අර්බුදයේ 17 වෙනි බෲමරය

ඇමරිකා එක්සත් ජනපද නුතන ලිබරල්වාදයේ විශිෂ්ටයකු ලෙස සැලකෙන හිටපු නීතිපතිවරයකු වූ රොබට් එෆ් කෙනඩි (1964) වරක් පවසා සිටියේ, ”විශිෂ්ට ලෙස අසාර්ථක වීමට නිර්භීත අයට පමණක්, විශාල ජයග්‍රහණ ලබා ගත හැකිය.” කියාය. මෙම ප්‍රකාශයට ආසන්න ප්‍රකාශයක් ලංකාවේ දී අසන්නට ලැබුණේ 2019 දී තරම් මෑතකාලයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙනි. ඒ එදා යහපාලන ආණ්ඩුවට එල්ල වූ බරපතළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ”ඇත්ත කියලා පරාජය වෙන්න බය වෙන්න එපා” කියාය. ඔහුගේ දේශපාලනයේ ආත්මීය භාවිතාව ද එයම බව දැන් පැහැදිලිය.

සිය දේශපාලන ජීවිතයේ හැමදාම ඇත්ත කතා කළ රනිල් වික්‍රමසිංහට ලැබුණේ නින්දාව, අපහාසය, උපහාසය පමණක් නොව දේශපාලන පරාජයන්ය. අදටත් විපක්ෂයේ උදවිය ජනපති රනිල්ට නිර්ලෝභීව සහ නොඅඩුව නින්දා අපහාස එල්ල කරමින් උපහාසයට ලක්කරන නමුත් දේශපාලනිකව පරාජය කිරීමට නොහැකිව අසරණ වූවා සේය. ඒ අන්ත අසරණභාවයෙන් කරකියා ගන්න දෙයක් නොමැතිව අසීමිත පීඩාවට පත්ව තිබූ රටක් ඉතා කෙටි කාලයක් තුළ නැවත පණ පොවා දෙපයින් නැගී සිටුවීමට ගත් සුවිශේෂී උත්සාහය නිසාය.

බංකොළොත් රටට නායකයෙක්…

2022 ජූලි 22 දා තෙක්ම, මේ රටේ පැනනැගී තිබූ සමාජ ආර්ථික වියවුල බුර බුරා ගිනියම් වෙමින් වැඩි වූවා මිස අඩු නොවීය. අද වන විට මේ රටේ විපක්ෂයේ සියල්ලෝම අමතකර කර ඇති සහ අමතක කරවීමට උත්සාහ දරණ ඒ අමිහිරි අතීතය මදකට හෝ සිහිපත් නොකර අද ගැන කතාකිරීම විහිළු සහගතය. මන්ද අද රටේ සමස්ත ජනතාවම පීඩාවකින් තොරව සිය ජීවිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය හැකියාව අත්කර ගෙන ඇත්තේ, මැජික් බලයකින් හෝ දේව හාස්කමින් නොවන බැවිනි.

රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා අවස්ථාව වනවිට, රට පුරා විසිරුණු තෙල් පෝලිම්ය, ගෑස් , බෙහෙත් , කිරිපිටි , පොහොර පෝලිම්ය. දවස් ගණන් මිනිසුන් ඒ පෝලිම්වල හාමතේය. එකී පෝලිම්වල ගැටුම් ය. එක්කෙනා දෙන්නා මිනිසුන් මැරී වැටුණේ ද ඒ පෝලිම්වලදීය. නරකාදියට දොර අරිමින් තිබුණේය. එතැනින් නොනැවතී පැය දොළහකට වඩා විදුලිය විසන්ධි කරමින් තිබිණි. සොයාගත නොහැකි තරමට භාණ්ඩ හිඟයක් තිබුණා පමණක් නොව බඩු මිල දරා ගන්න බැරි තරමට වැඩි වී තිබිණි. ව්‍යාපාර කර්මාන්ත බිඳ වැටෙමින් තිබිණි. ආදායම් මාර්ග අහිමි වූවන් දිනෙන් දින වැඩි වෙමින් තිබුණේය. අධ්‍යාපන පද්ධතිය කඩාකප්පල් වෙමින් තිබිණි. රටේ මූල්‍ය සංචිත බින්දුවට වැටී තිබිණි. එහෙව් රටක තවදුරටත් අනාගතයක් නැතැයි කල්පනා කළ තරුණ තරුණියෝ, දෙමව්පියෝ දස දහස් ගණනක් පාස්පෝට් පෝලිම්වල රැක්‍ෂෙමින් අනාගතය ගැන සිහින මැවමින් කල් මැරීය.

අනෙක් පැත්තෙන් පීඩාවන් දරා ගැනීමට බැරිව මිනිස්සු අරගල බිමේය. පාලකයන්ට එරෙහිව මරාගෙන මැරෙන්න තරම් වියරුවකින් අරගලය ප්‍රචණ්ඩකාරීව රට පුරා පැතිර තිබිණි. පොලිසියට, ආරක්ෂක අංශවලට එය පාලනය කිරීමේ හැකියාව පවා අහිමිව තිබිණි.

එවැනි මොහොතක රටේ අර්බුදය සමහන් කළ හැකි කවරෙකු හෝ මේ අභියෝගය බාරගෙන කරන්නැයි අද විපක්ෂයේ සිට කටින් බතල හිටවන පතාක නායකයන්ට ආරාධනා කළ බව මේ රටේ සියල්ලෝම දන්නා සත්‍යයකි. නමුත් ගල උස්සා කරෙන් තිව්වොත් අරන් යන්නම් යැයි කී අන්දරේ මෙන් නොයෙක් හේතු කරනා කියමින් අර්බුදයේ අභියෝගය මගහැර යාමට ඔවුහු ක්‍රියා කළේය. එසේ සියලු දේශපාලන නායකයන් කරහැරි මොහෙතක රනිල් වික්‍රමසිංහ රටේ අනාගතය ගොඩනැගීමේ භාරදූර අභියෝගය සියතට ගත්තේය.

රනිල් කළේ කුමක් ද?

රටේ අර්බුදයට හේතු සෙවීමට, විවේචනය කිරීමට වඩා මේ මොහොතේ වැදගත්ම දේ ඊට විසඳුම් සෙවීම බව විශ්වාස කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරය හෝ අගමැතිධුරය භාරගැනීමට ප්‍රථම රට හමුවේ අනාවරණය කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමෙන් මිස රටේ අර්බුදය විසඳිය හැකි වෙනත් මගක් නොමැති බවය. ඒ 2021 ජුනි 23 දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී පළමු වතාවට සභාව අමතමිනි.

එහිදී රනිල් ප්‍රකාශ කර සිටියේ, ”ඔබ තුමන්ලාගේ විසඳුම මොකක්ද? කොයි මාර්ගයේ ද යන්නෙ කියලා පැහැදිලි කරන්න. මම නම් කියන්නෙ, අපට තිබෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආපසු ගනුදෙනු කරන එක කියලා. අපි 2015 සිට 2019 දක්වා ඔවුන් සමග ගනුදෙනු කළා. ඔබ තුමන්ලා එකඟ නැත්නම් ඒකට ගෙන එන විකල්පය මොකක්ද කියලා අපට කියන්න. විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන ගැන කථා කරන එකෙන් අපට කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද මේ රටේ පොහොර ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, අධ්‍යාපන ප්‍රශ්නය වැනි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ ඔක්කොම එකතු වෙලා පිපිරුණොත් මොකක්ද මේ රටට වෙන්නෙ? ආණ්ඩුව නැතිවෙනවා විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවත් නැතිවෙනවා. අන්න ඒක මතක තබාගෙන මේ ගැන සාකච්ඡා කරන්න අපට අවස්ථාව දෙන්න.” යැයි කියාය.

එහෙත් මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ (අද ස්වාධීන යැයි කියාගන්නා අයද ඇතුළුව) උදවිය කියා සිටියේ, ”ඔබ තුමා හිටියනම් ෂඵත්‍ යයි, අපි නම් යන්නෑ ” කියාය. නමුත් එවැනි ප්‍රතික්ෂේප කිරීම් හමුවේ පවා නොසැලුණු රනිල් තමන් විශ්වාස කරන විසඳුම් ක්‍රියාවලිය යථාර්ථයක් කිරීමට දිගින් දිගටම කටයුතු කළේය. ඒ වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කළේය.

2021 ජූලි 08 නව මුදල් ඇමතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ පත්වීමෙන් අනතුරුව එතෙක් රනිල් වික්‍රමසිංහ කරන ලද ෂඵත්‍ සමග ගනුදෙනු කිරීම සඳහා වූ යෝජනාව කෙරේ ජනාධිපති ගෝඨාභයට සහ ආණ්ඩුවේ අවධානය යොමු කළේය. මෙම ආණ්ඩුවේ උනන්දුව කෙරේ අන් අයගේ සහයෝගය ලබාදිය යුතු බව ද රනිල් කියා සිටියේය. රනිල් තමන්ගේ ජාත්‍යන්තර සබඳතා යොදාගෙන ඒ වෙනුවෙන් වූ තමන්ගේ සහය උපරිමයෙන් ලබා දීමට කටයුතු කර තිබිණි.

2021 දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන සහ පුද්ගලයින් සමග සාකච්ඡා පැවැත්වීම, එදා රාජපක්ෂ ආණ්ඩුව දැරූ උත්සාහයේ ප්‍රතිඵලයකි.

2022 ජනවාරි 29 පුත්තලම තම්බපන්නි වෙරල අසල පිහිටි ‘බෙතලි (ඊැඑය්බහ) නිවස්නයේ පැවැති ‘බෙතනි කතිකාව‘ ට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන උත්සාහයට කිසිඳු අකාරයකින් බාධා නොකළ යුතු බවය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා නිර්දේශ පහක් ඇතුළත් කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ෂඵත්‍) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව (වාර්ෂික) 2022 මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය. ඒත් සමගම ලංකාව අර්බුදය උත්සන්න වෙමින් තිබිණි. ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බසිමින් තිබිණි. ඒ හමුවේ ආණ්ඩුවේ ඇමතිවරු 4 දෙනෙකු ඉල්ලා අස්වීම ඇතුළු රට තුළ ගොඩනැගෙමින් තිබූ ව්‍යාකූලත්වය හමුවේ ෂඵත්‍ සාකච්ඡා අසාර්ථක විය. නමුත් මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා ඒ වන විට සිටි මුදල් ඇමතිවරයා වශයෙන් අලි සබි්‍ර ගත් උත්සාහය අගය කළ යුතුය.

මෙවන් වටපිටාවක ලංකාවේ ආර්ථික හැකියාව නොසිතූ විරූ ලෙස කඩා වැටීමට ලක්විය. එහි උච්ඡතම අවස්ථාව වූයේ ස්වෛරීත්ව බැඳුම්කර වාරික ගෙවීමේ හැකියාව නොමැතිව ණය පැහැර හැරිම ප්‍රකාශයට පත් කිරීමය.

2022 මැයි මාසයේ 12 වෙනිදා නව අග්‍රමාත්‍ය ධුරයේ වැඩබාරගත් රනිල් වික්‍රමසිංහ නැවතත් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු කළේය.

2022 ජුනි මාසයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා සිටියේ, 1948 දී බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදය අද අත්විඳිමින් සිටින බවත්, ෂඵත්‍ එකට යන්න ගත්තු තීරණය කලින්ම ගත්තා නම්, ණය පියවීමේ ක්‍රියාවලිය අවුරුද්දකට කලින් ආරම්භ කළා නම්, මේ වගේ දුක් කරදරවලින් තොරව තත්ත්වය කළමනාකරණය කරගන්න තිබුණා” යැයි කියාය.

මෙම අර්බුදකාරී පසුබිමේ ජනාධිපති ගෝඨාභය ධුරයෙන් ඉවත් වීමත් සමග රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලදී. එතැන් පටන් ජනපති රනිල් මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ගතයුතු පියවර එකින් එක නිසි පරිදි ගනිමින් සිය ඉලක්කය කරා ගමන ඇරඹුවේය. එය කෙතරම් අසීරු ගමන් දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2022 අගෝස්තු මාසයේ දී නිකුත් කළ ප්‍රකාශනයේ මෙසේ සඳහන් විය.

”අප්‍රේල් මාසයේ දී ණය ගෙවීම අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාව එහි බාහිර මූල්‍යමය බැඳීම් පැහැරහැරි අතර, විදේශ සංචිත තීරණාත්මක ලෙස අඩු මට්ටමක පැවතීම නිසාවෙන් ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධා සිදුවී, ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් අඩාලකර ඇත. 2022 දී ආර්ථිකය 8.7%කින් හැකිළෙනු ඇතැ යි අපේක්ෂා කරන අතර, මෑතක දී උද්ධමනය 60% ඉක්මවීය. එහි බලපෑම අසමානුපාතික ලෙස දැරීමට සිදුව ඇත්තේ දරිද්‍රතාවේ පසුවන්නන්ට සහ අවදානමට ලක්විය හැකි තැනැත්තන්ට ය.”

”මෙම පසුබිමට එරෙහිව, මූල්‍ය අරමුදලේ සහාය ලබන ශ්‍රී ලංකා බලධාරීන්ගේ වැඩසටහන, ආර්ථිකය ස්ථාවර කිරීම, ශ්‍රී ලාංකිකයාගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම, සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා පසුබිම සකස් කිරීම හා සියල්ලන් ඇතුළත් හා තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.”

මේ සම්බන්ධයෙන් ජනපති රනිල් සිය අතීත අත්දැකීම සිහි කැඳවමින් ප්‍රකාශ කර සිටියේ, ”2015 ත් ආර්ථිකය කඩා වැටිලා ආදායමෙන් දළ දේශීය නිෂ්පාදනය 8.2% තුනට වගේ තිබුණ වකවානුවක තමයි අපිට පුළුවන් වුණේ මාස 33 කින් ඒක 15% කට වැඩි කරන්න.” කියාය. එසේ පැවසූ ජනපති, රටේ දියුණුව මිස තමාගේ දියුණුව ගැන අංශු මාත්‍රයක් හෝ නොසිතා එක දිගට, වෙහෙස නොබලා කටයුතු කළේය.

රනිල්ගේ කකුළෙන් ඇදීම

රටේ අර්බුදය විසඳීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම ඇතැමෙකු දුටුවේ, ජනපති රනිල් රටම කාන්තාරයක් කිරීමට, සියල්ල විකිණීමට උත්සාහ දරන බවය.

දවසින් දවස විපක්ෂයේ සහ විරුද්ධ කණ්ඩායම් රටේ නොයෙකුත් ප්‍රශ්න ජාතික ප්‍රශ්න බවට පත්කරමින් ආණ්ඩුවට විරුද්ධව මහමග විරෝධතා දියත් කරන්නට විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් නැති රටක් යැයි ජාත්‍යන්තරයට කියා පෑමට අවස්ථා ගණනාවක දී උත්සාහ දැරූ බව අමතක නොකළ යුතුය.

විවිධ කෙණහිලිකම් සිදුකර අවසානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ෂඵත්‍ කොන්දේසි වලට යටත්ව ලබාගන්නා ණය තමන්ගේ රජයක් බලයට පත්වූවිට කිසිඳු ලෙසකින් ආපසු නොගෙවන බව ය.

ඇමරිකානු ෆෝඩ් මෝටර් සමාගමේ නිර්මාතෘවරයා වූ හෙන්රි ෆෝඩ් වරක් ප්‍රකාශ කර තිබූ ”බාධක යනු ඔබ ඔබේ ඉලක්කයෙන් ඔබේ ඇස් ඉවතට ගන්නා විට ඔබ දකින භයානක දේවල් වේ.” යන්න මැනවින් සිය ක්‍රියාකලාපය තුළට ජනපති රනිල් එක්කර ගෙන තිබිණි. එනම් කවුරු, කෙසේ, කුමන ආකාරයේ බාධක, වැටකඩුළු, කෙණෙහිලිකම් කළත් ඒ කිසිවක් නොසලකා සිය ඒකායන ඉලක්කය ඔස්සේ සිය ගමන යාමෙනි.

බි්‍රතාන්‍ය රැජිණගේ අවමගුල් උත්සවයට, ජපානයේ හිටපු අගමැතිවරයාගේ අවමඟුලට සහභාගි වීම, සාමාන්‍ය මලගෙදරක යන්න තියෙන උවමනාවට ගිය ගමනක් නොවන බවත් එය ජාත්‍යන්තරයේ ගණුදෙනු ශක්තිමත් කරගැනීම වෙනුවෙන් වූ අරමුණු සහගත ගමනක් බවත් එදා නොතේරුණු බොහෝ දෙනෙකුට අද පැහැදිලි වනු ඇත.

එසේම සුබසාධන වැඩසටහන් ශක්තිමත් කරමින් දිළිඳු පවුල්වලට සවියක් දෙන අතර ආදායම් බදු වැඩිකිරීම, විදුලි බිල වැඩිකිරීම, ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනඒම, ආර්ථික ස්ථායිකරණයට අදාළ අණපනත් සම්මත කරගැනීමට පියවර ගැනීම ආදී අඛණ්ඩ ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අද නැතත් හෙට රටම පිළිගනු ඇත.

තමන් එතෙක් සිදුකළ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 17 වෙනි දා පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් ප්‍රකාශ කර සිටියේ, ”මේ වන විට අපේ ආර්ථිකය නිසි මඟට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර, දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මේ සභාවට ප්‍රකාශ කළ හැකියි. අපි බලාපොරොත්තු වන ආදායම අපිට එකවර ලැබෙන්නේ නැහැ. ඒ සියලු දේ සමඟ මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාවයි. කියාය.

ඒ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ඇප පැකේජයක් ලංකාවට ලබාදීම සඳහා පැරිස් සමාජය සිය සහාය ලබා දීම ප්‍රකාශයට පත්කර තිබිණි. පැරිස් සමාජය යනු මෙරට ණය හිමි බටහිර රාජ්‍යයන් එක්ව 1956 දී දී ගොඩනඟා ගත් ප්‍රබල රාජ්‍යයන්ගේ එකතුවකි.

එසේම මුල්‍ය අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් නිල වශයෙන් සහතිකය ලබා දෙමින් ඉන්දියාව පෙබරවාරි 16 දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සිය සහතිකය යවා තිබිණි.

එවැනි වටපිටාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනයේ සහයෝගය නොසලකා ණය මුදල ලබාදීමට සාකච්ඡා කෙරෙමින් තිබිණි. පසුව මාර්තු 6 වනදා වන විට චීනය ද සිය සහාය පළකරන බව ප්‍රකාශ කරන්නට විය.

මේ සියලු සාධක රටේ වාසියට අවශ්‍ය ආකාරයට කළමනාකරණය කරමින් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය මාර්තු 21 දින සිය පළමු ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. ඔහු එය රටට ප්‍රකාශ කළේ තවදුරටත් අපේ රට බංකොළොත් රටක් නොවේ කියාය.