරක්ෂාව සහ ජාතිවාද කෝලාහල සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් කිසිම තොරතුරක් ලැබී නැති බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවය.

”විවිධ කට කතා, ෆේස්බුක් පණිවිඩවලට උත්තර දි දී ඉන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා. රටේ සමහර තැන්වල සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබල හා කෝලාහල ඇති කිරීමට විවිධ උත්සාහ ගන්න බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වනවා. ඒ කණ්ඩායම් ගැන රජයේ ආරක්ෂක අංශ රජය අවධානය යොමු කරලා තියෙනවා.” යනුවෙන්ද අවධාරණය කර තිබිණි.

කොහොම නමුත් ජාතිවාදය ආගම්වාදය බංකොළොත් දේශපාලන තක්කඩියන්ගේ ජනප‍්‍රිය තේරීමක් වන නිසා මේ ත‍්‍රාඩ මෙහෙයුම් ලෙහෙසියෙන් අත්හරින්නේ නැත. එවැනි දේ අත්හරින්නට තරම් ශිෂ්ඨ සම්පන්න බවක්, දියුණුවක් මෙරට දේශපාලනඥයන් සතුව තිබුණේ නම් මේ සුන්දර රට මෙතරම් ජරාජීර්ණය වන්නේ නැත. එහෙත් වර්තමානයෙහි බහුතර පුරවැසි ජනතාව මේ මුග්ධ දේශපාලනඥයන් අභිබවමින් ඉදිරිගාමී තැනක සිටින බව විශ්වාස කරන්නට තරම් කරුණු කාරණා යෙදී තිබේ. වර්ගවාදී දේශපාලන මෙහෙයුම් කුමන්ත‍්‍රණ හ`දුනාගැනීමේ පරිචයක් ඔවුන්ට තිබේ. පටු පක්ෂ දේශපාලනය වෙනුවට රට ගොඩනගන සාමුහිකත්වයක් අපේක්ෂා කරමින් වත්මන් රජයට බහුතර ජනතාවක් සහය පළ කරන්නේ එබැවිනි.

මේ පුරවැසි ජනතාව සම`ග අප නැවතත් අවධාරණයෙන් පවසන්නේ, ”ශ‍්‍රී ලංකා මාතාව අද ඉල්ලා සිටින්නේ මේ ජාතිවාදී ආගමික දේශපාලන තක්කඩියන්ගේ වුවමණාව සංතර්පණය කිරීම නොවේ. රටේ සියලූ‍ පුරවැසියන් ශ‍්‍රී ලාංකිකයන් ලෙස ගොඩනැංවීමකි. කිසිවකුට වෙනස් ලෙස නොසලකන, සෑම සියලූ‍ දෙනාගේම අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිතවන, එකිනෙකාට ගරුකරන, එකිනෙකාව බලාගන්නා ආදරණීය රටකි. ඇය එක් එක් පාර්ශ්වික වුවමණාවන් නිසා ඉතිහාසය පුරාම අතිශය වදවේදනාවන්ට ලක් විය. දුක් වින්දාය. දැන්වත් ඇයට කරන කෙනෙහිලි අවසන් කළ යුතුව තිබේ. ඇයව ආදරයෙන් රැක බලාගත යුතුය.” යන්නය.

විපක්ෂ දේශපාලන පක්ෂ සහ රජයට එරෙහිව කටයුතු කරන කල්ලි කණ්ඩායම් නිරන්තරයෙන්ම අතිශය වගකීම් විරහිත ලෙස ජනතාවම බිල්ලට ගන්නා දේශපාලන ව්‍යාපෘතින්වල නිරතව සිටින බව ජනාධිපති රනිල් බලයට පත්වීමේ සිට දකින්නට ලැබුණකි. රනිල් අභිබවා යෑමට නොහැකිව අසරණව සිටින විපක්ෂයේ තේරීම වූයේ රට අර්බුදයට යවා ජනතාව බිල්ලට ගෙන තමන්ට බලය අත්පත් කර ගැනීමේ බාල උපක‍්‍රමයය. රට අර්බුදයෙන් මුදාගැනීමට තිබූ එකම විකල්ප ක‍්‍රමවේදය වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම පමණක් වුවත් එයත් වැලැක්වීමට විපක්ෂය කෙතරම් දැ`ගලූවාද යන්න මේ රටේ මිනිස්සුන්ට අමතක නැත. ආර්ථික හා දේශපාලනික ප‍්‍රතිසංස්කරණයන් වැලැක්වීමට, රටේ මහා ආහාර හ`ිගයක් ගැන, මන්දපෝෂණයක් ගැන, මහා ඖෂධ හ`ිගයක්

ගැන, වෛද්‍යවරුන් හා වෘත්තිකයන්ගේ හිඟයක් ගැන, බැංකු කඩා වැටෙන බව, සේවක අර්ථසාධකය හොරා කෑමක් ගැන, පදනම් විරහිත, කරුණු විකෘති කළ, බොරු බේගල් කතන්දර රැසක් සමාජගත කිරීම සිදු කළේය. නමුත් මේවා කිසිවක් සත්‍යයන් බවට පත් වුයේ නැත. එසේම බරපතල ඡන්දගායකින් පෙළෙමින් රට අර්බුදයක් සමයේ මැතිවරණ පවත්වමින් තවත් නැති අර්බුද ඇති කිරීමට දත කෑවේය. නමුත් කිසි`දු විටක රජය, රට අර්බුදයෙන් ගොඩගැනීමට ගත් කිසි`දු පියවරකට සහය වුයේ නැත. දැවැන්ත ඛේදවාචකයක් බවට පත්වීමට තිබූ රට එයින් මුදවා ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම වෙනුවෙන් ගත් කෙටි කාලීන හා දීර්ඝ කාලින විස`දුම් ගැන අගය කිරීමක් කළේ නැත. අඩුම තරමින් මේ මොහොතේ ජනාධිපතිවරයා හෝ වෙන කිසිවකු විසින් හෝ මැදිහත්ව, මේ බරපතල ප‍්‍රශ්න කවර දුෂ්කර තීන්දු ගෙන හෝ විස`දනවා නම්, එය අනාගතයේදී තමන්ගේ ආණ්ඩු සමයකදී තමන්ගේ පාලනයට පහසුවක් ගෙන එන්නක් ලෙස හෝ කල්පනා කිරීමට මේ විපක්ෂට නොහැකිව තිබේ. 2048 සංවර්ධන සිහිනය වෙනුවෙන් ජනපති රනිල් ඉදිරිපත් කරන වඩාත් නිවැරදිම ආර්ථික හා දේශපාලනික ප‍්‍රතිපත්ති, වැඩපිළිවෙල ඉදිරියට කරගෙන ගොස් ඒ සිහිනය සැබෑ කිරීමේ වගකීම යම් මොහොතක තමන් මත පැටවෙන වගකීමක් බව ඔවුන්ට කල්පනා වෙන්නේ නැත. විශේෂයෙන්ම තමන් සතුව කිසි`දු විස`දුමක්, වැඩපිළිවෙලක් නොමැති තැන, ඊට විස`දුමක් ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන මොහොතක එය භාරගැනීම විපක්ෂය වෙතින් විය යුතුව තිබෙන්නකි. ඊට ලැජ්ජාවක් තිබේ නම් සාධනීය විවේචනාත්මක සහයෝගයකට හෝ එළැඹිය හැකිය. එසේත් නොහැකි නම් ඊට බාධා නොකර පැත්තකට විය යුතුය.

රට බංකොලොත් වන විට රට භාරගැනීම ම`ග හැර සිටි විපක්ෂය දැන් ජනපති රනිල් බංකොලොත්භවයෙන් රට මුදවා සංවර්ධන මාවතට රට ඇද දැමීමට තරම් වැඩ කොටසක් ඉටු කරමින් සිටියදී විපක්ෂයේ එකම අරමුණව තිබෙන්නේ කෙසේ හෝ බලය ඩැහැගැනීමය. එහෙත් ඒ රට ගැන, ජනතාව ගැන වගකීමකින් තොරවය.

පසුගියදා බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා විපක්ෂයෙන් ප‍්‍රශ්නකර සිටියේ රජය දැන් ක‍්‍රියාත්මක කරන ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල හැර අඩුම තරමින් රටේ ණය ප‍්‍රශ්නය විස`දීමට වික්ෂයේ යෝජනාවක් හෝ තිබෙනවාද යන්නය.

”…ඊළඟට කවුරු ආණ්ඩු කළත් ඒ ණය ගෙවන්න සිදුවෙනවා. ඒ ණය ගෙවන්නේ කොහොමද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නැතුව කවුරු ආණ්ඩු කළත් කාටවත් මේක කරන්න බැහැ. මෙය බරපතළ කරුණක්. මුදල් අමාත්‍යාංශය 2022 වසර වෙනුවෙන් නිකුත් කළ වාර්තාව අනුව රජය විසින් ලබාගත් ණය, ආපසු ගෙවිමට ඇති විදේශ ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 35.96ක්.

විදේශීය ණයවලින් 37%ක් ඉදිරි වසර පහ තුළ කල් පිරිමට නියමිතයි. 51%කට ආසන්න ප‍්‍රමාණයක් වසර හය සහ විස්ස අතර කල් පිරීමට නියමිතයි. මේකයි අපි අවධානයට යොමු කළ යුත්තේ. ඉදිරි වසර පහේදි අපි ගෙවන්න උත්සාහ කරන්නේ කල් පිරුණු ඒවායින් 37%කයි. ඉතිරි 51%ක් ගෙවන්න තිබෙන්නේ වසර හය සහ විස්ස අතරෙදි. අපි ඉන්නේ 2023නේ. 2048 වන තෙක් නිදහස ලබා වසර සියයක් වන විටත් මේ ණයවල කල් පිරෙනවා.

අපි හිතමු එතකොට ආණ්ඩුවේ ඉන්නේ ඔබතුමාලා කියලා. 2025.06.03 වැනිදාට ගෙවන්න තිබෙනවා, ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක්. 2025.11.03 වැනි දා වනවිට ගෙවන්න නියමිතව තිබෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක්. 2025.07.18 වැනි දා විට බිලියන 1,000ක් ගෙවන්න තිබෙනවා. 2027.05.11 වන විට ගෙවන්නට වෙනවා, මිලියන 1,500ක්. 2023.04.08 වැනි දා වන විට මිලියන 1,250ක් ගෙවන්න වෙනවා. 2028 මාර්තු මාසය වන විට මිලියන 1,000ක් ගෙවන්න වෙනවා. 2029.03.14 වැනිදා වනවිට මිලියන 1,000ක් ගෙවන්න තිබෙනවා. 2030.01.28 වැනි දා වනවිට ගෙවන්න තිබෙනවා, මිලියන 1,500ක්. මේ ටික පාර්ලිමේන්තුවට දීලා තිබෙන්නේ. නමුත් කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ වගේම 2030 කවුරු ආණ්ඩු කළත් ජනතාවට බොරුවක් තමයි කරන්න වෙන්නේ. මේක ගෙවන්නේ නැතිව කරන්නේ කොහොමද? ජාත්‍යන්තර‍ තත්ත්වය පිළිබඳව අපි කාටවත් වසන් කරන්න දෙයක් නැහැ. අපි ණය ලබා ගන්නේ කොන්දේසිවලට යටත්ව. ඒ වගේම ඒ ගන්නා ණය ගෙවීමට ලංකා ආණ්ඩුව බැඳී සිටිනවා.

…ඔබතුමාලා හිතනවද ආණ්ඩුව මාරු කරලා වෙනත් ආණ්ඩුවක් අරන් ණය ගෙවන්නේ නැතිව කරගෙන යන්න පුළුවන් කියලා. මේ පොඩි දරුවො වගේ හැසිරෙන්න එපා. ගත්ත ණය ගෙවන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රමය පිළිබඳව ආයතන තිබෙනවා. රේටින් ආයතන විසින් අපි ඩවුන් කරලා ණය ගෙවන්න බැරි රටක් ලෙස කියනවා… අපි ඛගක්‍ග එකක්  ඕපන් කරනවා, තෙල් ගේන්න. මේ ඛගක්‍ග එක හෙවත් ණයවර ලිපි පිළිගන්නේ නැත්තම්, ඇෙඟ් තෙලට වාහන දුවන්න බැහැ. හිතවත්කමට රෝද කැරකෙන්නේ නැහැ. ගෑස් නැව එනවා. ඛගක්‍ග එක පිළිගන්නේ නැත්තම් මොකද කරන්නේ. ගෑස් කඳුළක්වත් අපට නැහැ. බෙහෙත්වලට ඛගක්‍ග එක නැත්තම් අපට බෙහෙත් නැහැ. අපට චණ්ඩි කතා කිය කියා ඉන්න බැහැ. අධිරාජ්‍යවාදයට, ෂගඵගත්‍ග එකට විරුද්ධයි කියා කියමින් සිටිය නොහැකියි… බි‍්‍රතාන්‍ය යුගයේ සිට අපි තේ, පොල්, රබර් යවලා අපට ලැබෙන්නේ කීයද? වසරකටම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3යි. මේ වගේ දෙගුණයක් දාලා තේ වැවුවත් ඒ ආදායම දෙගුණ කරන්න පුළුවන්ද? අපි කොහොමද ණය ටික ගෙවන්නෙ? හම්බන්තොට වරාය වගේ එකක් විකුණුවත් ලැබෙන්නේ 1.4 යි. වරාය නගරය දුන්නත් කීය ද ලැබෙන්නේ? …අනිත් දේවල් ඔක්කොම දුන්නත් කීයද ලැබෙන්නේ? දැන් මේ අරක කරන්නලූ‍. මේක කරන්නලූ‍. ප‍්‍රවාහන ඇමැති මම. ඔබතුමාලාගේ පැත්තේත් පාරවල් කැඩිලා. මිනිසුන්ට යන්න බැහැ. මේ දේවල් හදලා තිබෙන්නේ ්ගෘගඊග එකෙන්. මේවාගේ පැලැස්තර දාලා වහන්නත් විශාල මුදලක්  ඕනෑ. නියෝජිතයෝ එක්ක ගිහින් පෙන්නුවා. ඒ අය කියන්නේ (ණය* රී-ෂෙඩුල් කරනකම් දෙන්න බැහැ කියලයි. මිනිස්සු වෛරයෙන් ගෙවල් ගිනි තියන්න පුළුවන්. බණින්න පුළුවන්. මොකක්ද උත්තරය? ප‍්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද කාටහරි…”

මේ ප‍්‍රශ්නවලට විපක්ෂය සතුව පිළිතුරු නැත. ඇත්ත එයය. මේ අය රට භාර ගන්නවා කියන්නේම රට යළි බංකොළොත් වීම පමණක් බව පැහැදිලිය. පටු දේශපාලනික වුවමණාවන් මත බොරු බේගල් ඇද දමා රාජ්‍ය බලය අත්පත් කරගත්තත් රටේ අර්බුද විස`දන්න සමත්කමක් හෝ ඒ ගැන අදහසක්වත් නොමැති නම් කවර වුවමණාවකට විපක්ෂයට රට භාර දිය යුතුද? මේ අනුව මේ විපක්ෂයේ මර උගුල්වලට හසු නොවී සිටීමට ජනතාව සමත් වන තාක් රටට අනාගතයක් තිබෙන බව පැහැදිලි කරුණකි.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *