එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද රැස් වෙයි

0

ඊශ්‍රායල – හමාස් සංවිධාන යුද ගැටුම් සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (13) රැස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය සාම්ප්‍රදායිකව මාසිකව එහි සාමාජික රටවල් අතර හුවමාරු වන අතර, මේ මාසයේදී එහි සභාපතිත්වය දරනු ලබන්නේ බ්‍රසීලය විසිනි.

ඒ අනුව බ්‍රසීලයේ විදේශ කටයුතු ඇමැතිවරයා එම රැස්වීමට සහභාගිවීමට නිව්යෝක් නුවරට පැමිණ සිටින අතර, අද රැස්වීම තීරණාත්මක වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ. පවතින යුද තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පසුගිය ඉරිදා පළමුවරට රැස්වූ අවස්ථාවේ එහි සාමාජිකයන් දෙපසට බෙදී අදහස් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. ලොව කිසිදු තැනකදී දරුවන් ප්‍රාණ ඇපයට නොගත යුතු බව අවධාරණය කරමින් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පණිවුඩයක් නිකුත් කර ඇති අතර, හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් දරුවන් නිදහස් කළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම පලස්තීනයේ දරුවන්ට සහ ඔවුන්ගේ මව්වරුන්ට ගාසා තීරයෙන් නිරුපද්‍රිතව පලා යෑමට අවශ්‍ය පසුබිම ලබාදීමට රොකට් ප්‍රහාර නවත්වන ලෙස ඔහු ඊශ්‍රායලයෙන් ද ඉල්ලීමක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *