ඇමෙරිකාවේ අරගල කළ Proud Boys නායකයන් ඇතුළු 600කට සිරදඬුවම්

0

ත්‍රස්තවාදි දේශපාලන මත දරමින් කටයුතු කරන අමරිකාවේ ”ආඩම්බරකාර කොල්ලන්, (ඡුරදමා ඊදහි* කණ්ඩායමේ හිටපු නායකයෙකුට වසර 17ක සිර දඬුවමක් එක්සත් ජනපද අධිකරණය විසින් ලබා දී ඇත. මෙම ද`ඩුවම ස`දහා පාදක වන්නේ ඔහු එක්සත් ජනපද කැපිටල් කාර්යාල පරිශ‍්‍රය වෙත ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන්

ප‍්‍රධාන භූමිකාවක් ඉටු කළ බැවිනි. (එක්සත් ජනපද කැපිටල් කාර්යාලය යනු එක්සත් ජනපද ෆෙඩරල් රජයේ ව්‍යවස්ථාදායක ශාඛාවේ නිවහනයි. මෙය වොෂින්ටන් ඞී.සී.හි, කැපිටල් හිල්හි පිහිටා ඇත. ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීති නිර්මාණය කිරීමට, වාද විවාද කිරීමට සහ සම්මත කිරීමට කොන්ග‍්‍රසය රැස්වන ස්ථානය ද මෙය වේ. ප‍්‍රසිද්ධ රොටුන්ඩා සහ ජාතික ප‍්‍රතිමා ශාලා එකතුව, ඇතුළුව වැදගත් ඓතිහාසික කෞතුක වස්තු සහ කලා කෘති ද කැපිටල්හි තැන්පත් කර ඇත.* මෙම ප‍්‍රහාරය 2020 නොවැම්බර් ජනාධිපතිවරණයේ ප‍්‍රතිපල නිකුත්වීමෙන් පසුව සිදු වූ අතර එය ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සිට ජෝ බයිඩන් වෙත සාමකාමී බලය මාරු කිරීම නැවැත්වීම ඉලක්ක කරමින් දියත් කරවන ලද්දකි.

ප‍්‍රවුඞ් බෝයිස් සංවිධානයේ එවකට හිටපු නායකයකු වන ජෝසප් බිග්ස් නම් පුද්ගලයා එහි සාමාජිකයන් සමඟ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල වෙත පෙළපාලි යාම සංවිධානය කිරීම සහ ඒ සඳහා ප‍්‍රචණ්ඩ පෙළඹවීම කළේය. මෙය සිදු වූයේ 2021 ජනවාරි 6 වනිදාය.

බිග්ස් සහ අනෙකුත් ආඩම්බරකාර කොල්ලන් සංවිධානයේ සාමාජිකයන් විශාල පිරිසක් පොලිස් මාර්ග බාධක බිඳ දමා කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා පැන නීති සම්පාදකයින් බිය වැද්දීම හේතුවෙන් ජීවිතාරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට පළා යාමට සිදු විය. මෙහිදී බයිඩෙන් මැතිවරණය ජයග‍්‍රහණය කළ බවට කොන්ග‍්‍රසය තහවුරු කරමින් සිටි රැස්වීමක් මෙම කාණ්ඩායම විසින් කඩාකප්පල් කර තිබිණි.

තමන්ගේ දඬුවම නියම කිරීමට පෙර බිග්ස් විනිසුරුවරයාට පැවසුවේ, ”‍මම එදා අවුල් ඇති කළ බව මම දනිමි, නමුත් මම ත‍්‍රස්තවාදියෙකු නොවේ.”‍ යනුවෙනි.

දීර්ඝ නඩු විභාගයකින් පසු මැයි මාසයේදී ජූරි සභාවක් විසින් වරදකරුවන් කරවූ තවත් ප‍්‍රවුඞ් බෝයිස්හි සාමජිකයන් හතර දෙනෙකුට විනිසුරුවරයා ඉදිරියේදී දඬුවම් නියම කරනු ඇත. ප‍්‍රවුඞ් බෝයිස්හි තවත් නායකයෙකු වන එන්රික් ටැරියෝට ලබන සතියේ දඬුවම් නියම වනු ඇත. විනිසුරුවරයා අසනීප වූ බැවින් මෙම සතියේ නඩුව කල් තැබීය.

බිග්ස් ෆ්ලොරිඩාවේ ජීවත්ව සිටි අතර ඔහු කලක් එක්සත් ජනපද හමුදාවේ සිටියේය. පසුව ඔහු අන්ත දක්ෂිණංශික කුමන්ත‍්‍රණ න්‍යායන් පතුරවන වෙබ් අඩවියක වාර්තාකරුවෙකු ලෙසද කටයුතු කළේය.

බිග්ස් සහ අනෙකුත් සාමාජිකයන් රැසක් කැරැල්ලක් ආරම්භ කිරීම ඇතුළු බරපතල චෝදනාවලට වැරදිකරුවන් විය. එමෙන්ම 2020 මැතිවරණය ප‍්‍රතිඵල වංචාකරන ලද බවට ට‍්‍රම්ප් විසින් ප‍්‍රකාශ කරන ලද බොරුව, අන්ත දක්ෂිනාංශික අන්තවාදී කොටස් විශ්වාස කරන ආකාරය ද මෙම නඩු විභාගය තුළදී පෙන්නුම් කළේය.

චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් තර්ක කළේ ට‍්‍රම්ප්ට සහය දුන් කැපිටල්හි වෙනත් පිරිස් විසින් සිදු කරන ලද ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය තම සේවාදායකයින් වන ප‍්‍රවුඞ් බෝයිස් නායකයන්ට දොස් පවරන බවයි.

කෙසේ වෙතත් කැපිටල් ප‍්‍රහාරයට සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 1100කට වැඩි පිරිසකට මේ වන විට චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන්ගෙන් 600කට වැඩි පිරිසක් වැරදිකරුවන් වී දඬුවම් ලබා ඇත.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *