දේශපාලනය ගේම් එකකි. ගේම් එක ජය ගැනීමට විශේෂ ප‍්‍රාගුණ්‍යයක් සහිත විය යුතුය. සෘජු කෂේරුකාවක් සහිත විය යුතුය. ඒ සියල්ලට වඩා බුද්ධිමය පරිචයක් සහිත විය යුතුය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඒ සියල්ල සම්පූර්ණ කර ඇත. එසේ කියන්න සිදුවන්නේ ජනාධිපතිවරයා ඔහුගේ පාලන සමය තුල අත්පත් කර ගත් ජයග‍්‍රහණ මෙන්ම අනාගතය උදෙසා ගත් පියවරයන්ගේ සාර්ථකත්වය නිසාය.

එසේ කිව හැකි වන්නේ ශ‍්‍රී ලංකාව සිය ඉතිහාසයේ දරුණුම අර්බුදකාරී තත්වයකට පත්ව ඇති මොහොතක, දේශපාලනික වශයෙන් විපක්ෂයේ කිසිදු පක්ෂයක සහයක් නොලැබ තිබියදී රට වැටී තිබුණු මහ ආගාදයෙන් ගොඩගැනීමට සමත්ව තිබීම නිසාය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳාහ ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ ජාතන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පමණි. ඒ වෙනුවෙන් වුව රජය යොමු කරනු ලැබුවේ රනිල් වික‍්‍රමසිංහ විසිනි. ඒ සිදුවන්නේත් එතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු රටේ පරම හතුරෙක් ලෙස සලකමින් එහි සහය ලබා ගැනීමත් ප‍්‍රතික්ෂේප කර තිබු තත්වයක් හමුවේය. අරමුදලේ කොන්දේසි ඊටු කිරීමට නොහැකි බව කියමින් ඒ මග හැර තිබූ තත්වයන් හමුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැනවූ කොන්දේසි යනු මෙරට ආර්ථිකය අයාලේ යෑම වලක්වා අනාගතයේදී වඩාත් යහපත් ආර්ථීකයක් වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය පියවරයන් වේ. දේශපාලනික වුවමණා එපාකම් මත රටේ ආර්ථිකය අපයෝජනයට ලක් කිරීම නිස රට බංකොළොත් වීම පිළිගත යුතු සත්‍යකි. ජාත්‍යන්තර අරමුදල යෝජනා කළේ ඒ වැරදි මුග්ධ භාවිතයන් පැත්තකට දමා නිවැරදි දිශානතියකට රටේ ආර්ථිකය යොමු කළ යුතු බවය. ඒ අනුව ජනාධිපතිවරයා එය නිවැරදි පිළිවෙතට රට හරවනු ලැබීය. ඒ අනුව මේ වන විට ජාත්‍යන්තරයෙන් රටට ලබා ගත හැකි සහය ලබාගැනීමට සමත්ව තිබේ.

මුල්‍ය අරමුදලේ ණය සහන ලබාගැනීම වෙනුවෙන් කොන්දේසියක්ව තිබූ ජාත්‍යන්තර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම මුළුමනින්ම සපුරා ලීමට ජනාධිපතිවරයගේ ආර්ථික සැලසුම් වැඩපිළිවෙල ඇතුළත් ප‍්‍රතිසංකරණ යෝජනා හේතු වී තිබේ. මේ අනුව බේරාගැනීමට අසීරු තැනක තිබු ඉන්දියාව සහ චීනය සමඟ වන ගනුදෙනුව රටට සහය පිණිස විසඳා ගැනීමට සමත්ව තිබේ. ඉන්දියාව පසුගිය සිකුරාදා වන විට තමන්ගේ සහය නිළ වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය. එමෙන්ම චීනයද තමන්ගේ උපරිම සහය දක්වන බව ප‍්‍රකාශ කර තිබේ. මේ අනුව ආර්ථිකය සම්බන්ධයෙන් තිබූ අඳුරු බිහිසුණු සිහිනය දැන් අහෝසිව තිබේ. පැනීමට අපහසුව තිබූ කඩුලූ කිහිපය දැන් පැන අවසන්ය. මේ අනුව එළඹෙන මාසයක් දෙකක් ඇතුලත යළි රට සංවර්ධනයේ මාර්ගයට අවතීරණය වීමේ මාර්ගයන් විවර වෙනු ඇත.

විපක්ෂය අපේක්ෂාව තිබුණේ මේ සියල්ල කඩාකප්පල් වී රට අර්බුදයෙන් අර්බුද්යට පත් වී ආණ්ඩුවට එරෙහිව ජන අරගල ආරම්භ වී වත්මන් පාලකයන්ද පන්නා දැමීමට ක‍්‍රියාත්මක වනු ඇති බවය. එහෙත් දැන් එය දවල් සිහිනයක් බවට පත්ව තිබේ. කොටින්ම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පිටියට බැස්සේ මේ මාරාන්තික සෙල්ලම ජයග‍්‍රහණයකින් අවසන් කිරීමේ අභියෝගය බාර මිනි. ඔහු දැන් සෙල්ලම තමන්ගේ පාලනයට ගෙන තිබේ. ජයග‍්‍රහණය හැර ලබන්න වෙන කිසිවක් නැති තැනකට මේ සෙලල්ම පත් කර තිබේ. මේ අනුව වෙන අයගේ සෙල්ලම් දැන් අවසන්ය. එනම් ගෙම් ඕවර් වී ඇත

Chatham Street Journal පුවත්පතේ 2023.01.22 දින පළ වූ ප්‍රධාන පුවත