පාලකයාගේ අවිය ජනතාවගේ සවිය වන කාලයයි

0

රජුන් දූෂණයෙන් හොරකමින් පිරී ඇද්ද? එවැනි රටක රටවැසියා දුකින්ද පීඩනයෙන්ද පෙළෙන්නේය, පැරැන්නන් එසේ කීවද අද දක්වාම එය වලංගු කථාවකි. එවැනි අධමත්වය පිරි දූෂණය රාජාණ්ඩු කාලයේත් මෑත කාලයේත්  ඕනෑ තරම් දැකිය හැකිව තිබිණි. කෙසේ වුවද විය යුත්තේ ඉතිහාසයක් හරා අවුස්සා යළි යළි දුගඳ ගැසීමට ලක් කිරීම හෝ එවැනි දූෂිත තත්වයක් රට තුළ ඇති කොට ජනතාව පීඩාවටපත් කිරීම නොව පාලකයා දූෂණයෙන් මිදී රටද දූෂණයෙන් මුදවාලීම සදහා ඊට අදාළ පිළියම් යෙදීමය.

පසුගිය කාලයට අදාළව ගොඩනැගී තිබු දූෂිත තත්වයන් මත රජය පමණක් නොව ජනතාවද මහත් සේ පීඩාවට පත් විය. එම නිසා එතෙක් පවත්වාගෙන ආ ක‍්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් දැඩි බලපෑමක් රජයට එල්ල කිරීමට රටේ අභිවෘද්ධිය පැතු ජනතාව විසින් කටයුතු කළේය. එසේ නොමැතිව රටට යළි නැ`ගිටීමක් නැති බවත් පැහැදිලි විය. කෙසේ නමුත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බලයට පත්වීමත් සමග මෙකී අතීත අත්දැකීම් හා රට පත්ව ඇති තත්වයෙන් මුදවාලීම සදහා අවශ්‍ය වන ක‍්‍රියා මාර්ග රැසක් ගැනීමට කටයුතු කරනු ලැබීය. ජනාධිපතිවරයෙක් පත් වූ වහාම ඔවුන්ගේ කාර්යය භාරය වන්නේ භාණ්ඩගාරයේ පවතින සංචිතයන්ට අදාළ නව වැඩපිළිවෙලක් යෝජනා කොට ඊට අදාළ මුදල් වෙන් කිරීමය. තමා වටා සිටි පිරිස් සන්තර්පණය කිරීම ස`දහා කටයුතු යෙදීමය. එහෙත් අරමුණක් දැක්මක් සහිත පාලකයෙකු ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අනාගතය දෙස බැලීය.

මේ වන විට රට පත්ව ඇති තත්වය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වේදනාකාරී වන්නේ පැවැති ධනය කාබාසිනියා කොට රටේ සමස්ත ආර්ථිකය හොම්බෙන් යන තත්වයකට පත් කොට තිබීම නිසාය. මෙය නිකම්ම සිදුවූවක් නොව එවක සිටි පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපය හා දූෂණය, හොරකම නාස්තිය විසින් සෑම ආයතනයක්ම එහි නිලධාරීන්ද ක‍්‍රියා හේතු විය. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ දූෂිත බවට පිළියමක් ලෙස එතෙක් පැවැති මුල්‍ය ක්ෂේත‍්‍රයට අදාල නීති රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගත් අතර නව දූෂණ විරෝධී පනතක් ද සම්මත කර ගත්තේය.

රාජ්‍ය ආයතනයක හෝ එහි නිලධාරීන් විසින් පමණක් නොව මැති ඇමතිවරු විසින් ද තමන්ට රිසි සේ අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම් සිදු කරමින් දූෂිත ගනුදෙනු සිදුකිරීමට බලයක් ගොඩනගා ගත්තේ පවතින නීතිය අස්සෙන් වෙට්ටු දැමිය හැකි තත්වයක් යටතේය. එසේ වීමට හේතු වුයේ එතෙක් පැවැති 1954 දී සම්මත කරගෙන තිබූ අල්ලස් පනතේ පැවැති හිල් තිබූ නිසාය. එසේම එවැනි චෝදනාවන් විනිශ්චය කිරීමට තිබූ කොමිසම් සභාවේ අඩුපාඩුකම් තිබීම හේතුවෙන් පසුව 1994 දී සම්මත කොට ගත් අල්ලස් චෝදනා විමර්ශන කොමිසන් සභා පනත ද යළි සංශෝධනය කළ යුතුව පැවැතුනි. එසේම මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් රජයේ තනතුරුවලට පත්වීමෙන් පසුව උපයන ප‍්‍රමාණයන් සම්බන්ධයෙන් නිසි වගවීමක් විගණනයක් නොමැති විය. එබැවින් අලූ‍තින් ගොඩන`ගා ගන්නා වත්කම් කෙසේ ඒ ඒ බලධාරීන් සහ නිලධාරීන් විසින් කෙසේ ගොඩනගා ගන්නේද යන්න විනිශ්චය කිරීමට තිබූ 1975 දී සම්මත කොට ගත් වත්කම් බැරකම් ප‍්‍රකාශ නීති පනත ද අදාල අරමුණ වෙනුවෙන් සක‍්‍රීයව ක‍්‍රියාත්මක නොවුණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සොයා බලා මේ සියලූ‍ අඩුපාඩුකම් සමනය කොට නව දූෂණ විරෝධී පනත සම්මත කොට ගෙන පැවැති පනත්හි අඩුපාඩුකම් සපුරා එක් පනත් ලෙස ගෙන ඒමට කටයුතු කළේය. මේ තුළින් යම් දූෂණයක්, වංචාවක්, අල්ලසක් හෝ කප්පම් ගැනීමක් හෝ මොනයම් ආකාරයකින් සිදු වුවද ඒවා නීතියේ රැහැනට හසුකරගෙන ද`ඩුවම් පැමිණවීමට අදාළ නීති ශක්තිමත් කිරීම අදාළ දූෂණ විරෝධී පනත බලාත්මක කළේය.

මේ අනුව රාජ්‍ය ආයතනයක හෝ පුද්ගලික ආයතනක හෝ වෙනත් ක‍්‍රීඩා වැනි අංශයක හෝ දූෂණයක් අල්ලස් ගැනීමක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහා ක‍්‍රියාත්මක වන වැඩපිළිවෙලක් අඩංගු කළේය. නව පනතේ ලිංගික අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වෙනම ස`දහන් වන අතර ඊට අදාළ ද`ඩුවම්ද වැඩි කරනු ලැබීය. ක‍්‍රීඩා වැනි ක්ෂේත‍්‍රයන්හි නව පනත් කෙටුම්පතින් එහි සිදුවිය හැකි වංචාවන් හා දූෂණයන් නැති කිරීමට අදාළ නීති රැගෙන විත් ඇත. ජනපතිවරයාගේ රට මෙහෙයවීමේ ඉලක්කය 2048 දී සංවර්ධිත රටක් ලෙස මේ රට තැබීමට නම් ගෙවෙන එක් දවසක් හෝ කිසිදු ආයතනක හෝ සංවර්ධනයට දායක වන ස්ථානයන්හි දූෂණය තිබිය නොහැකිය. ඒ කුමක් නිසාද යන්න කිරා මැන බැලෙන්නේ මේ දූෂණයන් හේතුවෙන් ආපස්සට යැවෙන තප්පර පැය හෝ දින ගණන් යනු සංවර්ධනය විනාශ කිරීමේ කාලයන් වන නිසාය. මේ නිසා සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීම සදහා දූෂණ විරෝධී පනත අනිවාර්යය අඩංගුවක් වීම ඔහුගේ දැක්මේ එක් පැතිකඩකි..

වාද විවාද මධ්‍යයේ මෙය සම්මත වීමත් සම`ග ආයතනික මට්ටමින් හෝ පැවැති අනෙක් පැරණි නීතිරීති, දූෂිත සම්ප‍්‍රදායන් ගණනාවක්ම මේ අනුව වෙනස් කොට දූෂණයට වැට බැදීමට කටයුතු යෙදී ඇත.

මෙතෙක් මූල්‍යමය තත්වයක් පමණක් මෙහිලා ගණන් බලා තිබුණු අකටයුතුකම්වලට එහා ගොස් නව දුෂණ විරෝධී පනත මගින් ලිංගික අල්ලස් ගැනීම, පෞද්ගලික ආයතන තුළ සිදුවන අල්ලස්, නව නීති යටතේ විශේෂයෙන්ම සඳහන් කර ඇත. අල්ලස යනුවෙන් මූල්‍යමය හෝ තුටු ප`ඩුරු පමණක් නොව රැකියාවක් හෝ කොන්ත‍්‍රාත්තුවක් හෝ වේ නම් ඒ සියල්ල අලලා මෙය සකස් කොට ඇත.

එසේම මෙතෙක් ආයතන මට්ටමින් රාජ්‍ය අංශය වෙත පමණක් තිබූ මෙම පනතේ බලය පෞද්ගලික අංශයටද අදාළව එම කාර්යාල තුළ සිදුවන පෙරකී අල්ලස් ගැනීම් වරදක් ලෙස දක්වා නීතිය පැනවීම නව දූෂණ විරෝධී පනතේ සුවිශේෂීත්වය වේ. එමෙන්ම රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම, විනිවිදභාවය පවත්වාගෙන යෑම වෙනුවෙන් පැවැති අණපනත් රැසක් සංශෝධනය කිරීම, නව රෙගුලාසි, චක‍්‍රලේඛ පැනවීම් රැසක්ද මෙම කාලය තුළ සිදු විය.

මේ අතර දුෂණය වැලැක්වීම වෙනුවෙන් බලගැන්වෙන තවත් පනතක් වන්නේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතය. මෙතෙක් අන්ත දූෂිත අන්දමින් උපයන ධනය, ජාවාරම්කරුවන්ගේ අයථා ධනය, එකතු කොට මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම සාමාන්‍ය පොදු ක‍්‍රමයක් ලෙස පැවැතියේය. මේ නිසා ඇති හැකි එකා පෝස්ටර් ගසා පිම්බී ජනතාව මුලා කොට හෝ ඡුන්දයට මුදල් වියදම් කොට ජනතාව රවටා ඡුන්දය බිලි බා ගැනීම සිදු විය. ඡුන්ද අල්ලස් දුන්නේය. රටක් ඉදිරියට යාමට නම් එහි පුරවැසියාට අනිසි බලපෑමකින් තොරව වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සමාන සාධාරණ තත්වයන් යටතේ තම නියෝජිතයා තෝරාගැනීමට හැකිවිය යුතු බව ජනාධිපති රනිල්ගේ දැක්ම විය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මූලික මිනිස් අයිතියේ කොටසක් ලෙස දක්වන ඔහු රටක් සංවර්ධනය කිරීම සදහා වන ගමනේදී එහි පුරවැසියාගේ අයිතියට බලපෑම් කිසිදු ලෙස සිදු නොවීම අනිවාර්යයකි. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීමට විපක්ෂය විසින් දැමූ දහසක් කොන්දේසි හා විලාපයන් තඹ සතේකට මායිම් නොකළේ ජනාධිපතිවරයාට තමන් විසින් දියත් කරන දූෂිත ක‍්‍රමය වෙනස් කිරීමේ හෙවත් සිස්ටම් චේන්ජ් සිදුකිරීම මැතිවරණයට වඩා ප‍්‍රමුඛත්වයේලා සැලකීම හේතුවෙනි. එසේ නොවුවා නම්  තවත් දූෂිතයින් පිරිසක් පළාත් සභා සදහා පත් කොට නැවත පෙර පරිදි ජනතා මුදල් මංකොල්ල කෑමට ඉඩ සලසාදීමක් වීමට හැකිය. අනෙක් කාරණය දේශපාලකයා වෙනුවෙන් ධනය වැය කරන පිරිස් යළි පෙරළා එමෙන් කිහිප ගුණයක වාසියක් දේශපාලකයාගෙන් බලාපොරොත්තු වීම සිදුවෙයි. ඒ අනුව දේශපාලකයාට දූෂිත ලෙස කටයුතු කිරීමට සිදුවීම අනිවාර්ය තත්වයක් විය. රාජ්‍ය අංශය දූෂිත වීමට මෙම මැතිවරණ ක‍්‍රමය බලපා තිබුණේ එසේය. ඒ අනුව පිරිසිදු ලෙස මහජන නියෝජිතයෙකු තෝරා ගැනීමේ හැකියාව සහතික කරන නීති සම්මත කිරීම රටට යහපතක්ම වන්නේය.

දේශපාලන ලෝකයේ බලය ර`දා පවතින්නේ මඩ අවලාද හා මාධ්‍ය සෙල්ලම් මැදය. මෙය සිදු කිරීමට මාධ්‍යයට උල්පන්දම් දෙනුයේ පත්වන දේශපාලකයින්ය. ඔවුන් විසින් මාධ්‍යයට දී ඇති ලයිසන් එක භාවිතා කොට කිසිදු ලැජ්ජාවක් නැතිව ජනතාවගේ සංඛ්‍යා දත්ත එක් එක් දේශපාලනඥයාගේ හෝ දේශපාලන පක්ෂක අතකොළුවක් බවට පත්වී ජනතා අයිතිය නැති කිරීමට කටයුතු කිරීම අපරාධයකි. මේ තත්වයන් සැලකිල්ලට ගෙන ජනතාවගේ අයිතිය ජනතාව ස`දහා භාවිතා කිරීම මාධ්‍යයේ වගකීමක් වන අතර  ඕනෑ  ඕනෑ ලෙස පුද්ගලයින්ට චෝදනා කිරීමට හා ජීවිත තර්ජනය කිරීමට මාධ්‍යයට ඇති බලය සීමා කළ යුතුව ඇත. ඒ සදහා විසදුම් ලෙස විකාශන සේවා සඳහා නිකුත් කර ඇති බලපත‍්‍ර අවභාවිතා කිරීම වැළැක්වීම සදහා විකාශන වැඩසටහන් තුළින් මාධ්‍ය සාක්ෂරතාව, දැනුම හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම, සමාජයේ බහුත්වවාදයට ගරු කරමින් විකාශන සේවා සැපයීම තහවුරු කිරීම, ජනතාවගේ මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා විකාශන මාර්ගෝපදේශ නිකුත් කිරීම, සාහිත්‍ය ප‍්‍රවර්ධනය වන පරිදි ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්, කාන්තාවන් හා බාලවයස්කරුවන්ගේ අයිතීන් තහවුරු කිරීම, මහජන සාමයට, ජාතික ආරක්ෂාවට සහ ජාතික ආර්ථිකයට හානිදායක නොවන පරිදි විකාශන සේවා පවත්වාගෙන යාම තහවුරු කිරීම ආදී නීති රාශියකින් සමන්විතව විද්‍යුත් විකාශන නියාමන කිරීම වෙනුවෙන් පියවර ගෙන තිබේ. මෙයත් එක්තරා ආකාරය සමාජ සංස්කෘතික දුෂණය වැලැක්වීමේ පියවරකි. මෙය සමස්ත රට වැසියාගේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමක් වන අතර මාධ්‍යයට වල් බූරූ නිදහසක් ක‍්‍රියාත්මක කිරීම වලකා ලීමකි.

රටේ විවධ ක්ෂේත‍්‍රවල පවතින අකටයුතුකම් දූෂිත තත්වයන් වැලැක්වීම වෙනුවෙන් යැයි කියමින් එහෙන් මෙහෙන් පැලැස්තර විස`දුම් යෝජනා කරනවා වෙනුවට සමස්තයම ආවරණය වන පරිදි සිස්ටම් එකම එකවර සුද්ද පවිත‍්‍ර කරන වැඩපිළිවෙලක් දැන් ක‍්‍රියාත්මකව තිබේ.

මේ ආදි වශයෙන් තවත් ක්ෂේත‍්‍ර ගණනාවකම ගැටළු විස`දා නව ශ‍්‍රී ලංකාවක් ගෙඩනැගීම වෙනුවෙන් මේ වන විටත් අණ පනත් 55ක් 2022 වර්ෂය හා 2023 වර්ෂයේ ගත වූ මාස කිහිපය තුළ සම්මත කොට බලාත්මක කර ඇති අතර තවත් එවැනි නව පනත් හා සංශෝධන 50කට වැඩි ප‍්‍රමාණයක් කෙටුම්පත් කොට ඇත. මේ සියල්ල රටක් සාදාචාරවත් සමාජයක් හා විශිෂ්ට දේශපාලන සංස්කෘතියක් අරඹයාය. ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාවට නංවා ඇති 2048 සංවර්ධිත රටක් දක්වා වන ගමන ස`දහා මග විවර කරනුයේ මේ නීති අණ පනත් ම`ගින් ශික්ෂණය වූ සමාජය විසිනි. එය සංවර්ධනයේ අනාගත ක‍්‍රියාදාමය කවර පාලකයකු වෙතින් සිදුවන්නේ වුව සැබැවින්ම එය යථාර්තවත් වීමට මහත් පිටුබලයක් වීම අනිවාර්යය. එවැනි රටක් නැවත බංකොලොත් වීම හෝ සමාජ දේශපාලනික පාදඩකරණයට ලක්වීම සිදු නොවීම යන්න අනිවාර්යයක් වනු ඇත.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *