තායි ප්‍රතිසංස්කරණ පක්ෂ නායකයාගේ අගමැති සිහිනය බොඳවෙයි

0

තායිලන්තයේ පසුගිය මැතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ප්‍රතිසංස්කරණවාදී පෙරට යමු (Move Forward) පක්ෂයේ නායක පිටා ලිම්ජාරෝඑන්රත් (Pita Limjaroenrat)ට අගමැතිධුරය ලැබීම වැළැක්වීමට එරට හමුදා සහ රාජාණ්ඩුවාදීන් කටයුතු කරමින් ඇත. ඒ අධිකරණය විසින් ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමකය.

හමුදාවේ බලපෑම දේශපාලනයෙන් ඉවත් කිරීම සහ විවේචනවලින් රාජාණ්ඩුව ආරක්ෂා කරන නීතිය සංශෝධනය කිරීම ඇතුළු සැලකිය යුතු වෙනස්කම්වලට zපෙරට යමුz පක්ෂය පොරොන්දු විය. කෙසේ වෙතත්, ගතානුගතික පක්ෂ සහ සංස්ථාපිතයන් මෙම පක්ෂයට දැඩි ලෙස විරුද්ධ වූ අතර, ඔවුන් බලයට පැමිŒමට සැලකිය යුතු බාධා ඇති කරමින් තිබේ.

පිටා ලිම්ජාරෝඑන්රත් පසුගිය බදාදා අගමැති වීමට ප්‍රමාණවත් පාර්ලිමේන්තු සහාය ලබා ගැනීමට දෙවන උත්සාහයත් ගැනීමට සූදානම් වෙමින් සිටියදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එදිනම ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවන බව නිවේදනය කළේය. ඒ ඔහුට මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සකු බවට වූ නඩුවක් අධිකරණය විසින් පිළිගැනීමත් සමඟය.

ලිම්ජාරොඑන්රාත් මාධ්‍ය ආයතනයක කොටස් හිමිකරගෙන සිටි නිසා මැතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් නොලබන බවට වන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විමර්ශනය කරමින් සිටින අතර එය ඔහු ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ඔහුගේ ප්‍රතිවාදීන් තර්ක කළේ ඔහුට නැවත අගමැති වීමට ඉඩ නොදිය යුතු බවත්, ඔහුගේ නාමයෝජනා අවලංගු කළ යුතු බවත්ය.

තායිලන්තයේ අගමැති වීමට නම්, අපේක්ෂකයෙකු තේරී පත් වූ පහළ මන්ත්‍රී මණ්ඩලයෙන් සහ හමුදා නිලධාරීන්ගෙන් පිරුණු සෙනෙට් සභාවේ බහුතර කැමැත්ත ලබා ගත යුතුය. ලිම්ජාරොඑන්රාත් පසුගිය සතියේ ඔවුන්ගේ සහය දිනා ගැනීමට උත්සාහ කළ නමුත් සෙනෙට් සභිකයින් 250න් 13 දෙනෙකුගෙන් පමණක් සහාය ඔහුට ලැබුණි.

ලිම්ජාරොඑන්රාත් පාර්ලිමේන්තුව අමතමින් අධිකරණයේ තීන්දුවට තමන් ගරු කරන බව ප්‍රකාශ කළ අතර මහජනතාවට හොඳින් සේවය කිරීමට අනෙකුත් මන්ත්‍රීවරුන් දිරිමත් කළේය. තායිලන්තය වෙනස් වී ඇති බවත්, මැයි 14 මැතිවරණයට පෙර පැවති තත්ත්වයට නැවත කිසි දිනෙක තම රට පත් නොවන බවත් ඔහු විශ්වාසය පළ කළේය. zපෙරට යමුz පක්ෂයේ වර්ණයෙන් වන තැඹිලි පැහැති ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවෝ බැංකොක්හි ප්‍රජාතන්ත්‍රවාදී ස්මාරකය වෙත රැස් වූහ. ඔවුන් ලිම්ජාරොඑන්රාත්ට සහය පළ කරන බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කළ අතර මැතිවරණ ක්‍රමය පිළිබඳ ඔවුන්ගේ කළකිරීම ප්‍රකාශ කළහ.

42 හැවිරිදි දේශපාලඥයෙකු වන ලිම්ජාරොඑන්රාත් සහ ඔහුගේ පක්ෂය වන zපෙරට යමුZ තරුණයින් අතර ශක්තිමත් පදනමක් ඇත. හමුදාව දේශපාලනයෙන් ඉවත් කරන බවට සහ රාජාණ්ඩුව විවේචනය කිරීම තහනම් කරන දැඩි නීතිය වන ඛැිැ-ඵ්වැිඑහ වැනි සංවේදී ගැටළු විසඳීමට පක්ෂයේ පොරොන්දු වෙත ඔවුන් ආකර්ශණය විය.

අභියෝගවලට මුහුණ දුන්නද, ලිම්ජාරොඑන්රාත් ජනගහනයෙන් පුළුල් කොටසක් අතර ජනප්‍රියව සිටී. ඔහු දේශපාලන වශයෙන් සම්බන්ධතා ඇති ධනවත් පවුලක හැදී වැඩුණු අතර ව්‍යාපාර පසුබිමක් ඇති අයෙකි. ඔහුගේ ප්‍රචාරක කටයුතුවල සාර්ථකත්වය මත ඔහුට ගතානුගතික ඡන්දදායකයින්ගේ සහයෝගය දිනා ගැනිමට හැකිව තිබි‚. ඔවුන් බැංකොක්හි සෑම දිස්ත්‍රික්කයක්ම පාහේ ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, වරක් එරට බලගතු විරුද්ධ පක්ෂය වන ඡයැම ඔය්සහි බලකොටු වූ ආසන පවා දිනා ගත්තේය.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *