ශ්‍රී ලංකාවට හරිමග පෙන්වන තැන

0

අපිට අවශ්‍ය වුණේ වෙනසක්. වැරදි පාරේ ගිය රට නැවත හරි පාරට ගන්න වෙහෙසක් දරන්න. පසුගිය වසරේ අගෝස්තු මාසයේ චැතම් වීදියේ ඔර්ලෝසු කණුව පෙනෙන තෙක් මානයේ සිට කල්පනා කළේ මේ වෙලාවේ අපි කරන්න  ඕනෙ මොකක්ද කියන එක. වෙනසක් ඉල්ලා කළ ජන අරගලයකින් පස්සේ ජනාධිපතිවරයා විදිහට රනිල් වික‍්‍රමසිංහ පත්වීම සිදු වුණා. රටේ දේශපාලනය හැසිරෙන විදිහට ඒක අපි බලාපොරොත්තුව හිටපු දෙයක්. ඔහුට මේ රට කොට්ට උරයක් කනපිට ගසන්නාක් මෙන් වෙනස් කරන්න වෙන බව අපිට තිබුණා දැනීමක්. ඔහුගේ දේශපාලන භාවිතාව, ඔහුගේ අපේක්ෂාව ගැන තිබුණු අවබෝධය මත රටට වෙනසක් ගෙන එන බව විශ්වාසය තියන්න ඒ මොහොතේ අපිට බැරිකමක් තිබුණේ නැහැ. නමුත් ඊට බරපතල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවත්, අපිට තිබුණු දේශපාලන ඉව අනුව අවබෝධයක් තිබුණා. ඒ අභියෝගය ජය ගැනීම අප කිසිවක් හෝ කළ යුතු බව තීරණය කිරීමේ ප‍්‍රතිපලය තමයි ඔයැ ක්‍ය්එය්ප ීඑරුැඑ න්‍දමරබ්ක ඉලෙක්ට්‍රොනික පත්තරය බිහි වුණේ. අද සංනිවේදන මාධ්‍යයන්ගේ ප‍්‍රවණතාවය මත අපි ඒ තෝරාගැනීම කළා.

අපි අපිට පවරගත්ත කාර්ය භාරයේ සංඛේතය විදිහට චැතම් ස්ටී‍්‍රට් ඔරලෝසු කණුව භාවිත කළා. ඊට මුලික වුණු හේතුවක් තිබුණා. මේක නිකමම් නිකම් ඔරලෝසු කණුවක් නොවේ. ඒ රටට හරි පාර පෙන්නපු තැන. ලංකාවේ මාර්ග පද්ධතිය ආරම්භ වුණේ එතැනින්. ”0” කණුව ලෙස පුරාජේරුවක් මේ ඔරලෝසු කණුවට තිබුණා. එතැනින් පටන් ගෙන රට පුරා විහිදුනු මාර්ග පද්ධතිය රටේ සංවර්ධනයට අවශ්‍ය මූලිකම යටිතල පහසුකම හදලා දුන්නා. ඒ විතරක් නෙවෙයි. මේ ඔරලෝසු කණුව මේ රටට පැමිණෙන නාවික යාත‍්‍රාවලට ම`ග පෙන්නුවා. ලෝකයේ හතර දිග් භාගයෙන් ලංකාව සොයාගෙන එන නාවික යාත‍්‍රාවන්ට කොළඹ වරායට ම`ග පෙන්නුව ප‍්‍රදීපාගාරය වුණේ මේ ඔරලෙර්සු කණුව. ලෝකයේ

ප‍්‍රදීපාගාරයක් ලෙසත් ඔරලෝසු කණුවක් ලෙසත් ද්විත්ව කාර්යභාරයක් ඉ‍ටු කළ එකම ඉදිකිරීම බවට ඒ වෙන කොට ලෝක ප‍්‍රසිද්ධ කතාවක්. අදත් එය එසේම විය හැකිය.

මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වෙච්ච ශ‍්‍රීමත් හෙන්රි ජෝර්ජ් වෝඞ් යුගයේ දී මේක ඉදි කෙරුණේ. ඔහු මෙය හැඳින් වුයේ ,්බ දරබ්පැබඑ එද එයැ එදඅබ දෙ ක්‍දකදපඉද, ලෙසයි. ඔහුගේ ආර්යාව වෙච්ච එමිලි එලිසබෙත් වෝඞ් තමයි මේකේ සැලසුම නිර්මාණය කර තිබුණේ. රජයේ වැඩ දෙපාර්තමේන්තුව මෙහි ඉදිකිරීම කළා. මීටර් 29 (අඩි 95*ක් උසැති කුලූණ එකල කොළඹ උසම ඉදිකිරීම වුණා. 1857 පෙබරවාරි 25 වන දින මෙහි ඉදිකිරීම් අවසන් කර ඊට පැවරුණු වගකීම ඉටුකරන්න ගත්තා. මෙහි හතර දිසාවටම පෙනෛන ඔරලෝසුව ”බිග් බෙන්” ඔරලෝසුවේ නිෂ්පාදකයන් විසින්ම නිපදවූවක්. නමුත් එංගලන්තයේ බිග් බෙන් ඔරලෝසු කණුව ඉදිවුණෙත් මීට වසර දෙකකට පසුවයි.

මේක ප‍්‍රදීපාගාරයක් බවට පත් වුණේ 1867 දී. මෙහි පහන් දැල්වීම මුලින් සිදු වෙලා තිබුණේ භූමිතෙල් භාවිතයෙන්. පසුව 1885 කාලයේදී එවකට ලෝකයේ තිබුණු හොඳම ආලෝක උත්පාදන ක‍්‍රමයක් වෙච්ච ඩයොප්ටික් ෆ්ලෑෂ් ලයිට් බල්බවලින් මෙය සන්නද්ධ කිරීමට පියවර ගැනුණා. ඊටත් පසුව ගෑස් ලාම්පු යොදා ගැනුණා. 1933 දී එය විදුලි බලයෙන් බල ගැන්වෙන බල්බවලින් රටාවකට ආලෝකය විහිදුවා හැරියා. කිලෝමීටර් 27 (සැතපුම් 17*ක් තරම් දුරට ආලෝකය විහිදුනු බව කියනවා. එතැනින් වසර සියයකට ආසන්න කාලයක් තිස්සේ රටට ම`ග පෙන්වමින් ප‍්‍රදීපාගාරයක් ලෙස ක‍්‍රියාත්මක වුවත් 1954 වසරේ කොළඹ වාරායට ආසන්න වෙරළ තීරයට වෙන්න ගෝල් බක් නමින් වූ නව ප‍්‍රදිපාගාරයක් ඉදිකිරීමෙන් පසුව මෙහි ආලෝකය දැල්වීම නතර කෙරුණා. නමුත් මෙහි ‌ඓතිහාසික කාර්යභාරය එයින් අවතක්සේරු වුණේ නැහැ. අදටත් මේ ප‍්‍රදීපාගාර ඔරලෝසු කණුව කොළඹ ‌ඓතිහාසික වටිනාකමේ සංඛේතයක්.

චැතම් විදියේ ඔරලෝසු කණුව සම`ග විහිදෙන චැතම් වීදිය කියන්නෙත් රටේ ආර්ථිකයේ සංඛේතයක් බ`දු වානිජමය මාර්ගයක්. එදා කොළඹ තිබුණු අලංකාරම වීදියයි. දෙපස ගස්වලින් සෙවන දුන්නු අපූර්ව වීදියක්. විදේශ මුදල් හුවමාරුකරන්නන්, මැණික් හා ස්වර්ණාභරණ වෙළෙන්දන්, පෞරාණික භාණ්ඩ අළෙවිකරන්නන්, සංචාරක නියෝජිතයන්, සේද රෙදිපිළි වෙළෙන්දන්, ආපන ශාලාවන්, නාවිකයන් සඳහා වූ විනෝද ශාලා මධුපැන්ශාලා ආදී විවිධාකාර අවශ්‍යතා සපුරන තැන් ගණනාවක් මේ දෙපස තිබුණා. රටේ නව්‍ය සංවර්ධනයේ ප‍්‍රකාශනයක් ලෙස මේ චැතම් වීදිය තමන්ගේ අභිමානය පෙන්නුම් කළා. මෙම වීදියට මෙම නම පටබැදීමත් එංගලන්තයේ කෙන්ට්හී චැතම් නාවික තටාකාංගනය අවට පරිසරය, වරාය, ආර්ථික භාවිතාවන් හා සමානවීම නිසා සිදු වූවක් බවට මතයක් තිබෙනවා.

චැතම් වීදියේ පත්තරය නමින් අපි අපේ පුවත්පත නම් කරන කොට මේ ‌ඓතිහාසික වටපිටාව අපේ කාර්යභාරය සම`ග ඉතා හොඳින් ගැලපීම සිදු වුණා. අපිට අවශ්‍ය වූණේ රටට හරි පාර පෙන්වන්න. හරි වෙලාවේ, හරි දේ කරන්න පුළුවන් මිනිහෙක් රට භාර අරගෙන තියෙනවා කියලා කියන්න. හරි තැනට එකතුවෙලා ගමන එකට යමු කියන්න.

මේ වන කොට වසරක් පුරා පිටපත් 50ක් අඛණ්ඩව සෑම සති අන්තයකම නිකුත් කරන්න අප කුඩා කණ්ඩායමට හැකිවීම අපට යම් සතුටක් ගෙන එන කාරණයක් වූණත් ඊටත් වඩා, රටට හරි දේ හරි තොරතුරු සම`ග හරි විදිහට හරි වෙලාවට ඉදිරිපත් කරන්න හැකි වීම ඊටත් වඩා සංතෘප්තියක් ගෙන එන්නක්. ඉලෙක්ට්‍රොනික පුවත්පත් ලෙස ආරම්භ කරමින් සමාජජාලා ඔස්සේ විශාල පාඨක ප‍්‍රජාවක් වෙත පුවත්පත බෙදාහැරීමට අපිට හැකිව තිබෙනවා. ඒ අතරම මුද්‍රිත ප‍්‍රකාශනයක් ලෙසත් එහි පිටපත් දහස් ගණනක් නිකුත් කරමින් එහි පුවත්පතක සාම්ප‍්‍රදායික වටිනාකමත් ඊට එකතුකර ගන්නට අපට හැකි වුණා.

කොහොම නමුත් චැතම් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත තවදුරටත් පවරාගත්තු කාර්යභාරය ඉ‍ටු කිරීමට කැපවී සිටිනවා. මෙය ආරම්භයේදී අපි බලාපොරොත්තු තැබූ ලෙසම ජනාධිපතිවරයා තමන්ගේ කාර්යභාරය මනාව, සියලූ අභියෝග ජය ගනිමින් ඉදිරියට රැගෙන යනවා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වන ඒ අනිවාර්ය වැඩපිළිවෙල සක්ෂාත් කරගැනීමට රජය දරන වෙහෙස වෙනුවෙන් අපටත් ඉහළ දායකත්වයක් සැපයීමට හැකිව තිබීම මේ මොහොතේ අපේ ජයග‍්‍රහණයක් ලෙස අපි සලකනවා. ඒක අපිට අපේ පුරාජේරුව කියන්න තරම් ලොකුකමක් කිව්වට වැරදි නැහැ. බොරු බේගල් පතුරුවමින් රට වැසියා නොම`ග යවමින් කරන ජඩ දේශපාලනය හෙළිදරව් කරමින් රටට හරි ම`ග පෙන්වන්න අපට කළ හැකි වූ දේවල් වගේම ඉදිරියටත් එය එලෙසම සිදු වෙනු ඇති. අපගේ පාඨක ප‍්‍රජාවත් අප සම`ග මේ ගමන ඉදිරියට වඩාත් ශක්තිමත්ව රැගෙනු යනු ඇති බවට විශ්වාසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *