ගුරු – විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය කරන්න වෙයි

ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බව ද යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා  විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය. 

මේ බව ජනාධිපතිවරයා  වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි මහා නායක නා හිමියන් (27) බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් සඳහන් කළේය