ඉන්දියාව, භාරත් ලෙස වෙනස් කිරීම G20 සමග කරලියට

0

ඉන්දියාව සිය නිල නාමය භාරත් ලෙස වෙනස් කිරීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර මට්ටමින්ම කතා පැතිරෙමින් තිබේ. මෙම කතාබහ පැන නැගුනේ G20 සමුළුවට ආරාධනා කිරීම සදහා යවනු ලැබු ආරාධනා පත‍්‍රවල

”ඉන්දිය අගමැති” යන්න වෙනුවට ”භාරත් අගමැති” ලෙස සටහන් කර තිබිමත් සම`ගිනි.

ඉන්දියාව මෙම සති අන්තයේ G20 සමුළුවට සත්කාරකත්වය දක්වන අතර, ”භාරත් ජනාධිපති” විසින් පවත්වනු ලබන රාජ්‍ය රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට ලෝක නායකයින්ට ආරාධනා කර ඇත.

අග‍්‍රාමාත්‍ය මෝදි බොහෝ විට ඉන්දියාව ”භාරත්” ලෙස හඳුන්වන අතර එය සංස්කෘත භාෂාවෙන් ලියා ඇති පුරාණ හින්දු ග‍්‍රන්ථ දක්වා දිව යයි. එය එහි ව්‍යවස්ථාවට අනුව රටේ නිල නම් දෙකෙන් එකකි.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ රජය ඉන්දියාවේ නගරවලත් දේශපාලන සහ ඉතිහාස පොත්වලිනුත් බි‍්‍රතාන්‍ය සංකේත ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙම පියවරයන්හී දිගුවත් ලෙස රටෙ නාමය වෙනස් කිරීම මේ දක්වා සිදු කර අති වඩාත්ම වැදගත් පියවරයන්ගෙන් එකක් ලෙසත් සැලකිල්ලට පත්ව තිබේ.

මෝදිගේ හින්දු ජාතිකවාදී පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) සාමාජිකයින් මීට පෙර ”ඉන්දියාව” යන නම භාවිතා කිරීමට එරෙහිව උද්ඝෝෂණයන්ද කර ඇත. මෙම නාමය බ්‍රිතාන්‍ය පාලන සමයේදී පනවා ඇත.

රජය මේ මස අගදී පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් කැඳවා ඇතත් ඔවුන් තවමත් තම ව්‍යවස්ථාදායක සැලසුම් හෙළි කර නැත. කෙසේ වෙතත්, නම් නොකළ රජයේ ආරංචි මාර්ග මාධ්‍ය වෙත පවසා ඇත්තේ ”භාරත්” යන නමට ප‍්‍රමුඛත්වය දීමට භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයින් විශේෂ යෝජනාවක් යෝජනා කළ හැකි බවයි.

මෙම සැලැස්ම පිළිබඳ කටකතා, විරෝධය සහ උද්යෝගිමත් සහයෝගය යන දෙකම අවුලූවා ඇත.

විපක්‍ෂයේ කොංග‍‍්‍රස් පක්‍ෂයේ ශෂී තරූර් තම බලාපොරොත්තුව ප‍‍්‍රකාශ කළේ රජය ඉන්දියාව යන නම සම්පූර්ණයෙන්ම ඉවත නොදමනු ඇති බවයි. ”ඉන්දියාව” යනු ඉතිහාසයේ ගිලී ඇති නමක් වන අතර ලොව පුරා පිළිගැනෙන නමක් නිසා එම නම් දෙකම දිගටම භාවිතා කළ යුතු බව ඔහු විශ්වාස කරයි.

හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් නම වෙනස් කිරීමේ අදහස පිළිගත් අතර කණ්ඩායම් නිල ඇඳුම් සඳහා ”භාරත්” භාවිතා කිරීමට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය දිරිමත් කළේය. ඉන්දියාව යනු බි‍්‍රතාන්‍යයන් විසින් ලබා දුන් නමක් බවත්, ඔවුන්ගේ මුල් නම වන ”භාරත්” නැවත ලබා ගැනීමට කාලය එළඹ ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

වසර ගණනාවක් තිස්සේ විවිධ ඉන්දියානු පාලනයන් විසින් මාර්ග සහ සමස්ත නගර පවා නැවත නාමකරණයට ලක් කිරීමෙන් බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදයේ සලකුණු ඉවත් කිරීමට උත්සාහ කර ඇත. මෝදිගේ නායකත්වය යටතේ මෙම ප‍්‍රයත්නය වඩාත් ප‍්‍රමුඛ වී ඇත්තේ ඉන්දියාව සිය යටත්විජිත අතීතය මකා දැමිමේ අවශ්‍යතාවය ඔවුන් දැඩිව අවධාරණය කරන බැවිනි.

යටත් විජිත යුගයේ ව්‍යුහයන් ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා බි‍්‍රතාන්‍යයන් විසින් මුලින් නිර්මාණය කරන ලද නවදිල්ලියේ පාර්ලිමේන්තු පරිශ‍්‍රය ද මෝදිගේ පරිපාලනය විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලදී.

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් විස්තර කරන ලද පරිදි, බි‍්‍රතාන්‍ය රාජාණ්ඩුව සහ යටත්විජිතවාදයේ අනෙකුත් සංකේත පිළිබඳ සඳහනයන් ඉවත් කිරීම සඳහා ඉන්දියාවේ නිදහසට පෙර පනවන ලද අපරාධ නීති සංග‍්‍රහය ප‍්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ද රජය පසුගිය මාසයේ ගෙනහැර දැක්වීය.

මෝදිගේ රජය බි‍්‍රතාන්‍ය පාලනයට පෙර පැමිණි මෝගල් යුගයේ සිට ඉස්ලාමීය ස්ථාන නාම ද වෙනස් කර ඇත. නමුත් විචාරකයින් තර්ක කරන්නේ මෙම ක‍්‍රියාවන් ඉන්දියාවේ හින්දු බහුතර ආගම අවධාරණය කිරීමට ඇති ආශාවේ දිගුවක් බවයි.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *