ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරවලට සම්බන්ධ පවුලේ සාමාජිකයන් ද නිව්යෝක් නුවර සිවිල් නඩු විභාගයකට මුහුණ දෙයි. ට්‍රම්ප් ඇතුළු පිරිස ඔවුන්ගේ නීතීඥයන් ද පිරිවරා ගනිමින්, අධිකරණයට පැමිණිමට නියමිතය.

ට්‍රම්ස් සහ ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ පවුලේ සාමාජිකයන් මෙසේ නුවර සිවිල් නඩු විභාගයකට මුහුණ දෙන්නේ, පසුගිය දා නිව්යෝක් විනිසුරුවරයකු වන ආතර් එන්ගොරෝන් ලබා දුන් තීන්දුවක් හේතුවෙනි.

විනිසුරුවරයා එම තීන්දුව ලබා දුන්නේ ට්‍රම්ප් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ව්‍යාපාර ගොඩනැගීමේ දී වංචා සහගත අයුරින් කටයුතු කර ඇතැයි පවසමිනි. ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර ගොඩ නැගී ඇත්තේ දේපොල වෙ‌ළෙදාම් ක්ෂේත්‍රය හරහාය.

(සී.එන්.එන්.)