ආර්ථිකයේ නව පදනම

0

මේ ශිර්ෂය ලෙස උපුටනය කළේ, 2023 සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය කථාවේ 3 වන පරිච්ෙඡ්දයේ ශිර්ෂයයි. එම පරිච්ෙඡ්දය ආරම්භ වන්නේ මෙසේයි. ”1977 වසරේ නිර්මාණය කෙරුණු ආර්ථික පදනම දැන් වලංගු නැහැ. එය වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එය දැන් කඩා වැටිලා. අපේ රටේ ක‍්‍රියාත්මක වූ සංවෘත ආර්ථිකය සේම 1977 නිර්මාණය කළ ආර්ථිකයත් අසාර්ථක වී හමාරයි. ඒ නිසා අප වර්තමානය ගැන අලූතින් සිතිය යුතුයි. සුගතපාල ද සිල්වා ‘මරාසද්’ නාට්‍යයේ දක්වන විදියට ‘කොට්ට උරයක් මෙන් කනපිට හරවා අලූත් ඇහැකින් ලෝකය දෙස බැලිය යුතුයි.” ජනාධිපතිවරයා මෙයින් අවධානය යොමු කරන්නේ පවත්නා අර්බුදයෙන් ගොඩ ඒමට නම්, විකල්ප ආර්ථික ප‍්‍රතිපත්තීන් දෙසට අවධානය යොමු කළ යුතු බවකි.

නව ආර්ථික ක‍්‍රමය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය න`ගා සිටුවීමට අරමුණු කරන ආකාරය, එම පරිච්ෙඡ්දයේම තවත් කොටසකින් දක්වන්නේ මෙසේය. ”මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු රටම දුෂ්කරතාවන් රැසකට මුහුණ දුන්නා. එදා වේල සරිකර ගන්න බැරි වුණා. රැකියා අනතුරේ වැටුණා. ආදායම් අහිමි වුණා. ව්‍යාපාර කඩා වැටුණා. තවමත් ඒ සියළු දුෂ්කරතාවන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙන්නට පුළුවන් වෙලා නෑ. ජනතාව මෙවැනි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේ රට යළි ගොඩ නැංවීමේ බලාපොරොත්තු හදවතේ රඳවාගෙනයි. අපි සියළු දෙනාම ඒ කැපවීම කළේ, තවමත් කැපවීම් කරන්නේ රට යළි නංවාලීමේ අරමුණු ඇතිවයි. රට වෙනුවෙන් කැපවීම් කරන සියලූ දෙනාට, අප ගොඩනංවන නව ආර්ථිකයේ ප‍්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යා යුතුයි. සැමට සමාන අවස්ථා නිර්මාණය විය යුතුයි. එය සමාජයේ කුඩා කණ්ඩායමක් පමණක් පොහොසතුන් කරන ආර්ථික ක‍්‍රමයක් නොව, සමස්ත සමාජයම ඉහළට ඔසවා තබන ආර්ථික ක‍්‍රමයක්.”

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කරන උක්ත ප‍්‍රකාශ දෙක සවිංඥානිකව නිරීක්ෂණය කරන්නේ නම් එයින් පැහැදිලි වන්නේ, විවෘත ආර්ථිකය මෙරටට හදුන්වා දෙමින් හා ඉන් පසුව ක‍්‍රියාත්මක කළ ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තීන් හේතුවෙන් දශක 4කට වැඩි කාලයක් පුරා අප කවර ජයග‍්‍රහණ අත්කරගෙන තිබුණද, එයින් ජන සමාජයේ සියළු දෙනාගේ සමාජ – ආර්ථික ජයග‍්‍රහණය කර ගැනීමට නොහැකිවී ඇති බවයි.

කෙසේ වෙතත් එම ආර්ථික වැඩපිළිවෙල සමස්ත සමාජයට ඇති කළ යහපත් මෙන්ම අයහපත් ගුණාංග දැන් අප සියලූ දෙනාගේ ජන ජීවිතයට ඇතුලත් වී හමාරය. ඒ අනුව එහි සාර්ථක භාවයන් මෙන්ම අසාර්ථකභාවයන්ද අප පොදුවේ භුක්ති විදින්නෙමු.

1977 ආර්ථිකය විවෘත කිරීම යනු මෙරට සිදු වූ ධනේෂ්වර විප්ලවය යැයි කෙනෙක් තර්ක කරනවා නම් එහි වරදක් නැත. පැවැති සංවෘත ආර්ථිකය තුළ පැවැති ආර්ථික පීඩනයට කොටුවීම බි`දලමින් රට ලෝකයට විවෘත වීමත් සම`ග ශ‍්‍රී ලාංකිකයින්ට ලෝකය දකින්නට අවස්ථාව ලැබුණි. එහි ප‍්‍රථිපලයන් ලෙස හැකියාවට හා දක්ෂතාවයට අවස්ථාව ලැබීමත් සම`ග සහනාධාර මත ජීවත්වීම වෙනුවට ඉපයූ අදායම් මත දියුණුවීමට හැකිවිය. අධ්‍යාපන අවස්ථා පුළුල් විය. දේශීයව මෙන්ම විදේශීයව හෙඳ අධ්‍යාපනයක් ලැබීමට දරුවන්ට අද හැකි වී ඇත්තේ රට විවෘත වූ නිසාය. මෙරටදී ඉපයීමට අවස්ථා නැති, එහෙත් හැකියාව ඇති අයට විදේශගතව ඉපයීමට හැකි විය. විදේශ විනිමය සීමා අවමවීම නිසා අවශ්‍ය දෑ පරිභෝජනය කිරීමට අවස්ථාව හිමිවිය. ලෝකය පුරා සංචරණයට අවස්ථාව හිමිවිය. එහි ප‍්‍රථිපලය වූයේ ශක්තිමත් මධ්‍යම පන්තියක් රට තුළ නිර්මාණය වීමයි. එනම් සෑම කෙනාගේම හැකියාව මත පදනම්වූ ශ‍්‍රමයට වටිනාකමක් එදා විවෘත ආර්ථිකය ආරම්භයත් සම`ග ලැබුණා. විවෘත ආර්ථිකය තුළ එසේ අප ලැබූ සාර්ථක භාවයන් රාශියකි.

නමුත් එම ක‍්‍රමය සමාජයේ සියළු දෙනාට යහපත් වූයේ නැති බව පැහැදිලිය. විවෘත ආර්ථිකය ඉදිරියට යාමත් සම`ග එම ක‍්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍ය සමාජ හා දේශාපලන ප‍්‍රතිසංස්කරණ මෙන්ම නීතිමය පසුබිම නිර්මාණය නොවීමත්, සමාජයේ සියළු දෙනාට ශක්තිමත්ව එම ආර්ථික ක‍්‍රමය සම`ග බද්ධ වීමට නොහැකිවීමත් නිසා හැකියාව හා දක්ෂතාව නොමැති ජන තීරු තවදුරටත් දුගී බවට පත්විය. එමෙන්ම ඔවුන් සමාජයේ අව වරප‍්‍රසාදලාභීන් බවට පත් විය. එනම් ඔවුන්ට අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නද එය සාධාරණ ලෙස බෙදි ගියේ නැත. සෞඛ්‍ය හා අනෙක් සමාජ සුභසාධනයන් සාධාරණව හිමිවූයේ නැත. යටිතල පහසුකම් භුක්ති වි`දීමේ අවස්ථා සාධාරණ වී නැත.

විවෘත ආර්ථිකය ක‍්‍රියාත්මක කරන ලද 1977 සිට සක‍්‍රීය දේශපාලනයේ සිට සවිංඥානික දේශපාලනඥයෙක් ලෙස රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ඉහත ප‍්‍රකාශයන්ගෙන් කියා සිටින්නේ, අර්බුදයේ ස්වභාවය පමණක් නොව එයට විකල්ප විස`දුම් සෙවිය යුතු බවය. 2022 දී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සිය පළමු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව අමතා ප‍්‍රකාශ කරන ලද්දේද පවත්නා ආර්ථික වැඩ පිළිවෙළට විකල්පයකි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය, සමාජීය වෙළෙඳපොල ආර්ථිකයක් (ීදජස්ක ඵ්රනැඑ ෑජදබදපහ* දෙසට ගමන් කරවීමට අවශ්‍ය බවය. ඒ අන් කිසිවක් නිසා නොව විවෘත ආර්ථික වැඩපිළිවලින් ”පමණක්ම” සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට නොහැකි නිසාය. තවදුරටත් සමාජයේ ආන්තික සමාජ තීරුවලට මෙම ක‍්‍රමයෙන් ප‍්‍රතිලාභයක් අත් නොවීම නිරීක්ෂණය වන නිසාය. ඔවුන් අව වරප‍්‍රසාදිතයින් ලෙස විවෘත ආර්ථිකය තුළම ජීවත්වන නිසාය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කරන ලද්දේ ”සමාජ සාධාරණ කොමිසමක්” ද ඇති කරන බවය. මීට දශකයකට පමණ පෙර සිටම රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස ඉදිරිපත් කළා පමණක් නොව, එක්සත් ජාතික පක්ෂය රටට ඉදිරිපත් කරන ආර්ථික ප‍්‍රතිපත්තිය පදනම් වන්නේද, සමාජීය වෙළෙඳපොල ආර්ථිකයක් මත බව ප‍්‍රකාශ කර ඇත.

සමාජීය වෙළෙඳපොල ආර්ථිකය යනු, මාක්ස්වාදී සමාජ දේශාපලන ආර්ථික සාහිත්‍ය තුළ කියවෙන සමාජවාදි ආර්ථික ක‍්‍රමයක් හෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සකච්ඡුා කරන ආර්ථිකයක් නොවන්නේය. ඒ අනුව සමාජීය වෙළෙඳපොල ආර්ථිකය යනු විවෘත ආර්ථිකයෙන් මිදියාමක් නොව විවෘත ආර්ථිකය තුළ විධිමත් හා ශක්තිමත් ලෙස සමාජ සුභසාධනය ඉහළ නැංවීමට ගන්නා ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගයන් සැකසීමක්ය. එය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරන්නේ මෙසේය. ”රට වෙනුවෙන් කැපවීම් කරන සියලූ දෙනාට, අප ගොඩනංවන නව ආර්ථිකයේ ප‍්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යා යුතුයි. සැමට සමාන අවස්ථා නිර්මාණය විය යුතුයි. එය සමාජයේ කුඩා කණ්ඩායමක් පමණක් පොහොසතුන් කරන ආර්ථික ක‍්‍රමයක් නොව, සමස්ත සමාජයම ඉහළට ඔසාව තබන ආර්ථික ක‍්‍රමයක්.”

ජර්මන් කර්මික ආර්ථිකයේ මතු වූ උවමනාවන් මත සංකල්ප ගත වූ ක‍්‍රමයක් වන සමාජීය වෙළෙඳපොල ආර්ථික සංකල්පය ක‍්‍රියාත්මක කිරීමේදී එහි වැඩපිළිවෙළ එකාකාරව රාමුගත කර ගැනීම අවශ්‍ය නැති අතර ඒ ඒ රටවල සමාජ ආර්ථික හා දේශපාලන උවමනාවන් මත ගොඩනැගිය හැකි වනු ඇත. කෙසේ වෙතත් සමාජීය වෙළෙඳපොල ආර්ථිකයක මූලික ගති ලක්ෂණය වන්නේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති මත පදනම්වීමත්, ඒ තුළ විධිමත් බදු ප‍්‍රතිපත්තීන් අනුගමනය කරමින් ඉහළ රාජ්‍ය ආදාමක් පවත්වාගෙන යාමත්, ඒ හරහා ඇති කරන රාජ්‍ය වියදම් තුළින් සාමාජයේ සියළු දෙනාට ඉහළ සමාජ සුභසාධනයක් අත්කරදීමත් ය.

1977 දී විවෘත ආර්ථික ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමත් සම`ගම අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම දෙසට කල් ඇතිව යොමු නොවීම විවෘත ආර්ථික ක‍්‍රමයේ අසාර්ථකභාවයන්ට හේතු වූ බව ඇතැම් ආර්ථික විශේෂඥයින්ගේ මතයයි. කෙසේ වෙතත් 1977න් පටන් ගත් දශකයේ අවසානය වන විට දැඩි ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ට ශ‍්‍රී ලංකාව යොමුවීමට ක‍්‍රියා කළේය. එහිදී මෙරට ආර්ථික ප‍්‍රතිපත්තීන් ගොඩනැගෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව එවකට ක‍්‍රියාත්මක කරන ලද ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනා සම`ගය. ඒ ප‍්‍රකට වොෂින්ටන් සම්මුතිය ම`ගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිපත්ති කට්ට්ලය ශ‍්‍රී ලංකාවේද ක‍්‍රියාත්මක කිරීමට පියවර ගනිමින්ය. එම යෝජනාවල මූලික හරය වූයේ ආර්ථිකයේ ලිහිල්කරණයට අදාල ප‍්‍රතිපත්ති අදාල රටවල් විසින් ක‍්‍රියාත්මක කිරීම හා ආර්ථිකයේ ක‍්‍රියාකාරීත්වයට රාජ්‍යයේ මැදිහත්වීම අවම කිරීමය.

ශ‍්‍රී ලංකාවේද වොෂින්ටන් සම්මුතියේ ප‍්‍රකාශිත යෝජනා ක‍්‍රියාත්මක කරන ලදි. එම යෝජනා නම්, මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් ගෙවුම් ශේෂය යහපත්ව පවත්වාගෙන යාම, රාජ්‍ය වියදම් ආපසු හරවා යැවීම නැතිනම් අධ්‍යපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් ඉලක්කකර වියදම් දැරීම, බදු ප‍්‍රතිසංස්කරණය ඇති කිරීම හා බදු පදනම පුළුල් කිරීම, පොලී අනුපාත ලිහිල්කරණය, තනි හා තර`ගකාරී විනිමය අනුපාත ක‍්‍රමයක් පවත්වා ගැනීම, ජාත්‍යන්තර වෙළඳම සඳහා පවතින බාධක ඉවත් කිරීම, සෘජු විදේශ ආයෝජන සඳහා ඇති බාධක ඉවත් කිරීම, රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම, වෙළඳපල ප‍්‍රවේශය සහ තර`ගකාරිත්වය නියාමනය කිරීම, සහ පෞද්ගලික දේපල අයිතිය සුරක්ෂිත කිරීම යන යෝජනාය.

මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීමෙන්, අපේක්ෂා කරන ලද්දේ උද්ධමනය පාලනය කිරීම සහ රජයේ අයවැය හි`ගය අඩු කිරීම මගින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම, සමාජයේ සියළු දෙනා අතර සුභසාධනය සමාන තත්ත්වයකට ගෙන ඒම වැනි කරුණු වුවත් එම ඉලක්කයන් ජය ගැනීම අප රටේ පවා පෙන්වා ඇත්තේ මිශ‍්‍ර ඵළ තත්ත්වයකි. එම අසාර්ථකභාවය නිසාම වොෂින්ටන් සම්මුතිය මෙසේ ඉදිරිපත් ඉහත යෝජනා ආර්ථික ප‍්‍රතිසංස්කරණ යෝජනාවලට අමතරව තවත් යෝජනා කට්ටලයක් සංවර්ධනය වෙමින් පැවැති රටවල් සඳහා ඉදිරිපත් කරන ලදි. එම යෝජනාවල විශේෂ යෝජනාවක් වූයේ ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති රාමුව තුළම, සමාජයේ අව වරප‍්‍රසාදිතයින් සඳහා අර්ථික ප‍්‍රතිසංස්කරණ මගින් සහන සැලැස්වීමය. ඒ අනුව වොෂින්ටන් සම්මුතියේ දෙවන ප‍්‍රතිපත්ති කට්ටලය වශයෙන් හඳුන්වයි. ඒ යෝජනා මගින් ඉදිරිපත් කරන්නේ ආර්ථිකයේ කටයුතු සඳහා යම් ආකාරයක රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බවත්, ඒ සම`ගම සමාජයේ අව වරප‍්‍රසාදිතයින් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයන් (ීදජස්ක ී්ෙැඑහ භැඑි* සකස් කරන ලෙසය.

එනම් ”ආර්ථිකයේ නව පදනම” වන්නේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක කිරීමේදී සමජයේ උන්නතියට වැඩි අවධානයක් යොමු කරන ආකාරයේ වැඩපිළිවෙක් වෙත යාමය. ජනාධිපතිවරයා අවධාරණය කරන විකල්පය එයයි. ඒ අනුව ආර්ථික අවපාත අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම, රැකියා අවස්ථා අහිමිවන්න්ට ජීවත්වීමට හැකි සුභසාධනයක් ඇති කිරීම, ව්‍යාපර අවස්ථා කඩා වැටෙන විට එයට අවශ්‍ය ආර්ථික පිටුවහල සැපයීම, වැනි ආරක්ෂිත ක‍්‍රම ඇති ආර්ථිකයක් ඇති කිරීමය. එමෙන්ම දුප්පතුන්, රෝගීන්, ආබාධිතයින් වෙනුවෙන් විධිමත් සමාජ ආරක්ෂණයක් ඇති කිරීම සහ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය මෙන්ම යටිතල පහසුකම් සාධාරණ හා සමාන අයුරින් බෙදී යන ක‍්‍රමයක් ඇති කිරීමය. මේ වන විටත් ආරම්භ කර ඇති අස්වැසුම සුභසාධන වැඩසටහන, මෙන්ම සමාජ ආරක්ෂන ජාල වැඩසටහන සඳහා 2023 අයවැය මගින් රුපියල් මිලියන 4,300ක් වෙන් කර තිබීම වැනි ව්‍යාපෘතිවල අරමුණ වන්නේ විවෘත ආර්ථිකයේ ඔබ්බට යමින් එහෙත් එම ප‍්‍රතිපත්ති රාමුවම තුළ සෑම දෙනාටම ප‍්‍රතිලාභ හිමිවන ශක්තිමත් සමාජීය වෙළෙඳපොල ආර්ථිකයකට පිවිසීමය.

සරත් හේවගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *