රට දියුණු කිරීමේදී පක්ෂ-විපක්ෂ භේදයක් නොමැති බව මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයේදී ජනපති පවසයි

රට දියුණු කිරීමේ දී චන්ද්‍රිකා කුමාරතුංග ද මහින්ද රාජපක්ෂ ද නැති නම් වෙනත් කණ්ඩායමක් ද යනුවෙන් පක්ෂ විපක්ෂ භේදයක් නොසලකා එක් වී වැඩ කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.

මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ  පෙරේදා (06)  පොදුජන පෙරමුණේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර දුම්රියපොළ ක්‍රීඩාංගණයේදී පැවති ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උත්සවයට එක්වෙමිනි.