ජනපතිවරු හත්දෙනෙකුට කරන්න බැරි වූ දේ රනිල් කරයිලු!

0

ඉන්දීය නිල සංචාරය තුළදී ද්වි පාර්ශවීය ගිවිසුම් ගණනාවකට අත්සන් කළ ජනපති රනිල් ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියේ ගෙවුනු සෙනසුරාදා අළුයමය. ජනපති මෙරටට පැමිණි විගස නිලධාරීන්ට උපදෙස් දුන්නේ වහාම පක්ෂ නායක සමුළුවක් කැදවන ලෙසටය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම ගැන තීන්දුවක් ගැනීමට පක්ෂ නායකයන් කැදවීම ජනපතිගේ අරමුණ විය.

ජනපති රනිල් වික‍්‍රමසිංහ එදිනම අනුරාධපුරය බලා පිටත්ව ගියේ පූජා නගරයේ සංවර්ධන කටයුතු ගැන සොයා බැලීමටය. එහිදී ජනපති රනිල් මහා විහාරීය සංවර්ධන සැලැස්ම සාකච්ඡුා කළ අතර ඔහු විමසූ සමහර ප‍්‍රශ්නවලට රාජ්‍ය නිලධාරීන් සතුව පිළිතුරු නොවීය. ජනපතිගේ මහා විහාරීය සංවර්ධන සැලැස්ම පිළිබඳව අටමස්ථානාධිපති හිමි ඇතුළු මහා සංඝ රත්නයේ ප‍්‍රසාදය හිමි වූහ.

ජනපති රනිල් ස`දුදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ දෛනික රාජකාරී කටයුතුවලට සම්බන්ධ වීමටය. එදින මැති ඇමතිවරු පිරිසක් මුණ ගැසුණේ ඉන්දීය සංචාරයේ ප‍්‍රගතිය ගැන කතා කරන්නටය.

ජනපති හෙළිකළ රහස

ජනපති මෙහිදි කවුරුත් නොසිතූ රහසක් හෙළි කළේය. ”ලබන සිකුරාදා ? ප‍්‍රංශ ජනාධිපතිතුමා ලංකාවට එනවා.” ජනපති මේ කතාව කියද්දී සැවොම මුහුණට මුහුණ බලාගත්තේ පුදුමය මුසු සතුටකිනි.

”අපි මේකට හොද පබ්ලිසිටියක් දෙමු. මොකද ප‍්‍රංශ ජනාධිපති කෙනෙක් ලංකාවට එන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටනේ.” එහි සිටි රාජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කීවේ ජනපති දෙස බලමිනි.

”නෑ. දැන්ම මේ ගැන අපි කතා කරන්න  ඕනේ නෑ. ප‍්‍රංශ ජනමාධ්‍ය මෙය දැනුම් දුන් පසුව අපි ඒක උස්සගෙන යමු.” කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායකගේ අදහස එය විය.

”මෙතන කාටත් නොපෙනුන දෙයක් තියෙනවා.” ජනපති කියද්දී සැවොම මුහුණට මුහුණ බලා ගත්තේ කියන්න යන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය.

”මම සිකුරාදා ඉන්දියාවේ අගමැතිතුමා මුණ ගැසුණා, ජනාධිපතිතුමියත් මුණ ගැහුණා. මේ සතියේ සිකුරාදා ප‍්‍රංශ ජනාධිපති මුණ ගැසෙනවා.” ජනපති රනිල් කීවේ නළල රැුලි ගන්වමිනි.

”ඔව් මේක ඓතිහාසික අවස්ථාවක්. ජනාධිපතිතුමා සිකුරාදා මෝදි අගමැතිතුමා හමුවුනා. ඉරිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධානියෙක් මුණ ගැසුනා. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මුණ ගැසුනා. බිම්ස්ටෙක් සමුළුවේ මහලේකම් හමුවුනා. සිකුරාදා ප‍්‍රංශ ජනාධිපති හමුවෙනවා. සෙනසුරාදට ජපන් විදේශ ඇමති හමුවෙනවා. මම හිතන්නේ නෑ ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපති කෙනෙකුට මෙලෙස විදෙස් රාජ්‍ය ප‍්‍රධානින් මුණ ගැසෙන්න අවස්ථාව ලැබුණා කියලා.” සාගල රත්නායක කියද්දී පැමිණ සිටි සැවොම හිස සැලූහ.

දෙරට යා කරන පාලම

එදින සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදි බදාදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව ගැන ද කතා කළේය. එසේම ඉන්දීය මුදල් භාවිතය ගැන මෙන්ම ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යා කෙරෙනා ආකාරය ගැනද ඇමතිවරු විමසා සිටියෝය. ඊට අදාළ පැහැදිලි කිරීම කරන ලද්දේ අලි සබි‍්‍ර විදේශ ඇමතිවරයා විසිනි.

”ඉන්දියාව දෙරට සම්බන්ධ කර ගැනීම ගැන කතා කළත් පාලමක් හදන කතාවක් කීවේ නෑ. කොහොම වුනත් ජාත්‍යන්තර නැව් මාර්ගය පිහිටලා තියෙන්නේ ශ‍්‍රී ලංකාව වටෙන් යන විදියට. අනෙක් කාරණය ඉන්දියාවේ පහළ කොටස ගත්තම හොද වරායක් නෑ. මේ නිසා ඉන්දීයාව පෝක් සමුද්‍ර සන්දිය හරහා මුහුදු මාර්ගයක් ඉදි කරන්න වැඩ කරනවා. සේතු සමුද්‍රම් කියන්නේ මේ ව්‍යාපෘතියට. එහෙම වුනොත් ලංකාව වටෙන් යන නැව් පෝක් සමුද්‍ර සන්ධිය හරහා යාවී. හැබැයි දෙරට යා කරමින් පාලමක් හැදුවොත් මේ නාවුක මාර්ගය හැදෙන්නේ නෑ.” ජනපති දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

එජාප සම්මේලනය

අ`ගහරුවාදා ජනපති සුපුරුදු පරිදි ආරක්ෂක මණ්ඩලය මුණ ගැසුනු අතර එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය මුණ ගැසුණේය. එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර විසින් පක්ෂයේ ප‍්‍රගතිය ගැන මෙන්ම මේ වන විට පවත්වා ඇති බල මණ්ඩල ගැන වාර්තාවක් ඉදිරිපත් කළේය.

”පක්ෂයේ බල මණ්ඩල 80ක් කරන්න කියලා සර් කියුවට අපි දැන් බලමණ්ඩල 115ක් කරලා අවසන්. මේ සති අන්තයත් සමඟ ගත්තහම බල මණ්ඩල 135ක් අපි කරලා අවසන් කරනවා.” රංගේ හෙළි කළේය.

බලමණ්ඩල පවත්වා අවසන් වූ පසු පක්ෂ සම්මේලනය පැවැත්වීම ගැනද කතා බහ ඇතිවිය. එහිදි ප‍්‍රකාශ වූවේ සැප්තැම්බර් 10දා එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැත්වීමටය. එහිදි පිරිසක් යෝජනා කරනු ලැබූවේ පසුගිය සම්මේලනය සේම මෙවර සම්මේලනය ද සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේ පැවැත්විය යුතු බවය.

තවත් පිරිසක් කියා සිටියේ සුගතදාස ක‍්‍රීඩාංගණයේ රැුස් කළ හැකි සංඛ්‍යාව 5000 ක් පමණක් බැවින් ඊට වැඩි පක්ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් මෙයට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් 10,000ට වඩා වැඩි පිරිසක් රැුස් කළ හැකි ස්ථානයක් තෝරාගත යුතු බවය. හිටපු මන්ත‍්‍රී වූ රවි කරුණානායක කියා සිටියේ පක්ෂ සම්මේලනය සුගතදාස ක‍්‍රිඩාංගණයේ එළිමහනේ පැවැත්විය යුතු බවකි. එසේම බල මණ්ඩල තව නොබෝ දිනකින් අවසන් වන බැවින් සැප්තැම්බර් 10ට පෙර එය පැවැත්විම සුදුසු බව ඔහු යෝජනා කළේය.

එහිදි ජනපති රනිල් මහලේකම් රංගේ ගෙන් විමසා සිටියේ 10ට පෙර සම්මේලනය පැවැත්විය හැකිද යන්නයි. ”සර් දැන් අපි අවශ්‍ය බල මණ්ඩල පිහිටුවලා ඉවරයි. ඒ නිසා සිරිකොත පක්ෂ මූලස්ථානය  ඕනෑම දිනයක පක්ෂ සම්මේලනය පවත්වන්න සුදානම්.” රංගේගේ පිළිතුර එය විය.

නමුත් පැමිණ සිටි පිරිසෙන් බහුතරයක් කියා සිටියේ ආසන සංවිධායකවරුන්ට සුදානම්වීමට කාලය ලැබෙන නිසා සැප්තැම්බර් 10 දින පක්ෂ සම්මේලනය පැවැත්වීම සුදුසු බවය. තවත් පිරිසක් කීවේ පක්ෂ සම්මේලනයට පෙළපාලියකින් පැමිණිය යුතු බවකි.

ජනපති රනිල් පක්ෂ මහලේකම්ට කීවේ සුදුසු පියවර ගන්නා ලෙසය. සංවත්සර සංවිධාන කමිටුව පිහිටුවීම ආදී කටයුතු වෙනුවෙන් පක්ෂ කෘතාධිකාරි මණ්ඩලයේ අනුමැතියෙන් විය යුතු බැවින් ජනපති රනිල් කීවේ දිනයක් වෙන් කරගෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීම පවත්වන ලෙසය. ඒ අනුව අගෝස්තු 02 දින කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීමට දින වෙන් කර ගත්තේය.

ජනපති වරප්‍රසාද කැපෙයි

මේ අතර ජනපති ලේකම් සමන් ඒකනායක වෙත හිටපු ජනාධිපතිවරුන්ගේ විදුලිය හා ජල බිල්පත් සම්බන්ධයෙන් ලිපි ගොනුවක් ලැබුණේ ටික දිනකට ඉහතදීය.

ඔහු මේ කාරණය ගැන ජනපතිගේ නිර්දේශ මත නීතිපතිවරයාගෙන් උපදෙස් පතා තිබිණි. එම නීතිපති උපදෙස් ලැබී තිබුණේ අ`ගහරුවාදා පෙරවරුවේය. හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවතින බවත් ඒ තීන්දුව ප‍්‍රකාරව ඔවුනට ලබාදිය හැක්කේ නිල නිවසක්, නිල රථයක්, සීමාවකට යටත්ව ඉන්ධන හා ආරක්ෂාව පමණක් බවත් නීතිපතිවරයා කියා තිබිණි. එම උපදේශය ජනපතිට දන්වා හිටපු ජනාධිපතිවරුන් වෙත යොමු කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක කටයුතු ක්‍ළේය.

ජනාධිපතිවරයා බදාදා උදේ උදේවරුවම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට රාජකාරීවල නිරත විය. බදාදා සවස ජනපති සර්ව පාක්ෂික සමුළුව පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂ නායකයින් මෙම අවස්ථාවට සහභාගීවීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියෝය. මෙහිදි ජනපති සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කරමින් 13 වැනි සංශෝධනය ගැන පක්ෂ නායකයින්ගේ ස්ථාවරය විමසා සිටියේය.

සජිත්ගේ පහත් හැසිරීම

ඒ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව ආසනයෙන් නැගිට ගියේය. නමුත් ඒ වන විටත් විපක්ෂනායකවරයා මෙලෙස කටයුතු කරන බව ජනාධිපතිවරයාට සිය හිතවතුන්ගේ මාර්ගයෙන් දැනගැනීමට ලැබී තිබිණි. මේ බව අගමැතිවරයත් දැනුවත්ව සිටියේය. විපක්ෂ නායකවරයා‌ පිටත්ව යෑමෙන් පසුව ඔහුගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයින්ගේ දැඩි කතා බහට ලක් විය.

එහි දී වාසුදේව නානායක්කාර ප‍්‍රකාශ කළේ සජිත්ගේ හැසිරීම ඉතාමත් පහත් බවයි. ඒ වගේම විපක්ෂ නායක කියන තනතුර හෑල්ලූ‍වට ලක් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගේ අදහස වුණේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සාකච්ඡුාවේ මතය වෙනුවෙන් පෙනී නොහිටියත්, මේ වගේ දේශපාලන විනයකින් තොර හැසිරීමක් නොපෙන්වු බවයි.

කෙසේ නමුත් පක්ෂ නායකයින්ගෙන් විෂයට අදාළව ස්ථාවර මතයක් ප‍්‍රකාශ නොවූ බැවින් ජනපති කීවේ දෙමළ පක්ෂ හෝ එක ස්ථාවරයකට පැමිණෙන ලෙසය. පිරිසක් 13 වැනි සංශෝධනය ගැන කතා කරන ගමන් 13ට කළින් පළාත් සභා මැතිවරණය තබන්නැයි තවත් කණ්ඩායමක් ප‍්‍රකාශ කරන බැවින් එක ස්ථාවරයකට පැමිණෙන ලෙස ජනපති එහිදි පක්ෂ නායකයන් දැනුම්වත් කළේය. එක ස්ථාවරයකට පැමිණ 13 ගැන මතයක් කියන ලෙස ජනපති දෙමළ පක්ෂ ප‍්‍රමුඛ පක්ෂ නායකයින්ට කියා සිටියේය. එම තීන්දුවට ඉඩ වෙන් කරමින් පක්ෂ නායක රැස්වීම අවසන් වූවේය.

ජාත්‍යන්තර ගේමක්

සුපුරුදු ලෙස ජනපති බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ රටේ පවතින ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡුා කිරීමටය. ඊට මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටි බැවින් රටේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් ද කතා බහ කෙරිනි.

”පසුගිය මාස හයේ සුමන්තිරන් කරපු කතාබහ සහ සර්ව පාක්ෂික සමුළුවේදි කරපු කතාව බැලූ‍වම එකකට එකක් පරස්පරයි. ඒ අය අතරත් එක මතයක් නැති බව පෙනුනා.” ඇමති ප‍්‍රසන්න කතාව ආරම්භ කළේය.

”සජබ ලොකුවට කිසිවක් කිව්වේ නැති වුනත් සජිත් ප‍්‍රකාශයක් කරලා ගියා. හැබැයි එයා කතා කරපු දේවල් කාටවත් තේරුනේ නෑ. මනෝ ගනේෂන් වැනි අය කතා කළේත් නෑ. වමේ පක්ෂවලින් කොමියුනිස්ට් පක්ෂය හොද අදහසක් දුන්නා.” ඇමති ශෙහාන් කීවේ එවැන්නකි.

”මේක ජනාධිපතිතුමා ඉන්දියාවයි ජාත්‍යන්තරයයි රවට්ටන්න ගහන ගේමක් කියලා තමයි සමහරු කියන්නේ.” ඇමති සියඹලාපිටිය කීවේ ජනපති දෙස බලමිනි.

”එහෙම කරන්න පුළුවන් නම් මට මොනවා කරන්න බැරිද?” ජනපති කීවේ උස් හඩින් සිනාසෙමිනි.

”හැබැයි ජනාධිපතිවරු හත් දෙනෙකුට කරන්න බැරි වූ දේ ජනාධිපතිතුමා කරයි කියලා අපට නම් විශ්වාසයක් තියෙනවා. හැබැයි පොදුජන පෙරමුණේ කවුරුත් කතා කරන්නේ නෑ කියලා ඉදලා සාගර කාරිවසම් කතා කළ එකෙන් ඇතුළේ අර්බුදයක් ද කියන එක කාට කාටත් පේන්න ගත්තා. මොකද වීරසේකරට විතරක් කතා කරන්න දෙමු කියන තැන තමයි ඔවුන් හිටියේ.” වජිර වෙනත්ම කාරණයක් ගෙන හැර පෑවේය.

මේ අතර ඩොලරයේ අගය ඉහළ යාම ගැන ද කතා බහක් ඇතිවූ අතර ඊට පිළිතුරු බැන්දේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගලය. ”ආනයන තහංචි ලිහිල් කරපු එක තමයි ප‍්‍රධානතම කාරණය. ආයෝජන සමඟ විදේශ විනිමය පැමිණෙද්දී මෙය අඩු වෙලා යාවී.” සාගල කීවේ එවැන්නකි.

ඉන්දීය සංචාරය ගැන මෙන්ම සතියක් තුළ විදේශ නායකයන් දෙදෙනෙකු හා විදේශ ¥ත මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු ජනපති මුණ ගැසීම ගැන ද මෙහිදි කතා බහට ලක් විය.

බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය හමු වූ අතර ඔවුන්ට පැනනැගී තිබෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡුා කළහ. අනතුරුව ජනාධිපතිවරයා වාණිජ මණ්ඩලයේ සාමාජිකයින්ව හමු වු අතර ඔවුන් වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබදව සාකච්ඡුා කළේය.

සිකුරාදා උදේ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණු බාලදක්ෂ ව්‍යාපාරයේ විශේෂ උත්සවයයකට සහභාගී විය. එහි දී බාලදක්ෂ ජංබෝරියේ නිල ධජය ජනාධිපතිවරයාට පිරිනැමීම සිදු කෙරිණි.

ජනපති වේදිකා නාට්‍යයකුත් බලයි

ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු විය නොහැකි අපුර්ව යමක් සිකුරාදා හවස සිදු විය. භාරධුර රාජකාරී අස්සේම ඔහු සිය බිරිඳ, මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මැතිනිය සමග කොළඹ ලයනල් වෙන්ට් ර`ගහලේ දී ”ජූලි මාසයේ දවසක්” වේදිකා නාට්‍යය නැරඹීමට ගියේය. ජනාධිපතිවරයා එම නාට්‍යය නැරඹීමට පැමිණෙන බව සංවිධායකයන්ට පෙර දැනුවත් කිරීමක් සිදුකර තිබුණේ නැත. එමෙන්ම විශේෂ ආරක්ෂක පියවර කිසිවක් නොමැතිව ජනාධිපති සහ එම මැතිණිය ර`ගහලට ගියේ සාමාන්‍ය නාට්‍ය නරඹන්නන් ලෙසය. අනතුරුව ජනාධිපතිවරයා නාට්‍යකරුවන්ට සුභ පැතුම් එක්කර නරඹන්නන් සම`ග ද සුහද පිළිසදරක යෙදෙන්නට අමතක කළේ නැහැ.

සිකුරාදා සවස පැය දෙකක සංචාරයක් සදහා දිවයිනට පැමිණි ප‍්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්ව, ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපලේ දී අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේ දී උත්සවශ‍්‍රියෙන් පිළිගනු ලැබුවේය.

අනතුරුව කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව දෙරටේ ජනාධිපතිවරුන් සාකච්ඡුා කළේය. ප‍්‍රංශ ජනාධිපතිවරයෙකු ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වු‌යේ ඉතිහාසයේ පළමු වරටය.

Mediaman

Leave a Reply

Your email address will not be published. Required fields are marked *