ආර්ථිකයේ මළගම හදන මහා පරිමාණ කූඨ ජාවාරම

0

”සාහසිකත්වය සළුපිළි පොරවා සැදැහැතියන් ලෙස පැමිණිය හැකිය”‍ යන්න මේ සමාජය අත්වි`දි  ඕනෑම අයෙකුට වටහාගත හැකි සත්‍යයකි. මෙය ව්‍යාපාර සම්බන්ධයෙන් හෝ ව්‍යවසායකත්වයන් සම්බන්ධයෙන් ගතහොත් අප අත්විදි දරුණු ඛේදවාකයන් එමටය. තම ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් මළමිනී ගොඩගැසීමට තරම් ම්ලේච්ඡත්වයක් ඇති ව්‍යාපාරිකයන් සිටින්නේය යන්න ඉතිහාසයේ පුරාමත්, මෑත කාලයේදීත් අත්දකින්නට ලැබුණි.

 ව්‍යාපාරික උවමනා වෙනුවෙන් තැන තැන මරා දැමුනු උද්ඝෝෂකයින් ගැන මතකය තවම තිබේ. වසර දහයකට පෙර කර්මාන්ත ශාලාවක් හේතුවෙන් පසට විෂ එකතු වී ජලය ¥ෂණය වීම නිසා පානය කිරීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලා ආයාචනා කළ නිරායුධ අහිංසක ජනතාවට අත්වි`දීමට සිදු වූ ඛේදවාචකය, ඔබට මතක ඇත. දැන් සුදු සළුපිළි පොරවා සැදැහැති විලාසයන් රඟන්නන් දස වසරකට පෙර බිස්නස් ගෙන ගියේ එසේය. මේ උත්සාහය එකී මළක`දන් මතින් සිදු කළ ව්‍යාපාරික ත‍්‍රාඪකම් මතක් කිරීම නොව ව්‍යාපාරික උවමනා වෙනුවෙන් දැනුදු සිදු කරමින් පවතින ආර්ථික ඝාතන පිළිබද සිහි එළවා ගැනීමටය.

රටක ආර්ථිකය ගෙන යාම ස`දහා මූලිකව බලපවත්වන්නේ එම රටේ ව්‍යාපාරික ප‍්‍රජාව හා ඔවුන් විසින් රටේ ජාතික අර්ථිකය ඔසවා තබන ප‍්‍රමාණය කොතරම්ද යන්න මතය. ඒ සදහා ව්‍යාපාරික අංශය විසින් ජාතික ආර්ථිකයට එකතු කරන දායකත්වය මතය. එය බදු ගෙවීම් හෝ රජය විසින් පැනවූ මුල්‍යමය ගෙවීම් මත ර`දා පවතින්නේය. එහෙත් කනගාටුවට කරුණ නම් පෙර ව්‍යාපාරයක් වෙනුවෙන් රජයේ හමුදාවක් ලවා ජනතාවගේ ලේ හෙල්ලූ මේ සැදැහැති මහතුන් ඉන් මතුද පෙරද රටට කොතරම් මෙම දායකත්වය දරා ඇද්ද යන්න පිළිබදවය.

තමන්ට අයත් වතු සමාගම් ම`ගින් රජයට කිසිදු බදු මුදලක් නොගෙවන

අතරම එහි ජීවත් වෙන අහිංසක කම්කරුවන්ට ඉන්න හිටින්න තැනක් නැති කොට පාරට දැමූ සිද්ධීන්ද මෙකී ව්‍යාපාරික ජාලය සතුව ඇති තවත් එක් කළු පැල්ලමකි. තුට්ටුවට දෙකට වුවත් අහිංසක ජනතාවගේ රීරී මාංස උරාගනිමින් තමන්ගෙන් රටට විය යුතු ප‍්‍රතිලාභය ද කොල්ලකමින් තමන් ලෝක ප‍්‍රකට ව්‍යාපාරිකයන් බව ලොවට හඬගා කියන්නට යාම මොන තරම් සාහසිකද යන්න ජනතාව දැන සිටිය යුතුය.

ව්‍යාපාරිකයන් අතර තරඟයක් ඇත. ලොව  ඕනෑම රටක මේ තරඟය අනිවාර්යය. එය ප‍්‍රතිවාදී තරඟයන්ද නැති නම් එක්ව සාමූහික දැක්මක් සහිත තරගයක්ද යන්න එම සමාගම් සතු මූලෝපාදනයේ ක්ෂුද්‍ර අරමුණු සම`ග බැ`දී පවතී. රටක් තුළ ඉන් ඔබ්බෙහි වූ වෙනත් ජාත්‍යන්තර සමාගම් සම`ග තරඟය, ව්‍යාපාරික ලෝකයේ ප‍්‍රසිද්ධ තර`ගයකි. එහිදී නිෂ්පාදනයේ ගුණය හා මාදිලිය ප‍්‍රධාන වේ. කෙසේ නමුත් ලංකාවේ බොහෝ සමාගම් අතර පවතින්නේ කළු සල්ලි සුදු කිරීමේ තරඟයකි. මින් රටට හෝ ජනතාවට අත්වන සෙතක් නැත. රටක ආර්ථික ශක්තිය සදහා ඉන් කිසිදු දායකත්වයක් නොදක්වන අතර එය ර`දා පවතින්නේ ඔවුන් විසින් ගෙවනු ලබන බදු මතය. එහෙත් ලංකාවේ ඉහත දැක්වූ ආයතන හෝ සමාගම් එය ඉටු නොකිරීම විසින් අත්කරගත් ආර්ථික පසුබෑම කොතරම්ද යත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලෙස ගන්නා මුදලට වඩා කිහිප ගුණයකින් වැඩිය.

හොරකමේ තරම

ලංකාවේ ලියාපදිංචි සමාගම් ප‍්‍රමාණය නිශ්චිතව ගතහොත් 105,000කි. මෙම සමාගම් ප‍්‍රමාණයෙන් වාර්ෂිකව බදු ගෙවීම සිදු කරනු ලබන්නේ සමාගම් 15,000ක් තරම් අඩු ප‍්‍රමාණයකි. එසේ නම් ඉතිරි සමාගම් 90,000ම ගෙවිය යුතු බදු මුදල් ගෙවීම නොගෙවා යටිමඩි ගසා ඇත. මෙය සැහැසි හොරකමකි. මේ සමාගම් අතර ප‍්‍රධාන පෙලේ ප‍්‍රසිද්ධ සමාගම් සිටීම විශේෂයකි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයිනේද තට්ටු නිවාස සංකීර්ණ ඉදිකරන ලංකාවේ ප‍්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් මේ වන තෙක් එකදු රුපියලක බදු මුදලක් නොගෙවීම මේ ආර්ථික ඝාතනයේ සුපිරිකම පෙන්වන්නකි. එසේම භාණ්ඩ උකස් ගැනීම හා මහජන තැන්පතු ස`දහා වන ආයතනයක් මෙන්ම ෆිනෑන්ස් සමාගමක් බදු නොගෙවූ සමාගම් අතරට පත්ව ඇත. එසේම ලංකාවේ ප‍්‍රධාන පෙළේ වී මෝල් හිමියෙකුද මේ අතර සිටීම විශේෂත්වයකි. එසේම ආනයන සමාගම් කිසිවකුත් බදු නොගෙවීමද රාජ්‍ය ආදායම කඩා වැටීමේ ප‍්‍රධානතම කරුණ බවට පත්වීම විමතියකට කරුණක් නොවේ. මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම මේ වසරේ 8.20%ක් ලෙස සටහන් වන අතර මෙය ලෝකයේ වෙනත් රාජ්‍යයන්හි දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 20%ක් පමණ අගයක තිබීම ඔවුන්ගේ රාජ්‍ය ආදායමේ අවමය වේ. මේ ආදායමේ වැඩි පංගුවක් නියෝජනය කරන්නේ මේ රටේ සමාගම්ය.

තක්කඩින් ඔවුන්ගේ තක්කඩිකම් වසා ගැනීමට අනුගමනය කරන ක‍්‍රමවේදයන් බොහෝමයක් ඇත. මේ තක්කඞීන් බදු නොගෙනවන සමාගම් නම් ඔවුන් රාජ්‍ය ආදායමට තම බදු මුදල් නොගෙවීමට අනුගමනය කරන ක‍්‍රමවේදයන් අතර ප‍්‍රධාන ක‍්‍රමය වන්නේ බදු නොගෙවීමට අදාළ අභියාචනා ඉදිරිපත් කිරීමය.

සමාගමක් තම සමාගමට මේ හේතූන් නිසා වාර්ෂිකව බදු නොගෙවීමට බලපාන හේතු දක්වා අභියාචනාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරයි. මෙම අභියාචනාව දැමූ පසු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනත අනුව වසර දෙකක් දක්වා මෙය සලකා බැලිය හැකිව ඇත. එහෙත් ඔහු එය වසර 03ක් දක්වා දීර්ඝ කරගන්නා අතර එම සමාගම ඊට සමගාමීව බදු නොගෙවා පෙර අභියාචනාවේ පිළිතුරු ලැබෙන තෙක් ප‍්‍රමාද කරනු ලැබේ. මෙම පිළිතුරු ලැබීමට ගත වන කාලය වසර 15ක් වන්නේ නම් ඔබ විමතියට පත් වනු ඇත. පුදුම නොවන්න එය එසේමය.

බදු නොගෙවීමට අදාළ අභියාචනාවන් පළමුව වසර තුනක් දේශීය ආදායම් ප‍්‍රධානියා ළ`ගද පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභියාචනා කමිටුව හමුවේ වසර 03ක් ද, ඉන් අනතුරුව එම අභියාචනාවම අභියාචනාධිකරණය හමුවේ වසර 03ක් ද, පසුව එය අධිකරණය හමුවට ගොස් වසර 03ක් ද, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වසර 03ක් හෝ ඊට වඩා වැඩි කාලයක්ද විභාග වීමෙන් අනතුරුව ඊට අදාළ තීන්දුව නිකුත් කරනු ලැබේ. මෙය සමාගම් හෝ ආයතන ස`දහා නෛතිකව ලබා දී ඇති බදු නොගෙවීමේ පහසු ක‍්‍රමයක් යැයි කිවහොත් නිවැරදිය. ඒ අනුව දේශීය ආදායම් පනත වෙනස් කිරීම මේ තක්කඞීන්ට රට විනාශ කිරීම සදහා වන අවස්ථාවක් ලබා නොදීමේ පළමු පියවර විය යුතුය.

හොරකමට උඩගෙඩි දෙන ආයතන 03ක්

කෙසේ නමුත් මෙතෙක් මේ ජාවාරම්කරුවන්ට මහා පරිමාණ මඩි තරකරගැනීම් සිදු කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ නොමද සහාය ලැබී ඇති බවට ඇස් පනාපිටම සාක්ෂි සාධක ඇත. සමාගම් ම`ගින් බදු අය කිරීමේ ප‍්‍රධාන ආයතනය වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවය. පෙර සදහන් කළ පරිදි අභියාචනා සිදු කිරීමට මග පෙන්වා සමාගම්හි ඇති සල්ලි කුට්ටිවලින් කොටසක් තමන්ගෙ සාක්කුවලට දමා ගනිමින් කටයුතු කරන මෙහි නිලධාරීන් රාජ්‍ය ආදායමේ 90%ක් වන බදු ආදායම සැහැසි ලෙස කොල්ලකෑමට ලක් කර ඇති බව පෙනී යයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොතරම් ලිහිල් ප‍්‍රතිපත්තීන් තුළ කටයුතු කරන්නේද යන්න වටහා ගත හැකි එක් තැනක් වන්නේ මෙපමණ බදු ආදායම් ලබාගැනීමට සැදුම්ලත් ජාලාවක් සහිතව දිවයින පුරා දිස්ත‍්‍රික්කයක් තුළ කාර්යාල හත අටක් හෝ පිහිටවීමෙන් මෙම ක‍්‍රියාවලිය පුළුල් කළ යුතු වුවත් මේ වන විට දිවයින පුරා ඇත්තේ දේශීය ආදායම් කාර්යාල 16ක් පමණි. මෑතක කළ නිරීක්ෂණයකදී හෙළි වුණේ වැඩිවන ජනගහනයට හා සමාගම් වැඩි ප‍්‍රමාණයක් ඇති කොළඹ වානිජ නගරය තුළ පමණක් කාර්යාල 15ක් ස්ථාපිත කළ යුතුව ඇත. එසේම අනෙකුත් දිස්ත‍්‍රික්කයකට අවම වශයෙන් කාර්යාල 5ක් හෝ ස්ථාපිත කළ යුතුව ඇත. මෙවැනි සැලසුම් කිසිවක් මේ වන තෙක් ක‍්‍රියාත්මක කොට නැත. අනෙක් අතට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය විය යුතු නමුත් නොගෙවා සිටින බදු මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 904කි. වසර 15ක් යන තෙක් මෙම මුදල් අය කර ගැනීමට නොහැකි වී ඇත්තේ පෙර කී අභියාචනා සෙල්ලම හේතුවෙනි.  ඕනෑම සමාගම හෝ ආයතනයක වංචනිකයෙකුට බදු නොගෙවා ලිස්සා යාමේ වැඩපිළිවෙල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඇත්තේ එසේය. අනෙක් බිලියන 08ක් වියදම් කොට වසර 10කට පෙර සකස් කළ රැමිස් පරිගණක පද්ධතිය ආයතන 42ක් ඇතුලත්ව නිමවා ඇතත් එය මෙතෙක් ක‍්‍රියාත්මක නැත. මේ හේතුවෙන් අදාළ ආයතනයන්හි සිදුවන ගනුදෙනුවලදී දේශීය ආදායම් දෙපාර්තමේනතුවට අය විය යුතු බදු මුදල නිසි තත්සේරුවක් නොමැතිව අය කර ගැනීමට නොහැකි වී ඇත.

බදු ආදායම් උපයන අනෙක් ආයතනය වන්නේ ශ‍්‍රී ලංකා රේගුවයි. රේගුවට දිනකට බහාලූ‍ම් 3,000ක් පැමිණේ. මෙයින් 70%ක් ග‍්‍රීන් චැනල් එක තුළ යැවීමට කටයුතු කොට ඇත. එහිදී බහාලූ‍ම තුළ අඩංගු භාණ්ඩ ස්කෑන් කිරීමකින් තොරව වෙනත් ස්ථානයක තැන්පත් වේ. මේ නිසා කූට ව්‍යාපාරිකයන්ට තමන්ට අදාළ භාණ්ඩයන්ට අදාළ ගෙවීම් සිදු නොකොට හොර පාරෙන් භාණ්ඩ රට තුළට ගෙන්වා ගැනීමට පහසුකම් රේගුව විසින් සලසා තිබීම මහා ධනයක් දේශීය ආදායමෙන් ගලවා දැමීමක් සිදු කොට ඇත.

මෙවැනිම කාර්යයක නිරත අනෙක් ආයතනය වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවයි. සුරාබදු නිලධාරීන් මත්පැන් වර්ගීකරණය කොට හොර අරක්කු ඇල්ලීමට හදුන්වාදුන් ක‍්‍රමවේදය වන්නේ ස්ටිකරයක් අදාළ නීත්‍යනුකූල මත්පැන් බෝතලය තුළ ඇළවීමයි. එහෙත් පසුගිය කාලයේ ව්‍යාජව සකස් කළ ස්ටිකරයක් අලවා හොර මැත්පැන් අළෙවි කිරීමට කටයුතු කොට තිබීම විසින් දැවැන්ත ධනයක් රජයට නොලැබීයාමේ වංචා සහගත ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කොට ඇත. මෙය ක‍්‍රියාත්මක වන්නේ සුරබදු දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව බව කරන ලද පරීක්ෂණවල දී හෙළිදරුව් වී ඇත. මේ වංචාකාරී කොම්පැනි කාරයින්ට රජයට ආදායම් නොගෙවා තම ව්‍යාපාර කරගෙන යාමට නිලධාරී පැලැන්තිය කටයුතු කරන අන්දමය.

මේ පෙන්වා දුන්නේ මෙරට ව්‍යාපාර තක්කඩි කූට ව්‍යාපාරික උවමනාවන් සපුරා ගැනීමට රජයේ ආයතන තුනක් අමු අමුවේ ගණිකා වෘත්තියේ යොදවන අයුරුය. මේ අය ව්‍යාපාරිකයන් හෝ ව්‍යවසායකයින් හෝ කියා හැඳින්විය නොහැකිය. මේ ජාවාරම්කරුවන්ය. නමුත් රටට අවශ්‍යව ඇත්තේ ව්‍යාපාරිකයන් හෝ ව්‍යවසායකයින්ය. දැන් කල්පනා කරන්න වන්නේ මෙවන් රටකට කෙසේ රාජ්‍ය ආදායමක් උපයා ගත හැකිද යන්නය. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැංවිය හැකිද යන්නය. එමෙන්ම ප‍්‍රශ්නයේ බැ?රුම්කම කොතරම්ද යත් මේ සියල්ල ජනතාව මත බදු බර පැටවීම දක්වා තැනකට පත්වීමේ ඛේදාන්තයකට පත්ව ඇත. මේ අනුව කෙසේ හෝ ජාවාරම්කාරී මහා පරිමාණ ව්‍යාපාරික ජාලය බදු අය කිරීමේ දැළට හසුකර ගත යුතුව ඇත. එසේ නොවේනම් රටේ ආර්ථිකයේ හෙට දවස ගැන කතා කිරීමෙහි තේරුමක් නැත.

කේ.පී.අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *