අයියට සෙකන්ඩ් නැති නංගී ඇමරිකාවට තග දමයි

කොරියානු මුහුද ආශ්‍රිතව අමෙරිකාව හා දකුණු කොරියාව සමඟ එක්ව සිදු කරනු ලබන යුද අභ්‍යාසයට එරෙහිව ඉහළම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන්ගේ සොහොයුරිය වන කිම් යෝ ජොන් අනතුරු අඟවා ඇත.

ඇය පෙන්වා දෙන්නේ මිසයිලයක් අවහිර කිරීමට අමෙරිකාව දරණ ඕනෑම උත්සහයක් තම රටට එරෙහිව එල්ල කරන යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවය.

උතුරු කොරියාව පැසිෆික් මුහුද වෙත අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල එල්ල කළහොත් එය අවහිර කිරීමට පියවර ගන්නා බව අමෙරිකාවේ ඉන්දු පැසිෆික් කලාපීය හමුදා අණ දෙන නිලධාරියා ප්‍රකාශ කර තිබුණි.

අමෙරිකාව දකුණු කොරියාව සමග එක්ව මහා පරිමාණ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක් පසුගිය මාර්තු 06 වැනිදා පවත්වා ඇති අතර ඒ සඳහා න්‍යෂ්ටික හැකියාව ඇති උපායමාර්ගික බෝම්බ හෙළන යානා ද යොදාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ලබන 13 වනදා සිට 23 වනදා දක්වා තවත් යුද අභ්‍යාසයක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.