ඉරානය යලි නැගිටින උත්සායක

0

ඉරාන ජනාධිපති ඒබ‍්‍රහම් රයිසි ජාත්‍යන්තර සබදතා තර කර ගැනීම වෙනුවෙන් මේ දිනවල වෙහෙසෙමින් සිටී. ඒ අතර අප‍්‍රිකානු රටවල් තුනක කළ සංචාරය විශේෂ කතාබහකට හේතු වී ඇත. කෙන්යාව, උගන්ඩාව සහ සිම්බාබ්වේ රාජ්‍යයන්හී කළ මෙම සංචාරය වසර දහයකට වැඩි කාලයකට පසු ඉරාන ජනාධිපතිවරයෙකුගේ පළමු අප‍්‍රිකානු සංචාරය වේ. ඉරානය එක්සත් ජනපද දැඩි ආර්ථික සම්බාධකවලට මුහුණ දෙමින් පීඩාවට පත්ව සිටීම මත ඉරානයේ ආර්ථික සබඳතා පුළුල් කිරීම මෙම සංචාරයෙ අරමුණ වී තිබිණි.

මෙම සංචාරයේදී ජනාධිපති රයිසි සහ කෙන්යාවේ ජනාධිපති රූටෝ සමඟ පර්යේෂණ සහ තාක්‍ෂණය යොදා ගනිමින් කෙන්යාවේ නිෂ්පාදන, සෞඛ්‍ය සහ මුහුදු ආර්ථික (ඊකමැ ෑජදබදපහ* ක්ෂේත‍්‍ර වැඩිදියුණු කිරීමේ ක‍්‍රම පිළිබඳව සාකච්ඡුා කළ අතර කෙන්යාව ඉරානය සමඟ වෙළඳාම වැඩි කිරීමට උනන්දු වෙයි. කෙන්යානු තේ, මස් සහ අනෙකුත් ගොවිපල නිෂ්පාදන අපනයනය වැඩි කිරීමට තම රජය ඉරානය සමඟ කටයුතු කරන බව ජනාධිපති රූටෝ සඳහන් කර ඇත. මෙම වෙළඳාම ඉරානය හරහා මධ්‍යම ආසියානු වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශවීමට කෙන්යාවට ද උපකාර වනු ඇත.

කෙන්යා සංචාරයෙන් පසුව ජනාධිපති රයිසි උගන්ඩාවේ සහ සිම්බාබ්වේ සංචාරයන්හිදී වෙළඳ සහ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබිණි. ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ අප‍්‍රිකානු රටවල් සමඟ වෙළඳාම මේ වසරේදී ඩොලර් බිලියන 2 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙන්යාවේ විදේශ අමාත්‍යාංශයට අනුව, නැගෙනහිර අප‍්‍රිකාවේ ප‍්‍රමුඛ ආර්ථිකයක් වන කෙන්යාවේ සංචාරය, දෙරටටම ඔවුන්ගේ පුරවැසියන්ගේ ප‍්‍රයෝජනය සඳහා ද්විපාර්ශ්වික සබඳතා නැවත මැන බැලිමකට සහ ඉහළ නැංවීමට අවස්ථාවක් සැලසෙනු ඇත.

ඉරාන නායකයෙකු අවසන් වරට අප‍්‍රිකාවට ගොස් ඇත්තේ 2013 වසරේදී මහමුද් අහමදිනෙජාඞ් එම සංචාරය සිදු කළ අවස්ථාවේදීය. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යටතේ එක්සත් ජනපදය න්‍යෂ්ටික ගිවිසුමින් ඉවත් වී 2018 සිට සම්බාධක නැවත ස්ථාපිත කිරීමෙන් පසුව ඉරානය සංවර්ධනය වෙමින් පවතින රටවලට සම`ග ද්වි පාර්ෂවික සබ`දතා සහ වෙළ`ද ගිිවිසුම් ස`දහා යොමුවෙමින් පවති.

පසුගිය ජූනි මස මුළදී, ජනාධිපති රයිසි ලතින් ඇමරිකානු රටවල් තුනක ද සංචාරය කළේ එක්සත් ජනපද සම්බාධකවලට මුහුණ දෙන රටවල් සමඟ මිත‍්‍ර සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා ය.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *