නැගෙනහිර යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාර – 5ක් මරුට – 31කට තුවාල

නැගෙනහිර යුක්‍රේනයේ Pokrovsk නගරයේ නේවාසික ගොඩනැගිලි වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීන් පවසයි.

සිවිල් වැසියන් හතර දෙනෙකු සහ නිලධාරියෙකු මිය ගොස් ඇති අතර තවත් 31 දෙනෙක් තුවාල ලබා ඇති බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenkoසඳහන් කර තිබේ.

ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත්,තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් 19 දෙනෙකු සිටින බවත් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සඳහන් කරයි.