මිය ගිය ගණන 70,000 ඉක්මවයි – එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සිය කියයි

දකුණ දිග තුර්කියේ පසුගියදා සිදුවූ දරුණු භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 36,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු දිග තුර්කියේ සිරියානු දේශසීමාව අසල පිහිටි ගසෙන්ටෙප් පළාතේ සිදුවූ මේ භූ කම්පනයෙන් උතුරු දිග සිරියාවට ද දරුණු හානි සිදුවී ඇති අතර, දෙරටෙහිම ජන ජීවිත මුළුමනින්ම බිඳ වැටී ඇතැයි ද වාර්තා වේ.

එහෙත් එක්සත් ජාතීන්ගේ සහනාධාර ඒජන්සිය ඊයේ ප්‍රකාශ කළේ ඉදිරියේදී වාර්තා විය හැකි අවසන් නිල නිවේදනයට අනුව මරණ ගණන දෙගුණයක් විය හැකි බවය. ගොඩනැඟිලි සුන්බුන් අතර යටවී ඇතැයි කියන මළ සිරුරු සෙවීමේ මෙහෙයුම්වල අවසන් අදියරට ආසන්න වී ඇතැයි ද සහනාධාර ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.