2024 ජනාධිපතිවරණය – රනිල් සමග පෙරමුණක්

0


රාජපක්ෂලා පවුලට සීමාවෙයි , අනුර, ඩලස් හා විමල් තුන් හවුලක , සජිත් තරගයෙන් ඉවතට !

මේ වන විට රටේ දේශපාලනය පෙළ ගැසෙමින් තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බව පැහැදිලිය. විශේෂයෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ තම තමන්ගේ කඳවුර ලකුණු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙමින් සිටින අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ රටේ ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් බරපතල මෙහෙයුමක යෙදී සිටී.

එහෙත් නවතම තත්වයන් විසින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රමුඛ කරගත් පුළුල් දේශපාලන කඳවුරක් නිර්මාණය වෙමින් තිබෙන බවය. මේ වන විට දේශපාලන ආරංචි පවසන්නේ ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය සහ ඒ සම`ග සහයෝගයෙන් ක‍්‍රියාත්මක වන පක්ෂ සහ කණ්ඩායම් රැසක් ජනාධිපතිවරයාගේ සහයට ඒකරාශී වෙමින් සිටින බවය. මේ අතර පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයන් ගනනාවක්ම කණ්ඩායමක් ලෙස ඔහුට සහය දැක්වීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයද හිමිවනු ඇතැයි එම පක්ෂයට සම්බන්ධ තොරතුරු මාර්ග පෙන්වා දෙයි. සමගි ජන බලවේගයේ බහුතර මන්ත‍්‍රී පිරිස ජනාධිපතිවරයාට සහය දීමට ඉදිරිපත්ව සිටින බව මේ වන විට තහවුරුව ඇත. සමගි ජන බලවේගයෙන් ඉවත් වූ පාඨලි චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණද මේ වෙනුවෙන් එකතු වෙනු ඇති බව දැනගැනීමට ඇත. එසේම දෙමළ හා මුස්ලිම ප‍්‍රජාව නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් ගනනාවක්ම ජනාධිපතිවරයාගේ සහයට පැමිණෙන ඇති බව ද පැවසේ. මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා අනුගමනය කරන ප‍්‍රතිපත්තිමය තීරණයන් තුළ මෙතෙක් ගත් ක‍්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය සහ ඉදිරි දේශපාලන හා ආර්ථික ක‍්‍රියාමාර්ගයන් වඩාත් පැහැදිලිව සහ ඉලක්කයක් සහිතව ඉදිරිපත් කිරීම තුළ වන එක`ගතාවයන් මත මෙම සහය හිමිවීමය.

මේ අතර පොදුජන පෙරමුණ කණ්ඩායම් ගණනාවකට කැඞී වෙන්වී දුර්වලව තිබෙන තත්වයන් හමුවේ වුව එම පෙරමුණේ රාජපක්ෂවාදීන් තමන්ගේ වන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයට සම්බන්ධ තොරතුරු මාර්ග පවසයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නාමල් යෝජනා කර ඇත්තේ සිය පවුලේ ජ්‍යේෂ්ඨ සාමාජිකයා වන චමල් රාජපක්ෂය. එහෙත් එම යෝජනාවට සහයෝගය දක්වන පිරිස සීමිත වන නිසා තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. එසේම එළැඹෙන මැතිවරණ සටනට නායකත්වය සපයන්නේ නාමල් රාජපක්ෂ විසින් බවත් එම තොරතුරු මාර්ග පවසයි. කෙසේ නමුත් මෙම රාජපක්ෂ පවුලේ සටනට වෙනත් දේශපාලන පක්ෂවල සහය මෙතෙක් ලැබී නැති බවත් දැන ගැනීමට තිබේ.

ප‍්‍රථමයෙන්ම තම අපේක්ෂකත්වය ගැන ප‍්‍රසිද්ධ කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනු ඇති අතර ඔහුගේ සහයට ඩලස් අලහප්පෙරුමගේ මෙහෙයවීමෙන් පොදුජන පෙරමුණෙන් වෙන්වු මන්ත‍්‍රී කණ්ඩායම ඉදිරිපත් වීමට නියමිතය. ඒ අතර ඇතැම් තොරතුරු මාර්ග පවසන්නේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණද අනුර කුමාරගේ මැතිවරණ සටනට සම්බන්ධ වෙනු ඇති බවය. මේ සඳහා වන සාකච්ඡුා කිහිපයක්ද තෙවන පාර්ශ්වයක් හරහා සිදුකෙරෙමින් පවතින බවද පැවැසේ. ඒ අනුව අනුර, ඩලස් සහ විමල්ගේ නායකත්වයෙන් යුතු තුන් හවුලකින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

කෙසේ නමුත් මෙම තත්වයන් සම`ග, ජනාධිපතිධුරය අත්පත් කරගැනීම වෙනුවෙන් දිගු කලක් පුරා බලා සිටි සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස නිශ්චිතවම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන බව එම පක්ෂයට සම්බන්ධ ප‍්‍රබලයන් පෙන්වා දෙයි. විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන් පසුගිය සමයේ වෙහෙසුනත් ඒ සියල්ල අසාර්ථක වු අතර මේ වන විට පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමවත් රැකගැනීමට ඔහුට නොහැකි වී ඇති බවත් ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *