විසඳිය යුත්තේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ද? දෙමළ පක්ෂවල ප්‍රශ්න ද?

0

”අතට ගත් දේ කටට දාගන්න පින නෑ”‍ යන්න ගැමි වහරේ ප‍්‍රසිද්ධ කියමනකි. මේ අතට ගත්තේ කුමක්ද? කටට දාගන්න බැරි වුනේ කුමක්ද? එසේ බැරි වෙන්න හේතුව කුමක්ද? යන ප‍්‍රශ්නවලට අප මේ ලිපිය තුළ සෙමින් කරුණු සොයාගනිමු. දශක තුනකට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගෙන යුද්ධයක් පැවැතුණි. මෙම යුද්ධයට පදනම වැටෙනුයේ එම දෙපළාතේ දෙමළ ජාතික ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීම අරඹයා බව අප දන්නා කතාවය. කෙසේ නමුත් එම ප‍්‍රශ්නයට විසදුමක් ලෙස ගෙන ආ බලය බෙදාහැරීමක් සඳහා වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට විධායක ජනාධිපතිවරු හත් දෙනෙකුගේ ඇවෑමෙන් පසුත් නොහැකිව ඇත්තේ ජනතාවගේ වරදකින්ද? දේශපාලනඥයින්ගේ වරදකින්ද? යන්න විමසිය යුතුය.

කාලාන්තරයක් තිස්සේ වේදනා දෙමින් ඇදෙන මේ තුවාලයට විටින් විට පත්වන පාලකයන් බෙහෙත් කරන්නට වෑයම් කළේය. ඒ ඒ පාලනයන් බලයට පත් වන විට 13න් එහාටද බලය බෙදා දෙන බවට පොරොන්දු වෙමින් දෙමළ ජනතාවගේ ඡුන්දය කොල්ල කෑ අවස්ථාද තිබිණි. එහෙත් මැතිවරණයෙන් පසු එම ප‍්‍රශ්නය අත්හැරියේය.

තවත් පැත්තකින් උතුරේ ජනතාවට මෙම අයිතීන් දිනා දීමට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ ද බාධාවක් වූ බවත් පැහැදිලි කතාවකි. ඒ ඒ පක්ෂවල දේශපාලන න්‍යාය පත‍්‍ර හා පක්ෂ අතර වන බල අරගලයේ පොළා පැනීම්හි ප‍්‍රතිඵලයක් ලෙස ලැබෙන්න තියෙන දේශපාලන විසදුම් කල් දැමීමට මිස එය එකමුතුව විසදා ගැනීමේ ඉමකට තල්ලූ‍ වූයේ නැත. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බලයට පත්ව තම මූලික කාර්යයක් ලෙස උතුරේ ජනතාවට දේශපාලන විස`දුමක් ස`දහා වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ස`දහා සර්ව පාක්ෂික කමිටුවද, උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂද එක්ව දීර්ඝ සාකච්ඡුා වට ගණනාවක් පැවැත්වීය. ආණ්ඩු පක්ෂයේ කොළ එළි දල්වා තිබියදී දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ උතුරේ දෙමළ පක්ෂ ගැටළුව විස`දා ගැනීමෙන් කර ඇරීමට පොටක් සොයමින් සිටී. දකුණේ බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් යම් සාධනීය තැනකට රැුගෙන විත් ඇති විටක දැන් 13ට එහා බලයක් සොයමින් මෙසේ දෙමළ පක්ෂ හා එහි නායකයන් කටයුතු කිරීම තවදුරටත් මේ තුවාලය පවත්වාගෙන යාමට ඔවුන් ක‍්‍රියාත්මක වන්නේද යන්න සැකයට තුඩු දී ඇත.

ගැටළුවේ දිගුව

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ස`දහා තීන්දු කරනු ලැබූවේ ආවට ගියාට නොවේ. දෙමළ සන්ධානය හා උතුරේ පක්ෂ සමඟ මෙන්ම සර්ව පාක්ෂික කමිටුව එක් රැුස්වී සාකච්ඡා වන අවස්ථාවන්හි ඔහු මේ සම්බන්ධයෙන් කරුණු කාරණා ඓතිහාසිකව දැන සිටියේය. බලය බෙදීම ස`දහා ගත් පියවරයන් බල දේශපාලනයේ කෑදරකමින් යටපත් වූ අවස්ථා ඔහු අත් දැක ඇත්තේය. බලය බෙදා හැරීමේ ක‍්‍රමවේදය ගැන සාකච්ඡුාව දැන් සියවසක් තරම් පැරණිය. ප‍්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් මුලින්ම යෝජනා කළේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායකය.

එවකට තරුණ නීතිඥවරයකු වූ බණ්ඩාරනායක යාපනයේ පැවැති රැස්වීමකදී ප‍්‍රකාශ කළේ, ”ලංකාවේ එක් එක් පළාතකට සම්පූර්ණ ස්වයං පාලන අයිතිය තිබිය යුතු ය. දිවයිනේ විශේෂ ආදායම් වියදම් ගැන තීරණය කිරීමට මන්ත‍්‍රණ සභා එකක් හෝ දෙකක් තිබිය යුතු ය. මේ ක‍්‍රමයට විරුද්ධව දහසකුත් එකක් තර්ක ඉදිරිපත් විය හැකි වුවත් එම විරුද්ධතා අඩු වී ගියාට පසු ‍ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමය ලංකාවට තිබෙන එකම විසඳුම බවට පත්වනු ඇත.” 1926 ජූලි 17දා සිලෝන් මෝනිං ලීඩර් පුවත්පතේ මෙම ප‍්‍රකාශය පළ විය. නමුත් බණ්ඩාරනායකටම පවා පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මේ විසඳුමෙන් ඉවත් වන්නට සිදු විය. නමුත් මේ ප‍්‍රශ්නය විසඳන්නට මෙන්ම අවුල් කරවීමටත් රජය යම් යම් කාලවල ගත් නෛතික ක‍්‍රියා මාර්ග හේතු විය. 30 අවුරුදු යුද්ධය යනු මේ සියල්ලේ නරකම ප‍්‍රතිඵලයයි.

කොහාම නමුත් අවසන් වරට ගත් උත්සාහය 1987 ඉන්දු ලංකා ගිවිසුම ප‍්‍රකාරව 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා පිහිටුවීමය. එහිදී මධ්‍යම රජය සතුව පැවති බලය මධ්‍යම රජය සහ පළාත් සභා සඳහා ලැයිස්තු තුනකින් යුතුව බලය බෙදී යන ආකාරයට සැලසුම් කරනු ලැබීය. නමුත් එය පිහිටවනු ලැබූ දින සිට වර්තමානය මධ්‍යම රජය විසින් පළාත් සභා ලැයිස්තුව තුළ අන්තර්ගත බලය මුළුමනින්ම පළාත් සභා සඳහා ලබා නොදුන් අතර පළාත් සභා ඉඩම් හා පොලිස් බලතල ඒ අතර ප‍්‍රධාන විය.

කෙසේ හෝ නියමිත වෙදකමක් නොකිරීම මත ඔඩු දුවපු තුවාලයට විසදුම් සෙවීමේ ක‍්‍රියාවලිය වර්තමාන ජනාධිපතිවරයා දක්වා ඇදී ආවේය. මේ වන විට සාකච්ඡා වට ගණනාවක් දෙමළ පක්ෂ නියෝජිතයින් සමඟ ද දකුණේ දේශපාලන පක්ෂ එක්ව සර්ව පාක්ෂික සාකච්ඡාවක් ලෙස ද සිදු කළේය. 2023 ජනවාරි 26 වැනිදා පැවැත්වූ සර්ව පාක්ෂික සමුළුව, පෙබරවාරි මස 03 වනදා දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡුාව, මැයි මස 09 වනදා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් සමඟ සාකච්ඡාව, මැයි 11, 12 සහ 13 දිනවල උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර සාකච්ඡාව, ජුනි 08 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාව, ජූලි මස 18 දින උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දමිළ මන්ත‍්‍රීන් අතර සාකච්ඡාව, ජූලි මස 26 දින සර්ව පාක්ෂික සමුළුව වැනි සාකච්ඡාවන් මගින් මෙම ගැටළුවේ සාධනීය අන්තයක් දක්වා රැගෙන ඒමට ජනාධිපතිවරයාට ඔහුගේ පැත්තෙන් හැකි වී ඇත.

මීළඟ පියවර කරා යෑමේ වගකීම ඇත්තේ අනෙක් පක්ෂ, විශේෂයෙන්ම දෙමළ පක්ෂ හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ගේ අතේය. අවසන් විස`දුමකට පැමිණීමෙන් අනතුරුව විය යුතු නෛතිකමය කටයුත්ත පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මස් රාත්තලම ඉල්ලන දෙමළ නායකයින්

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ස`දහා තමාගේ පැත්තෙන් විය යුතු දේ උපරිමයෙන් සිදු කරන බවට පසුගියදා ජනාධිපතිවරයා ස`දහන් කොට සිටියේ  ”උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලූ‍ විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය මා විසින් ඉදිරිපත් කළා. එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි. මට අවශ්‍ය උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලූ‍ විසඳීම මිස ඉන් දේශපාලන ප‍්‍රතිලාභ ලබා ගැනීම නොවෙයි. එම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ‍ පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකිය. මා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසි`දු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡුාවෙන් සහ සම්මුතියෙන් ලබා ගත යුතුයි. පොලිස් බලතල අවශ්‍ය නම් එය ලබා දීමට මා එකඟ වන අතර නමුත් එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කොට 2/3ක බහුතරයකින් සම්මත කර ගත යුතු වෙනවා”‍ යන්නය. මේ අනුව ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව ස`දහා ලබා දිය හැකි හො`දම විස`දුම් ක‍්‍රියාවලිය ඉදිරිපත් කොට ඇති බැවින් මෙහිදී අනෙකුත් පාර්ශ්වයන්ට ඒ වෙනුවෙන් වන කැපවීම අනිවාර්යය බව පෙන්නුම් කරයි.

එහෙත් මේ සාකච්ඡුාවන් සම්බන්ධයෙන් දෙමළ පක්ෂ නායකයින් දරණ මතයන් වන්නේ පූර්ණ බලය බෙදීමකට යා යුතු ය යන්නය. දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. සුමන්තිරන් ස`දහන් කොට සිටින්නේ, ”අපගේ ස්ථාවරය ව්‍යවස්ථාව එයයි. වසර 35කට පසුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමෙන් ඵලක් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කරන බව සෑම රජයක්ම ප‍්‍රකාශ කිරීම විකාරයක්. අපි ඔවුන්ට කිව්වා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් පවතින බලය බෙදාගැනීම සම්බන්ධයෙන් සියලූ‍ විධිවිධාන ක‍්‍රියාත්මක කරන්න. එය 13 වැනි සංශෝධනය විය හැකිය, 16 වැනි සංශෝධනය (පරිපාලන භාෂා) හෝ කුමක් හෝ විය හැකිය – බලය බෙදාගැනීම සම්බන්ධ සියලූ‍ විධිවිධාන ක‍්‍රියාත්මක කර නොමැති නිසා වහාම ක‍්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා ඔබට කාලය අවශ්‍ය නැහැ, කළ යුතු දේ පමණක් කරන්න පුළුවන්”‍ යන්නය.

 දෙමළ සන්ධානයේ නායකයින් මස් රාත්තලම අවශ්‍ය බව හඟවන්නේ තවදුරටත් ප‍්‍රශ්නය වවාගෙන කෑමට බව පැහැදිලිය. හුදු දේශපාලන ගැටුමක් නිර්මාණය කර ගනිමින් ජනාධිපතිවරයා එකඟවූ ලෙස දෙමළ ජනතාවට ලැබීමට නියමිත වන අයිතිය තවදුරටත් කල් දමමින් විනාශ කර දැමීම මිස මෙයින් වෙනකක් සිදු නොවේ. මේ අස්සේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලීමද ප‍්‍රශ්නය නොවිසදෙන තැනට තල්ලූ‍ කිරීමට ගන්නා උත්සාහයක් මිස වෙනකක් නොවේ. මේ අතර ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර වෙනුවෙන් ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කළ සංවර්ධන ව්‍යාපෘති ගැන ද මේ පක්ෂ පසුවන්නේ විවාදයකය.

ඒ අතර දෙමළ දේශපාලන පක්ෂ අතර වන තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ ගැටුමට අමතරව ප‍්‍රභූවාදය, කුල හා ප‍්‍රාදේශීය බේදීම් ද ඔවුන්ට එක මතයකට පැමිණිම වළක්වා තිබේ. හිටපු මහ ඇමති විශ්නේෂ්වරම් පසුගියදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් ස`දහන් කොට සිටියේ ”අපි තවම ඉල්ලන්නේ පොලිස් බලතලත් ඇතුළත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න කියලා. උතුරු නැගෙනහිර පදනම් කරගත් දේශපාලන පක්ෂවල සමස්ත ස්ථාවරය එයයි”‍ යන්නය. නමුත් එය අදියර ලෙස ක‍්‍රියාත්මක කරමින් එහි වර්ධනයන් සමඟ ඉදිරි පියවර ගැනීමේ හැකියාව ඇති බව පවසා තිබිණි. එය වඩා ප‍්‍රායෝගික හා ගැටුම් අවම කරන යෝජනාවක් වුවද ඊට දෙමළ ජාතික සන්ධානය එකඟ නැත. ඔහු චෝදනා කරන්නේ මේ ප‍්‍රශ්නය හිඟන්නාගේ තුවාලය මෙන් පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවය.

 මේ තත්වයන් මත ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ මුළින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන පක්ෂ එක මතයකට පැමිණෙන ලෙසය. එහෙත් මෙතෙක් එවැනි උත්සාහයක් වෙනුවෙන් සාකච්ඡුාවක් යෝජනා කිරීමට හෝ පියවර ගෙන නැත.

මේ පිරිස සිදු කරන දේ සම්බන්ධයෙන් පසුගියදා සුරේන් රාඝවන් ඇමතිවරයා කදිම අදහසක් පළ කළේය.

”දෙමළ දේශපාලන ප‍්‍රභූ පැළැන්තිය අතර ද අසමගියක් තිබෙනවා. ඔවුන් විවිධ මත දරණවා. ඇතැමුන් ෆෙඩරල්වාදයෙන් තොරව කිසිදු විසඳුමක් පිළිනොගෙන සාකච්ඡුාවෙන් බැහැරව සිටිනවා. ඇතැමුන් විසඳුමක් ඉල්ලා සිටි විට ඒ වෙනුවෙන් කටයුතු නොකර සිටිනවා. ඉතින් ඔවුන්ගේ සද්භාවය ඒ ජාතියට ගැටලූ‍වක්ව තිබෙනවා.

 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුයි. එය තවදුරටත් කල්දැමිය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡුා කළ අන්දමට 13+ අවශ්‍ය බව යෝජනා කරන පක්ෂ ද සිටිනවා. පළාත් සභා ඡුන්දය කල්දමා මේ මොහොත වන විට වසර හතකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. එසේ නම් ඒ මැතිවරණය පැවැත්විය යුත්තේ මේ ගැටලූ‍ව නිරාකරණය කරගෙනයි. පොලිස් බලතල ලබාදිය යුතුද යන්න ගැන සංවාදයක් තිබෙනවා. 13වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල සඳහන්ව තිබුණත් එකිනෙකා අතර ඇති සැක සංකා හේතුවෙන් එය ක‍්‍රියාත්මක කර නැහැ. දෙමළ කතා කරන ජනතාවගේ 95%කගේ ප‍්‍රශ්නය තමයි දෛනික ජීවත්වීමේ අරගලය. එය විසඳිය යුතුයි. ඒ වගේම දෙමළ නායකයන් අතරද ප‍්‍රශ්න තිබෙනවා. නමුත් ඔවුන් අතර තිබෙන එම විරසකය අප දේශපාලන වාසි ලබා ගැනීමට භාවිතා නොකළ යුතුයි. මෙහිදී වැදගත් වන්නේ දෙමළ ජනයාගේ හදවත් දිනා ගැනීමට කටයුතු කිරීමයි”

උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටළුව සහ එම දේශපාලන පක්ෂවල ගැටළුව එකක් නොව දෙකක් බව පැහැදිලිය. ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ දෙමළ කතා කරන පුරවැසි ජනතාවගේ ගැටළුව විසඳීම ප‍්‍රමුඛ කාරණය ලෙස ගෙන විසඳුමකට අවතීරණය වීමටය. ඇතැම් විට දෙමළ දේශපාලන පක්ෂ කල්පනා කරන්‌නේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීම ඔවුන්ට පමණක් හිමි අයිතියක් ලෙස ගෙන විය යුතුය. ජනාධිපතිවරයාට ප‍්‍රශ්නය විසඳන්නට සහය නොලැබීම ඒ අනුව සිදු වෙනවා විය හැකිය.

මේ අතර දකුණේ ඇතැම් දේශපාලන පක්ෂද විශේෂයෙන්ම සජබය කල්පනා කරන්නේ ජනාධිපතිවරයා මේ ප‍්‍රශ්නය විසඳුවහොත් තමන්ට යන කලදසාව ගැනය. මන්ද ජාතික ප‍්‍රශ්නය යනු ජාතිවාදය සමඟ හො`දටම වවාගෙන කෑ හැකි ප‍්‍රශ්නයක් නිසාය. මේ අය උතුරට ගොස් කියන එක දකුණේ දී කියන්නේ නැත. ප‍්‍රශ්නය විසඳන්න නිශ්චිත විසඳුමක් යෝජනා කරන්නේ නැත. එහෙම සාකච්ඡාවක් ද ඔවුන්ට නැත. කිසිදු පදනමක් නැති බහුභුත කියවමින් එකඟතාවයකට පැමිණීම මඟ හරිමින් සිටින්නේ ඒ නිසාය.

කොහොම නමුත් කාගේ කවර බාධා කීරීම් සිදු වුවත් මේ ප‍්‍රශ්නය අවසානය දක්වා ගෙන යන බව ජනාධිපතිවරයා වෙතින් අවධාරණය කෙරිණි. එක්කො 13 බලාත්මක විය යුතුය නැති නම් අහෝසි කර වෙනත් විස`දුමකට යෑම විය යුතුය. ඒ කවරක් වුවත් ඔහුට මෙහි ගන්නා පෞද්ගලික හෝ දේශපාලන වාසියක් නම් නැත. ඔහුට අවශ්‍ය වන්නේ සමස්ත පුරවැසියාටම සම අයිතිවාසිකමක් කිව හැකි ශී‍්‍ර ලංකාවක් පමණි.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *