සඳ ඉලක්ක කළ ජපානයේ Moon Sniper ක‍්‍රියාත්මක වෙයි!

0

H-IIA rocket carrying the national space agency's moon lander is launched at Tanegashima Space Center on the southwestern island of Tanegashima, Japan in this photo taken by Kyodo on September 7, 2023. Mandatory credit Kyodo/via REUTERS

ජපානය, සඳ ගවේෂණය සදහා අභ්‍යවකාශ යානයක් සාර්ථකව දියත් කිරිමට මේ සතියේදි සමත් විය. මේ සම`ග සඳ තරණය කළ ලොව පස්වන රට වීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) කියා සිටියේ දකුණු ජපානයේ thanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඔවුන් තමන්ගේම H-IIA  රොකට්ටුව භාවිතා කළ අතර එය සාර්ථකව චන්ද්‍ර ගවේෂණය සඳහා වන Smart Lander (SLIM) මුදා හැරිය බවත්ය.

මෙම මෙහෙයුම සඳහා ඩොලර් මිලියන 100ක් පමණ වැය වන අතර ඉන්ධන කාර්යක්‍ෂම ගමන් මාර්ගයකින් පසු 2024 පෙබරවාරි මාසයේදී එය ස`ද මත ගොඩබෑමට අපේක්ෂා කෙරේ. ”‍මූන් ස්නයිපර්”‍ ලෙස හඳුන්වන SLIM ලෑන්ඩරය සඳ මත තම ඉලක්කයට ඉතා ආසන්නව මීටර් 100ක් ඇතුළත ගොඩබෑමට අපේක්ෂා කරයි. SLIM හි ප‍්‍රධාන අරමුණ වන්නේ තමන්ට පහසු තැනට පමණක් නොව තමන්ට අවශ්‍ය තැනට ඉතා නිවැරදිව සඳ මතුපිටට ගොඩ බැසීමට හැකි බව පෙන්වීමයි. මාධ්‍ය හමුවකදී JAXA හි සභාපති Hiroshi Yamakawa මේ බව පැහැදිලි කළේය. මේ වන විට JAXA හට SLIM වෙතින් සංඥා ලැබී තිබේ. ඒ අනුව එය හොඳින් ක‍්‍රියාත්මක වන බව පෙන්නුම් කරන බව සභාපතිවරයා මාධ්‍යයට පැවසුහ. කෙසේ නමුත් මෙම මෙහෙයුම අයහපත් කාලගුණය නිසා පසුගිය මාසයේ තුන් වතාවක් ප‍්‍රමාද විය.

ජපානයේ මෙම දියත් කිරීම සිදුවන්නේ ඉන්දියාව සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමෙන් සති දෙකකට පසුවය. අනෙක් අතට රුසියාවේ ලූනා-25 ලෑන්ඩරය ගොඩබෑමට උත්සාහ කිරීමේදී කඩා වැටුණු පසුබිමක් තුළය.

පසුගිය වසර තුළ ජපානයේ සඳ ගොඩබෑමේ උත්සාහයන් දෙකක් අසාර්ථක විය. එහිදී ඔවුන්ට OMOTENASHI ලෑන්ඩරය සමඟ සම්බන්ධතා නැති වූ අතර නොවැම්බර් මාසයේදී ගොඩබෑමේ උත්සාහයක් අවලංගු කිරීමට සිදු විය. ispace නම් ජපානයේ ආරම්භක සමාගමක් විසින් සාදන ලද Hakuto-R Mission 1 ලෑන්ඩරය ද අපේ‍්‍රල් මාසයේදී කඩා වැටුණි.

SLIM if`oys Mare Nectaris නම් අඳුරු ස්ථානයට ආසන්නව ගොඩබසිනු ඇත. එය උසස් දෘෂ්‍ය සහ රූප සැකසුම් තාක්‍ෂණය පරීක්‍ෂා කරන අතර සෙ`දහි සම්භවය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට පාෂාණ විශ්ලේෂණය කරනු ඇත.

SLIM වලට අමතරව, H-IIA රොකට්ටුව, JAXA, NASA සහ European Space Agency හි ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන X-Ray Imaging and Spectroscopy Mission (XRISM) චන්ද්‍රිකාව ද රැගෙන ගියේය. XRISM විසින් අභ්‍යවකාශයේ ඇති ප්ලාස්මා සුළං අධ්‍යයනය කරනු ඇත, තාරකා සහ මන්දාකිණි පරිණාමය වන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා මෙම පර්යෙෂණ වැදගත් වේ.

Mitsubishi Heavy Industries විසින් H-IIA රොකට්ටුව නිෂ්පාදනය කර දියත් කිරීම කළමනාකරණය කළේය. 2001 වසරේ සිට ජපානය මෙවැනි රොකට්ටුවක් භාවිතා කළ 47 වැනි අවස්ථාව මෙය වූ අතර එය ඉතා සාර්ථක වී ඇත. 2024 දී එහි 50 වැනි දියත් කිරීමෙන් පසු H-IIA විශ‍්‍රාම ගැනීමට ද ඔවුන් සැලසුම් කරයි.

ජපානයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා විශාල රොකට් නිපදවීම ඉතා වැදගත් බව ජපාන අග‍්‍රාමාත්‍ය ෆුමියෝ lsIsvd SLIM අභ්‍යවකාශගත කිරීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කළේය.

මේ අතර ඉන්දියාවේ මීළඟ සඳ තරණයේ ලෑන්ඩරය රැගෙන යාමට ජපානයේ H3 රොකට්ටුව භාවිතා කිරීමට නියමිත් අතර 2025න් පසු සඳ ගවේෂණය කිරීමේ මෙහෙයුමක් සඳහා ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සමඟ එක්ව කටයුතු කිරීමට JAXA සැලසුම් කරන බවටද තොරතුරු වාර්ථා වේ.

2020 අග භාගයේදී සැලසුම් කළ පරිදි නාසා ආයතනයේ ආටෙමිස් වැඩසටහනේ කොටසක් ලෙස ගගනගාමියෙකු සඳ මතුපිටට යැවීම ජපානයෙ දිගුකාලීන ඉලක්කයය වී ඇත.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *