ජනපති රනිල් එක දිගට පාස් – ඒත් විපක්ෂය තාමත් ෆේල්

0

පසුගිය සතිය වෙන්විය යුතුව තිබුණේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ පදවි ප‍්‍රාප්තියෙන් වසරක් ගෙවුණු තැන එම වසර තුළ රනිල් විසින් කළ කාර්යභාරය ගැන ඇගයීම හෝ විවේචනයන්ටය. නමුත් දකින්න ලැබුණේ ඇගයීම පමණකි. විශේෂයෙන්ම මෙරට විපක්ෂ දේශපාලන පක්ෂවල මුනිවත රැකීම පැහැදිලිව දකින්නට ලැබිණි. හිටපු ජනාධිපති ගෝඨාභයගේ පාලනයේ පළමු වසර යන විට ඔහුට එරෙහිව විපක්ෂයේ ”සර් ෆේල්” ප‍්‍රචාරක ව්‍යාපෘතිය දියත්ව තිබිණි. නමුත් රනිල්ගේ පාලනයේ සමත්කම හමුවේ විපක්ෂයට කටක් අරින්නට හැකි වුයේ නැත. ඉදිරියේදීත් එසේම වෙනු ඇත. මන්ද රනිල් කරන කියන වැඩ, වැඩි ලකුණු ලබමින් පාස් වෙමින් තිබෙන නිසාය. ”විපක්ෂය ෆේල්” නිසාය. රට බංකොලොත් භාවයෙන් මුදවාගැනීම වෙනුවෙන් සහ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් ගෙන තිබෙන පියවරයන් ප‍්‍රමාණය, මෙරට පෙර සිටි පාලකයකු සිය ධුර කාලය තුළ ගත් ක‍්‍රියාමාර්ගයන්ට වඩා වැඩිය, දුෂ්කර හා සංකීර්ණ විය. එමෙන්ම වේගවත් විය. එය අතිශයෝක්තියක් නොවේ. රට සමස්තයක් ලෙස ගෙන පැවති ක‍්‍රම පද්ධතිය සම්පුර්ණයෙන්ම වෙනස් කරවන දැවැන්ත වැඩපිළිවෙලක් අනුව රනිල් ක‍්‍රියාත්මක වන බව පැහැදිලිය. පසුගිය

සතියේ අප විසින් නිකුත් කරන ලද ඵඍ ක්‍්‍ය්භඨෑ අතිරේකය මඟින් මෙම ක‍්‍රියාදාමයේ දිග, පළල සහ ගැඹුර පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව කවරකුට වුව මේ ගැන පහසුවෙන් අවබෝධයක් ලබා ගත හැකිය.

එමෙන්ම ජනාධිපතිවරයා සිය පදවි ප‍්‍රාප්ති දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධව නිකුත් කරනු ලැබු ”පොදු ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබ`ද මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් කතිකාවක් නිර්මාණය වී තිබිණි. දෙරට අතර ආර්ථික සහසම්බන්ධතාවය දකුණු ආසියානු කලාපයේ අනාගත සංවර්ධනය ශීග‍්‍ර ඉදිරිගාමී

පරිවර්තනයකට ලක් වන බවට අනාවැකි පළවී තිබිණි. එසේම ගෝලීය භූ දේශපාලනික වශයෙනුත් කලාපය බලවත්වීම ගැනද අදහස් මතු වී තිබිණි. කොහොම නමුත් දෙරටේ සහසම්බන්ධය, ඉදිරි දශකය තුළ කලාපයේ ප‍්‍රබල පරිවර්තනයක් බවට පත්වීම දැන් අනිවාර්යයක් වී ඇත. එහි විශාල ප‍්‍රතිලාභයන් මෙරටට ලැබෙනු ඇත. ඒ අනුවත් මෙම වැඩපිළිවෙල මඟින් ජනාධිපති රනිල් පසුගිය

වසර තුළ රටේ ආභිවෘද්ධිය වෙනුවෙන් ගත් පියවරයන් සේම දැවන්ත ඉදිරි පියවරක් තැබීමට සමත්ව ඇති බව පැහැදිලිය.

මේ අතර ජපාන විදේශ ඇමැති ප‍්‍රමුඛ ජපන් නියෝජිතයන් 24 දෙනෙකුගෙන්

යුතු කණ්ඩායමක් පසුගිය 28 වෙනිදා මෙරට පැමිණියේය. පසුගිය වසරකට ආසන්න කාලය තුළ මෙම දකුණු ආසියානු කලාපයෙන් පිටත රටක ඉහළ දේශපාලන නියෝජිතයන් පිරිසක් රටට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ජපානය යනු මෙරටට වැඩිම ආධාර උපකාර කළ රාජ්‍යයකි. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය හමුවේ එය විසඳා ගැනීම වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කළේය. විදේශීය ණය ප‍්‍රතිවුහගත කිරීම වෙනුවෙන් මෙරට ණය හිමියන් සමඟ වන එකඟතාවයන් ලබා ගැනීම සඳහා මුලිකත්වය ගත්තේ ජපානයයි. එය මේ වන විට සාර්ථකව තිබේ.

මෙරට ජපාන තානපතිවරයා පසුගිය දා

පැවැති ශ‍්‍රී ලංකා – ජපාන ව්‍යාපාරික කවුන්සිලයේ රැුස්වීම අමතමින් අවධාරණය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙරට ආර්ථික ප‍්‍රතිසංස්කරණ කටයුතු නියමාකාරයෙන් සිදුවීම මත මෙරට ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු තබාගත හැකි බවය. මෙහිදී ඔහු පෙන්වා දුන් තවත් කරුණක් වූයේ මෙම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම, මූල්‍ය ස්ථායීකරණය සහ ඩිජිටල් පරිවර්තනය හරහා විධිමත් පරිපාලන ක‍්‍රියා පටිපාටි තුළින් ආයෝජන සහ ව්‍යාපාරික වාතාවරණය වැඩි දියුණු කරනු ඇති බවය. එබැවින්, මෙම ප‍්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය සම්පූර්ණයෙන් හඳුනාගෙන ඒවා දැකීමේ උරුමය අත්පත් කරගන්නා ලෙස ඔහු ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම තානාපතිවරයාගේ හඬින් නිකුත් වූ නමුත් මෙය ජපන් රජය මෙරට ජනතාවට දුන් පණිවිඩයකි. එනම් ජනාධිපති රනිල් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමය. මෙරට අභිවෘද්ධිය ප‍්‍රාර්ථනා කරන ශ‍්‍රී ලංකාවේ සමීපතම මිතුරකු වන ජපානය එලෙස ඉල්ලීමක් කිරීමෙහි තේරුම මෙම ප‍්‍රතිසංස්කරණයන් සාර්ථක වීම අනුව තවදුරටත් ජපානයේ සහය මෙරට ජනතාවට ලබාදීම සිදුවන බව දැනුම් දීමක් ලෙස සැලකිය හැකිය. පසුගිය පාලන සමයේදී පිළිගත හැකි පදනමක් නොමැතිව ජපානය මෙරට ක‍්‍රියාත්මක කිරීම අරම්භ කර තිබු ව්‍යාපෘති පවා අහෝසි කරමින් ජපානය සමඟ තිබු මිතුදම බිඳ ගැනීමට කටයු‍තු වී තිබිණි. නැවත ජපානයේ මිත‍්‍රත්වය දිනා ගැනීමට ජනාධිපති රනිල්ට ජපානයටම ගොස් ඒ වෙනුවෙන් කණග‍ාටුව ප‍්‍රකාශ කරන්නට සිදු විය. කොහොම නමුත් සැහැල්ලූ‍ දුම්රිය ව්‍යාපෘතිය ඇතුලූ‍ ජපන් ව්‍යපෘති යළි සක‍්‍රීය කිරීමට ජපානය එකඟ වී ඇත. එමෙන්ම ජපන් විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණියේද මෙරට සංවර්ධනයට අවැසි ආධාර සහ යෝජනා රැුසක් කරපින්නා ගෙනය. මේ අනුව ඉන්දියාවේ මැදිහත් වීම සහ ජපානයේ මැදිහත් වීම මත පමණක් සැලකුවත් රටේ ඉදිරිය ගැන වඩාත් සුබවාදී බලාපොරොත්තු තබාගැනීමට හැකිව තිබේ. එමෙන්ම දැනගැනීමට තිබෙන ලෙස තවත් රාජ්‍ය ගණනාවක් මෙරටට සහය ලබාදීමට ඉදිරිපත්ව සිටී. ඒ වෙනුවෙන් අදාල නියෝජිතයන් නුදුරේම මෙරටට පැමිණිමට නියමිත බවත් රජයෙ ආරංචි මාර්ග තහවුරු කර ඇත. කොහොම නමුත් ජනාධිපති රනිල්ගේ රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුම් හා සම්බන්ධතාවල, පුළුල් බව හා සාර්ථක බවත් මේ අනුව පැහැදිලිය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මෙහෙයුම් මෙලෙස සාර්ථක කරගන්නා අතර මෙරට ජාති අතර ප‍්‍රශ්නය සම්බන්ධයෙන්ද සිය අදහස විවෘතව පසුගියදා පවසා තිබිණි. ඒ අනුව 13වන ව්‍යාවස්ථා සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශ කර තිබිණි. එහිදි පොලිස් බලතල, පළාත් සභා වෙත පැවරීම සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථාමය ගැටළුව විසඳා ගැනීම පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවයකින් සිදු වීමේ කැමැත්ත ගැනද පැහැදිලි කර තිබිණි. කෙහොම නමුත් මේ වන විටත් ව්‍යවස්ථාගත කර තිබෙන 13වන සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාගේ එකඟත්වය ලැබීම වැදගත්ය. පසුගිය කාලය මුළුල්ලේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ ඉල්ලා සිටියේ මෙයය.

මෙහිදි පළාත් සභා වෙත පැවැරිය නමුත් මධ්‍යම ආණ්ඩුවට පවරා ගෙන තිබෙන සෞඛ්‍ය ආදී අනෙක් විෂයන් කිහිපයක බලතල ද පළාත් සභා වෙත පැවැරිය යුතු බවත් ඊට අමතරව කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ක්ෂේත‍්‍රවල බිම් මට්ටමේ කටයුතු පවත්වාගෙන යාමේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා පවසා තිබිණි. එය රජයේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් විය යුතු බවත් පෙන්වා දී තිබුණේ

”මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ රට වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම බවත් පළාත් සභා වෙත සෑම ක්ෂේත‍්‍රයකම සංවර්ධන කටයුතු සඳහා විධිමත්ව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුය” යනුවෙන් පවසමිනි. මෙය ඉතා ඉදිරිගාමී පියවරකි.

ඒ කෙසේ වෙතත් මේ සියළු තීරණ පාර්ලිමේන්තුව විසින් ගත යුතු බව අවධාරණය කර තිබුණේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස මහජන නියෝජිතයන් විසින් මෙම තීන්දු ගැනීම මඟින් අනවශ්‍ය ගැටුම් වලක්වා පොදු එකඟතාවයක් අනුව කටයුුතු කිරීමෙන් ජාතික ප‍්‍රශ්නය විසඳා ගැනීම වැදගත් නිසාය. මෙහිදී පවතින ගැටළු‍ විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා පවතින ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් කියා සිටියේය.

ජනාධිපතිවරයා එතරම්ම විවෘතව අවංකව ප‍්‍රජාතන්ත‍්‍රවාදී එළඹුමක් සහිතව කටයුතු කරද්දී මෙම සර්ව පාක්ෂික සමුළුවට

සහභාගීවීම ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ජාතික ජන බලවේගය මෙම සමුළුව වර්ජනය කිරීමට තීරණය කර තිබිණි. පාර්ලිමේන්තු එකඟතාවයකදී ජවිපෙ මන්ත‍්‍රීවරු තිදෙනාගේ කැමැත්ත අකමැත්ත තීරණාත්මක නොවුණත් ජාතික ප‍්‍රශ්නයේදී ජවිපෙ කටයුතු කළ අන්තවාදි සහ ජාතිවාදි පිළිවෙත් නිසා මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීමට තිබු අවස්ථා ගණනාවක් ඉතිහාසය පුරා මඟ හැරී ඇත. මෙම 13වන සංශෝධනයට මුලික වූ ඉන්දු ලංකා ගිවිසුම (1987* අත්සන් කරන මොහොතේ රට ගිනි තබා අතිවිශාල විනාශයක් රටට සිදු කළේ ජවිපෙයයි. අලූතෙන් පිහිට වු පළාත් සභා මැතිවරණය 1988 වසරේදී පැවැත්වීම වැලැක්වීමට ජවිපෙ ආයුධ සන්නද්ධව කාඩාකප්පල්කාරී ක‍්‍රියාවන් රැුසක් කරන ලද අතර එම මැතිවරණ අපේක්ෂකයන් ගණනාවක් ඝාතනය කිරීමද කරන ලදී. එමෙන්ම ඡුන්දය ප‍්‍රකාශ කරන ජනතාව මරා දමන බවට ප‍්‍රකාශ කළ අතර ඒ අනුව කිහිපදෙනෙකු ඝාතනය කළේය. පළාත් සභා ජාතික ප‍්‍රශ්නයට විසඳුම නොවන බවත් එම`ගින් රට කැබලිවලට කැඞී වෙනම රාජ්‍ය බිහිවෙන බවත් පළාත් සභා සුදු අලියකු බවත් කියමින් පළාත් සභා අහෝසි කරීම වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ 1994 යළි ප‍්‍රසිද්ධ මැතිවරණ දේශපාලනයට පැමිණිමෙන් පසුව අඛණ්ඩව පළාත් සභා පිළිගෙන එහි මන්ත‍්‍රීධුර දිනා ගැනීම වෙනුවෙන් තරග කළේය. ජවිපෙට පළාත් සභා විරෝධයට පදනම වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ආණ්ඩුකරණය සඳහා බලයක් නිර්මාණයවීම මතය. එය ජවිපෙ ජාතිවාදී දේශපාලනය මතයයි. අදත් ජවිපෙ මෙම සර්ව පාක්ෂික සමුළු‍ව වර්ජනය කරන්නේ ඒ මතය තුළ හි`දිමින් බව පැහැදිලිය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට රජය ගන්නා කිසිදු ක‍්‍රියාමාර්ගයකට සහාය නොදෙන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසා තිබුණු අතර මෙම ප‍්‍රශ්නය ජනාධිපතිවරයා විඳන්න යන්නේ ඉදිරි මැතිවරණයකදී උතුරු නැගෙනහිර ජනතාව රවටා ඡුන්දය ලබා ගැනීම සඳහා බවත් අවධාරණය කර තිබිණි. ජනාධිපතිවරයා ජනතාවගේ ප‍්‍රශ්නය විසඳන්නේ නම්, ඒ වෙනුවෙන් ජනතාව ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ නම් එතැන ඇති වැරුද්දක් නැත. විය යුත්තේද එයය. ප‍්‍රශ්නය නොවිසඳා සහ තවදුරටත් එය අවුල් කරමින් ජනතාව පීඩාවට පත්කරන පාර්ශ්වයකට ඡුන්දය දෙන්න ජනතාවට පිස්සු නැත. ජවිපෙට උතුර නැගෙනහිර ජනතාවගේ හෝ රටේ සිංහල නොවන සෙසු ජන කොටස්වල හෝ ඡුන්දය නොලැබෙන්නේ මේ ජාතිවාදි ප‍්‍රවේශය නිසාය. ඒ තබා රටේ බහුතරය වන සිංහල ජන කොටස් පවා ජවිපෙ ප‍්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ගේ පටු අගතිගාමී ස්ථාවරයන් නිසාය.

එහෙත් එසේ කියමින්, පසුගිය පෙබරවාරි මාසය වන විට සුළු ජාතීන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ප‍්‍රතිඥා දුන්නද එය ඉටුකිරීමට මේ වන විටත් අපොහොසත් වීමත් මෙම සමුළුව වර්ජනය කිරීමට හේතුවක් බව ජවිපෙ පවසා තිබිණි. මේ මොන විහිළුවක්ද? ජනාධිපතිවරයා

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදිත් මෙම ප‍්‍රශ්න විසඳීම වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළු‍වක් කැ`දවීය. එදත් ජවිපෙ එය මඟ හැරියේය. එදත් ජනාධිපතිවරයා කියා සිටියේ 13 වන සංශෝධනය බලාත්මක කිරීමට පියවර ගන්නා බවත් පෙබරවාරි වන විට ඊට සියළු පාර්ශ්වල එකඟත්වය ලබාගැනීම විය යුතු බවය. නමුත් ඒ සහයෝගය විපක්ෂයෙන් තබා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කළ පක්ෂවලින් පවා ලැබුණේ නැත. විවිධ තර්ක විතර්ක මැද මේ සාකච්ඡුා ඇදි ගියේ ජනාධිපතිවරයාගේ වරදක් නිසා නොවේ. මන්ද ඒ වන විටත් ඔහුගේ විසඳුම ප‍්‍රකාශ කර තිබු නිසාය. මේ අනුව පැහැදිලි වූ කාරණය නම් මෙම ජාතික ප‍්‍රශ්නය හිඟන්නාගේ තුවාලය මෙන් පාර පාරා පවත්වා ගෙන යෑම විපක්ෂයට මෙන්ම උතුරු නැගෙනහිර පක්ෂවලටත් අවශ්‍යව තිබුණු බවය. මන්ද අර්බුද විසඳීමෙන් තමන්ගේ දේශපාලන පැවැත්මට හානියක් වන නිසාය. මෙවර සමුළුවේදිත් ප‍්‍රදර්ශනය වූයේ එයයි. අද ජනාධිපතිවරයා රටේ අර්බුද විස`දීමට සමත්වීම තුළ සමස්ත විපක්ෂයටම තමන්ගේ පැවැත්මට අලූ‍ත් සටන් පාඨ සොයාගන්නට නොහැකිව අසරණ වී සිටීම අනුව පැහැදිලි වන්නෙත් එයයි. මෙම සමුළු‍වට සහභාගිවීම

ගැන සමගි ජන බලවේගය ද තීරණය ගත්තේ අවසන් මොහොතේදීය. උණු නිසා බොන්නත් බෑ, කැඳ නිසා විසිකරන්නත් බැරි තත්වයක සිටි සජබය අවසන් මොහොතේ මල් වට්ටියට අත නොගැහුවොත් තවදුරටත් ජනතාවගෙන්

ප‍්‍රතික්ෂේපවීම වලක්වා ගැනීමේ අදහසින් මෙයට සහභාගි විය.

සජිත් මේ ගැන කීවේ, එය දේශපාලන උප්පරවැට්ටි ජිල්මාට් නොවිය යුතු බවත් පිරිසුදු පවිත‍්‍ර චේතනාවෙන් එම සාකච්ඡුා සිදුවිය යුතු බවත් එසේම රජයට පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්ය. විපක්ෂය මේ සඳහා සහභාගී වන්නේ රටට යහපතක් වෙයි කියා අපේක්ෂාවෙන් ජනතාව පැත්තෙන් සිතා බවද පවසා තිබිණි. ඒ අනුව පැහැදිලි වන්නේ මේ සජිත්ට හෝ විපක්ෂයට 13 ගැන කිසි`දු අදහසක් නැති බවය. එසේම රජයේ යෝජනාව උප්පරවැට්ටි ජිල්මාට් එකක් කියා එතැනින් නැඟිට ඒමට ඉඩක්ද තබාගෙන මේ සඳහා සහභාගි වූ බවත් පැහැදිලිය. මෙහෙම වගකීම් විරහිත විපක්ෂයක් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන එකත් ඒ අනුව තක්කඩිකමකි. විපක්ෂ ඇද වැටී ඇති තත්වය එයය. කොහොම නමුත් රජයේ විසඳුම කලින්ම ප‍්‍රකාශයට පත්ව ඇති තතු යටතේ සජිත් මේ දොඩවන්නේ විකාරය.

ජනාධිපතිවරයා පළාත් සභා ක‍්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ප‍්‍රශ්නය විස`දාදීමට ගන්නා උත්සාහයට කැමැති නැති නම් පළාත් සභා අහෝසි කර දැමිය යුතුය. අංගවිකළ ආයතනයකින් රටට වැඩක් නැත. එය සුදු අලියකු පමණක් වෙනු ඇත. අද දකුණු ආසියානු කලාපීය රටවල් තමන්ගේ ෙසේවරීභාවය ස්වාධිපත්‍යය තබාගෙන කලාපීය එකමුතුවක් හරහා කලාපීය පොදු සංවර්ධන උපාය මාර්ගයක් වෙත පිවිසෙනවා සේම මෙරට පළාත් සභා ක‍්‍රමය ශක්තිමත් කර ඒ හරහා පළාත් සංවර්ධනය කරමින් පොදුවේ රටක් ලෙස දියුණු සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැ`ගීමේ අවස්ථාව දැන්වත් උදාකර නොගන්නේ නම් ජනාධිපතිවරයා මෙවරත් රට වෙනුවෙන් ගන්නා පියවරයන් ග`ගට කැපු ඉනි මෙන් අපතේ යෑමත් සිදුවෙනු ඇත. නමුත් ජනතාවගේ අපේක්ෂාව එය නොවේ. විපක්ෂය එය තේරුම් නොගන්නේ නම් විපක්ෂයත් ජනතාවගෙන් ප‍්‍රතික්ෂේපවීම වැලැක්විය නොහැකිය.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *