අනාගත ඉතිරිය

උදෑසනම නැගිටගත් සයිමා කෙමෙන් කෙමෙන් බේරේ වැව පාරට ප්‍රවිශ්ට විය. වැව දිගේ ඇති කඩදාසි, ෂොපිං කවර එකතු කරගෙන තවත් ෂොපිං උරයකට දාගෙන එකතු කරමින් ගියේය. වැව වටේ රවුමක් දාගෙන යද්දී ෂොපිං උර තුනකට තරම් විසි කර දමා තිබූ කුණු ගොඩක් එකතුව තිබුනි.

“ආ සයිමයියා මොකද මේ උදේම ඩස්බින් බෑග් කරගහගෙන”

“ආ ඩප්පියා ගුඩ් මෝනිං. දන්නැද්ද බං ඉතිං කවුරු කුනු දැම්මත් බං මේවා අපි අස් කරන්න ඕනේ මේවා ලස්සනට තියන එක බං අපේ යුතුකමනේ ”

“ඒක නම් මරු ටෝක්ස් එක උදේම අහපු, ඇයි සයිමයියා මුන් මේවා තැන් තැන්වල දාල යන්නේ ඇයි බං නොහිතන්නේ අපේම ස්ටී්‍රට් නේද මේම මේම ඩස්බි වෙන්නේ කියල”

“ඔව්වා බං හැදෙන්න ඕන දේවල් මුල ඉදලම ඒත් බං නොහැදුනා කියල උන්ට බැන බැන ඉදල වැඩක් නෑ අපේ වැඩේ අපි කරන්න ඕනේ නැත්නම් බං මේවා කුණු ගොඩවල් වෙනවා”

“අම්මපා බං උඹ පුදුම මනුස්සයෙක්. ඩල්සි අක්කාට සපෝර්ට් එකක් දීලා ගෙදර වැඩ ටික කරන්න හෙල්ප් එක්ක නොදී පාරේ දාල තියෙන ඩස්බින් එකතු කරනවා”

“මෙහෙම නේ බං අපි හැමදාම ඔය විදියටම හිතුවොත් කෙළවෙන්නේ අපිටමයි. සිරා සීන් වැඩක් නෑ අදාළ තැනින් පටන් අරගෙන වෙනස් කරන මගුලක් වෙනස් කරන්න ඕනේ බං ඉතිං ඒකට පොඩි කැප කිරීමක් කරන්න වෙනවා. ගෑණිගෙන් බැනුම් අහන්නත් වෙනවා. කරන්න දෙයක් නෑ. වැඩේ කරන්නයි ඕනේ බං”

“හරි හරි දාපං ඔය ඩස්බි ටික මම පටවගෙන ගිනිහින් දාන්නම් නගර සභා ලොරියට”

“හරි යමං මමත් එනවා” සයිමාද කුණු කවර සමග ඩප්පියාගේ වීල් එකට ගොඩ විය.

“අයියේ මේ බලපං උඹගේ මේ වගේ වැඩ මට මාර අවුල් බං. උඹ හිටපු ගමන් කන පැලෙන්න වදින වැඩ කරනවා. හිතාගන්න බෑ. උඹ මොනවටද බං මේවා කරන්නේ. දරුවෙක්වත් නෑ මේවා කියා දෙන්න ඊටත් උඹගේ දරුවෙක් මේ පාරවල්වල ඇවිදින්නෙත් නෑ. ඉතිං මොනවට බං”

“ඔන්න බලපං උඹලගේ හිතුවිලි යකෝ මට ළමයි ඉන්න ඕනෙද බං පරිසරයට ආදරේ කරන්න. මේකේ කාගේ හරි දරුවෙක් යනවා. උන්ට ලස්සනට පාරේ යන්න මේවා ක්ලීන් වෙලා තියන එක වැඩිහිටියෝ වෙච්ච අපේ වැඩක්. ඒකට බං මට ළමයි ඉන්න ඕනෙද?”

“එළ එළ සොරි වෙන්ඩ ඕනා ළමයි ගැන සීන් කතා කළාට සයිමයියා”

“පිස්සුද බං ඇත්ත ඇති විදියට දැනගෙන ඉන්න එක සිරා බං. බොරුවට ඇයි බං අපි නැති මගුල් ගැන කතා කරල හිත් අවුල් කරගන්නේ. දැන් බලපං ඩල්සිට මට සීන් එකක් නැති තැන්වල මොනවටද බං මේවාට වද වෙන්නේ”
“ඔයත් නිකන් අර අඹ පැළයක් සිටුවන්නට සිතුවෙමි සීන් එකේ මෑන් වගේ පොරට කන්න අඹ නෑ හැබැයි පොර අඹ හිටෝනවා. අන්තිමට පොර වලකජ්ජ ගහනවා අඹ කන්නේ වෙන් උන්”

“ආන්න බලපං මේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට විසදුම් තියෙන්නේ බං ඔන්න ඔතන. ඇයි බං අපි අනිත් උන්ට පරිසරයක් හදන්න කම්මැලිකම. අනාගතේ උන්ට පාරක් හදල මැරෙන්න තියෙනවා නම් මට සිරා.”
“සයිමයියා ඒක නෙවෙයි බං ඇත්තටම බං මොකද්ද මේ රටට වෙන්නේ දැන් එක එකා වෙන වෙන පැතිවලට කැඩිල උන් උන්ගේ වැඩ කරගෙන යනවා. අනිත් උන් ගැන හිතන්නේ නෑ”

“දැන් බලපං අපේ ප්‍රසිඩන්ඩ් ලොක්කා ගින්නක් නෑනේ. පොර කොහෙන් හරි සල්ලි ටිකක් සොාය ගත්තා ගේම ගැහුවා. ඒ නිකම්ම නෙවෙයිනේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න දඟලන දැඟලිල්ලක්. පොරට ළමයි ගෙවල් මුකුත් නෑ. යකෝ පැත්තට වෙලා නිකම් ඉන්න තිබුන නේ. නායකයෙක් කියන්නේ බං ඕන වෙලාවට ඉදිරියට ඇවිත් තමන්ගෙන් කරන්න ඕන වැඩේ තිතට කරල මැරිල යන එක.”

“ඒක නම් ඇත්ත බං අයියේ ඒ ජීවිත නම් අනිත් උන්ට ආදර්ශයක්. මොන මගුල වුනත් ඒකට නම් පට්ට රෙස්පෙට් මම”

“ඔන්න උඹට තේරුණා. ගේම් ගහන උන්ට ගේම් ගහන්න දීලා. තමන්ගේ වැඩේ තිතට කරන එක තමයි බං ඇත්ත නායකකම කියන්නේ”

“සයිමයායි ඔය බඩු ටික විසි කරපං ඔය ලොරියට යැයි කියා කුණු බෑක් ටික නගර සභා ලොරියට දමා සයිමා සමග නැවත ගෙදර ආවේය.

සයිමා ගෙදරට ගොඩ වෙන කොටම සයිමාට තඩි මල් බොකියෙක් රැගෙන ආ ළමයි සෙට් එකක් සයිමට මල් ටික දුන්නේය.

“මේ මොකද මේ ළමයි?” සයිමා අසද්දීම පොඩි සෙට් එකම සයිමා බදාගත්තේය.

“සයිමා මාමාගේ වැඩේ අපේ අක්කා දැකල අම්මට කෝල් කරල කිව්වේ අද නිවාඩු නිසා සයිමයියාගේ වැඩේට ඔයා තෑන්ස් කරන්න කියල. ඇත්තම මාමා ඔයා අපි ගැන හිතන එක අපිට ලොකු ආඩම්බරයක්. අපි ආයේ ටොපි කොළයක්වත් පාරේ දාන්නේ නෑ”

සයිමාගේ ඇසට කදුළක් ආවේය. ඩල්සි කිචං එකේ සිට පැමිණ මේ සීන් එක දැක කඳුළක් ඇසින් පිහදා සයිමාට හාදුවක් දුන්නේය. ඩප්පියාටත් ෆුල් මංඤ්ඤංය.

“මේවා අපේ යුතුකම් පුතා” යැයි කියා සයිමා ගෙතුලට වැදුනේය

  • තව්තිසා