ජවිපෙ හොල්ලපු මෝල්ටා කැටේ

0

කලකට පෙර හම්බන්තොට ප‍්‍රදේශයේ දඩුවම් මුදලාලි සහ දැඩි දඩුවම් මුදලාලි නමින් අධික පොලියකට තැන්පතු භාර ගන්නන් දෙදෙනෙකු විය. ජවිපෙද තම පක්ෂ අරමුදල් දඩුවම් මුදලාලි ළඟ තැන්පත් කර ලක්ෂ ගානක පොල්ලක් කන ලදී. (ගෝල්ඩන් කී සහ තිළිනි ප‍්‍රියමාලි ළඟ තැන්පත් කළ අය මෙන්) මේ මරිමෝඩ වැඬේට උපදෙස් දුන් මුදල් ලේකම් පසුව පෙරටුගාමී එකට සම්බන්ද විය.

මේ මෝඩකමට හේතුව, ජවිපෙට පිරමීඩ ජාවාරම් ගැන අබමල් රේණුවක අවබෝධයක් නොවීමද?

වැඩි මුදලක් ලබාගැනීමේ ග‍්‍රාම්‍ය අශාවද?

පක්ෂය සතු අරමුදල් හෙළිකිරීමට තිබූ බියද?

රාජ්‍ය බලය ලබාගැනීමට වෙහෙසෙන පක්ෂයකට යහමින් මුදල් අවශ්‍යය. ඒ සඳහා කප්පන්, ජාවාරම් නොකරන්නේ නම් විධිමත් ව්‍යාපාර තිබිය යුතුය.

එවකට ජවිපෙ සිදු කළේ ඉස්සො ගොවිපොළවල්, ඌරුකොටු වැනි ව්‍යාපාරය. ඒවා ඡන්ද කිරීමට තබා පූර්ණ කාලීනයන් නඩත්තු කිරීමටද ප‍්‍රමාණවත් නැත. එකල විදේශ කමිටුවට මා යෝජනා කළේ විදේශගත පක්ෂ ජාලය ඇසුරින් ගුවන් ටිකට්පත්, දේපොළ වෙළදාම් වැනි ව්‍යාපාර අරඹන ලෙසය, ඒ සදහා අනුමැතිය නොලැබුණේ, ඒවා අපට අකැප බව අඟවමිනි. එකඟතාවය තිබුණේ ගොවිපොළ වැනි ශ‍්‍රම ක‍්‍රියාකාරකම්වලටය.

අනුර කුමාර යුගය තුළ එම සීමා බි`ද ගෙන ඉදිරියට ගොස් තිබීම සතුටට කරුණකි. එහෙත් බටහිර රටවල කළු සල්ලි ලෙස මුදල් තැන්පත් කිරීම, දඩුවම් මුදලාලි ළඟ සල්ලි තැන්පත් කිරීම මෙන් මෝඩකමක් බව ජවිපෙ නොදැන සිටීම ඔවුන්ගේ ආර්ථික දැනුම පිළිබඳ ප‍්‍රතිබිම්බයකි. මක්නිසාද එම මුදල්වල ලාභාංශ ලබා ගත හැකිවුවද, එම ආයෝජනය ආපසු ලබා ගැනීම ඉතා අවිනිශ්චිත බැවිනි.

ජවිපෙ ”‍දයාශාන්ත”‍ පන්නයේ බොරු හිඟන පාර්ට් නොදා සිය මුදල් රට තුළ හෝ රටෙන් පිටත විධිමත් ආයෝජනයක් කළේ නම් එය රටටද ප‍්‍රතිලාභයකි. තම මුදලටද ආරක්ෂාවකි.

ෑඔත්‍ මුදල්වල, රජය භාරකාරයා පමණි. ඒ ගැන තීරණ ගන්නේ කෙසේදැයි අසන ජවිපෙ තම සාමාජිකයාගේ සල්ලි මෙතරම් අවිනිශ්චිත තැන්වල ආයෝජනය කරන්නේ කෙසේදැයි සාමාජිකයා ප‍්‍රශ්න නොකරන්න්නේ ඇයි?

ඊළග ආණ්ඩුව ඉල්ලා සිටින ඔවුන්, කොටස් වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් (දෙස් විදෙස්*, වෙනත් විධිමත් ව්‍යාපාරවල ආයෝජනවලට නොයන්නේ ඇයි?

සුරුට්ටුකඩයක්වත් කර නැතැයි කියන අයටද පිළිතුරු සපයමින්, ව්‍යාපාරයක් නොකර කළුසල්ලි ජාවාරම්වල මුදල් යොදවන්නේ ඇයි?

ජවිපෙ සමග සිටින මාලිමාවේ ආර්ථික විද්‍යාර්ථයන් මේ පිළිබද ප‍්‍රශ්න නොකරන්නේ ඇයි?

තම පක්ෂය විගණනයක් කර අභියෝගයට මුහුණ නොදෙන්නේ ඇයි?”

ජවිපෙ, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ සහය ඇතිව යුරෝපයේ ¥පතක මුදල් ආයෝජනයක් සිදු කරන බවට පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදු කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහකට ලක්ව ති‌බේ. ඒ සම්බන්ධයෙන් හිටපු ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රීවරයකු වන වත්මනෙහි ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂවරයකු වන වරුණ රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ දැමු සටහන ඉහළින් දක්වා තිබේ.

වරුණ මතුකරන තර්කය නම් ජවිපෙ මෙතරම් මෝඩ ලෙස ආයෝජන කිරීම ගැන ජවිපෙ සාමාජිකයාට, හිතවතුන්ටවත් ගැටළුවක් නැද්ද යන්නය. ජවිපෙ සහ ජානිපෙ වෙනුවෙන් පෙනී සිටින ආචාර්ය නිර්මාල් දේවසිරි මේ පිළිබඳව දීර්ඝ සටහනක් ෆේස්බුක් වෙත දිගහරිමින් කියා සිටින කාරණාවේ සාරාංශ මෙබ`දුය.

”ජවිපෙ පක්ෂ අරමුදල විශාල එකකි. ජවිපෙට තරම් විශාල පක්ෂ අරමුදලක් ලංකාවේ කිසිදු පක්ෂයකට නැත.

ජවිපෙ වැනි පුළුල් බහුජන පක්ෂයකට එවැනි විශාල පක්ෂ අරමුදලක් නොමැතිව පැවැතීමටද නොහැකිය.

පක්ෂ අරමුදල නිසි පරිදි කළමනාකරණය කිරීමට නම් එය ලාභදායී ලෙස ආයෝජනය කළ යුතුය.

පෙට්ටගම්වල සල්ලි පොදි සැ`ගවීමේ ක‍්‍රමයට එය කළ හැකි නොවේ.

ජවිපෙ පක්ෂ අරමුදල දේශීය මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රභවයන් මගින් ලැබෙන මුදල්වලින් සමන්විතය.

ඒ අරමුදල් කළමනාකරණය මෙන්ම ඒවා ලාභදායී ලෙස ආයෝජනය කිරීම ද එකල පටන්ම සිදු කෙරුණු දෙයකි.

සාමාන්‍යයෙන් මේ අරමුදල් පක්ෂයේ නායකයින්ගේ පුද්ගලික වුවමණා වෙනුවෙන් අවභාවිත කිරීම දුෂ්කර දෙයකි. ඒවා පක්ෂ නායකයින්ගේ හා සාමාජිකයින්ගේ ප‍්‍රයෝජනය සදහා යොදාගන්න ක‍්‍රම ද පක්ෂය විසින් නිර්මාණය කර ඇත. ඉස්සර කාලේ මෙන් පක්ෂ ක‍්‍රියාධරයින්ට හිඟන ජීවිත ගත කිරීමට දැන් නුපුළුවන. බහුජන පක්ෂයක් නිසා කිසියම් ප‍්‍රභූ ජීවිතයක් ගත කිරීමට පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්ට සිදුවේ.

පෙනෙන විදිහට දුමින්ද නාගමුවගේ අනුර-ටිරාන් ඞීල් ගැන කතාවට පදනම් වී ඇති බව පෙනෙන්නේ පක්ෂයේ විදෙස් අරමුදල් ආයෝජනය කිරීම සදහා ටිරාන් අලස්ගේ උදව්වෙන් පෙනෙන විදිහට මෝල්ටාවේ කර ඇති ආයෝජනයකි.

ටිරාන් හා ජවිපෙ අතර සම්බන්ධය ඇති වන්නේ පෙසප ජවිපෙන් ඉවත් වීමට පෙරය. ටිරාන් ජවිපෙ මූලිකත්වයෙන් පැවැති මැතිවරණ සන්ධානයකින් පාර්ලිමේන්තුවට ද පත්විය. මේ අරමුදල් ආයෝජන ව්‍යාපෘතියට ටිරාන් සම්බන්ධවන්නේ මේ පසුබිම තුළ විය යුතුය. මේවා පක්ෂ යාන්ත‍්‍රණයේ අනුදැනුම සහිතව සිදු වී ඇති දේ වීමට ඉඩ ඇති නිසා පෙසප කට්ටිය මේවා ගැන මුල සිට අගට දන්නා බවට සැක නැත.

මෙවැනි කරුණු ප‍්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට ජවිපෙ නායකත්වයට නොහැක.

ජවිපෙ පවා තවමත් 1980 ගණන්වල ගරිල්ලාවාදී හිඟනවාදී පක්ෂ සංස්කෘතිය පිළිබද මිත්‍යාව නඩත්තු කිරීම නිසා මෙවැනි ගුග්ලි පන්දුවලට මුහුණ දීමට ඔවුන්ට දුෂ්කරය…”‍

නිර්මාල් සිය සටහනෙන් ජවිපෙ මෝල්ටාවේ මුදල් ආයෝජනය කිරීම නිවැරදි බවත් එම මුදල් විදේශ හිතවතුන්ගෙන් ලැබුණු බවත් පවසයි. ජවිපෙ නායකයන්ට ඉස්සර වගේ හිඟන විදිහට සිටීමට දැන් නොහැකි නිසා ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මෙම මුදල් යොදා ගැනීම සිදුවේ. මේ ගනුදෙනුව කෙරුණු ආකාරය නිසා ඒ ගැන ප‍්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමට ජවිපෙ නායකත්වයට නොහැකි බවත් අවධාරණය කරයි. එනම් මේවා පාක්ෂිකයන්ට, ආධාරකරුවන්ට සහ හිතවතුන්ට නොදන්වා හොර රහසේ වන ගනුදෙනුවක් බවත් පැහැදිලි වන දෙයකි.

මෙම ප‍්‍රකාශ දෙක අනුව ද`ඩුවම් මුදලාලි ළඟ මුදල් දැමීමත්, මෝලටාවේ මුදල් දැමීමත් පක්ෂ නායකයන් කිහිප දෙනෙකු පමණක් දැන සිටි රහසක් බව පැහැදිලිය. මේවා පක්ෂ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට ආධාරකරුවන්ට ගැටළුවක් නොවේ නම් අනෙක් කිසිවකුට ප‍්‍රශ්ණයක් තිබෙන්නට නොහැකි යැයි ජවිපෙට කිව හැකි නමුත් එය එතරම් සරළ නැත. මෙම ප‍්‍රකාශ දෙකෙන්ම සිදුව ඇත්තේ ජවිපෙ යනු කුමක්දැයි හෙළිදරව් වීමකි. ඒ නිසා ඒවා පක්ෂයේ අභ්‍යන්තර වැඩය කියා පැත්තකට විය නොහැකිය.

පුළුවන් නම් චෝදනා ඔප්පු කරන්නැයි කියමින් ජවිපෙට එහෙම පැනලා යෑමට හැකියාවක් ද නැත. මන්ද ජවිපෙ මෙන්ම ජවිපෙ නායකයාම නායකත්වය දරන ජානිපෙත් මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ වන නිසාත්, නිරන්තරයෙන් දුෂණයට වංචාවට කළු සල්ලිවලට එරෙහි හඬ නඟන නිසාත්, අනෙක සියලූ‍ම දේශපාලන පක්ෂ සහ බොහෝ නායකයන් සම්බන්ධයෙන් බරපතල මුල්‍ය අපරාධ චෝදනා එල්ල කරන පක්ෂයක් වන නිසාත්, ඒවා සාක්ෂි සහිතව ඔප්පු කිරීමක් සිදු නොකරන නිසාත්, ජවිපෙ මේ රටේ ආණ්ඩු බලය ඉල්ලා සිටින පක්ෂයක් වන නිසාත්ය.

සාමාන්‍ය පොදු ජනතාවට අහන්න ප‍්‍රශ්න රැසක් ඉතිරිව තිබේ. කොහේ මුදල් ආයෝජනය කළත් ඒ මුදල් ලැබුණු මූලාශ‍්‍රයන් මොනවාද නියා දැනගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. මේවා කැට හොල්ලා හෝ සාමාජිකයන් ලබාදෙන තුට්ටු දෙකවල්වලින් එකතු වූ ඒවා නොවේ. මේවා ලක්ෂ ගණනින් මිලියන් ගණනින් වන ලොකු ඉලක්කම් බවට සැක නැත. මෝලටාවේ හෝ එවැනි ගනුදෙනු සිදුවන වෙනත් තැනක වුව ආයෝජනයක් කරන්නට තරම් ඒ මුදල විශාල විය යුතුය. ජවිපෙ පක්ෂ අරමුදල විශාලම එක බව කියන්නේ එහි මිට වසර ගණනකට පෙර රුපියල් බිලියන 08ක තැන්පතුවක් තිබුණ බව හෙළිවීම නිසාය. ඒ බිලියන 08 එකතු වුණේ කෙසේදැයි ජවිපෙ හෙළිකර ද නැත. ඊළඟට මෙම විදේශ ආයෝජනය සිදු කළේ නිශ්චිතවම කොහෙද යන්න ගැටළු සහගතය. නිර්මාල් කියන විදිහට මෝල්ටාවේ නම්, ඒ කවර ආයතනයකද? ව්‍යාපෘතියකද? ජාවාරමකද? යන්න රට වැසියා දැන ගත යුතුය. එසේම එය පක්ෂයේ නමින් වන අරමුදලක් හෝ ගනුදෙනුවක්ද? නැතිනම් වෙනත්

සමාගමක් හෝ පුද්ගලයකුගේ නමින් වන ගිණුමක්ද ව්‍යාපාරයක්ද කුමක්ද කියන එක හෙළි විය යුතුය. ජවිපෙට මෙරට පක්ෂ අරමුදලක්, මන්ත‍්‍රී වැටුප් අරමුදල් ආදිය තිබෙන බවත් පිළිගෙන තිබෙන නමුත් විදෙස්ගත ඩොලර් අරමුදලක් තිබෙන බව මෙතෙක් පවසා නැත. එසේම එය නීතිවිරෝධී නොවේ නම් ඒ ගැන ප‍්‍රසිද්ධියේ පැවැසීමට ජවිපෙට හැකි විය යුතුය. පක්ෂයකට එලෙස නිත්‍යානුකූල අරමුදල් හෝ ආයෝජන හෝ තිබීම වැරදි නැත. නමුත් තවම ජවිපෙ එය රහසක් ලෙස රකිමින් සිටී.

මෙම විදෙස් ආයෝජනය පවත්වාගෙන යන්නේ නිර්මාල් කියන විදිහට පක්ෂ නායකයන්ගේ සුඛ විහරණයට නම් එතැන තවත් ගැටළුවකි. සාමාන්‍යයෙන් හිතවතුන් ආධාරකරුවන් පක්ෂයට මුදල් ප‍්‍රදානයක් කරනවා නම් එය ලබා දෙන්නේ පක්ෂයේ දේශපාලන කටයුතු, මැතිවරණ යනාදිය වෙනුවෙන් මිසක් එක් එක් නායකයන්ගේ නඩත්තුවට නොවේ. ඒක කරනවා නම් අර හඳුන්නෙත්ති කියන ආකාරයේ ජයශාන්තලාට ඒ ඒ නායකයන් වෙනම නඩත්තු කළ හැකිය. එමෙන්ම පක්ෂයෙන් නඩත්තු කරන ජවිපෙ පූර්ණකාලිනයන් ගණනාවක් ද සිටී. ඒ අතරින් නායකයන් විතරක් මේ කියන විදෙස් අරමුදලෙන් නඩත්තු කරන බවත් නිර්මාල්ගේ ප‍්‍රකාශයෙන් හැඟවේ.

තවත් කාරණයක් නම් මෙම රහසිගත විදෙස් අරමුදල හරහා කරන ඉපැයීම් ජවිපෙ මෙරට දේශපාලන කටයුතුවල යොදා ගන්නවා නම් එතැනත් ගැටළුවක් තිබේ. මන්ද මේ ගිණුමට මුදල් ලැබෙන මුලාශ‍්‍රයන් මොනවාද යන්න සැකයක් උපදින බැවිනි. යම් විදේශීය රාජ්‍යයකට, විදේශීය සංවිධානයකට, මේ සදහා මුදල් බැර කළ හැකිය. ඒ තබා ත‍්‍රස්ත සංවිධානයට, ජාත්‍යන්තර කළු සල්ලි, මත්ද්‍රව්‍ය ආදී ජාවාරම්කරුවන්ටත් මෙම අරමුදලට මුදල් බැර හැකිය. ඒ පිං පිණිස නොවන බව කිව යුතු නැත. ජාත්‍යන්තර බලවේග මෙරට දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් හරහා රටේ දේශපාලනයට මැදිහත්වීම කරන බව රහසක් නොවේ. ජවිපෙ එවැනි කොන්ත‍්‍රාත් නොකරනවා යැයි කිව නොහැක. මන්ද එවැනි දිගු ඉතිහාසයක් ජවිපෙට ඇති නිසාය. එමෙන්ම ජවිපෙ මෙරට ඇතැම් ව්‍යාපාරිකයන්ගේ වුවමණාවන් සන්තර්පණය කරන කොන්ත‍්‍රාත් ඉටු කරන බවද රහසක් නෙවේ.

එසේම මෙලෙස විදේශ ආයෝජන මඟින් පක්ෂයේ අරමුදල් ගොඩනැගීම කරන්නේ අනාගත මැතිවරණ වෙනුවෙන් වියදම් කිරීමට නම් එතැනත් කොස්සක් ඇත. මන්ද මෑතකදී පාර්ලිමේන්තුව සම්මත කරගත් මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් පරිහරණය ගැන කොන්දේසි රැසක් තිබෙන නිසාය.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියමනය කිරීමේ පනත ප‍්‍රකාරව මෙරට පැවැත්වෙන කවර මැතිවරණයක් සම්බන්ධයෙන් හෝ දේශපාලන පක්ෂයකට, ස්වාධින කණ්ඩායමකට, අපේක්ෂකයකුට මැතිවරණ කටයුතු වෙනුවෙන් ලැබෙන මුදල් සහ එහි වියදම් කිරීම් ගැන නීති පනවා ඇත. ඒ අනුව පක්ෂයකට කණ්ඩායමකට හෝ අපේක්ෂකයායට ලැබෙන මුදල් සම්බන්ධයෙන් 5 වන පරිච්ෙඡ්දයේ දක්වා ඇත්තේ එලෙස මුදල් ලබා ගැනීම තහනම් අවස්ථා කිහිපයකි.

ඒ අනුව,

”5.(1)… (ආ) ‘විදේශීය රාජ්‍යකින්, ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ශ‍්‍රී ලංකාවෙන් බැහැර ස්ථාන ගත කරනු ලැබු හෝ ලියාපදිංචි කරනු ලැබු පුද්ගල මණ්ඩලයකින්;

(ඈ) අන්න්‍යතාවය හෙළිනොකරන ලද යම් කිසි තැනැත්තෙකුගෙන්,

ඒ පිළිගත් දේශපාලන පක්ෂයේ, ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ හෝ මැතිවරණ ප‍්‍රවර්ධනය කිරීමේ හෝ ඊට ඉඩ සැලසීමේ කාර්යය සඳහා මුදලින් හෝ ද්‍රව්‍යමය ආකාරයකින් සෘජුව හෝ වක‍්‍රව ඒ පරිත්‍යාග හෝ දායකත්වයන් ලැබුණද ඒ පරිත්‍යාග හෝ දායකත්වයන් පිළිගැනීම හෝ බාරගැනීම නොකළ යුතුය…”‍

එසේ සිදු කිරීම නීති විරෝධී වන අතර නීතිය යටතේ දඬුවම් පැමිණවීම සිදු වෙනු ඇත. එසේම මෙම ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ලැබුණු සියලූ‍ පරිත්‍යාග හෝ දායකත්වයන් සහ වියදම් හෙළිදරව් කළ යුතුය. එසේම ඒවා මැතිවරණ කොමිසම් සභාව ම`ගින් ප‍්‍රසිද්ධ කරනු ද ඇත.

මේ අනුව ජවිපෙට තමන් මැතිවරණයක් වෙනුවෙන් මෙලෙස පක්ෂ අරමුදල් තරකිරීමේ සද් චේතනාවෙන් හෝ විදේශයක තැන්පත්කර ඇති හෝ ආයෝජනය කළ මුදල් යොදාගන්වා නම් ඒ සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට බලගතු නීතියක් හරස්ව තිබේ. මෙය ජවිපෙ නොදන්නවා නොවේ. මන්ද මෙම පනත ජවිපෙ හොඳින් කියවා හදාරා ඇති බැවිනි. ජවිපෙ මෙම පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම සිදු වුයේ මෙම විදේශීය මුදල් මෙරටට ගෙන ඒම පිළිබඳ ප‍්‍රශ්නය නිසාද විය හැකිය. නමුත් උන්ඩියල් හවාලා වැනි නීතිවිරෝධී ආකාරයෙන් ජවිපෙට මෙම මුදල් ගෙන්වා ගැනීමට අපහසුවක් නැත. එහෙමත් නැතිනම් නිර්මාල් කියන ලෙසට මෙය පක්ෂ නායකයන්ගේ සුඛවිහරණය වෙනුවෙන් පමණක් පවත්වාගෙන යන්නක් විය යුතුය.

එසේම මෙරටින් එකතු කරන රුපියල් මුදල් ද මෙම විදෙස් ආයෝජනය වෙනුවෙන් පිටකර ඇති නම් එතැනත් ගැටලූ‍වක් තිබේ. එනම් ලංකාවේ රුපියල් විදේශ අරමුදලකට යවනවා නම් ඩොලර් බවට පත්කර ගත යුතුය. එසේ ඩොලර් බවට පත්කර ගත් මුදල් වුව මෙරටින් යැවීමේ සීමාවන් සහිත නීති තිබේ. විදේශ ආයෝජනයක් යැයි කියන නිසා සමහර විට එය ඩොලර් ලක්ෂ ගණනින් මිලියන ගණනින් විය යුතුය. එවැනි මුදලක් රටින් පිට කිරීමට නම් අනිවාර්යෙන්ම මහ බැංකුවේ සුවිශේෂී අවසරයක් ලැබිය යුතුය. ඒ අනුව එවැන්නක් සිදු වුවා නම් මහ බැංකුව මෙම විදෙස් ආයෝජනය ගැන සෑම කරුණක්ම දැනගෙන සිටිනවාට සැක නැත. නමුත් එහෙම හාහූවක්වත් නැත. සමහර විට උන්ඩියල් වැනි නීති විරෝධී ආකාරයෙන් මෙම මුදල් පිට කළා ද විය හැකිය. කොහොම නමුත් එහෙම අවසරයක් ලැබී තිබේ නම් ඒ නන්දලාල්ගේ කාලයේදී ද කබ්රාල්ගේ කාලයේදී ද ලක්ෂමන්ගේ, කුමාරස්වාමිගේ කාලයේද නැතිනම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලයේදී ද යන්න දැන ගැනීමට මෙරට ජනතාවට අයිතියක් තිබේ.

කොහොම නමුත් පැනමා පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස්, ස්විස්, ඩුබායි, සීෂෙල්ස් බැංකු ගිණුම් ආදිය ගැන ජවිපෙ කරපු චෝදනා ජනතාවට තවම අමතක නැත. මේ රහස් හෙළිකරන තුරු මෝල්ටා වැඩෙත් එහෙම එකක් මිස වෙනකක් නොවන බව ජවිපෙ තේරුම් ගත යුතුය.

ප්‍රභාත් ජයසුමන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *