රෑ වැටුණු තෙල් වළේ දවල් නොවැටීම

0

සතියේ කතාබහට අදාලව ගෙවුණු සතියේ මාතෘකාව තිබුණේ තෙල් හා ගෑස් මිල ය. විපක්ෂයේ කතාබහ අනුව නම් ගෝලීය තෙල් මිලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල ගලපන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැත. එබැවින් තෙල් මිලට හා ගෑස් මිලට සහනයක් ලබා දිය නොහැකි ආණ්ඩුව ගෙදර යා යුතුය.

සාමාන්‍ය ගැමි වහරේ ”? වැටුණු වලේ දවල් වැටෙන්නෙ නෑ” යනුවෙන් කතාවක් ඇත. මෙය සමස්ත ලෝකයටම අදාල වුවද ලංකාවට තවමත් අදාල වී නොමැති බව තෙල් හා ගෑස් මිලට අදාලව මේ වන විට මතුව ඇති කතාබහ තුළින් මොනවට පැහැදිළි වේ.

වත්මන් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදෙන අතර, ලෝක වෙළඳපොලේ තෙල් මිල ගණන් අනුව ශ‍්‍රී ලංකාවේ තෙල් මිල තීරණය කිරීමට මිල සූත‍්‍රයක් යළි හඳුන්වා දී ඇත. මෙතෙක් පැවැති බොහෝ රජයන් විසින් දිගින් දිගටම සිදු කරන ලද්දේ ලෝක වෙළඳපොලේ තෙල් මිල කෙතරම් ඉහළ ගියද සහන මුදලට තෙල් අළෙවි කිරීමය. නමුත් මේ සහනය නිසා ඒ ඒ පාලකයන්ගේ ඡුන්දගොඩට හානියක් කරනොගෙන පවත්වා ගැනීමට සහය වුවද වෙන අමුතු ප‍්‍රතිලාභයක් රටට නොලැබිණි. මෙම පියවරේ අවසන් ප‍්‍රතිඵලය වූයේ සමස්ත ජනතාවට දරා ගත නොහැකි දැවැන්ත ණය බරක සිර කොට රටේ ආර්ථිකය වළපල්ලට යැවීමයි.

කෙසේ වෙතත් පසුගිය රජයයන් විසින් සිදු කළ මෙම වැරැුද්ද නැවතත් සිදු නොකිරීමට වත්මන් රජය පියවර ගත් අතර, ලෝක වෙළඳපොලේ තෙල් මිල අනුව වන පිරිවැයට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල තීරණය කිරීමේ පියවරකට අවතීර්ණ විය.

මේ අතර, ලෝක වෙළඳපොලේ තෙල් මිල පසුගිය සඳුදා වාර්තාගත අගයකින් ඉහළට නැගුණු අතර, බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක සීමාවට ආසන්න විය. ගෝලීය තෙල් මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් ඩොලර් 89.03 දක්වා ඉහළ ගියේය. මාස 10ක් තුළ පළමු වතාවට, එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි බැරලයක් ඩොලර් 85.95 දක්වා ඉහළ ගියේය.

මෙයට ප‍්‍රධානතම හේතුව ලෙස වාර්තා වී ඇත්තේ සෞදි අරාබියේ සහ රුසියාවේ, පෙට්‍රෝලියම් අපනයනය කරන රටවල සංවිධානයේ (ඔපෙක්* නායකයින්ගේ බොර තෙල් ආනයන කප්පාදුව හේතුවෙන් තෙල් මිල ඉහළ ගිය බවයි. අපේ‍්‍රල් මාසයේදී, සෞදි අරාබිය සහ ඔපෙක්හි සමහර සාමාජිකයන් සහ ඔපෙක් ූ නමින් හැඳින්වෙන එහි මිත‍්‍ර රටවල්, බිලියන 1.66ක දිනකට බැරල් (ඊ්රරුක චැර ා්හ* ස්වේච්ඡුා කප්පාදුව ප‍්‍රකාශයට පත් කළේය. ජූනි මාසයේ තෙල් කාටෙල් රැුස්වීමේදී, සෞදි අරාබිය ද ජූලි මාසයේ සිට තවත් මිලියනයක ඊචා කප්පාදුවක් සිදු කළේය. මීට අමතරව, ජූලි මාසයේදී, රට සිය ස්වේච්ඡුා තෙල් නිමැවුම් මිලියනයක ඊචා කප්පාදුව අගෝස්තු දක්වා දීර්ඝ කළේය.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ සෞදි අරාබිය ස්වේච්ඡුාවෙන් ඩොලර් මිලියනයක කප්පාදුව අඛණ්ඩව සිව්වන මාසය සඳහා ඔක්තෝබර් දක්වා දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි.

ගෝලීය තෙල් මිල සම්බන්ධයෙන් සලකා බැලීමේදී ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ පහළ යාමට ප‍්‍රධානතම හේතුව ලෙස කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැක. සාමාන්‍යයෙන් ලෝකයේ අවශ්‍යතා සඳහා ඛණිජ තෙල් සැපයීමට අදාලව රටවල් ගණනාවක් කටයුතු කරනු ලබන අතර, මේ අතුරින් මැදපෙරදිග කලාපය විශේෂත්වයක් ගෙන ඇත. මීට අමතරව කැනඩාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය ආදී රටවල් ගණනාවක් තෙල් නිෂ්පාදනය කරනු ලබන අතර, ලෝකයේ තෙල් සංචිත ඇති රටවල් අතර ප‍්‍රධාන තැනක් ගනු ලබන්නේ වෙනිසියුලාවයි. මීට අමතරව සවුදි අරාබිය, කැනඩාව හා ඉරානය තෙල් සංචිත සහිත රටවල් අතර මුල් තැනක් හිමිකරගෙන ඇත.

මෙකී රටවල තෙල් නිෂ්පාදනයේදී ඛණිජ තෙල් නිධිවලින් තෙල් නිස්සාරණයට වැයවන මුදල, තෙල් නිධි පිහිටා ඇති ආකාරය අනුව එකිනෙකට වෙනස් අගයක් ගෙන ඇත. විශේෂයෙන්ම කැනඩාව වැනි රටවල ඇති ඛණිජ තෙල් නිධිවලින් තෙල් නිස්සාරණය මැද පෙරදිග ඇති තෙල් නිධිවලින් තෙල් නිස්සාරණයට වඩා මිල අධිකය. මීට අමතරව මෙම කලාපවල කාලගුණික, දේශපාලන හේතු මත ලෝක ඛණිජ තෙල් වෙළදපොළට සැපයෙන ඛණිජ තෙල්වල ඉල්ලූම සහ සැපයුම අනුව ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ පහළ යෑම නිතැතින්ම සිදුවන කරුණකි.

කෙසේ වෙතත් පසුගිය රජයන් විසින් ලෝක වෙළඳපොලේ මෙම තෙල් මිලෙහි ඉහළ පහළ යාම සම්බන්ධ කිසිදු සැලකිල්ලක් නොදක්වමින් කාලාන්තරයක් පුරා තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කිරීම තුළ ඉන්ධන ක්ෂේත‍්‍රයේ පමණක් නොව සමස්ත ආර්ථිකයට ඇති කළේ දරා ගත නොහැකි පීඩනයකි. මෙම පීඩනය අවසානයේ ලංකාවේ ආර්ථිකය අර්බුදයක් කරා ගමන් කිරීමට තරම් සමත් විය. තත්වය කෙසේද යත් එක්තරා අවස්ථාවක මැතිවරණයක් ආසන්නයේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්තාවකදී පවා ශ‍්‍රී ලංකාවේ තෙල් මිල අඩු කිරීමට පැවැති රජයන් විසින් කටයුතු කර තිබිණි.

සාමාන්‍යයෙන්  ඕනෑම භාණ්ඩයක මිල තීරණය කිරීම අදාල භාණ්ඩය තුළ ගැබ්ව ඇති අමුද්‍රව්‍ය පිරිවැය, ශ‍්‍රමය, ලාභය, ආනයන පිරිවැය, ප‍්‍රවාහන පිරිවැය, පිරිපහදු පිරිවැය ආදි නිර්නායක මත තීරණය කළද ලංකාවේ තෙල් මිලට අදාලව මෙම කිසිදු නිර්නායකයක් අදාල කර නොගැනුනි. එනම් ලෝක වෙළඳපොලේ තෙල් මිලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල වෙනස් නොකෙරුණු අතර, සෑම අවස්ථාවකදීම පාඩු දරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන බදු මුදල් හෝ ණය මුදල් හරහා පාලනය කිරීමක් සිදු විය.

මේ හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අති දැවැන්ත ණය බරකට හිමිකම් කී අතර, මෙයට අමතරව ණය මුදල් හරහා ලබා ගන්නා ඛනිජ තෙල් භාවිත කරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් ද නඩත්තු කෙරිණි. අවසානයේ මෙම ණය මුදල් රටේ ආර්ථිකයට දරා ගත නොහැකි අවස්ථාවක දී ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා මුදල් අච්චු ගසමින් තවදුරටත් ක‍්‍රමය වෙනස් නොකොට ඒ අයුරින්ම පවත්වා ගැනීම සිදු කෙරිණි. එසේම ඩොලරයේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම වෙනුවෙන් ඩොලර් සංචිත ද නාස්ති කරගනු ලැබීය.

අවසානයේ ලංකාවට ඛණිජ තෙල් ආනයනය කිරීමට අදාල විදේශ මුදල් සපයා ගැනීමට නොහැකි තත්වයක් ලංකාවේ බැංකු පද්ධතිය විසින් දැනුම්දුන් අතර, භාණ්ඩාගාර ලේකම්වරයා හරහා සියලූ බැංකු ප‍්‍රධානීන්ගෙන් විදේශ මුදල් ලබා දෙන ලෙස ආයාචනා කිරීමට තරම් අර්බුදකාරී තත්වයකට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පත් විය.

කෙසේ වෙතත් මෙයාකාරයෙන් ඛනිජ තෙල් සඳහා සහනාධාර ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවලින් යහපත් ප‍්‍රතිචාර හිමි වූ අතර, වත්මන් රජය විසින් පිරිවැයට සාපේක්ෂ මිල නියම කිරීමට අදාල මිල සූත‍්‍රයක් හඳුන්වාදීමත් සම`ග තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් බොහෝ දෙනාගෙන් පළ වූයේ දැඩි අප‍්‍රසාදයක්. පසුගිය සතියේ මුල් දින කිහිපය පුරාම තෙල් මිල වැඩිකිරීමට අදාල සිය විරෝධය පළ කිරීමේ අදහස් සමාජ මාධ්‍ය පුරා ප‍්‍රචාරය වූ අතර, රට පුරා ප‍්‍රධාන මාතෘකාව වී තිබුණේ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධ ජනතා විරෝධයයි.

නමුත් බොහෝ දෙනාගේ අදහස රජය විසින් සහනාධාර ලබා දී හෝ අඩු මිලට තෙල් සැපයීම කළ යුතු බව වුවත්, මෙම ක‍්‍රියාවලිය හරහා අසාධාරණයක් සිදු වන්නේ පහළ ස්ථාරයේ ආර්ථිකයක් හිමි ජනතාවට බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. සත්‍ය වශයෙන්ම ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනයට අනුව මිල නියම නොකොට නොවෙනස් තෙල් මිලක් හෝ අඩු වටිනාකමකට තෙල් සැපයීම හරහා වැඩි වාසියක් හිමිවන්නේ සමාජයේ ඇති හැකි අයටයි. මන්ද තෙල් පරිභෝජනය අතින් ගත් කල සාමාන්‍ය ජනතාවට වඩා වැඩි ප‍්‍රමාණයකින් තෙල් පරිහරණය කරනු ලබන්නේ ඉතා ඉහළ ආර්ථිකයක් හිමි හා ඉහළ ආදායම් හිමි පිරිසයි.

වැඩි මිලකට තෙල් ආනයනය කොට අඩු මුදලකට තෙල් සැපයීම වෙනුවෙන් වු හිස්තැන පිරවීමට සිදුවන්නේ ජනතා බදු මුදල් යෙදවීම හරහාය. ජනතා බදු මුදල් යනු ඉහළ ආදායම් හිමි පිරිසගේ වුවමණාවන් සංතර්පණය කිරීමට ඇති දෙයක් නොවේ. එය පොදුවේ මහජන සුබසාධනය වෙනුවෙන් සහ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගැනීමට තිබෙන රාජ්‍ය ආදායමය.

සාමාන්‍ය පුරවැසියන් ආනයනික ඛනිජ තෙල් භාවිතයේදී වැඩි ප‍්‍රමාණයක් යොදා ගනු ලබන්නේ ගෘහස්ථ කටයුතු සහ එදිනෙදා සාමාන්‍ය ප‍්‍රවාහන කටයුතු වෙනුවෙනි. විදුලි නිශ්පාදනයට වැය කරන තෙල් ප‍්‍රමාණය සලකා බැලූවත් සාමාන්‍ය ජනතාව එහි කුඩා පංගුවක් පාරිභෝජනය කරයි. මේ අනුව සාමාන්‍ය ජනතාව ආනයනික ඛණිජ තෙල් ප‍්‍රමාණයෙන් 30%කට ආසන්න අගයක් පාරිභොජනයට ගනී. නමුත් ඉතිරි 70%ක් තරම් වූ ඉහළ අගයක් ප‍්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන්නේ ඉහළ ආදායම් ලබන පිරිසය. ඒ අනුව දුප්පත් හෝ පහළ ආදායම් සහිත පුද්ගලයින්ට තෙල් මිල ඉහළ යෑමෙන් සිදුවන බලපෑම අවම කිරීම වෙනුවෙන් පාඩු සහිතව අඩු මිලට තෙල් ලබාදීම හරහා සිදුවන්නේ ඉහළ මිලක් දැරිය හැකි ඉහළ ආර්ථිකයකට හා ඉහළ ආදායමකට හිමිකම් කියනා පුද්ගලයින් විසින් අදාල වාසිය හිමිකර ගැනීමයි.

මේ අනුව පැහැදිලි වන්නේ පහළ ආර්ථිකයකට හිමිකම් කියන්නා වූ බහුතර ජනතාවක් දීර්ඝ කාලීනව අසාධාරණයට ලක්වීමය. මේ නිසා සාධාරණ සමාජ භාවිතයක් වෙනුවෙන් විය යුත්තේ අඩු මිලට තෙල් සැපයීම වෙනුවට වෙළඳපොල ක‍්‍රමය අනුව උච්ඡුාවචනය වන මිල ක‍්‍රමයක් සැකසීමයි.

ඒ අනුව වත්මන් රජය විසින් අනුගමනය කරනු ලබන තෙල් මිල සූත‍්‍රයට මත ඛණිජ තෙල් සංස්ථාවේ පාඩු පියවීම වෙනුවෙන් ජනතා බදු මුදල් යෙදවීමක් සිදු නොවේ. කෙසේ නමුත් තෙල් මිළ ඉහළ යෑමේදී අඩු ආදායම්ලාභීන්ට පීඩාවකට මුහුණ දීමට සිදුවීම යථාර්ථයක් වුවත් ඔවුන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක‍්‍රමවේද සැකසීම රජය සිදුකර තිබේ. එහෙත් ඉන්ධන මිළ සුත‍්‍රය යනු මිළ ඉහළ දැමීමට පමණක් ක‍්‍රියාත්මක වන්න නොවේ. ලෝක මිළ ගණන් පහළ යන විට මිළ සුත‍්‍රය අනුව මෙරට මිළ ගණන්ද පහළ යෑම සිදුවේ. මේ අනුව තෙල් මිළ ඉහළ යාම නිසා වන පීඩාවට පත්වීම තාවකාලික දෙයක් වන අතර ඒ අනුව ජන ජීවිතය හැඩගසා ගැසීමට පුරුදු වීම විය යුතුය. සාධාරණ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වන තත්වයන් තුළ දීර්ග කාලීන ප‍්‍රතිලාභ රටට ලැබෙන විට එය ජනතාව අතරම බෙදී යෑම සිදුවේ.

කෙසේ වුවද ඉන්ධන මිල තීරණය කිරීම සඳහා හඳුන්වා දී ඇති මෙම සාධාරණ ක‍්‍රමවේදය තවදුරටත් වඩාත් යහපත් තත්වයකට ගෙන එනවා මිස එය ආණ්ඩු සම`ග මාරුවන ප‍්‍රතිපත්තියක් නොවිය යුතුය. ඡුන්ද ගොඩවල් බලාගෙන මේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම සිදුවුවහොත් යළි රටම අර්බුදයකට මිසක එහි වෙනත් වාසි කිසිසේත්ම ජනතාවට අත් නොවේ.

රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *