වෛද්‍යවරුන්ගේ රට බයිලා වැඩක් නැත. රට සුවෙනි.

0

මෙරට වෛද්‍යවරුන් ඇතුලූ‍ වෘත්තිකයන් රට හැරයන බවට විශාල ඝෝෂාවක් මෑතක සිට තිබේ. ඒ වසර තුන හතරකට එහා යුගයට වඩා යම් වැඩි පිරිසක් විදේශ රැකියා වෙනුවෙන් මෙරටින් පිටවීමට පෙළඹීම මතය. ඒ අතර සත්‍ය ලෙසම රට අතහැර යන පිරිස ඉතා සුළු ප‍්‍රමාණයක් වූවත් මේ සියලූ‍ දෙනා රට අත්හැර යන්නන් ලෙස මාධ්‍ය විසිනුත් රජය විවේචනයට කැමති වුණුත් අර්ථ දක්වමින් තිබේ. කොහොම නමුත් වෘත්තිකයන් මෙන්ම පුහුණු ශ‍්‍රමිකයන් විදේශ රැකියා සඳහා යෑම මෑතකදී යම් වැඩිවීමක් සිදු වූවද ඇත්ත වශයෙන්ම මෙරට වෘත්තිකයන්, පුහුණු ශ‍්‍රමිකයන් සඳහා විදේශයන්ගෙන් තිබෙන ඉල්ලූ‍මෙන් සපුරන්නේ සුළු ප‍්‍රමාණයකි. වෛද්‍ය වෘත්තිකයන් සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනි තත්වයයකි. කෙසේ නමුත් විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුන තුළ දී වෛද්‍යවරුන් විදේශ ගතවීම මෙරටට පමණක් බලපා ඇති ගැටලූ‍වක් නොවේ. එය ලෝකයේ සෑම රාජ්‍යකටම පාහේ අද වෙන විට මුහුණ පෑමට තිබෙන අර්බුදයකි. බොහෝ සංවර්ධිත රටවල් ද මෙම තත්වයට මුහුණ පා ඇත.

කොහොම නමුත් සෞඛ්‍ය සේවා ශ‍්‍රම බලකාය කියන්නේම ජංගම සේවා ස්වරූපයක් ගන්නකි. ජාත්‍යන්තර මට්ටමින් කර ඇති සමීක්ෂණ අනුව වෛද්‍යවරු වැඩි මනත් පිරිසක් විදේශගත වන්නේ අදාල වෘත්තියේ ඉහළ වැටුප් බලාපොරොත්තුව නොවේ. වෙනස් ජීවන තත්වයකට ජීවන විලාසිතාවක්ට මාරු වීමේ ඇති ආසාව නිසාය. උදාහරණයකට ගතහොත් බි‍්‍රතාන්‍යයේ රැකියාවක් ලබාගන්නා ඉන්දියානු වෛද්‍යවරයා ඊට පෙළඹෙන්නේ යටත් විජිත සබඳතා සහ බහු සංස්කෘතික සමාජය අත්විඳීමේ කැමැත්ත නිසාය. කැනඩාවට සංක‍්‍රමණය වන බි‍්‍රතාන්‍ය වෛද්‍යවරයා අපේක්ෂා කරන්නේ පරිපාලන නීති රීති අඩු සහ පවුල් හිතකාමී සුවපහසු ජීවිතයකි. එක්සත් ජනපදයට යන කැනේඩියානු වෛද්‍යවරයාගේ වුවමණාව වැඩිපුර මුදලක් ඉපැයීමය. ඉන්දියාවේ රැකියාවකට එන එක්සත් ජනපද වෛද්‍යවරයාට මේ කිසිවක් ලැබෙන්නේ නැත. රට ගැන පම්පෝරි ගැසීම පමණක් ඉතිරිවේ. මෙරට සම්බන්ධයෙන්ද බැලූ‍ විට මේ රටේ හැටියට බලපාන ආර්ථික හේතුන්වලට වඩා ¥පත් මානසිකත්වය සමඟ ගොඩනැඟු‍නු සංස්කෘතික හා සමාජීය හේතු ද බලපා තිබේ. එහෙත් බොහෝ විට මේ සම්බන්ධයෙන් මෙරට වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙන් කියවෙන්නේ ඉහළ බදු අනුපාතය හෝ වැ‍ටුප් වරප‍්‍රසාද හිඟය හෝ රට ගැන ආණ්ඩුව ගැන කලකිරීම නිසා මෙය සිදු වෙන බවය. නමුත් මෙය පට්ටපල් බොරුවකි. එහෙම කතා කියන්‌නේ විදේශගත ජීවිතගත වීමට වඩා මෙරට සිටීමට වඩාත් කැමති වුන් විසින් යැයි කීම වැරදි නොවේ. අර්බුදයක් තමන්ගේ වාසියට කළමණාකරණය කරගැනීමට කැමති මිනිසුන් වෙයි. මේ වෙන්නෙත් එහෙම දෙයකි. එය බොරදියේ මාළු බානවා වැනි වැඩකි.

එහෙත් රටේ අවශ්‍යතාවයට පවා හිඟ තත්වයන් යටතේ වෛද්‍යවරුන් හෝ වෘත්තිකයන් හිතුමනාපේ විදේශගතවීම  ඕනෑම රටකට ගැටළුවක් වීම අනිවාර්යය. නමුත් ඊට ඇත්ත හේතු කතාකරනවා විනා රට බයිලාවලින් වැඩක් නැත.

කෙසේ නමුත් විදේශ රැකියාවක් වෙනුවෙන් සංවර්ධිත රටවල් කරා යන පිරිස් බොහොමයක් වැඩි කල් නොගිහින් යළි රටට පැමිණීමත් සාමාන්‍ය තත්වයකි. වසර කිහිපයක් වැඩකර අමාරුවෙන් කීයක් හෝ ඉතිරි කරගෙන යළි මෙරටට පැමිණිම තරම් සහනයක් ඔවුන්ට නැත. මන්ද මවන සිහින තරම් විදේශයන්ගේ ජීවිතය, මෙරට විසීම තරම් බොහෝ අයට සුවපසු නැති බැවිනි. බදු බර, ජීවන බර අනුව ලාබදායක නැති බැවිනි. නිදහස සීමාසහිතය. ඒ අනුව අවසානයේ වහල් මෙහෙයක යෙදෙනවා වැනි කාලයක් ගතකර නැවත මෙරටට පැමිණීම සිදුවේ. ඒ ඇත්ත විදේශ රැකියා සඳහා යන අය කියන්න මැලිවෙන දෙයකි.

ඒ කොහොම වුණත් ලංකාවේ දැන් තිබෙනවා කියන ප‍්‍රශ්නය ගැන කතා කළහොත් පසුගිය වසර දෙක තුන තුළ දී වෛද්‍යවරුන් 1,100ක් පමණ විදේශගත වී ඇතැයි කියති. ඒ අතර විශේෂඥ වෛද්‍යවරු 300ක් පමණ සිටින බවත් කියති. මේ පිරිස අතරින් නියමාකාරයෙන් රජයේ අනුමැතිය ඇතිව මෙන්ම හොර රහසේ පිටවූවන්ද වෙයි. මෙරට අද යම් ගැටළුවක් ඇතිව තිබෙන්නේ හොර රහසෙන් පිටවීම තුළය. ඒ අනුව වෛද්‍ය සේවය ගැටළුවක් නොවෙන්න, හදිසියේ කළමනාකරණය කරගැනීමේ අපහසුවකට රජය මුහුණ දීමට සිදුවිය. ඒ නොවන්න මෙරට වෛද්‍ය සේවයේ විශාල අඩුවක් නැත. එසේම මෙලෙස විදේශගත වන බහුතරයක් සාමාන්‍ය වෛද්‍යවරු යන්නේ වෛද්‍ය වෘත්තියෙහි යෙදීමට නොවේ. වෙනත් රැකියා වෙනුවෙනි. සාමාන්‍ය වෛද්‍යවරුන්ට සංවර්ධිත රටවල රැකියා අවස්ථා ඇත්තේම නැත. දිගුකාලීන අත්දැකීම් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ට අවස්ථා නම් වුවමණාවටත් වඩා ඇත.

මේ අතර ඇතැමුන් විදේශීය වෛද්‍යවරුන් ගෙන්වීමට සිදු වෙතැයි කියමින් සිටියද එවැනි අවශ්‍යතාවයක් මේ දක්වා ගොඩනැඟී නැත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ගැන කියවුණද විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 667 දෙනෙකු විදෙස් ගතකර ඇති අතර පහුගිය වසර එකහාමාර තුළ එයින් වෛද්‍යවරුන් 363ක් පුහුණුව නිමවා පැමිණ ඇත. සේවා කොන්දේසි අනුව ඔවුන් අවම වශයෙන් වසර අටක් ශ‍්‍රී ලංකාවේ සේවය කළ යුතුය. නමුත් එම පිරිසෙන් විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනෙකු යළි හොර රහසේ රටින් පිටව ගොස් ඇති බවත් කියති. ඒ අතර තවත් 600කට ආසන්න පිරිසක් විශේෂඥ පුහුණු සඳහා විදේශ ගතවීමේ සූදානමින් සිටී. විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වලාභියෙකුට රුපියල් මිලියන පහළොවක් පමණ මුදලක් ද අර්ධ ශිෂ්‍යත්වලාභියෙකු සදහා රුපියල් මිලියන අටක පමණ මුදලක් රජය වැය කරයි. ඒ අනුව හොර රහසේ රටින් පිටවීම රටට වංචා කිරීමක්ද වෙයි. එම ගැටළුව වෙනම විස`දාගත යුතුය.

තත්වයන් එසේ වුවද මාධ්‍ය වාර්තා අනුව දැන් බොහොමයක් රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු නැත. සාමාන්‍ය වෛද්‍යවරුන්ද නැත. ලංකාවේම සෞඛ්‍ය පද්ධතියම කඩා වැටී ඇත. නමුත් ඇත්ත වශයෙන්ම එවැනි තත්වයක් උද්ගතව නැත. ගැටළුවකට ඇත්තේ කළමනාකාරිත්වයේ අවුලක් මිස වෛදවරුන්ගේ විශාල හිඟයක් නොවේ.

මේ වන විට මෙරට සාමාන්‍ය වෛද්‍යවරු 20,000 කට වැඩි ප‍්‍රමාණයක් රාජ්‍ය සේවයෙහි යෙදී සිටින අතර විශේෂඥ වෛද්‍යවරුන් ද 3000 කට වැඩි ප‍්‍රමාණයක් සිටී. මීට අමතරව ආරක්‍ෂක අංශවල 350ක් පමණ ද විශ්වවිද්‍යාල පද්ධතියේ ස්ථිර සේවයෙහි ආචාර්යවරු ලෙස විශේෂඥ වෛද්‍යවරු 600ක වැඩි පිරිසක් සිටී. එමෙන්ම රජයේ රැකියාවෙන් ඉවත් වූ හෝ විශ‍්‍රාම ගිය අයගෙන් බහුතරයක් පෞද්ගලික අංශයට සම්බන්ධ වී අර්ධ කාලීන හෝ පූර්ණ කාලීන වෛද්‍ය වෘත්තිකයන් හෝ විශේෂඥ වෛද්‍යවරු ලෙස අවුරුදු 70ක් පමණ වනතුරු සේවය කරන තවත් විශාල පිරිසක් ද සිටී. 2017 වසරේ කළ අධ්‍යයනයකට අනුව (ක්‍ැහකදබ ඵැාසජ්ක න්‍දමරබ්ක -ෘැජැපඉැර 2017* එම වසරේදී වෛද්‍ය ජනගහන අනුපාතය 1ථ671 කට ආසන්න වූ අතර එය රටේ අවශ්‍යතාවයෙන් 91%ක් සැපිරීමක් වෙයි. එම වසරේදීම විවිධ අංශ සහ රජයේ හා පෞද්ගලික දෙඅංශයේම ද්විත්ව රැකියා රටාව සැලකිල්ලට ගත් විට මෙරට වෛද්‍යවරු රජයේ හා පෞද්ගලික, පූර්ණකාලීන (මෙකක-එසපැ ැුමසඩ්කැබඑ* වෛද්‍යවරු 31,000ක් පමණ සේවයේ යෙදී සිටින බවට ගණනය කිරීමක්ද තිබේ. එම ක‍්‍රමවේදය අනුව වර්තමානය වන විට වෛද්‍යවරු ප‍්‍රමාණය 40,000 ඉක්මවයි.

කෙසේ නමුත් රට තුළ වෛද්‍යවරුන්ගේ සුළු හෝ හිඟයක් පවතින බව පෙනී ගියත් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ක‍්‍රියාත්මක වූ වෛද්‍යවරුන් බිහිකිරීමේ යාන්ත‍්‍රණය අනුව එය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන්නේ නම් 2026 වන විට අවශ්‍යතාවය සියයට සියයකින් සම්පුර්ණ කෙරෙන බව 2017 දී කළ අධ්‍යයනය අනුව පෙන්වාදී තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය ජනගහන අනුපාතය 2027 වන විට 1ථ445 දක්වාත්, 2032 වන විට 1ථ389 දක්වාත් වැඩි දියුණු වනු ඇත. එනම් 2022 දී 97% සිට 2027 දී 105% දක්වා සහ 2032 වන විට 125% දක්වා සපුරාලීමේ ප‍්‍රතිශතය වැඩි වනු ඇත. මේ අනුව 2027 වන විට මෙරට වෛද්‍යවරුන් අතිරික්තයක් නිර්මාණය වන ලකුණුද ඇත. ඒ කෙසේ නමුත් වෛද්‍යවරුන් විදේශගතවීමේ ප‍්‍රවණතාවය අනුව මෙහි අඩුවක් විය හැකි නමුත් රට අර්බුදයක් කරා යෑමේ අවස්ථාවක් නම් නැති බව පැහැදිලිය. එසේම මෙම ගණනය කිරීම්වලට යටත් වන්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමය යටතේ වන පිරිස පමණය. මීට අමතරව මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රම යටතේ වන ආයුර්වේද, පාරම්පරික සිංහල වෛද්‍ය ක‍්‍රමය, යුනානි, සිද්ධ, හෝමියෝපති, සහ වෙනත් වෛද්‍ය ක‍්‍රම යටතේ කටයුතු කරන රජයේ නීති රීතිවලට අනුකූලව පෞද්ගලිකව සේවා සැපයීමට අවසර ඇති දහස් ගණනක වෛද්‍යවරු වෙති.

‌මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ 8ක් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමස්තයක් වශයෙන් වාර්ෂිකව වෛද්‍යවරුන් 1,400කට වැඩි පිරිසක් බිහි කරයි. මෙයින් දෙතුන් සියයක් මෙරට රජයේ සේවයට එක් නොවෙන බවත් කියයි. ඒ අතර වාර්ෂිකව ශ‍්‍රී ලාංකික සිසුන් 300ක් පමණ විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබාගෙන මෙරටට පැමිණෙති.

පසුගිය වසර කිහිපයේ දත්ත අනුව මෙම සිසුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින්ද ඇත.

ඒ කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව ලෝකය හා සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ සෞඛ්‍ය පද්ධතියේ විශාල ගැටළු නැති රටක් ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක මත පදනම්ව බරපතල හිඟයන් සහිත රටවල් 60ක පමණ ලැයිස්තුගත කර ඇති නමුත් ශ‍්‍රී ලංකාව එම ලැයිස්තුවට අයත් නොවේ. අනෙකුත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම තුළද ලංකාව පිහිටන්නේ හොඳ සෞඛ්‍ය සේවාවක් ඇති රටවල් අතරේය.

වර්තමානය වන විට වෛද්‍යවරු හිඟයක් ගැන කතිකාවතත් නිර්මාණය වෙමින් පැවැතීම කෙසේ වුවත් තවදුරටත් වෛද්‍යවරුන් බිහිකරගැනීම වෙනුවෙන් වෛද්‍ය පීඨ වැඩි කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන් පියවර ගෙන තිබෙන අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ගැනද රජයේ වැඩපිළිවෙල ගැන අසන්නට ලැබේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මීට කලකට පෙර අදාල බලධාරීන්ට උපදෙස් දී තිබුණේ මේ වන විට වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 5,000ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. මේ අනුව මෙම ඉලක්කය මෙරට වෛද්‍ය හිඟය පූර්ණ කිරීම ඉක්මවා යන්නක් වන අතර ජනාධිපතිවරයාගේ අභිලාශය ජාත්‍යන්තරයේ ඇති වෛද්‍ය හිඟය පියවීම වෙනුවෙන් ආයෝජනය කිරීම බව පැහැදිලිය.

අද ලෝකයේ සංවර්ධිත රටවල් මුහුණ දෙන විශාල ගැටළුවක්ව ඇත්තේ අවශ්‍ය තරම් වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය සේවා සේවකයන් නොමැති වීමය. එම රටවල සංඛ්‍යා දත්ත විමසීමේදි බාගෙට බාගයක්ම සේවා ආවරණය කරන්නේ විදේශ ශ‍්‍රමිකයන්ය. අද ලෝක පරිමාණයෙන් ගත්තත් සෞඛ්‍ය සේවාවන්වල ශ‍්‍රමික හිඟය මිලියන 43ක් තරම් ඉහළය. එය මෙරට ජනගහනය මෙන් දෙගුණයක තරම් ප‍්‍රමාණයකි. වෛද්‍යවරුන් හිඟය මිලියන 6කට වඩා වැඩිය. පසුගිය කොවිඞ් වසංගතයට ගොදුරු වීමෙන් සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන් ඇතුළුව අනෙක් ශ‍්‍රමිකයන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් මියගොස් තිබිණි. එමෙන්ම විදේශ ශ‍්‍රමිකයන් සේවය හැර යෑම් ආදිය නිසාත් විශේෂයෙන්ම සංවර්ධිත රටවල් මෙම ගැටළුවට මුහුණ දී ඇත. මේ වන විටවත් එම පුරප්පාඩු පියවා ගැනීමට හැකිව නොමැත. සංවර්ධිත රටක වෛද්‍යවරයකු බිහිකර ගැනීම වෙනුවෙන් දරන වියදමට වඩා වෙනත් රටකින් විශේෂඥ වෛද්‍යවරුන් වැඩි වැටුපකට ගෙන්වා ගැනීම ඔවුන්ට ලාබදායක් බවත් පැවැසෙන බැවින් එම බොහෝ රටවල් උත්සුක වන්නේ විදේශික වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමටය. මේ තත්වය මත සංවර්ධිත රටවල මෙන්ම ලෝකය පුරා ඇතිව තිබෙන ඉල්ලූ‍ම සපුරාලීමේ ඉලක්කය ශ‍්‍රී ලංකාව වැනි රටවලට වැදගත් වෙනු ඇත. ලෝකයේ වැඩිම විදේශ වෛද්‍යවරුන් ප‍්‍රමාණයක් සේවය කරන රට ඊශ‍්‍රායලය වන අතර එය සියයට 60කට වඩා වැඩිය. අයර්ලන්තයේ හෙදියන්ගේ ප‍්‍රමාණයෙන් සියයට 50ක් පමණ සපුරන්නේ විදේශිකයන්ගෙනි.

මෑත කාලයේ මෙලෙස වෛද්‍ය හි`ගයට බරපතල ලෙස මුහුණ දෙන ඉහළ සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙන රටවල් අතර  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය ඉදිරියෙන්ම ඇති රටවල් දෙකකි. නවසීලන්තය සලකා බැලූ‍ විට වෛද්‍ය හිඟය නිසා පසුගිය වසර දෙක තුන කාලය මුළුල්ලේ රෝහල්වල ඇත්තේ පෝලිම් කිව්වාට වැරදි නැත. හදිසි නොවන සැත්කම් සඳහා වෛද්‍යවරුන් හිඟවීම මත විශාල ගැටළුවක් නිර්මාණය වී ඇත. පසුගිය

වසරේ ඔක්තෝබර් වන විට, 30,000 කට අධික පුද්ගලයින්ට ශල්‍යකර්ම සඳහා මාස හතරකට වඩා වැඩි කාලයක් බලා සිටින්නට සිදුව තිබිණි. පසුගිය මැයි මාසයේදීත් 27,500ක් පමණ එලෙස පොරොත්තු ලේඛනවල සිටියේය. ශල්‍යකර්ම සඳහා වසරකට වැඩි කාලයක් බලා සිටි අයගේ සංඛ්‍යාව 5,500ක් පමණ වී තිබිණි. ඒ අතරම, තවත් වාර්තාවකින කියැවුණේ මූලික පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට මාස හතරකට වඩා වැඩි කාලයක් නවසීලන්ත වැසියන් 38,000කට බලා සිටින්න සිදුවු බවය. නවසීලන්ත වැසියන්ට ප‍්‍රතිකාර අහිමි වීම, වසර ගණනාවක් ප‍්‍රමාදයන්ට මුහුණ දීම සහ ප‍්‍රමාණවත් සැලකිල්ලක් රජය නොදැක්වීම නිසා ජනතාව සැලකිය යුතු ආතතියක් ඇති කර තිබු අතර එය පුරවැසියාට ආර්ථිකයට සහ සමාජයට දායක වීමට ඇති හැකියාව වැළැක්වීමට බලපා තිබිණි. එසේම රජයේ සෞඛ්‍ය පද්ධතියට බාහිරව පුද්ගලික අංශයේ ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වීමද එරට වැසියන් මුහුණ දෙන ගැටළුවක්ව තිබේ. නවසීලන්තයේ ජනගහනය මිලියන 5.2 ක පමණය. එනම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් තරම් කුඩාය. මේ අනුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දී නවසීලන්තය මුහුණ දෙන අර්බුදය සැලකීමේදී මෙරට අර්බුදයක් නැති තරම්ය.

නවසීලන්තයේ වෛද්‍ය හිඟය පියවීමට ඉදිරි දශකය තුළ වාර්ෂිකව විශේෂඥ වෛද්‍යවරු 380 බැගින් එකතු විය යුතුව තිබෙන බවට ගණනය කර ඇත. ඒ සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව බිහිකරන වෛද්‍යවරු ප‍්‍රමාණයට අමතරවය. නමුත් මෙය පියවාගැනීමේ හැකියාවක් එරට ඇති වෛද්‍ය විද්‍යාල දෙකට නොහැකිය. මෙම වසරේ අයවැය මඟින් වෛද්‍ය පුහුණුව සහ ප‍්‍රාථමික සත්කාර විශේෂඥයින් සඳහා භරැ/ මිලියන76ක් වෙන් කර ඇති නමුත් මේ වසරේ පුහුණුව ආරම්භ කළ වෛද්‍යවරුන් 2034 වන තෙක් විශේෂඥයින් වෛද්‍ය සුදුසුකම් සැපිරීම වන්නේ නැත. මේ නිසා විසඳුම වන්නේ ජාත්‍යන්තර බඳවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමයි. ඒ අනුව වැඩි වශයෙන් විදේශ වෛද්‍යවරුන් ගෙන්වා ගැනීම වෙනුවෙන් ප‍්‍රවර්ධන වැඩසටහන් රැසක් මේ වන විට ක‍්‍රියාත්මක කර ඇත. සෞඛ්‍ය සේවකයින්ට පැමිණීමට ලෝකයේ පහසුම ස්ථානයක් ලෙසත් ආකර්ෂණීය සුව පහසු රටක් ලෙසත් සහ විවිධ වරප‍්‍රසාද ගැන කියමින් නවසීලන්තය විශේෂඥ වෛද්‍යවරුන්ට ආරාධනා කරමින් සිටී. එසේම මෙවැනිම අර්බුදයක් ඔස්ටේ‍්‍රලියාවද මුහුණ දෙන අතර නවසීලන්තයෙන් බිහිවන වෛද්‍යවරු විශාල ප‍්‍රමාණයක් ඔස්ටේ‍්‍රලියාව විසින් ඇදගැනීමට කටයුතු කිරීම මඟින් තමන්ගේ ගැටළුවේ විශාල කොටසක් විසඳාගැනීමට ඔස්ටේ‍්‍රලියාව කටයුතු කරමින් තිබේ. මේ නිසා නවසීලන්තයේ අර්බුදය වඩා ගැටළුකාරී වී ඇත. 2020 වසරේදි එලෙස ඔස්ටේ‍්‍රලියාවට සේවය සඳහා ගිය වෛද්‍යවරු ප‍්‍රමාණය 2160ක පමණ ඉහළ අගයක් ගෙන ඇත. බටහිර රටවලට ගිය ප‍්‍රමාණය 300 ක පමණ වී ඇත. එමෙන්ම මේ වන විටත් නවසීලන්තයේ වෛද්‍යවරුන්ගෙන් 42%ක් සහ හෙදියන්ගෙන් 29% කට ආසන්න ප‍්‍රමාණයක් විදේශිකයන්ය. (පිළිවෙලින් ඊශ‍්‍රායලයට සහ අයර්ලන්තයට පමණක් දෙවැනි වේ).

මේ අනුව ජාත්‍යන්තරව පුහුණුව ලත් වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා ශ‍්‍රමිකයන් සඳහා ගෝලීය තරඟයක් පවතින බව පැහැදිලිය. මේ අනුව සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පැත්තෙන් සලකා බලා මිලියන 43ක පුරප්පාඩු සහිත මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන මෙරට දේශීය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා ශ‍්‍රමිකයන් ප‍්‍රමාණය වර්ධනය කර විදේශ ආයෝජනය ලෙස පිටත් කළ හැකි නම් එය මෙරටට ඩොලර් ඉල්ලමක් පාදා ගැනීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම පසුකාලීන්ව තවදුරටත් ජාත්‍යන්තර අත්දැකීම් ඇති දක්ෂ වෘත්තිකයන් පිරිසක් රටට ලැබීමත් සිදුවෙනු ඇති අතර මෙරට සෞඛය සේවයද ලොව ඉහළම තැනකට පත්වීමත් සිදුවෙනු ඇත. ඒ අනුව විදේශීය රෝගින් වුව ප‍්‍රතිකාරගැනීම සඳහා මෙරටට පැමීණීම විය හැකිය. ඒ තත්වයන් ප‍්‍රවර්ධනය කළ හැකිය. ඒ වෙනුවෙන් නවීන රෝහල් පද්ධති පෞද්ගලික අංශයේ ආයෝජන ලෙස ගොඩනැගිය හැකිය. අදටත් විදේශගතව පදිංචිව සිටින ශ‍්‍රී ලංකිකයන් බොහෝ දෙනෙක් බරපතල රෝග තත්වයන් සඳහා ප‍්‍රතිකාර ගැනීමට මෙරටට පැමිණීම යාම සාමාන්‍ය දෙයක් වන අතර ඒ අනුව විදේශිකයන් ගෙන්වා ගැනීම ද අසීරු ඉලක්කයක් නොවේ. එමෙන්ම මේ වන විට ජාත්‍යන්තර තලයේ විදේශ වෛද්‍ය විද්‍යාල ශාඛා මෙරට පිහිටුවීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම මඟින් ජාත්‍යන්තර වශයෙන් ද වෛද්‍ය සිසුන් ගෙන්වා ගැනීමට අවස්ථා සැලසීමට පියවර ගැනීම මත කොහොමටත් මෙරට සෞඛ්‍ය සේවය ඉදිරි පිම්මක් පනිනු ඇත. ජනාධිපතිවරයාගේ ඉලක්කය එය බව පැහැදිලිය.

කෙසේ නමුත් රටේ දොස්තරලා නෑ…, බෙහෙත් නෑ…, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිලා…, යනුවෙන් බොරු ලෙඩ පෙන්වමින් බෙරිහන් දෙන හොර දොස්තරලාගෙන් බේරී, මේ ඉලක්ක ජයගැනීම නම් පහසු නොවනු ඇත. මේ ඉලක්ක මීට බොහෝ කාලකට පෙර ජයගත යුතුව තිබුණු ඒවාය. නමුත් ඒ අවස්ථා රටට අහිමි කළේ මේ බොරුවට කෑ ගහන තක්කඩියන්ය.

ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *