ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය විසින් ලංකා දේශපාලනය මේ වන විට තීරණාත්මක තැනකට පත්කර ඇත. තවදුරටත් යල්පැන ගිය සහ ජනප්‍රියවාදී පැරණි ආර්ථික උපාය උපක්‍රම අවලංගු බව, නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශයට පත්කළ ආර්ථිකය විසින් තහවුරු කර ඇත. බිඳ වැටුණු සියල්ල යළි ගොඩනැගීමට සිදුව ඇත. ඒ කියන්නේ රටේ ආර්ථික විප්ලවයක් කරන්න සිදුව ඇති බවය.

ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස රට දරුණු ආර්ථික අගාදයට ඇදවැටීම ආරම්භ වූ අවස්ථාවේ දැක්වුණු ජනතා ප්‍රතිචාරය කාටත් මතකය. එය උච්ච ස්ථානයකට පැමිණියේ එවකට සිටි පාලකයාට පවා රට අත්හැර යන්නට සිදුවන තැනට පත්වෙමින්ය. ඒ අවස්ථාවේ රට යළි ගොඩනැගීමේ වගකීම ගන්නටත් කෙනෙක් සිටියේ නැත. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක විකල්පය ලෙස තෝරාගැනීම වන්නේ විපක්ෂ නායක වුවත්, මෙරටදී ඒ කටයුත්ත සිදුවුණේ නැත. ඒ එක් පසෙකින් අර්බුදයෙන් රට ගොඩනැගීමේ අභියෝගය බාරගන්න තැනක ඔහු නොසිටි නිසාය. එසේම සජිත් නම් විපක්ෂ නායකයා එවැනි අභියෝගයක් බාරගැනීමට තරම් දේශපාලන වශයෙන් පරිණත යැයි විශ්වාසයක් පාර්ලිමේන්තුවට තිබුණේ නැත. එවැනි විශ්වාසයක් යන්තම් හෝ තිබුනා නම්, ජනාධිපති තෝරාගන්නා පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකත්වය සඳහා හෝ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරිපත් කිරීමට තිබිණ. නමුත් එය සිදුනොවීම හරහා විපක්ෂය තුළ සජිත්ට ඇති තැන පැහැදිළිව සලකුණු කර හමාරය.

ඉතිහාසයේ දරුණුම අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ නායකයා ලෙස ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ බහුතර තේරීම වූයේ තනි ආසනයක් සහිතව ජාතික ලැයිස්තුවෙන් පැමිණ සිටි රනිල් වික්‍රමසිංහ ය. පාර්ලිමේන්තුවේ ඒ තේරීම නිවැරදි බව ගතවූ මාස කිහිපය තුල තහවුරු කර හමාරය. දැන් රටට පාර කියන්නේ කවුරුත් නොව රනිල් ය. ඒ සඳහා වන මාර්ග සිතියම දැනටමත් ප්‍රසිද්ධ කර හමාර අතර, දැන් සිදුවෙමින් ඇත්තේ ඒ මාර්ග සිතියම මහ පොළවේ යතාර්ථයක් බවට පත්කිරීමය.

බිල් අයර්ස් නම් විද්වතා කියා ඇත්තේ ලසෑම විප්ලවයක්ම ආරම්භයේදී කළ නොහැක්කක් ලෙස පෙනෙන නමුත්, එය සිදුවීම ඇරඹීමෙන් පසුව වැළක්විය නොහැකියල කියාය. ඒ ආකාරයටම ජනාධිපති රනිල් ආරම්භ කළ ආර්ථික විප්ලවය දැන් වැළක්විය නොහැකි ආකාරයට ඉදිරියට ගමන් කරමින් ඇත. ඒ හමුවේ තෝරාගැනීම් කිහිපයක් නැත. දැන් තෝරාගන්න ඇත්තේ රනිල් කියන පාරේ යනවද නැත්නම්, ඊට එරෙහිව යනවාද යන්නය. කාලයක් ජනාධිපති රනිල්ව දේශපාලනය තුළ බෞතීස්ම කර තිබුණේ බටහිර දක්ෂිණාංශික කඳවුරේ දේශීය ඒජන්තයා ලෙසය. රනිල්ව එහෙම බෞතීස්ම කරන විට නමට හෝ ඊනියා වමක් මෙන්ම ඊනියා ජාතිවාදී * ජාතිකවාදී (රාජපක්ෂවාදය ) කඳවුරක් මෙරට තිබිණ. නමුත් අර්බුදය විසින් ඒ කඳවුරු වල ඊනියා පොරෝණ කීතු කීතු කර දැමිණ.

දැන් දේශපාලනය පෙළගැසී ඇති ආකාරයට අර්බුදය හමුවේ දෙදරා ගිය රාජපක්ෂ කඳවුරේ බහුතරය ජනාධිපති රනිල්ට සහය පළකර අර්බුදයෙන් රට ගොඩ දැමීමේ කාර්යට කොන්දේසි විරහිතව සහය දෙන තැනකට පැමිණ ඇත. පැරණි වම නියෝජනය කළ ජවිපෙ සිය වාමාංශික දේශපාලනයේ මූලික පදනමක් වූ පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීම යන්න ප්‍රතිපත්තිමය ලෙස ඉවත්කරගෙන ඇත. ඒ අනුව තවදුරටත් එහි ඇති වමක් නැති අතර, දක්ෂිණාංශික දේශපාලනය තෝරා නොගතහොත් වැටෙන්න ඇත්තේ වලටය. ඒ හැරුණු විට තවත් වාම, ජාතිවාදී * ජාතිකවාදී සළු පොරවාගත් කල්ලි කණ්ඩායම්ද ක්‍රම විරෝධී ආකාරයට හෝ වෙනත් කුමන හෝ අන්දමකට දේශපාලනයේ ප්‍රධාන ධාරාවට ඇතුල්වීමට උත්සාහ ගනිමින් ඇත. මේ ආකාරයට දේශපාලනය අතර මද සමාදානයක් නැතුව පෙළගැසෙන විට, අවධානය යොමුකළ යුතුව ඇත්තේ විපක්ෂ නායක සජිත් කොතනද යන්න කෙරෙහිය. පසුගිය දින කිහිපයේ සජිත්ගේ දේශපාලන හැසිරීම අනුව නම් මේ නව දේශපාලන පෙළගැස්ම හමුවේ ඔහුට ආතක් පාතක් නැතිව ඇත. නැත්නම් සජිත්ගේ ස්ථාවරය ලඑහෙටත් නෑ මෙහෙටත් නෑල යන තැනට පත්ව ඇත. නමුත් සජිත් නොදැන සිටින්නේ, ලඑහෙටත් නෑ මෙහෙටත් නෑල දේශපාලනයට පැවැත්මක්ද නැති බවය. සජිත්ට තේරුම් ගන්නට තරම් මොළයක් නැති වුණාට දැන් සිදුවෙමින් ඇත්තේද ඒ දෙයමය.

ඊට ආසන්න උදාහරණයක් නම් උපයන විට ගෙවීමේ බද්දට එරෙහිව සුදුකරපටි වෘත්තීය සමිති මෙහෙයවූ වැඩ වර්ජනය අවස්ථාවේ සජිත්ගේ සහ ඔහුගේ කඳවුරේ හැසිරීමය. මේ වැඩ වර්ජනය අවස්ථාවේ ඒ ගැන කිසිඳු නිල ස්ථාවරයක් සජිත් ප්‍රසිද්ධියේ කිව්වේ නැත. ඒ කියන්නේ සජිත් එහිදීද සිටියේ ල එහෙටත් නෑ මෙහෙටත් නෑල ස්ථාවරයේය. සජිත් එහෙම හිටියාට ඒ කඳවුරේ සිට රනිල්ගේ ආර්ථික විප්ලවයට ආශක්තව සිටින එරාන්ලා වැන්නන්ට නිහඬව සිටිය නොහැකිය.

ලපොලිසියට බැක්‍ෂෙන කවුරුත් වැඩ වර්ජන කරන්න යන්නෙ නෑ. හමුදාවට බැක්‍ෂෙන කවුරුත් වැඩ වර්ජන වලට යන්නෙ නෑ. මොකද ඒ අය සේවයට එකතුවෙනකොටම ඒ ගැන දන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට කියන්න ඕන සෞඛ්‍ය සඳහාත් මේ තත්වය අවශ්‍යයි කියලා. මොකද ඒකත් ජීවිතයත් මරණයත් අතර තියෙන කාරණයක්. ඒ නිසා හමුදාවට බැක්‍ෂෙනකොට වගේ සෞඛ්‍යට බැක්‍ෂෙනඅයත් වැඩ වර්ජන කරන්න බෑ කියලා තේරුම් අරගෙන බැක්‍ෂෙන්න ඕනල මාර්තු 15 වැඩ වර්ජනය ගැන ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එරාන්ගේ අදහස එහෙමය.

එරාන් සජබ නිසා එහිදී බදු සීමාව එහා මෙහා කරගැනීම ගැනත් පොඩි කුණුකුනුවක් ගෑ බවත් ඇත්තය. ඒ සජිත්ගේ කුණුකුනුවෙන් ගැළවෙන්නවිය යුතුය. ඒ හැර රනිල්ගේ ආර්ථික විප්ලවය සම්බන්ධව කිසිම මූලික විවේචනයක් ඒ කතාවේ තිබුණේ නැත. ඒ අනුව වර්ජනයට අදාළව සජිත් එහෙටත් නෑ මෙහෙටත් නෑ වුණාට , ඒ කඳවුරේ ආර්ථික ඔස්තාද්ලා, වර්ජනය සම්බන්ධ ඉන්නේ රනිල්ගේ ආණ්ඩුව ඉන්න ස්ථාවරයේ බව පැහැදිළිය. එසේම සුදු කරපටි වැඩ වර්ජනයට අදාළව සෞඛ්‍ය සේවය සිදුකළ මැදිහත්වීම ගැන එරාන්ගේ නිර්දේශය, වැඩ වර්ජනය කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට තහනම් කළ යුතු බවය. ඒ සෞඛ්‍ය වැඩ වර්ජනයක් යනුම රෝගී ජීවිත ප්‍රාණ ඇපයට ගැනීමක් වන පදනමින්ය. ඒ අර්ථයෙන් එරාන්ගේ යෝජනාව ඉදිරිගාමී වුවත් සජිත්ගේ නායකත්වය ඇතුළේ ඔහොම දේවල් සිතීමත් පිස්සුවක්ය. ඒ අනුව තවදුරටත් සජිත් සමÛ ඉන්නවාද නැද්ද යන්න තීන්දු කිරීමට එරාන්ලාට සිදුවීම, තවදුරටත් කාලය සම්බන්ධ ප්‍රශ්නයක් මිස, විය නොහැක්කක් නොවේය.

ඒ කියන්නේ සජිත්ගේ දේශපාලන අනාගතය අන් කවුරුවත් නිසා නොව සජිත් නිසාම තීරණාත්මක අර්බුදයකට යාමට නියමිත බවය. ඊට තවත් හොඳ නිදසුනක් වන්නේ IMF සම්බන්ධව ඔහුගේ ස්ථාවරයය. සජිත් IMF සමඟ කටයුතු කිරීමට ඇති සූදානම පසුගිය දිනක රටටම ඇහෙන්න කිව්වේ මෙහෙමය.

ලඅපි එකක් කියනවා IMF එකට මේ ආණ්ඩු ව ගහන කිසිම ගිවිසුමක් ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගයේ ආණ්ඩුව බැඳිල නෑ. IMF එකත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ දෙකට තුනට හතරට නැමිලා නෙවෙයි. කොන්ද කෙළින් තියාගෙන කේසර සිංහයා වගේ. ෂඵත්‍ එකත් එක්ත ගනුදෙනු කළොත් ඔබට වාසි වෙන ආකාරයේ සහන ලබා ගන්නට පුළුවන්. නමුත් අද වන විට පොහොට්ටුවයි, අලියයි දෙගොල්ලම දීග කාගෙන IMF එක ළඟට ගිහින් වැඳ වැටිලා කියනවා ෂඵත්‍ ස්වාමීනි, ඔබ කියන කරන හැමදේම අපි කොරඤ්ඤං කියලා. අපි එකක් කියනවා ෂඵත්‍ එකට. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් ඉන්න මේ ආණ්ඩුව ගහන කිසිම ගිවිසුමක් කිසිම පොරොන්දුවක් ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේග ආණ්ඩුව බැඳිල නෑ කියන එක මං මේ අවස්ථාවේ කියනවා.ල

සජිත් නම් දේශපාලන නොදරුවා සිතන්නේ ෂඵත්‍ කටයුතු කරන්නේ ආණ්ඩුව සමÛ කියාය. ඒ කියන්නේ ෂඵත්‍ ගනුදෙනුව සිදුවන්නේ රාජ්‍යය සමඟ බව තේරුම් ගන්න තරම් ඔහුගේ මොළය මෝරා නැති බවය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. එනිසා ෂඵත්‍ සමඟ වන එකඟතාවෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයෙක් වශයෙන් අන්තර්ජාතික ගෙවීම් පියවීම හා විදේශ විනිමය ගනුදෙනු පවත්වාගෙන යන්නේ ෂඵත්‍ නියමයන්ට හා අධීක්ෂණයන්ට යටත්ව යන්නට වඩා දෙයක් මෙතන සිදුවන්නේ නැත.

කොහොම නමුත් මාර්තු 20 න් පසුව මෙරට සහ ෂඵත්‍ අතර වන එකඟතා ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතය. එවිට IMF සම්බන්ධව තම ස්ථාවරය නිල වශයෙන් පාර්ලිමේන්තුව හමුවේ කියන්න අවස්ථාව සජිත්ට ඇත. ඒ හැර දැනට නම් සජිත් ඉන්නේ ෂඵත්‍ සම්බන්ධව ඉතාම සෘන අදහසකය. සජිත්ගේ මතය අකුරු කරන ලියන්නන් පසුගිය සතියේ සිය දේශපාලන ලියවිලි වල ල රනිල්ගේ අප්පොච්චිත් ෂඵත්‍ විරෝධීල කියා ලිව්වේ, ඒ සජිත්ගේ මතයට වටපිටාව හදන්නය. ඒ අනුව සජබ ඉස්සරහට යන්න හදන්නේ ෂඵත්‍ විරෝධී ස්ථාවරයක් හරහා නම් සජබ ආර්ථික ඔසතාස්ලට සිදුවන්නේ තීරණයක් ගන්නටය. එහිදීද ඉදිරි ගමනක් ගැන හිතනවා නම් ඔවුන්ට සිදුවන්නේද රනිල්ගේ ආර්ථික විප්ලවය පිළිගෙන ඒ පැත්ත ගැනීමය. ඒ හැර විකල්පයක් ඔවුන්ට නැත.

ඒ කියන්නේ සජිත්, රනිල්ගේ ආණ්ඩුව සම්බන්ධව ලඑහෙටත් නෑ * මෙහෙටත් නෑ, ස්ථාවරයේ හිටියත්, ආණ්ඩුවට එරෙහිව හිටියත් හානිය සජිත්ටම බවය. දැන් තීරණාත්මකව අහන්න ප්‍රශ්නයක් ඇත. ඒ සජිත්ට මෙහෙම වුණේ ඇයි ? යන්නය. ඊට ඇති කෙටි පිළිතුර නම් සජිත්ට මේ දේශපාලනය තුළ තවදුරටත් පැවැත්මක් නොමැතිවීමය.

කට්ටියක් මාව හෑල්ලූවට ලක්කළා මට ඉංග්‍රීසි භාෂාව බැහැ කියලා. මට අවශ්‍ය වුණා ඔවුන්ට මගේ ඉංග්‍රීසි භාෂාවේ ඇති ප්‍රවීණත්වය, නිපුණත්වය, පෙන්වා දෙන්න.ල මේ කතාව සජිත්ගේය.

සජිත් ඒ කතාව කිව්වේ, නළුවෙක් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකදී ලඔබතුමා අපි කාටවත් එහෙම පහසුවෙන් තේරුම් ගන්න ඉතාම දුෂ්කර ඉංග්‍රීසි භාෂාවේ ඇති බරපතළම වචන යොදාගෙන කතා කරනවා. ඇත්තටම ඇයි ඒ ? , කියා ඇසු ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්ය.

එතකොට සජිත් ඉංග්‍රීසි භාෂාවේ බරපතළම වචන තැනක් නොතැනක් නැතුව යොදාගනිමින් සිටින්නේ, වැදුණු මඩක් හොඳටම සීරියස් ගැනීම නිසාද ? තවත් අවස්ථාවක සජිත් කියා සිටියේ, ලමගේ මේ බරපතළ ඉංග්‍රීසි භාවිතය හරහා ජාත්‍යන්තර නායකයන්ගේ හිත් දිනාගෙන අර්බුදය විසඳීමට ආධාර ලබාගන්නවාල කියාය. ඇත්තටම ඒ, ලෝකය ගැන , රාජතාන්ත්‍රික කටයුතු ගැන, ගෝලීය බල * මූල්‍ය දේශපාලනය ගැන සජිත්ට තිබෙන තක්සේරුවය.

සජිත්ගේ මේ මරිමෝඩ කතා ගැන ඇසු විට වටේ සිටින උපදේශකයන් කියන්නේ, ඔය කතා කියන්නේ බිම්මට්ටමේ ජනතාවට මිස දැන උගත් පරපුරට නොවන බවය. නමුත් සජිත්ගේ කියුම්කෙරුම් වලින් තහවුරු වන්නේ ඔහු සිටින්නේ සුළුපටු අනන්‍යතා අර්බුදයක නොවන බවය.

ඒ බව හොඳින් තහවුරු වන්නේ ලවෙන්ඩ ජනාධිපතිල වෙන්න ඉන්න සජිත් නිතර ඊට ඔහුගේ සුදුසුකම් ඉදිරිපත් කිරීමය. රට ගැන ඇති දැනුවත් බව කියන්න සජිත් යන යන ආසනයේ ගම් වල නම් කියයි. එවිට මතක් වන්නේ රාජ්‍ය නායකයකු නොව බස් කොන්දොස්තරවරයෙකුය. සජිත්ට නිසි අධ්‍යාපනයක් නෑ කියූ විට ඔහු කළේ විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීමට යාමය. එවිට සිහිපත් වන්නේ රාජ්‍ය නායකයකු නොව රැකියාවක් අපේක්ෂාවෙන් අධ්‍යාපන සුදුසුකම් තවදුරටත් සම්පූර්ණ කරගන්න වෙර දරන උපාධි අපේක්ෂක්යෙකුය.

එපමණක් නොව , සජිත් වටේ සිටින උදවිය සජිත්ගෙන් ලකුණු දාගන්න, සජිත් ගැන කියන්නේද මේ වගේම කතා වීමය. පසුගිය දිනක සජිත්ව වේදිකාවේ තබාගෙන හිරුණිකා අනුරට ගැහුවේ මෙහෙමය.

ල ඔව් , අපේ නායකයා බස් බෙදනවා ,ඒ නිසා එයා බස් මෑන්. එයා හෝටල් වල ඉන්නේ නැතුව වන සතුන්ගේ ෆොටෝ ගන්න යනවා, ඒ නිසා එයා කැමරා මෑන්. අපේ නායකයා හොඳ ජීවිතාරක්ෂක පිහිනුම්කරුවෙක්, ඒ නිසා එයා ස්විමිං මෑන්. ඕන සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්, ඒ නිසා එයා මියුසික් මෑන්. එයා ගෙවල් හදලා දෙනවා, ඒ නිසා හවුස් මෑන්. පන්සල් හදලා දෙනවා, ඒ නිසා එයා ටෙම්පල් මෑන්. ජනතාවගේ දුකට සංවේදී වෙනවා, ඒ නිසා එයා පීපල්ස් මෑන්. හැබැයි අනුර ඔයා කාබාසිනියා මෑන්ල කියාය. මේ හැර අනුරට ගහන්න වෙනත් කිසිඳු මතවාදී අවියක් හොයාගන්න තරම් දේශපාලන සාක්ෂරතාවක් සජිත්ගේ දේශපාලනය තුළ නැත.

දේශපාලනයේ සිටින කිසිවකු සජිත්ව තමන්ගේ ලදේශපාලන අනෙකාල කර නොගන්නේද මේ නිසාය. සජිත් කවදාවත් තේරුම් නොගන්නේ කිසියම් දේශපාලන ප්‍රවාහයක ලඅනෙකාල වීමට තරම් දෙයක් සජිත් සතුව නැති බවය. විපක්ෂ නායකයා ලෙස, රනිල්ගේ අනෙකා නොවී, සජිත් අනුර සමÛ පැටලී ඉන්නේද ඒ නිසාය. ඒ කියන්නේ වත්මන් අර්බුදයට අදාළව කරන්න කිසියම් හෝ දෙයක් සජිත්ට නොමැති බවය. ලසජිත්ට බෑල කියන්නේ ඒකය.

යම් හෝ දෙයක් සජිත් කියා පැවතුනා නම් ඒ රනිල්ගේ දේශපාලන කඳවුරේ අභ්‍යන්තරයේ සිටි කැරළිකරුවන්ට නායකත්වය දීමෙන් හදාගත් දෙයක් පමණය. නමුත් දැන් සජිත් ඉන්නේ රනිල්ගේ කඳවුරේ නොවන නිසා තවදුරටත් නායකයෙක් ලෙස පවතින්නට හැකියාවක් ඔහුට ඉතිරිව නැත. දැන් සජිත්ගේ උපදේශකයන් කළ යුතුව ඇත්තේ, කුණාටුවට හැමූ පසුව කුණාටුවට පෙර තිබූ තත්ත්වය කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි බවේ සත්‍ය ඔහුට පැහැදිලිකර දීමය. එසේ නොවන්න සිදුවන්නේ ඒ දේශපාලන ළදරුවාගේ ඉහේ රැලි වැඩිවීම පමණය.

කල්ප අනුත්තර ලියනගේ

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *