චැනල් එක මාරු කරගන්න එපා !

0

එදා හැමෝටම වුවමණා වෙලා තිබුණේ 2015 පිහිටවපු රනිල්ගේ ආණ්ඩුව පන්නන්න. 2018 දී මහින්දව නීතිවිරෝධීව අගමැතිධුරයට පත් කලා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙනුත් වුණේ රනිල්ගේ ආණ්ඩුව පන්නන්න වැඩ සිද්ධ වෙච්ච එක. ඒක ඒ වෙනුවෙන්ම කළ කුමන්ත‍්‍රණයක් කියලත් කියන්න පුළුවන්. ඒ ප‍්‍රහාරය වලක්වා ගත හැකිව තිබු නමුත් ඒ වෙනුවෙන් රටේ ආරක්ෂාව භාරව හිටපු වගකිවයුතු අය, ආරක්ෂක අංශ, ඔත්තු සේවා අංශ අකර්මන්‍ය කරල ඒක වෙන්න ඉඩ හැරියා. සිරිසේනලා රාජපක්ෂලා මේ දේවල් වෙන්න අවශ්‍ය දේ කළා.

මහින්ද රාජපක්ෂ පාලනය විසින් විනාශ කරල තිබ්බ රට නැවත නිවැරදි මාර්ගයට අරගෙන රට ගොඩනගන්න

රනිල් ගෙන ආපු සැලැස්ම පරාජය කරවන්න මේ අයට වුවමනා වුණා. දැන හරි නොදැන හරි සජිත් අනුර වගේ අයත් ගාල් වුණේ මේ වුවමණාවට. ගෝඨා දිනලා සජිත් අනුර ජනාධිපතිවරණයෙන් පැරදුනත් ඇත්තටම වුණේ රනිල් ගෙන ආපු සංවර්ධන වැඩපිළිවෙල පරාජය කිරීමක්. නමුත් රනිල් පැරදුනේ නැහැ. එයා හිටියේ හරි තැන. නිවැරදි ප‍්‍රතිපත්තියක් තුළ. එයා අතේ රට ගොඩනගන නිවැරදි සැලසුම තිබුණා. වෙන කා ළ`ගවත් එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් රාජපක්ෂලා බලය අතට ගත්තා. මිනිස්සු ඒකට ඡුන්දය දුන්න නිසා. එදා රනිල් යහපාලන ආණ්ඩුව හරහා ආරම්භ කරපු දේශපාලන ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් ගැන මිනිස්සුනට විවෘතව හිතන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද ඒවාට සීමාවන් පොහොට්ටුව ජවිපෙ පනවලා තිබුණ නිසා. මිනිස්සු හිතුවේ මේ සීමාවට විතරයි. අවසානයේ තෙල් ගෑස් විදුලිය කෑම බීම බෙහෙත් ටික නැති වෙනකොට මේ වුනේ මොකක්ද යකෝ කියලා මිනිස්සු හිතන්න ගත්තා. තමන් හිතපු සීමාවට වඩා එහා දේවල් තියෙන බව මිනිස්සුන්ට පේන්න ගත්තේ ඊට පස්සේ. අරගල කරන්න ගත්තේ ඒ අවබෝධයත් එක්ක. ඒත් රට බංකොලොත් වුණ එක නවත්තන්න ඒ අවබෝධයට බැරි වුනා. ප‍්‍රමාද වැඩි වුණා.

ඒත් මෙච්චර කාලයක් වැරදි චැනල් එකක් බල බල හිටපු මිනිස්සුන්ට සිද්ධ වුණා හරි චැනල් එකට මාරු වෙන්න. ආපහු රනිල් කෙනෙක් ගැන මිනිස්සු හිතන්න ගත්තා. හො`ද වෙලාවට රනිල් හිටියා. රනිල්ව පන්නන්න කළ සියලූ‍ කුමන්ත‍්‍රණ පරාජය කරමින් එයා ආපහු නැගීටලා ආවා… කවදා හෝ සත්‍යය ජය ගන්නව කියනවා වගේ අවසානේ රට ගොඩනගන්න රනිල්ටම බාර දෙන තැනට, ජයග‍්‍රාහකයන් තමන් කියලා හිතපු අයටත් සහ පරාජිත අයටත් පත් වෙන්න සිදු වුණා.

තවත් මේකේ හාරා අවුස්සන්න දෙයක් නැහැ. මොකද වැඬේ හරියටම වෙනවා. ඒක පේනවා. කත්නදරය මෙච්චරයි. නිවැරදි ප‍්‍රතිපත්තියක් සැලසුමක් වැඩපිළිවෙලක් තියෙන ධෛර්යවන්ත ඉවසිලිවන්ත මිනිස්සු තමන්ගේ අරමුණට යනකම් කවදාවත් පරදින්නේ නැහැ. පරදවන්නත් බැහැ. රනිල් කියන්නේ එහෙම මිනිහෙක්.

ආයේ ඔය එක එක මෝස්තරකාර චැනල් දැක්කට මේ චැනල් එක මාරු කරගන්න එපා. එහෙම උනොත් සොරි තමයි. ඒකට හේතු තියෙනවා.. ඒ හරිය ඉස්සරහට කතාකරමු.

ලොකු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *