චන්ද්‍රයාන් සඳ තරණයේ තුන්වෙනි පිම්ම සාර්ථක වන ලකුණු

0

අභ්‍යාවකාශ යානාවක් පෘථීවි සඳ මත පාලනයක් සහිතව ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට පත්වීම සඳහා ඉන්දියාව වැදගත් පියවරක් ගෙන තිබේ. පසුගිය සිකුරාදා දිනයේ ඉන්දියාව සිය චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථකව දියත් කළේය.

“චන්ද්‍රයාන්˜‍ අභ්‍යවකාශ යානය දකුණු ආන්ද්‍රා ප්‍රාන්තයේ සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් පස්වරු 2.30ට පමණ ගුවන් ගත විය. මෙම අවස්ථාව නැරඹිම සදහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආසන්න ප්‍රදේශයට විශාල ජනකායක් ආකර්ෂණය වූ අතර මිලියනයකට අධික පිරිසක් එය YouTube ඔස්සේ සජීවීව නැරඹූහ.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) පසුව Twitter පණිවිඩයක් මගින් තහවුරු කළේ චන්ද්‍රයාන්-3 චන්ද්‍රයා වෙත නිවැරදි මාර්ගයේ පවතින බවත් එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය. මෙම ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ එය ඉන්දීය අභ්‍යවකාශ ගමනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවය.

අභ්‍යවකාශ යානය අගෝස්තු 23 වන දින සඳ මතට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2019 දී චන්ද්‍රයාන්-2 සමඟ අසාර්ථක උත්සාහයෙන් පසුව, සද මත සාර්ථක ගොඩබෑමක් සඳහා ඉන්දියාව ගත් දෙවන උත්සාහය මෙයයි. පළමු චන්ද්‍ර ගවේෂණ, චන්ද්‍රයාන්-1, සඳ වටා කක්ෂගත වූ අතර පසුව 2008 දී චන්ද්‍ර පෘෂ්ඨයට කඩා වැටුණි.

ISRO විසින් සංවර්ධනය කරන ලද චන්ද්‍රයාන්-3, සඳමත ගමන් කිරීමේ හැකියාව සහිතය. එහි මෙහෙවර වන්නේ සඳ මත ආරක්ෂිතව ගොඩ බැස දත්ත රැස් කිරීම සහ සඳෙහි සංයුතිය පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමයි. මීට පෙර සඳ මත සාර්ථක ගොඩබෑමක් සිදුකර ඇත්තේ එක්සත් ජනපදය, රුසියාව සහ චීනය පමණි.

මෙම මෙහෙයුම පිටුපස සිටින ඉංජිනේරුවන් වසර ගණනාවක් තිස්සේ සැලසුම් කරමින් සිටින්නේ චන්ද්‍රයාගේ ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබෑමටය. ඉන්දියාවේ ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම වන චන්ද්‍රයාන්-1 සඳ මතුපිට ජල අණු සොයා ගන්නා ලදී. චන්ද්‍රයාන්-2 සාර්ථකව චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ නමුත් එහි රෝවරය සඳ මත කාඩා වැටිණි. එය සෙ`දහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමට ද සැලසුම් කරන ලද්දකි.

පෙර අසාර්ථකත්වය තිබියදීත්, අගමැති මෝදි ඉංජිනේරුවන්ට ප්‍රශංසා කළ අතර ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනට දිගටම සහාය දෙන බවට පොරොන්දු විය. චන්ද්‍රයාන්-3 මෙහෙයුම ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය. මෙහෙයුම සඳහා ඩොලර් මිලියන 75ක් පමණ වැය විය.

දශක හයකට පෙර ඇරැඹි ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහන වර්තමානයේ අගමැති මෝදිගේ නායකත්වය යටතේ ශීඝ්‍රයෙන් ඉදිරියට යමින් තිබේ.

අද ඉන්දියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට වන අතර ලොව පස්වන විශාලතම ආර්ථීකය වේ. එය වර්ධනය වන තරුණ ජනගහනයක් ඇති අතර නවෝත්පාදන හා තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයකි. 2014දී ඉන්දියාව සිය මංගල්‍යාන් ගවේෂණ සමඟ අඟහරු වෙත ළඟා වූ පළමු ආසියානු රට බවට පත් විය. 2019 වසරේදී ඉන්දියාව එක් මෙහෙයුමකදී වාර්තාගත චන්ද්‍රිකා 104ක් අභ්‍යවකාශ ගත කළේය. ඉන්දියාව 2030 වන විට ස්වාධීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද සැලසුම් කරයි. එමෙන්ම ඉන්දියාවේ අභ්‍යවකාශ අභිලාෂය පෘථීවි චන්ද්‍රයාගෙන් සහ අඟහරුගෙන් ඔබ්බට විහිදුවමින් සිකුරු ග්‍රහයා ගවේෂණය සදහා යානයක් යැවීමටද සැලසුම් කර ඇත.

අභ්‍යවකාශ තාක්‍ෂණයේ ඉන්දියාවේ වේගවත් ප්‍රගතිය ආයෝජකයින් ආකර්ෂණය කර ඇති අතර ලෝක නායකයින්ගේ අවධානයට ලක්ව ඇත. වොෂින්ටනයේ මෑත රාජ්‍ය සංචාරයකදී, මෝඩි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අභ්‍යවකාශ ආර්ථීකයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර තිබිණි.

නිරෝෂන් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *