විපක්ෂය ඇගිල්ල ගැන කතා කරන්නේ හඳ  නොපෙනෙන නිසාම නොවේ

0

හඳ පෙන්වු විට හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලන මිනිස්සු දේවල් වටහාගන්නේ නිවැරදි ලෙස නොවේ. ඒ අයට තමන්ගේ අනවබෝධයන් තේරුම් කර දී යළි නිවැරදි මඟට ගත හැකිය. එහෙත් ඇඟිල්ල දෙස බලාගෙන වැරදි තර්කයන් ගොඩනඟමින් අන්‍යයන් නොමඟ යවන මිනිස්සුට දේවල් අවබෝධ කරදිය නොහැක. ඔවුන් ඒ

පිළිගැනීමට සූදානම් නැත. ඔවුන් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමෙහි ද තේරුමක් නැත. එහෙත් මේ අය අතිශය භයානකය. එනම් මේ අයගෙන් සමාජය පරිස්සම් විය යුතු බවය.

පසුගියදා වෘත්තීය සමිතිකාරයන් යැයි කියන දේශපාලන පක්ෂ හා කල්ලි නියෝජිතයන් පිරිසක් දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාලව සේවක අර්ථසාධක අරමුදල විනාශකරනවාය කියමින් ඒ ගැන සාකච්ඡුාවක් මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. එම අවස්ථාව ඔවුන්ට ලබා දී තිබු අතර ඒ අනුව පසුගිය 05 වනදා මෙම නියෝජිතයන් අදාල සාකච්ඡුාවට සහභාගී වී තිබිණි.

මෙහිදි මහ බැංකු අධිපතිවරයා සහ අනෙකුත් නිලධාරීන් ප‍්‍රශ්නකාරිව තිබෙන සේවක අර්ථසාදක අරමුදල සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැන සාකච්ඡුාවට එකඟව සූදානම්ව සිටියේය. මෙහිදී විය යුතුව තිබුණේ මෙම දේශපාලන නියොජිතයන් තමන් විසින් පසුගිය කාලයේ අරමුදලට සිදුවෙනවා ඇතැයි කියන මහා හානිය ගැන සංඛ්‍යා දත්ත සමග පෙන්වා දුන් දේවල් ගැන පැහැදිලි කරගැනීමක් සහ තමන් න`ගන තර්කය නිවැරදි බව තහවුරුවක් ගත යුතු වීමය. නොඑසේනම් තමන්ගේ වැරදි අවබෝධයන් දුරු කරගෙන සත්‍යය වටහාගැනීමය.

කෙසේ නමුත් මෙම අය මීට පෙර සමාජ මධ්‍යයන් ඔස්සේ ඉදිරිපත් කළ දත්ත සහ ඔවුන්ගේ නඟන තර්කයන් නිවැරදි නොවන බව ආර්ථික විද්‍යා ප‍්‍රමාණිකයන් සහ සේවක අර්ථ සාදක අරමුදල හා සම්බන්ධ ක‍්‍රියාකාරිත්වය ගැන දැනුමක් අවබෝධයක් ඇති පිරිස් විසින්ම පෙන්වා දී තිබිණි. ඒ ඇතැම් කරුණු පිළිගැනිමටද, තවත් කරුණ සම්බන්ධයෙන් නිහ`ඩව සිටීමත් තවත් කරුණ සම්බන්ධයෙන් වෙන වෙන වැල් වටාරම් දොඩමින් වාදයට පැටලීම දකින්නට ලැබ තිබිණි. මේ තත්වයන් හමුවේ මේ පිරිස මහ බැංකු අධිපතිවරයා හමුවීම වැදගත්ය. සේවක අරමුදලේ භාරකාරයාද වන මහ බැංකුව, ණය ප‍්‍රතිව්‍යුගතකිරීමට අදාලව රජය ගන්නා තීරණය අනුව, එම ක‍්‍රියාමාර්ගයන් ගන්නා අධිකාරියද වන නිසා තමන්ගේ විරෝධයට හේතුවන මහ බැංකුවේ ක‍්‍රියාමාර්ගයන් වැරදි බව ඔවුන් ඔප්පු කළ යුතු විය. නමුත් විධිමත් ශිෂ්ඨ සම්පන්න සාකච්ඡුාවකට ඉඩ නොතබා මේ අයගේ හැසිරීමෙහි ඇති තුච්ඡු බවද, මහ බැංකු විෂය පථයට අදාල නොවන වැල් වටාරම් රැුසක් ඇද බා සාකච්ඡුාව ගෝරනාඩුවක් වන තැනට පත්කර ගැනීම සිදුකර ගෙන තිබිණි. නිලධාරීන්ට මහබැංකුව ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙල කුමක්ද යන්න ගැන නිලධාරීන්ට විධිමත්ව පිළිතුරු දීමේ අවස්ථාවද අහිමි කරන අයුරු පෙනෙන්නට තිබිණි.

රජයට දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වෙන්නේම රජයේ දේශීය ණය ගෙවාගැනීමේ හැකියාව අඩාලවීම මතය. විදේශ ණය ගෙවාගැනීමට නොහැකිව රට බංකොලොත් බව ප‍්‍රකාශයට පත්කිරීමට තීරණය කළා සේ, රජයට දේශීය ණය ගෙවීමට නොහැකි බව ප‍්‍ර‍්‍රකාශයට පත් කිරීමට සිදුවූවා නම්, මෙරට බැංකු පද්ධතිය සහ සේවක විශ‍්‍රාමික අරමුදල් සියල්ල අර්බුදයකට ගොස් කඩා වැටීමේ අනතුරක් පැහැදිලිවම තිබිණි. එසේ වුවා නම් තැන්පත්කරුවන්ට සහ අරමුදල් සාමාජිකයන්ට ප‍්‍රතිලාබ තබා ගිණුමේ ඉතිරියවත් ගන්න ලැබෙන්නේ නැත. එසේම රටේ ව්‍යාපාර සියල්ල කඩා වැටීමත් සිදුවෙනු ඇත. නැවත රට ගොඩනැඟීමට නොහැකි තැනටම ඇද වැටෙනු ඇත. නමුත් ඒ විනාශය වලක්වාගැනීම වෙනුවෙන් රජයට ණය ආපසු ගෙවීමට හැකි වෙන අයුරින් මේ කළමනාකරණය කරගැනීම රජයේ වගකීම විය. මේ නිසා සිදුවිය හැකි හානි අවම හානියකින් බේරාගෙන රජයේ ණය ගෙවීමේ හැකියාව තිරසාර කරගැනීම වෙනුවෙන් දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණයකර තිබිණි. එසේම විදේශ ණය ප‍්‍රතිව්‍යුහගතකිරීම වෙනුවෙන්ද මේ ඉටු කළ යුතු මූලික අවශ්‍යතාවයක් විය.

මේ අනුව රජයේ අදාල නිලධාරීන් සහ විදේශ මුල්‍ය උපදේශන සමාගම් 3ක්ද සම`ගින් දීර්ග කාලයක් තිස්සේ කළ අධ්‍යයනයන්ගෙන් පසුව රජය අවශ්‍ය පියවර ගෙන තිබිණි. මෙරට බැංකු පද්ධතිය සහ සේවක අරමුදල් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වගකිව යුතු ආයතනය ලෙස මහ බැංකුව ඔවුන්ගේ යෝජනාව රජයට ලබා දී තිබිණි. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා වෘත්තීය සංගම් හා සාකච්ඡුාවේදී එම නියෝජිතයන්ට පෙන්වා දුන්නේ දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයේදී, සේවක අර්ධ සාදක අරමුදල සම්බන්ධයෙන් ගත හැකි හොඳම පියවර ගෙන තිබෙන බවය. එම පියවරට අරමුදල එක`ග නොවේ නම්, දැනට සියයට 14 ක තිබෙන ලාභාංශ මත වන බදු පරිමාව සියයට 30 ක් දක්වා ඉහළ දැමීමක් කිරීමට සිදුවන බවට රජය තීන්දුකර තිබෙන අතර එම පියවර ද රජයක් ලෙස ගත් නිවැරදි පියවරක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරතිබිණි. ඒ අනුව දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධනයන් පසුගියදා සිදු කෙරුණි.

කෙසේ නමුත් මහබැංකුව ඉදිරිපත් කළ යෝජනාව හානිය අවමකරගැනීම ස`දහා හො`දම විස`දුම වන අතර ඊට විකල්පව වෙනයම් යෝජනාවක් ඉදිරිපත් නොවුණු බවත් පෙන්වා දී තිබිණි. වෘත්තීය නියෝජිතයන් සතුවත් වෙනත් යෝජනාවක් තිබුණේ නැත. ඔවුන් එකහෙලාම පවසා සිටියේ අරමුදලට අත නොතැබිය යුතු බවත් එසේම රජයට දේශීය ණය ගැටළුවෙන් මිදීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට වෙන ක‍්‍රම තිබෙන බවත්ය. රජයට මුදල් සොයා ගැනීමට ක‍්‍රම තව තිබිය හැකිය. මේ අය යෝජනා කරන්නනේ රජයට මෙතෙක් අයකර ගැනීමට නොහැකිව තිබෙන බදු පැහැර හැරීම් හා වෙනත් අයතා ඉපයීම් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වීම ආදිය ගැනය. ගැනය. නමුත් මේ යෝජනා ක‍්‍රියාත්මක කළත් ප‍්‍රතිඵලයක් මේ කපේදී ලැබිය හැකි ඒවා නොවේ. මෙන්ම එය අවිනිශ්චිතය. නිශ්චිත උත්තරයක් අවශ්‍ය දෙයට විය හෝ වියනොහැකිය යනුවෙන් උත්තර දිය නොහැක. ණය ප‍්‍රති්‍යුහගත කිරීම නිශ්චිතවම විය යුතු සේම මගින් අත්පත් කරගන්නා ප‍්‍රතිපලයද නිශ්චිත විය යුතුය. එසේ නොමැතිව රටේ ආර්ථිකය සංවිධානය කරගැනීම සිදු කළ නොහැක. ආර්ථික පුරෝකතනයන් වෙත යා හැක්කේද වර්තමානයේදී නිශ්චිත ඉලක්කම් තිබෙන විට පමණය.

 වෘත්තීය නියෝජිතයන්ගේ යෝජනා වල ප‍්‍රතිපල ලැබෙන විට රට කඩා වැටී පෙරහැර ද ගොස් තිබිය හැකියි. මේ ප‍්‍රායෝගික නොවන යෝජනා වලින් මේ හදිසි ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව පැහැදිලිය. අනෙක් කාරණය එම යෝජනා ඉදිරිපත් කළ යුතුව ඇත්තේ මහ බැංකුවට නොව දේශපාලන අධිකාරියටය. ඒ බවවත් මේ නියෝජිතයන් දැන සිටියේ නැත.

කොහොම නමුත් රජයේ ණය තිරසාර භාවය වෙනුවෙන් ගන්නා පියවර මෙම සතිය වන විට තහවුරු කරනොගත්හොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයද අහිමි වීමේ අවදානමක් තිබේ. ණය සහනයේ දෙවන වාරිකය මෙම මස ලැබීමට නියමිතව තිබෙන්නකි. ඊට පෙර දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකිරීම විය යුතු වීම අනිවාර්ය තත්වයකි. ජනාධිපතිවරයා මේ බව පැහැදිලිව පසුගියදා පාර්ලිමේන්තුව තුළදි පෙන්වා දෙනු ලැබ තිබිණි. නමුත් මේ වැලැක්වීම වෙනුවෙන් පසුගිය කාලයේ විපක්ෂ දේශපාලන පක්ෂ මේ ක‍්‍රියාවලියට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමද විරෝධතා උද්ඝෝෂණ සිදු කළේය. එමෙන්ම ඉදිරි සතිය තුළද මහා විනාශයකට අරඅදිමින් මේ පදනමක් නැති චෝදනාව මුල් කරගෙන බොරු බේගල් ඇද දමමින් රට නොම`ග යවා මේ කටයුත්ත කඩාකප්පල් කිරීමට අවශ්‍ය ත‍්‍රාඩ ක‍්‍රියාමාර්ග මේ රාජ්‍ය විරෝධීන් විසින් ගනු ඇත.

මේ අය මහ බැංකු අධිපතිවරයා සමඟ වු සාකච්ඡුාවේදි අවධාරණ කළ කරුණත් එයමය. මෙහිදී මහ බැංකුව කුමණාකාරයෙන් කරුණු පැහැදිලි කරදීමට උත්සහ කළත් ඒ පිළිනොගෙන ඔවුන්ට උරුම සුපුරුදු විරෝධතා පාඨ නැගීම, කෑ කෝ ගැසීම, බියට පත්කිරීම, තර්ජනය කිරීම, අපහාස උපහාස හැර වෙන සාදනීය යමක් එහිදි සිදු නොවීය. ඒ අනුව ඉදිරියෙදී මෙම පිරිස් කළ හැකි විනාශය ගැනත් අවබෝධයක් ලැබිය හැකිය. අඩුම තරමින් තමන් සාකච්ඡුාව යන්නේ කවර අධිකාරයක් සමඟ ද ඔවුන් වගකියන්නේ කුමකටද ඔවුනගේ් විෂය පථය කුමක්ද යන්නද තබා තමන් කවරක් ගැන කතා කරන්න යනවාද ගැනවත් පැහැදිලි අවබෝධයක් මේ වෘත්තීය සංගම් නියෝජිතයන්ට තිබුණේ නැත. සාකච්ජාවක තිබිය යුතු විනය, ශිෂ්ඨසම්පන්න බව තිබුණේ නැත. මස් වැදැල්ලකට පොරකන කපුටු රැුලක් සේ හැසිරිණි. හඳ පෙන්වු විට ඇගිල්ල දෙස බලමින් අදාල නැති වාදකරනවුන් සහ මේ නියෝජිත පිරිස අතර වෙනසක් තිබුණේ නැත.

මේ අනුව සාකච්ඡුාව කිසිදු ඵලකට නැති දෙයක් වූ නමුත් මේ පිරිසට තමන් ජනතාව හමුවේ ඇද බෑවේ බොරු බේගල් නොවන බව පෙන්වා දීමට නොහැකි වීම වැදගත් දෙයකි. මන්ද එසේ වුයේ මේ අය පැමිණියේම ප‍්‍රශ්නය විස`දාගැනීමට නොවන නිසාය. ඔවුන්ට අවශ්‍යව තිබුණේ තුට්ටු දෙකේ දේශපාලන සංදර්ශනයක් පමණක් වීමය. එනම් ඇත්තම කතාව මේ අය ඇ`ගිල්ල ගැන කතා කරන්නේ හ`ද නොපෙනෙන නිසාම නොවන බව පැහැදිලිම සිද්ධියය.

කෙසේ වෙතත් දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම තුළ සේවන අර්ථ සාදක අරමුදලට බරපතල හානියක් සිදු නොවන ලෙස එම ක‍්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් කිසි`දු සාමාජිකයකුගේ අරමුදල් කපා හැරීමක් හෝ අදාල පොලී මුදල සියයට 9ට වඩා අඩු නොවන බවටත් රජය සහ මහ බැංකුවත් සහතිකයක් දී ඇති තත්වයන් තුළ මේ සම්බන්ධයෙන් බිය වීමට සාධාරණ හේතුවක් නැත. මේ වෙනුවෙන් නීතිමය රැුකවරණයක් ලබා දෙන බවද ප‍්‍රකාශයට පත්ව තිබිණි.

සාමාන්‍යයෙන් රටේ අනෙකුත් ප‍්‍රශ්නවලදීත් විපක්ෂ කණ්ඩායම්වල හැසිරීමත් ඇ`ගිල්ල දෙස බලමින් පිස්සු කෙළින්නන් මෙනි. රජය ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාල සත්‍ය කරුණු පෙන්වා දුන් විට ඒ ගැන සාධනීස සාකච්ඡුාවක් කරනවා වෙනුවට වෙන වෙන පල් හෑලි දොඩවමින් ජනතාව කෙරෙහි තිබියයුතු වගවීමෙන් පලා යයි. තමන්ගේ තිබෙන නොහැකියාව, නොදන්නාකම හෝ තක්කඩිකම වසාගැනීම සිදු කරනු ලබයි. විශේෂයෙන්ම රජය වැදගත් තීන්දු තීරණ පාර්ලිමේන්තුවට රැුගෙන එන විට විපක්ෂය ඒ පැත්තක තබා වෙන වල්පල් දෙඩවීම හෝ කෑකෝ ගැසීමට මුල් තැනක් දෙන්නේ රජයේ කටයුත්ත කඩාකප්පල් කිරීමට, සත්‍ය කරුණු සමාජගත වීම වැලැක්වීමට බව පැහැදිලිය. රජය ජනතාව අතර ජනප‍්‍රිය වීම වැලැක්වීමටය.

විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා ඉතා දැනුවත්ව පාර්ලිමේන්තුවේ කාලය කා දමන්නෙක් බව ප‍්‍රසිද්ධව ඇත්තෙත් ඒ නිසාය. එය ඔහුගේ බහුභූත දොඩවන තැනක් බවට පත්කරගෙන ඇත. මුලක් මැදක් අගක් නැති, අඩුම තරමින් තමන්ටවත් කියන්නේ මොනවාද යන්න ගැන තේරුමක් ඔහුට නැති බව නිරන්තරයෙන් පැහැදිලිව පෙනෙන දෙයකි. පාර්ලිමේන්තුවේ වැඩිපුර කතා කිරීමෙන් තමන් ජනතා වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ජනතාව කල්පනා කරනු ඇති බව ඔහුගේ අහිංසක සිතුවිල්ලක්ද විය හැකිය.

වර්තමානයේදී මෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරයකු සිටි සමයේදී ඔහු තමන් ජනතාවාදියකු ජනතාව වෙනුවෙන් වැඩගොඩක් කරන්නකු බව පෙන්වන්නට රූපවාහිනි පුවත් විකාශය සඳහා මේ නරිනාඩගම් ගැන දිනපතා විඩියෝ පට දෙකතුනක්වත් යොමුකිරීම මාධ්‍ය ක්ෂේත‍්‍රයට ද රහසක් නොවේ. මේ අනුව මේවා එකක් නෑර නැරඹීමෙන් තමන් ජනතාව වෙනුවෙන් වැඩකරන බවට ඔහු ස්වයංවින්දනයක් ලබන්නවා ද විය හැකිය.

පසුගියදා පාර්ලිමේන්තුව තුළ දී විපක්ෂ නායකවරයා සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් ගන්නා පියවරයන්ට කිසිසේත්ම ඊට ඉඩ නොදෙන බවට කෑකෝගසමින් රජය මේ අරමුදල පික්පොකැට් ගැසීමට යන බව කීවේ මේ ක‍්‍රියාවලිය ගැන කිසිවක් නොදැන බව පැහැදිලිය. අඩුම තරමින් සජිත්, මේ රට මූහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට, මෙරටින් හොරකම්කර විදේශයන්ගේ තැන්පත්කර ඇතැයි කියන ධනය ආපසු ගෙන ඒමෙන් පමණක් සිදු කළ හැකිය යනුවෙන් කළ සිල්ලර ප‍්‍රකාශය හැරුණු විට වෙනත් කිසි`දු විසඳුමක් මේ දක්වා ඉදිරිපත්කර නැත. හොරකම් කළ ධනය ආපසු මෙරටට ගෙන ඒම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ගද මේ වන විට රජය අරම්භකර ඇත. නමුත් එය රටේ වත්මන් අර්බුදයට විසඳුම නොවේ. ඒ දීර්ග කාලයක් ගත වන අවිනිශ්චිත අපේක්ෂාවකි. රජය කටයුතු කරන්නේ මේ අවිනිශ්චිතතාවයන් මත සිට නොවේ. තීරණය කළ කාලවකවානු සහිතව අත්පත් කරගන්නා ප‍්‍රතිපළ අනුවය. රට ගොඩගත්තේ ඒ අනුවය. රටේ ඉදිරි සංවර්ධනයත් ඒ අනුව සැලසුම්කර ඇත. ඒ අනුව අද දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගන්නා පියවරයන්හි සාධනීය ප‍්‍රතිඵල ද රජය නිශ්චිතව අපේක්ෂා කරන පරිද්දෙන් නියම කාලවකවානුවල රටට ජනතාවට ලැබිය හැකිවීම ගැනත් සැකයත් තබා ගත යුතු නැත. රජය කටයුතු කරන්නේ ඒ වගවීම සහිතවය.

ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *