රුපියල තව ශක්තිමත්
මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය
එක්සත් ජනපද ඩොලරය, ස්ටර්ලින් පවුම, යුරෝ, ඉන්දියානු රුපියල ඇතුළු ලෝකයේ මුදල් ඒකක රාශියක් හා සැසඳීමේ දී මේ වනවිට ශ්රී ලංකා රුපියල වඩාත් ශක්තිමත් මුදල් ඒකකය බවට පත්ව තිබේ.
ඒ අනුව ශ්රී ලංකා රුපියල, ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට පත්ව ඇතැයි මුදල් රාජ්ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්රකාශ කළේය.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් ශ්රී ලංකා රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමඟම සැසඳීමේ දී කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි.