කොහොම කළත් තියෙන හොඳම විකල්පය ගන්න ජනපති

0

සතියට රටවල් පහක් එක තැන

විදෙස් රාජ්‍ය නායකයන් අතර ගෙවුණු ඉකුත් සතිය ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු ලද සුවිශේෂි අත්දැකිමක් විය. රාජ්‍ය ප‍්‍රධානින් පස් දෙනෙකු සතියක් තුළ මුණ ගැසීමේ භාග්‍ය ජනපති රනිල් වික‍්‍රමසිංහට උදා වූවේය. අගමැති

මෝදිගෙන් පටන් ගෙන ජපන් රාජ්‍ය ඇමති ෆුජිමාරු දක්වා විදෙස් රාජ්‍ය ප‍්‍රධානීන් ජනපති රනිල් මුණ ගැසුණේ දින 10ක් තරම් කෙටි කාලයක් තුළදීය.

ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා අළුයම ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මුණ ගැසී පැය කිහිපයක් ගත වූ එදිනම උදෑසන ජපන් විදේශ ඇමති හයාෂි යොෂිමාසා මුණ ගැසුණේ සිය නිල නිවසෙදීය. ස`දුදා දිවා කාලයේ තවත් ජපන් ¥ත පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණ සිටියේ ලේකම් කාර්යාලයටය.

ඒ ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි සහ ප‍්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ හිටපු රාජ්‍ය ඇමති යමමොටෝ කොසෝ ය. ඔවුන් වත්මන් ජපන් අගමැතිගේ දේශපාලන පක්ෂය නියෝජනය කරන අය වීම විශේෂත්වයකි.

අතරම`ග ඇනහිට ඇති ජපන් ආයෝජන ගැන ඔවුන් ජනපති හා සාකච්ඡුා කළෝය. මේ අතර එදින උදෑසන ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක ජනපති මුණ ගැසුණේ ඒ වනවිට රට තුළ උද්ගතව පැවැති ගැටළුවක් සිහිපත් කිරීමටය.

විදුලිය එකට

”සර් හම්බන්තොට සහ මොණරාගල අතර ගොවීන් පිරිසක් ජල හි`ගයකට මුහුණ දීලා ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ අයට වගා කරන්න සමනල වැවෙන් වතුර ඉල්ලනවා. විදුලිබල මණ්ඩලය ඒකට කැමති නෑ. එයාලා කියන්නේ වතුර දුන්නොත් දිස්ත‍්‍රික්ක පහකට පැය 3 ක් විදුලිය කපන්න වෙනවා කියලායි.” කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල කීවේය.

”මේ මොහොතේ විදුලිය කප්පාදුවකට යන්න බෑ. අනෙක් පැත්තෙන් ගොවීන් අත් හරින්නත් බෑ. නමුත් ගන්න තියෙන හොදම විකල්පය අපිට ගන්න වෙනවා.” ජනපති අදහස එය විය.

”වගා හානි වුනොත් ගොවීන්ට වගා වන්දි ගෙවන්න පුළුවන්. විදුලිය නතර කළොත් කර්මාන්ත ආදී ක්ෂේත‍්‍ර ගණනාවකට හානි වෙනවා.” ඇමති කංචන කීවේ එවැන්නකි.

”මෙතන තව ප‍්‍රශ්නයක් තියෙනවා. මේ දිස්ත‍්‍රික්ක 5ක් ප‍්‍රධාන පද්ධතියට සම්බන්ධ වෙලා නෑ. වසර කිහිපයක් තිස්සේ සම්පේ‍්‍රෂණ මාර්ගය ඉදිකිරීම් කරන්න බැරිව ඉන්නවා එක පුද්ගලයෙක් නිසා.” සාගල යළි කතා කළේය.

”කොහොම කළත් හොදම විකල්පයට යන්න. ඒ විකල්පය මට දෙන්න මොකක් වුනත් ඒක කැබිනට් එකට දාලා අනුමත කරගන්න වෙනවා.” ජනපති උපදෙස් දුන්නේය.

කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක කැදවූ ජනපති රනිල් ඔහුට තවත් රාජකාරියක් භාර දුන්නේය. ඒ අස්වැසුම වැඩසටහන හා සමෘද්ධිය අතර තිබෙන ගැටළුව විසදීමය. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා එක්වී වැඩපිළිවෙලක් සැකසුවේ ඒ අනුවය.

අස්වැසුම ප‍්‍රතිලාභ හිමි නොවන සමෘද්ධිලාභීන්ට තවදුරටත් මුදල් ගෙවීම මෙහි එක් යෝජනාවකි. එසේම අස්වැසුම ප‍්‍රතිලාභීන්ට ජුලි සහ අගෝස්තු දීමනාවද එලෙසම ගෙවීමටත් හැකි ඉක්මණින් අභියාචනා හා විරෝධතා අවසන් කිරීමටත් එහිදි තීන්දු කෙරිනි. ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාව මුදල් ඇමති ලෙස ජනපති රනිල් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිවිනි.

ඇමති මණ්ඩල හමුවේදි නිය`ගය හා සමනල වැව විදුලි ගැටළුව ගැන ද සාකච්ඡුාවට ඇදී ආවේය. විදුලිබල ඇමති කාංචන විදුලියට අදාළ ගැටළුව ඉදිරිපත් කළ අතර කෘෂි ඇමති මහින්ද අමරවීර ගොවි ගැටළුව ඉදිරිපත් කළේය. පසුව ගොවීන්ට වෙනත් විකල්පයක් සොයා දීමට හා විදුලිය වෙනුවෙන් සමනල වැව ජලය ඉතිරි කර ගැනීමට ඇමති මණ්ඩලය තීන්දු කෙරිනි.

ඊට අමතරව දකුණු පළාත රටේ ප‍්‍රධාන සම්පේ‍්‍රෂණ ධාරාවට සම්බන්ධ නොවීම ගැන සොයා බලන ලෙස ද ජනපති රනිල් උපදෙස් දුන්නේ සාගල රත්නායකට හා ඇමති කාංචනටය. ඔවුන් මේ ගැන සොයා බැලීමේදි හෙළිදරව් වූවේ එක් තේ වත්තක් මැදින් සම්පේ‍්‍රෂන රැුහැන් ඇදීමට එහි හිමිකරු විටින් විට කොන්දේසි ඉදිරිපත් කිරීම හා ඒවා වෙනස් කිරීම ගැටළුවට හේතුව බවය. මේ බව ජනපති දැනුම්වත් කිරීමෙන් පසු ඔහු කීවේ කමිටුවක් පත් කොට හැකි ඉක්මණින් ප‍්‍රශ්නය විසදන ලෙසය.

අගහරුවාදා පොහොය දිනය යෙදී තිබුණු බැවින් එදින විවේකයක් ගන්නා බව කාර්ය මණ්ඩලයට දැනුම් දුන් ජනපති රනිල් ජපන් දූත පිරිස ගැන සොයා බැලීමේ වගකීම කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායකට පැවරුවේය.

ජපන් අතහිත

අදාළ දූත පිරිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර ද මුණ ගැසී තිබුණු අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල ද ඊට එක්ව සිටියේය. මෙහිදි ජපන් රැකියා ගැනද සාකච්ඡා වූ අතර ඇමති මනූෂ ඉල්ලා සිටියේ ත‍්‍රිවිධ හමුදාවෙන් විශ‍්‍රාම ගන්නා කණ්ඩායම් වෙනුවෙන් අවශ්‍ය පුහුණුව හා ප‍්‍රමුඛතාවය ඊට ලබා දෙන ලෙසය.

ඒ වෙනුවෙන් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීම ගැන ද ඔවුන් කතා බහ කළෝය. ජපන් රජයේ ප‍්‍රධානීන් මෙලෙස ජනපති ඇතුළු ඇමතිවරුන් මුණ ගැසෙද්දී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මුණ ගැසුණේ ජපන් විදේශ ඇමති සම`ග පැමිණි ආසියා පැසිපික් කලාපයේ අධ්‍යක්ෂ අයිවස් කිචරෝය.

මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් යෝජනා 4ක් මහලේකම්වරයා විසින් ජපන් අධ්‍යක්ෂවරයා වෙත යොමු කළේ මේ හමුවේදීය. ඉංග‍්‍රිසි භාෂාවෙන් ආරම්භ වූ මෙම කතා බහ අවසන් වූවේ ජපන් හා සිංහල භාෂාවන් ගෙනි. ඒ ඔවුන් දෙදෙනා සමුගනිද්දි මහලේකම් රංගේ ජපන් භාෂාවෙන් ඔහුට සුබ පතද්දී, ජපන් අධ්‍යක්ෂවරයා සිංහලෙන් සුබ පැතීමත් සම`ගය. මහලේකම් මේ ගැන විමසද්දී ඔහුට දැන ගැනීමට ලැබුණේ අයිවස් කිචරෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව ඉගෙන ගෙන ඇති බවය.

මහලේකම්ට ජපන් භාෂාව ඉගෙනීමට ආරාධනා කරමින් අධ්‍යක්ෂ අයිවස් කිඩරෝ සමුගත්තේ ලේකම් රංගේ ඉදිරිපත් කළ යෝජනා ජපන් රජයට භාරදෙන බව කියමිනි.

ඇමති මනූෂ හා කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල ජපානයේ සිට මෙරටට පැමිණ සිටින රාජ්‍ය ඇමති ෆුජිමාරෝ ඇතුළු ¥ත පිරිසට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සංවිධානය කළේ කොළඹ අවන්හලකදීය. ජනපති උපදෙස් මත සංවිධානය වූ මෙම රාත‍්‍රී භෝජනය සංග‍්‍රහය රසවත් එකක් වූවේ සිංහල හා ජපන් ගීතවලින් සවන් පිරී ඉතිරි යාම නිසාවෙනි.

ඇමති මනූෂ තබ්ලා ගසද්දී ෆුජුමාරු ඇමති ඇතුළු පිරිස ගීත ගයන්නට වූහ. අවසානගේ ගී ගයමින් නටමින් මොවුන් විනෝද වූවේ ශ‍්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය අගය කරමිනි.

ජනපති රනිල් බදාදා පෙරවරුවේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් මුණ ගැසුණේ පවතින සෞඛ්‍ය අර්බුදය ගැන කතා කිරීමටය. ජනපති රනිල් මුලින්ම ඔවුන්ට කීවේ සෞඛ්‍ය ආඥා පනත වෙනස් කරන ලෙසයි. ඉංග‍්‍රීසින් ගෙනා සෞඛ්‍ය ආඥා පනත දැන් යල් පැන ගිය එකක් බැවින් නව පනතක් මාස 6ක් තුළ සකස් කරන්නැයි ජනපති රනිල් නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළු විසදීම වෙනුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කිරීමට ද ඔහු එහිදී පියවර ගත්තේය.

මහ සමුළුවකට ලකලෑස්තිය

එදින සවස පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ජනපති එක්වූවේ පක්ෂ නායකයා ලෙසටය. පක්ෂ ව්‍යවස්ථාව අනුව නායකයා නොමැතිව කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය නොහැකිය. පක්ෂ නායකයා පැමිණීමට ප‍්‍රථම කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත කෙමෙන් කමෙන් පැමිණෙන්නට වූහ.

කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් නොවුන ද ඇමති හරීන් ප‍්‍රනාන්දු හා මනූෂ නානයක්කාර ද සිරිකොතට පැමිණෙනු එහි සිටියවුන්ට දැක ගන්නට හැකිවූනි. ඔවුන් මේ ගැන කසුකුසු නගද්දී ඔවුන් දෙපළ ගියේ පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායකගේ නිල කාමරයටය.

ඔවුන් දෙපළ නිල කාමරයට ඇතුළු වෙද්දී ”අපේ ආරාධනාව පිළිගෙන පැමිණීම ගැන සතුටුයි.” සාගල කීවේ ඔවුන් දෙපළ පිළිගනිමිනි. ”මේක අපේ මහගෙදරනේ.” දෙදෙනා පිළිතුරු බැන්දේ එකටය.

නායකයා පැමිණ කෘතයාධිකාරි මණ්ඩලය ආරම්භ වන තෙක් ඔවුන් එහි රැඳෙමින් රටේ ප‍්‍රශ්න කතා බහ කරන්නට වූහ. කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ගෙන් නව දෙනෙකු හැර සෙසු සියල්ලෝම ඊට සපැමිණ සිටියහ. මෙම නව දෙනා මෙයට සහභාගී නොවන බව කල් තියා දැනුම් දී තිබුණේ විවිධ හේතු ඉදිරිපත් කරමිනි.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භයේදීම පක්ෂ නායක ජනපති රනිල් විසින් ඇමති හරීන් හා මනුෂ දෙපළ පිළිගනිමින් සමාව අයදීමට යටත්ව ඔවුන් නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලයට එක් කරගන්නා බව කීවේ කාගෙත් සිනා මැදය.

පක්ෂ මහලේකම් සම්මේලන දිනයට අනුමැතිය ගැනීමෙන් පසු 77 වැනි සංවත්සර සම්මේලනය පැවැත්වීමට අදාළව 14 දෙනෙකුගෙන් සමන්විත සංවිධාන කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා ගත්තේය.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් අමතමින් පක්ෂ නායක ජනපති රනිල් ඞී.එස්. සේනානායක ශ‍්‍රීමතාණන්ගේ සිට වත්මන් පක්ෂ නායකයා දක්වා කාලය තුළ වූ දෑ ගෙන හැර පාමින් පක්ෂය ගමන් කළ යුතු ආකාරය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. එකමුතුවකින් තොරව පක්ෂය කල්ලි කණ්ඩායම් වශයෙන් බෙදීම නිසා ඇතිවූ විනාශයන් ගැන ද පැහැදිලි කළ ජනපති රනිල් ඉදිරියට පක්ෂය සාමුහික ගමණක් යාම ගැන කරුණු දැක්වූවේ අනාගතය ගැනද කියා පාමිනි.

බ‍්‍රහස්පතින්දා සුපුරුදු පරිදි ජනපති මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ සතියේ ආර්ථික සමාලෝචනය වෙනුවෙනි. මුදල් අමාත්‍යාංශය වෙත සුපුරුදු පරිදි මැති ඇමතිවරු පිරිසක් ද පැමිණ සිටියේ ජනපති හා කතා බස් කිරීමටය.

ජල ගාස්තු සංශෝධනය ගැන මෙන්ම ජාතික ගීය වෙනස් කිරීම ගැන ද මෙහිදි සාකච්ඡුා වූහ. ජල ගාස්තු වැඩිවීම කෙටිකාලීන තත්ත්වයක් බවත් පසුව මෙය වෙනස් වනු ඇති බවත් එහිදී කරුණු හෙළිදරව් වූවේය. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ගැන මෙන්ම 13 වැනි සංශෝධනය ගැන ද මෙහිදි කතා වූවේය.

Mediaman

Leave a Reply

Your email address will not be published. Required fields are marked *