මෝල්ටාවේ ගිණුම්වල රාජපක්ෂලා දුන්නු සල්ලිත් තියෙනවා

0

යාලට කාර්යාලයක්

ජනපති රනිල් වික‍්‍රමසිංහ ඉකුත් සතියේ සෙනසුරාදා යාලට ගියේ නව අයෝජනයක් වූ තරු පන්තියේ හෝටලයක් විවෘත කිරීමටය. එහිදි නිය`ගයෙන් පීඩාවට පත් යාල වනෝද්‍යානයේ වන සතුන් වෙනුවෙන් කෘති‍්‍රම පොකුණු සාදා ජලය රඳවන අවස්ථාවක් නිරීක්ෂණය කිරීමට ද ඔහුට අවස්ථාව උදාවූවේය.

සංචාරක ඇමති හරීන් ප‍්‍රනාන්දු මෙන්ම ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද මේ අවස්ථාවට එක්වූ අතර ජනපති කීවේ සංචාරක කර්මාන්තය න`ගා සිටුවීමට හැකි ප‍්‍රධානතම අවස්ථාවක් වන වනාන්තර හා වන සතුන් සුරැකීමට කටයුතු කළ යුතු බවයි.

නිතර යාලට යන විපක්ෂ නායක ගැන කියූ කතාවක් නිසා හරීන්ට සිනහව නතර කර ගත නොහැකි විය. අසල සිටියවුන් ඒ ගැන විමසද්දී හරීන් කීවේ අපි විපක්ෂ නායක කාර්යාලය යාල ඉදිකිරීමට සැලසුම් කරන බවය.

තරු පන්තියේ හෝටලය විවෘත කරමින් සංචාරක ක්ෂේත‍්‍රයේ නව අවස්ථා ගැන සිහිපත් කළ ජනපති එය අවසන් කොට පැමිණියේ සිය සිංගප්පූරු සංචාරය සඳහා සුදානම් වීමටය. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක ජනපති අමතා විමසුවේ එල්.පී.එල්. අවසන් මහා තර`ගය ඛෙත්තාරම ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන බැවින් එහි යාමට වේලාවක් තිබේද යන්නයි.

ජනපතිට ලැබුණු චියර් එක

ඊට කැමැත්ත පළ කළ ජනපති රනිල් ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණයට පැමිණෙන තුරු ක‍්‍රිඩාලෝලීන් කිසිවෙකුත් ඒ ගැන දැන සිටියේ නැත. ජනපති සිටින තැන ක‍්‍රීඩාංගණයේ කැමරා ශිල්පීන්ට රූපගත කරගත නොහැකි බව දැනගත් ජනපති මාධ්‍ය අංශයේ නිලධාරීන් ඔවුන්ට වහාම එම අවස්ථාව උදා කර දුන්නේය.

ක‍්‍රීඩාංගණයේ සවිකළ පුළුල් රූපවාහිනි තිරමත ජනපති තර`ගය නරඹන දර්ශන විකාශය වෙද්දී තර`ග නිවේදකයන් ද ඒ ගැන ප‍්‍රකාශ කළ අතර ඊට ක‍්‍රීඩාලෝලීන්ගෙන් පළවූවේ වෙනස්ම ප‍්‍රතිචාරයකි. ඔවුන් සිය ජංගම දුරකතනයන්හි ”ප්ලැෂ් ලයිට්” දල්වා ආලෝක ධාරා ප‍්‍රදර්ශනය වන ලෙස තාලයකට දෑත් වනන්නට වූහ. විනාඩියක පමණ කාලයක් මෙය පේ‍්‍රක්ෂකාගාරය වෙතින් දක්නට ලැබුණේය.

ක‍්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක, ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ක‍්‍රිඩාංගණයේ විශේෂ

අමුත්තන්ගේ මැදිරියේ සිට තර`ගය නරඹද්දී පකිස්ථානයේ හිටපු ක‍්‍රිකට් නායක වසීම් අක‍්‍රම් ද ජනපති අසලට පැමිණ කතා බහ කරන්නට වූහ. ජනපති ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා ක‍්‍රිඩා රාජ්‍ය ඇමති සම`ග එල්.පී.එල්. තවදුරටත් දියුණු කිරීම ගැන සාකච්ඡුා කළේය. පැයකට ආසන්න කාලයක් තර`ගය නැරඹූ ජනපති රනිල් ඉන් පිටව යද්දී කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල අසලට පැමිණි ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් අමුතු කතාවක් කීවේය.

”ජනාධිපතිතුමා එනවා කිව්වම අපි ටිකක් බයවෙලා හිටියේ. මොකද තර`ග නරඹන්න ආපු ජනාධිපතිවරුන්ට පේ‍්‍රක්ෂකයෝ හූ කියපු කාලයකුත් තිබුණානේ. නමුත් මේ ජනාධිපතිතුමාට ලැබුණේ හිතාගන්න බැරි චියර් එකක්.” නිලධාරියා කියද්දී ”දැන් තත්ත්වය වෙනස් ක‍්‍රීඩාලෝලීන් දන්නවා විනාශ වූ රට ගොඩ ගන්නේ මේ ජනාධිපතිතුමා කියලා.” සාගල පිළිතුරු දෙමින් පිටව ගියේ නිලධාරියාගේ පිටට ද තට්ටුවක් දමමිනි.

සිංගප්පූරුවේ සහය

ස`දුදා අළුයම පිටත් වූ ගුවන් යානයකින් සිංගප්පූරුවට පැමිණි ජනපති ඇතුළු පිරිසට හිමිවූවේ ඉහළ පිළිගැනීමකි. කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ හා පෞද්ගලික ලේකම් සැන්ඩ‍්‍රා පෙරේරා ද ගමනට එක්ව සිටියහ.

කෙටි සංචාරයක් වුවද රටට වැදගත් කාරණා ගණනාවක් ගැන මෙහිදි සාකච්ඡුා කරනු ලැබීය. බලශක්ති ක්ෂේත‍්‍රය, දේශගුණික විපර්යාස පිළිබඳව මෙන්ම අතහැරුණු සිංගප්පූරු – ශ‍්‍රී ලංකා වෙළෙද ගිවිසුම ගැනද මෙහිදි සාකච්ඡුා කළෝය. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන මෙන්ම නිපුණතාවය සහිත ශ‍්‍රමිකයන් සිංගප්පූරුවට යැවීම ගැන ද කතා බහට ලක් විය.

ජනපති ඇතුළු කණ්ඩායම මෙහිදි සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ්, සිංගප්පූරු ආරක්ෂක ඇමති ආචාර්ය නෙං එං හෙන්ග්, තිරසර හා පරිසර ඇමතිනි ග්‍රෙස් ෆු හායි ඉයෙන් හා අග‍්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මුණ ගැසී සාකච්ඡුා කළේය. කාබන් හර කිරීමට අදාළ ගිවිසුමකට ද මෙහිදි අත්සන් තැබීනි.

ජනපති රනිල් ඇතුළු පිරිසට දිවා භෝජන සංග‍්‍රහයක් පිරිනැමුවේ එරට විදේශ ඇමති හා ස්වදේශ කටයුතු සහ කම්කරු අමාත්‍යවරයා විසිනි. වසරක් තුළ ශ‍්‍රී ලංකාව වෙනස් කළ ආකාරය ගැන ජනපති පැසසුමට ලක් කළ ඔවුන් එය ලෝකයටම ආදර්ශයක් බව කීවෝය.

ශ‍්‍රී ලංකාව සම`ග යළි සම්බන්ධතා තහවුරු කර ගැනීමට තම රට කැමැත්තෙන් සිටින බව ද සිංගප්පූරු නායකයෝ ජනපති හමුවේ ප‍්‍රකාශ කළහ. සාර්ථක දෙදින නිල සංචාරය අවසන් කළ ජනපති රනිල් ඇතුළු දූත පිරිස අ`ගහරුවාදා රාත‍්‍රියේ මෙරටට පැමිණියෝය.

පැරිස් සමුළුවට අනුව කාබන් හර කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය සම`ග ඇති කරගත් ගිවිසුම් ගැන සාකච්ඡුා කිරීමට ජනපති රනිල් පසුදාම පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් හා දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු එම කාර්යාලයේ කණ්ඩායම ජනාධිපති කාර්යාලය වෙත කැදවනු ලැබීය.

දේශගුණික ප්‍රශ්නයට විසඳුම්

”අපි නිය`ගයකට මුහුණ දෙනවා. ඉදිරියේදි ගංවතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ඇතිවෙන දේශගුණික විපර්යාස. අපි මේකට මුහුණ දෙන්න දේශගුණික විපර්යාස කාර්යාලය ඇති කරන්න  ඕනා.” ජනපති රනිල් කතාව ආරම්භ කළේ එලෙසිනි.

”ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස සමුළුවට යනකොටත් විපක්ෂයේ සමහර පක්ෂ නායකයෝ ඇහුවා මොකටද යන්නේ කියලා. සමහරු මටත් හිනා වුනා දේශගුණික විපර්යාස උපදේශකකම ගත්තා කියලා. නමුත් ජනාධිපතිතුමා එදා ගත්තු පියවර අද ඇස් ඉදිරිපිටම නිවැරදි දෙයක් බවට තහවුරු වෙලා තියෙනවා.” ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ජනපති කතාවට ඌණ පූරණයක් එක් කළේය.

දේශගුණික විපර්යාස ඇකඩමියක් ඉක්මණින් ආරම්භ කිරීම, දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම ගැන ද මෙහිදි සාකච්ඡුා වූවේය. දේශගුණික විපර්යාස නිසා ගැටළු මතුව තිබෙන ආසියානු රටවල් එකතුවී දේශගුණික විපර්යාස යුක්ති සංසඳයක් නිර්මාණය කළ යුතු බවද ජනපති අවධාරණය කළේය. එසේම මෙරට කැළණි නදී සීමාවේ වාර්ෂිකව ඉහළ යන අපවිත‍්‍රතාවය ගැන ද මෙහිදි සාකච්ඡුා කරනු ලැබීය.

මෙරටට පත්ව ආ නව මහ කොමසාරිස්වරයෙකු හා තානාපතිවරුන් දෙදෙනෙකුගේ අක්තපත‍්‍ර පිළිගැනුනේ එදින පෙරවරුවේය.

ජනපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහචාර්ය ආශ‍්‍ර මාරසිංහ හා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පිරිසක් බදාදා සවස ජනපති මුණ ගැසුණේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡුා කිරීමටය. එදින පෙරවරුවේ සභාවේ දි විපක්ෂයේ අශෝභන හැසිරීම ගැන ද කතා බහට ලක්විනි.

නමට විපක්ෂ නායක

”විපක්ෂය පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩවලට බාධා කරනවා. කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ. ජනතාවට වැදගත් පනත් ගේන්න දෙන්නේ නෑ.” ඒ පැමිණිල්ල ඇමති ප‍්‍රසන්න රණතුංගගෙනි.

”ප‍්‍රශ්නවලට තියෙන පළවෙනි පැය ඇදගන්නවා පැය දෙක තුනකට. එතකොට අනෙක් වැඩ කර ගන්න වෙන්නේ නෑ.” ආශුද කතාවට එක්වූවේ එලෙසිනි.

”අනෙක් අතට විපක්ෂයේ මන්ත‍්‍රීවරු විපක්ෂ නායකතුමාට කන්ට්‍රෝල් නෑ කියලා අද වැඩෙන් ඔප්පු වුනා. විපක්ෂය කිසිම උපක‍්‍රමයකින් තොරව නිකං කාලේ කා දමන ගමනක් යන බව තමයි පේන්නේ.” මන්ත‍්‍රී මධූර විතානගේ කීවේය.

”සභානායකුමයි අගමැතිතුමයි ආණ්ඩු පක්ෂය කන්ට්‍රෝල් කරගෙන යනවා. හැබැයි විපක්ෂ නායකතුමාගෙන්

ඒක වෙන්නේ නෑ. ඔබතුමා විපක්ෂ නායක ඉන්න කාලේ ඒ පාලනය තිබ්බා.” ඇමති ප‍්‍රසන්න තවත් කරුණක් පෙන්වා දුන්නේය.

”විපක්ෂය ගැන අපිට කරන්න දෙයක් නෑ. නමුත් පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය ගැන පක්ෂ නායක රැස්වීමේදි තීන්දුවක් ගන්න. ඒක පාර්ලිමේන්තුවේ 225ට ලිඛිතව දැනුම් දෙන්න. ජනපතිගේ පිළිතුර එය විය.

බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති ත‍්‍රිකුණාමලය බලා පිටත්ව යාමට නියමිතව තිබුණත් ඊට පෙර ඔහු තවත් හමුවීම් කිහිපයකට වේලාව වෙන් කර ගෙන තිබුනි. දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යාමට පෙර ජනාධිපති කාර්යාලයේදි මැති ඇමතිවරු කිහිපදෙනකු මුණ ගැසුණේ රටේ දේශපාලන, ආර්ථික තත්ත්වය ගැන කතා කිරීමටය.

”දුමින්ද නාගමුව මෝල්ටාව ගැන කරපු කතාවට අනුර දිසානායකගෙන් කිසිම ප‍්‍රතිචාරයක් නෑ. හැබැයි සාගර කාරිවසම්ටයි, තිස්ස කුට්ටිටයි නම් එන්තරවාසි යවලා.” මහාචාර්ය ආශු කීවේ කට කොනකට සිනහවක්ද නගාගෙනය.

මෝල්ටා ගිනුමේ සල්ලි කාගෙද?

”අපේ ටිරාන් අලස් ඇමතිතුමා නම් සිද්ධිය ගැන හොයන්න සී.අයි.ඞී. එකට දීලා තියෙනවා. හැබැයි අනුර දිසානායක මේ කාරණය ගැන මුකුත්ම කරලා නෑ. අඩුගානේ පාර්ලිමේන්තුවේදීවත් මේ ගැන කතා කළේ නෑනේ.” ඇමති චාමර සම්පත් ද කතාවට එකතු වූවේය.

”ලෙටර් ඩිමාන්ඞ් යවලා නඩු විභාග කරලා තීන්දුවක් එන කොට අවුරුදු 10ක් විතර යයි. මෝල්ටාවේ ගිණුම්වල ඔය සල්ලි විතරක් නොවෙයි රාජපක්ෂලා දුන්නු සල්ලිත් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා.” මන්ත‍්‍රී වජිර අබේවර්ධන කියද්දී සැමට සිනහව නතර කර ගැනීමට නොහැකි වූහ.

”අපි හිනාවුනාට එතනත් ගන්න දෙයක් නැතුවාම නොවෙයිනේ. යහපාලන ආණ්ඩුව කාලේ දාපු දුෂණ මර්ධන කාර්යාලයේ ප‍්‍රධානියා වුනේ ආනන්ද විජේපාල කියලා කෙනෙක්. එතුමා පසුගිය

මැතිවරණයේදි ජාතික ජන බලවේගයේ ප‍්‍රධානියෙක් විදියට එළියට ආවා. දුෂණ මර්ධන කාර්යලය තිබුණේ එයා යටතේ.” මධූර විතානගේ මන්ත‍්‍රීවරයා ද කතාවට සම්බන්ධ වූවේ එලෙසිනි.

”ඔව් දුෂණ මර්ධන කාර්යාලයේ හිටපු වැලිඅමුණ රටින් පිටවෙලා ගියා. ජයම්පති වික‍්‍රමරත්නත් රටේ නෑ. දුෂණ මර්ධන කාර්යාලය කියපු නිසා පැමිණිලි විභාග කළ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු වැටුනා. නමුත් ආනන්ද විජේපාල එළියේ ඉන්න එක හිතන්න  ඕන කාරණයක්.” පේ‍්‍රමනාත් සී. දොලවත්ත මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්නයක් මතු කළේය.

”ඔබතුමන්ලට දැන් කරන්න තියෙන හොදම වැඬේ, දැන් මේ සිද්ධිය හොයන්න කියලා ටිරාන් අලස් ඇමතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීලා තියෙන නිසා ඔබතුමන්ලට තියෙන්නේ ඔය කියන කාරණය ගැනත් පරික්ෂා කරන්න කියලා ඇමතිතුමා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන එක.” මහාචාර්ය ආශු කතාව අවසන් කළේ එලෙසිනි. මේ සියල්ල සාවධානව අසා සිටියද ජනපති රනිල් කිසිවක් කීවේ නැත. අවසානයේ මන්ත‍්‍රීවරුන් පිරිස සාකච්ඡුා කළේ ඉදිරි සතියේදි ඉහත කාරණය ගැන ටිරාන් අලස් ඇමතිවරයා දැනුම්වත් කිරීමටය.

ජනපති රනිල් එදින ඉන්දියන් අගමැති මෝදිට විශේෂ පණිවුඩයක් යවමින් සඳ මතට ගිය හතරවෙනි රාජ්‍ය වීම ගැන සුබපැතුම් එක් කළේය.

MEDIAMAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *