ඉන්දියාවේ සහල් අපනයන තහනමෙන් ලෝකයම අර්බුදයකට!

0

හළ යන දේශීය ආහාර මිල ගණන් අඩු කිරීමේ අරමුණින්, ඉන්දියාව බාස්මතී නොවන සුදු සහල් අපනයනය කිරීම පසුගිය ජූලි 20දා අත්හිටුවිය. මෙම තීරණය ලොව පුරා සහල් පාරිභෝගිකයන් භීතියට පත්කර ඇති අතර, ලොව පුරා ඇති ඉන්දියානු සිල්ලර වෙළඳසැල්වල සහල් රාක්ක හිස් කිරීමට හේතු විය. මෙම තත්වය ලෝක සහල් මිල ගණන් ඉහළ යාමට ද හේතු වී තිබේ.

ඉන්දියාවේ සහල් නිශ්පාදනය අඩාල වීමට මේ වන විට ඉන්දියාව, පකිස්ථානය ඇතුළු දකුණු ආසියානු කලාපයේ අවිනිශ්චිත මෝසම් වැසි සහ ගංවතුර හේතු වී ඇත. පොහොර මිල ඉහළ යාම නිසා සහල් නිෂ්පාදන වියදම ද ඉහළ ගොස් ඇත. එසේම මුදල් අවප‍්‍රමාණය වීම සහ උද්ධමනය විවිධ රටවලට ආනයන වියදම් තවදුරටත් ඉහළ නංවා ඇති අතර එමඟින් විය හැකි මිල වැඩිවීම් කළමනාකරණය කිරීමට දැඩි අපහසුවක් ඇති කර තිබේ.

කෙසේ වෙතත් අයහපත් කාලගුණික තත්ත්වයන්ට ගොදුරු විය හැකි කලාපවල අපේක්ෂිත නිෂ්පාදන හිඟයක් ඇතිවීමත් මත ඉන්දියාවේ බාස්මතී නොවන සහල් අපනයන තහනම ඉන්දියාව ගත් පූර්වාරක්ෂාකාරී පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මිනිසා ආහාරයට ගන්නා සහල් ප‍්‍රභේද ගණනාවක් තිබුණද ලොව පුරා වෙළඳාම් කෙරෙන ප‍්‍රධාන වර්ග හතරක් තිබේ. ප‍්‍රමාණයෙන් දිගු ඉන්ඩිකා සහල්, සුවඳැති බාස්මතී සහල් දෙවර්ගය සහ සුෂි සහ රිසෝටෝ සඳහා භාවිතා කරන කෙටි වර්ගයක් වන ජැපෝනිකා සහල් සහ රසකැවිලි සඳහා ග්ලූටිනස් ඇලෙන සුළු සහල් ඒ වර්ග සතර වේ.

ගෝලීය සහල් වෙළඳාමෙන් 40%ක් පමණ සිදු කරන ඉන්දියාව ලොව ඉහළම සහල් අපනයනකරුවෙකි. අනෙකුත් ප‍්‍රධාන අපනයනකරුවන් වන්නේ තායිලන්තය, වියට්නාමය, පකිස්ථානය සහ එක්සත් ජනපදයයි.

චීනය, පිලිපීනය සහ නයිජීරියාව වැනි රටවල් සහල් ආනයනය මත දැඩි ලෙස රඳා පවතින අතර, ඉන්දුනීසියාව සහ බංග්ලාදේශය වැනි තාවකාලික හදිසි ගැනුම්කරුවන් පවා හිඟ අවස්ථාවලදී ආනයන වැඩි කරයි. අප‍්‍රිකාවේ සහල් පරිභෝජනය ඉහළ යමින් පවතින අතර කියුබාව සහ පැනමාව වැනි ස්ථානවල එය තීරණාත්මක බලශක්ති ප‍්‍රභවයකි.

පසුගිය වසරේ ඉන්දියාව රටවල් 140කට සහල් ටොන් මිලියන 22ක් අපනයනය කර ඇති අතර ඉන් ටොන් මිලියන 6ක් පමණ අඩු මිලකින් යුතු ඉන්ඩිකා සුදු සහල් විය. තහනමට ලක් වූ සහල් අතර මෙම සහල් වර්ගය ද වේ.

ගෝලීය සහල් මිල සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි බලපෑම

ඉන්ඩිකා සුදු සහල් ඉන්දීය ගෝලීය වෙළඳාමෙන් 70%ක් පමණ වන අතර එහි අපනයනය අත්හිටුවීමත් සමඟ ගෝලීය සහල් මිල ඉහළ යාම පිළිබඳ විවිධ පාර්ශ්වල කනස්සල්ල මතු වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ ඡුසැරරු-ධකසඩසැර ඨදමරසබජය්ි පවසන පරිදි, මෙම තහනම නිසා මේ වසරේ ගෝලීය ධාන්‍ය මිල ගණන් 10% – 15% කින් ඉහළ යාමට හේතු විය හැකිය. මෙවැනි සීමා කිරීම් මත වෙනත් රටවලටද මේ හා සමාන ක‍්‍රියාමාර්ග ගැනීමට හේතු විය හැකි බවත් මෙම අපනයන සීමාවන් සෑම කෙනෙකුටම හානිකර විය හැකි බැවින් ඒවා ඉවත් කිරීම වඩා යහපත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එම නිසා ඉන්දියාවට එය නැවත සලකා බලන ලෙස නිර්දේශයක්ද කළේය.

අවාසනාවකට, ඉන්දියාවේ තහනම පසුගිය ජුනි මාසයේ සිට 14% කින් ඉහළ ගොස් ඇති ගෝලීය සහල් මිල ඉහළ යන කාල පරිච්ෙඡ්දයක් සමඟ සමපාත වීම මත මෙම ගැටළුව තවත් උත්සන්න කර තිබේ.

ඉන්දියාවේ සහල් උපාය මාර්ග සහ අභියෝග

ඉන්දියාව සතුව මේ වන විට සහල් ටොන් මිලියන 41ක දැවැන්ත තොගයක් ඇති අතර එය අවම වාර්ෂික අවශ්‍යතාවය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මෙම තොගය මිලියන 700කට අධික දරිද්‍රතාවයෙන් පෙළෙන ඉන්දියානුවන්ට සහන මිලකට ආහාර සපයන උපාය

මාර්ගික සංචිත සහ පොදු බෙදාහැරීමේ පද්ධතිය (ඡුෘී* සඳහා යොදා ගැනිමට ඉන්දියාව අදහස් කෙරේ.

කෙසේ වෙතත්, ඉන්දියාව ද මේ වන විට ආහාර උද්ධමනය ඉහළ යාම සමඟ පොරබදමින් සිටින අතර, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට දේශීය සහල් මිල 30%ට වඩා වැඩි වී ඇත. විශේෂයෙන්ම ඉදිරි මහ මැතිවරණ සහ ප‍්‍රාන්ත මට්ටමේ මැතිවරණ සමඟ මෙය දේශපාලන පීඩනයක් ඇති කර තිබේ.

ගෝලීය ප‍්‍රතිවිපාක

සහල් අපනයනය තහනම් කිරීම ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට හානි කළ හැකි බැවින් බොහෝ විශේෂඥයින් ඊට එරෙහිව තර්ක කරමින් සිටී. රටවල් 42ක පමණ සහල් ආනයනයෙන් 50%කට වැඩි ප‍්‍රමාණයක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් වන අතර, බොහෝ අප‍්‍රිකානු රටවල සහල් ආනයනයේ එහි වෙළෙඳපොළ කොටස 80% ඉක්මවයි.

බංගලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව වැනි ආසියානු රටවල සහල් දෛනික කැලරි ප‍්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් වන අතර එය 40% සිට 67% දක්වා පරාසයක පවතී.

මේ අනුව මෙම තහනම් කිරීම අවදානමට ලක්විය හැකි ජනගහනයට අසමාන ලෙස බලපායි. මන්ද ඉහළ යන මිල ගණන් ආහාර පරිභෝජනය අඩු කිරීමට හෝ අඩු පෝෂ්‍යදායී විකල්ප වෙත මාරු වීමට බල කළ හැකි බැවිනි. කෙසේ වෙතත්, ඉන්දියාවේ තහනම ආහාර සුරක්ෂිතතා සම්බන්ධයෙන් සලකා බැලීම් මත පදනම්ව සමහර රජයේ නැව්ගත කිරීම් සඳහා ඉඩ ලබා දී තිබේ.

 මෑත කාලීනව යුකේ‍්‍රන රුසියා යුද්ධය, කොරෝනා වසංගතය, ලෝක ආර්ථික අර්බුද ආදී තත්වයන් මත සිදු කළ ආහාර අපනයන තහනමට සාපේක්ෂව, විශේෂඥයින් තර්ක කරන්නේ ඉන්දියාවේ සහල් තහනම වැඩි අවදානමක් ඇති කරනු බවයි. එය ගෝලීය සුදු සහල් මිල ඉහළ යාමට හේතු විය හැකි අතර අප‍්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාවයට දැඩිව අහිතකර ලෙස බලපෑ හැකිය යන්නයි.

අර්බුදකාරී කාලවලදී අපනයන තහනම් කිරීම් අසාමාන්‍ය දෙයක් නොවන අතර, විශේෂඥයින් ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ එහි ප‍්‍රවේශය නැවත සලකා බලන ලෙසයි. ඉන්දියාවට වගකිවයුතු ගෝලීය නායකයෙකු වීමට නම් තම පුරවැසියන්ගේ සුබසාධනය සහ ගෝලීය ආහාර සැපයුම් දාමයේ ස්ථාවරත්වය යන දෙකම සහතික කිරීම සඳහා කල්පනාකාරී තීරණ ගැනීම අවශ්‍ය වේ යැයි ඔවුන් පෙන්වා දෙයි.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *